Rabu, 8 Mac 2017

නාලන්දේ ඇඩ්ඩිං



නාලන්දේ සුළු සේවකයන් අතරින් ඇඩ්ඩින් හෙවත් ඇඩ්ඩිං ප්‍රකට චරිතයකි. ඔහු නාලන්දේ බොහෝ කාලයක් සේවය කලේය​. මම එක වසරේ (1973) සිටියදී පවා ඇඩ්ඩිං ට්‍රැක්ටරයක් වැනි තණකොල කපන යන්ත්‍රයකින් ක්‍රීඩා පිටියේ තණකොල කපනවා මතකය​. එ් කාලයේ මම නසරානි කොළුවෙකු වූ සරත්නරත්න නොහොත් සරත් හෙවත් ටිප්ටොප් සමග ක්‍රීඩා පිටියට ගොස් ඇඩ්ඩිං තණකොල කපනවා බලා සිට එකවරම කපන යන්ත්‍රයේ ෆෑන් එක යටට ගල් විසි කලෙමි. ( මට මෙසේ කරන ලෙස ඉගැන්වූයේ ටිප්ටොප් ය​) මා විසින් විසි කරන ලද ගල ෆෑන් එකේ වැදී විසිවන්නේ මහ හඞක් නගමිනි. එවිට ඇඩ්ඩිං තණකොල කපන යන්ත්‍රයෙන් බැස අප දෙදෙනා පසුපස එලවයි. අප දිවිල්ල නවත්වන්නේ ප්‍රයිමරියේ අපගේ එක ඩී පන්ති කාමරයට පැමිනීමෙන් පසුවය​. මේ දඟකාර වැඩ නිසා නිසා විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මගේ මව අදිසි හස්ථයක් මගින් මාව එක ඩී පන්තියෙන් ගලවා ඊ අබේකෝන් මහත්මියගේ එක ඒ පන්තියට දමන ලදි. ඉන් පසු මගෙන් ඇඩ්ඩිංට කරදරයක් නොවීය​.

මම පහ වසරේ සිටියදී මිතුරන් කිහිප දෙනෙකු සමග කතා කරමින් නොදැනුවත්වම ක්‍රීඩා පිටියේ පිච් එක උඩින් ගියෙමි. හිටි හැටියේම එක මිතුරෙක් "ඔන්න ඇඩ්ඩියා එනවා දුවපං "කියා දිව්වේය​. පසුපස බලන විට මම දුටුවේ සරම කැහැපොට ගසාගෙන මාරාවේශයෙන් මා වෙත දිව එන ඇඩ්ඩියාය. මම පවනට බඳු වේගයෙන් දිව ගොස් ඇඩ්ඩියා ගෙන් ගැලවුනෙමි. ඉන් පසු බොහෝ කාලයක් යන තෙක් මම ක්‍රීඩා පිටියේ ශුද්ධවූ පිච් එක නොපෑගුවෙමි.

පසු කාලයක 1996 දී පමණ සීමාවාසික පුහුණුවෙන් පසුව මා පාසලට ගියෙමි. ක්‍රීඩා පිටිය අසලදී මට ඇඩ්ඩිං හමු විය​. " මොකද දැන් ලොකු මහත්තුරු උනාම ඉස්කෝලේ පැත්තේ එන්නේත් නෑනේද ? ඔහු මා දුටු විගස නෝක්කාඩුවක් කීවේය​. නෑ ඇඩ්ඩිං දන්නේ නැද්ද මම පිටරට ගිහිල්ලා හිටියේ කියා නිදහසට කාරණා කීවෙමි. ඇඩ්ඩිං ඇත්ත වශයෙන්ම පාසලට ආදරේය​. අපගේ 1985 සිසු කණ්ඩායම මුදල් එකතු කොට විශ්‍රාමික ඇඩ්ඩිංට දුන් බව මට සෙන් පීටර්ස්බර්ග් නගරයේ ජීවත් වන සමන්ත ජයවීර වරක් කීවේය​. එසේම මුහුණු පොතේ 2016 ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය බැලීමට විශේෂ ආරාධිත කුටියේ සිටි ඇඩ්ඩිං ගේ චායාරූපය මම දුටුවෙමි.

ඇඩ්ඩිං නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙ භාරව සිටි සුළු සේවකයා විය​. සුළු සේවකයෙකු වූවද ඔහු සේවය කලේ තම වෘත්තිය කෙරෙහි ලැදියාවක්, කැපකිරීමක් මෙන්ම අභිමානයකිනි. මම මගේ වෘත්තීය ජීවිතය තුලදී විවිධ විශේසඥයන්, මහාචාර්‍යවරු , හමුදා ජෙනරාල්වරු යටතේ සේවය කොට තිබේ. එහෙත් ඔවුන් කිසිවෙකු ඇඩ්ඩිං මෙන් තම වෘත්තිය කෙරෙහි අභිමානයකින් යුතුව සේවය කරනවා මම නොදුටුවෙමි. සුළු සේවකයෙකු වූවද ඇඩ්ඩිං මට විශාල පාඩමක් නිහඞවම කියා දී තිබුනේය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 ulasan:

  1. ඕහ්...
    අමුතුම පැත්තකට ගියපු කතාවක්...

    නුවර විද්‍යාර්ථයේ හිටපු (මම හිතන්නේ තවමත් ඉන්න )
    කාර්යාල සේවක
    බණ්ඩා අයියා ව මතක් වුණා...
    එයා ඔරලෝසුව නැතුව වෙලාව හරියටම කියනවා...
    "හරියටම කිව්වේ කොහොමද"??? අහපුවාම
    අතේ ඔරලෝසුව බඳින තැන අපිට පෙන්වනවලා කියනවා
    "මේ තියෙන්නේ" කියලා...
    එයා නිතරම කාලසටහන එක්ක ඉන්න කෙනෙක් නිසා වෙලාව හිතේ ඇති කියන එකයි මට ඒ දවස් වල හිතුණේ...

    BalasPadam
  2. අප රටේ බොහෝ වෘත්තිකයන් සිටින්නේ ඔවුන් කරන රැකියාව පිළිබද හිනමානයකින්ය. තමන් කරන්නේ පහත් වෘත්තියක් යැයී අදහන තැන අභිමානයක් තිබිය නොහැක. තමන් කරන රැකියාවේ වටිනාකමක් නොදකින බොහෝ සේවකයන් තමන්ගේ රැකියාවට කරන දායකත්වය උපරිමයෙන් නොකරන අයය. රැකියාව පිළිබද වෘත්තියභාවයක් නොමැතිකම අප රටේ මගේද බොහෝ නිරීක්ෂණයට ලක් වී තිබේ. ඔබ සදහන් කල ඇඩ්ඩින් එසේ නොසිතන අතලොස්ස අතරින් එක් අයෙක් විය හැක.

    BalasPadam
  3. අපේ පාසලේ කණ්ඩම්බි මතක් වුණා... මේ වගේම සොඳුරු මනුස්සයෙක්

    BalasPadam
    Balasan
    1. රිච්මන්ඩ්

      Padam
    2. අපි රිච්මන්ඩ් එකේ (රජෙස් කන්දේ ) කෑම්ප් එකක් කලා

      Padam
  4. ඔය කොළඹ ඉස්කොළවලට ගිය බොහෝ මන්පොර වල් ඔය පොඩි මිනිස්සු ගැන තියා ඉස්කෝලේ හතර මායිමවත් කියන්න දන්නේ නෑ..... අපිට ඒ ඉස්කොල උන නෑ කියන්න විතරයි එතු...මාලා ලා දන්නේ .....

    BalasPadam
    Balasan
    1. ඒ පොඩි මිනිස්සු අතර සුවිසල් චරිත ඉන්නවා

      Padam
  5. මමත් අපේ ඉස්කොලේ "කඩලේ" ගැන ලිව්වා... එය අගයීමටත් ලක් උනා....

    http://maathalan.blogspot.com/2011/10/kadale.html

    BalasPadam
    Balasan
    1. කඩලේ" ගැන මම අහලා තියනවා අරුණ පෙරේරාත් කඩලේ" ගැන ලිව්වා නේද ?

      Padam
  6. මතක තිබ්බ එකම ලොකු දෙයක්..

    BalasPadam
  7. ඇඩ්වින් අයියා (ඇත්තටම 'ඇඩ්ඩියා ') පිච් එක පාගන විට පමණක් නොවේ, 19 පහළ ක්‍රිකට් තරග පැවැත්වෙන අවුරුද්දේ මුල් කාර්තුවේදී පිට්ටනියේ තණකොළ ගහක්වත් පාගන්න දෙන්නේ නැහැ.
    ඇත්තටම තම රාජකාරියේ අභිමානයට අමතරව ඉහළ තනතුරු දරන විදුහල්පති, ක්‍රිකට් භාර ආචාර්යවරු, සුප්‍රසිද්ධ ආදී ශිෂ්‍ය -ක්‍රීඩකයන්ගෙන් තමන්ට ලැබෙන appreciation එකට මේ අය ගොඩක් කැමතියි. ඒ වගේම එම මහත්වරු කවර ප්‍රශ්නයකදී වුවද තමන්ව ආරක්ෂා කරන බව ඔවුන් තරයේ විශ්වාස කරනවා. බොහෝ විට එය ඇත්ත. ඒවගේම සාධාරණයි.

    BalasPadam
  8. ගොඩක් වෙලාවල් වලදී මම දැකලා තියෙනවා පිරිමි පාසල්වල සේවකයින් ( විශේෂයෙන්ම සුළු සේවකයින්) ඉමහත් වදබන්ධනයන්ට ලක් වෙනවා. ඒ වගේම පාසලෙන් අස්වෙලා ගියාට පස්සේ වැඩිහිටි පිරිමින් වෙලා එන්නේ ඒ අය ගැන මහා බැඳීමක් එක්ක.

    ඒ ඇයිද කියලා මම කල්පනා කරන්නේ?

    ගැහැණු පාසල්වල නම් ඉන්නෙම කුනකටුවෝ වගේ සුළු සේවකයෝ... හි හි හි.. ගියාට පස්සේ ආයේ නම් මුණවත් බලන්න හිතෙනවා අඩුයි. ගෑනු ළමයින්ගේ කුහකකමද? කුඩුකේඩු කමද ??? වෙන මොකක් හරිද?

    BalasPadam
    Balasan
    1. ගැහැණු පාසල්වල නම් ඉන්නෙම කුනකටුවෝ වගේ සුළු සේවකයෝ...///// හේතුව හොයලා බලන්න ඕනේ

      Padam
  9. ඇඩ්ඩිං අයියලා වගේ ආදරනීය මිනිස්සු බොහොමයක් ඉස්කෝලවල ඉඳලා තියෙනවා. අපේ ප්‍රයිමරියේ හිටියා එහෙම ග්‍රවුන්ඩ් එක නඩත්තු කරපු කෙනෙක්. කර්න් හරි කර්නල් හරි නම. බර්ගර්. ඉංග්‍රීසියෙන් තමයි කතාව. කොල්ලෝ ගුරුවරුන්ට වඩා බයයි සහ ගරුකරනවා මෙයාට. මේ වගේ මිනිස්සු ගැන ලියන එකත් ඔවුන්ට කරන ගෞරවයක්. උඩ ඇනෝ කෙනෙක් කිව්වා වගේ පාසල් පරිපාලනයෙන් මොවුන්ට දක්වන භක්තිය සහ සෙනෙහසට මොවුන් ඉතාම කැමතියි. ඒ වගේම ආදි සිසුන්ගේ ආදරයත් මොවුන් අගේ කොට සලකනවා. පිදිය යුතු මිනිස්සු.

    BalasPadam
    Balasan
    1. ඇත්ත අරුණ ඒ මිනිස්සු ජීවිත කාලයක් කඹුරලා අප්‍රකටව මිලින වෙනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook