Khamis, 23 Mac 2017

ජනමාධ්‍ය නිසා සිය දිවි නසාගත් කොටකෙතන නන්ද

 


රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ  වසර 7ක් තුළ  කාන්තා ඝාතන 19 සිදු විය​. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය​. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය​. ඔහුගේ කතාව අපට කියන්නේ රාවය පුවත් පතේ තරිඳු උඩුවරගෙදර සහ රේඛා නිලුක්‍ෂි ය​. 

.........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය. 

නන්දගේ කතාව ලියද්දී අපි නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් පළකළෙමු. එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි. හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද? අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද? නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි. දුමින්ද සිල්වා නම් පුද්ගලයා මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී සිටියදීත් ඔහුට මිනීමරුවායැයි කියන්නට මාධ්‍ය පෙළඹෙන්නේ නැත. (තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි) 

18 ulasan:

  1. පැහැදිලිවම ඇත්ත.
    කිසිදු චාරයක් නොමැති මාධ්‍ය භාවිතාවක්.හොඳම දේ කියන්නෙ මෙව්ව උඩ දාගෙන කොරන උන්ම ආපහු පෝය දාට සමාජෙ පිරිහිලයි අරකයි මේකයි ටෝක්ස් දෙන්නත් සුදු ඇඳගෙනම ලැජ්ජ නැතුව කටවල් අඹරන එක නෙ.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. කිසිදු චාරයක් නොමැති මාධ්‍ය භාවිතාවක් තමයි මේ අය භාවිතා කරන්නේ

      Padam
  2. මාධ්‍ය භාවිතය වගේම ලංකාවෙ පොලිසිය මේ තරම්ම මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන තරමට පහළට වැටුණෙ කොහොමද? කිසිම වගකීමක් නැති විදියට...

    BalasPadam
    Balasan
    1. ලංකාවේ ප්‍රබල සිවිල් සමාජයක් නොමැති නිසා

      Padam
    2. //ලංකාවේ ප්‍රබල සිවිල් සමාජයක් නොමැති නිසා //

      agree

      Padam
    3. ක්‍රියාශීලී සිවිල් සමාජයක් ගොඩනගන්න කවුරු හරි උත්සහගත්තත් එයට ගරහන්නේත් ඔය බෝතල් පත්තර කාරයෝ සහ ජහ-මනයා ම තමයි. (සමාවන්න "මහජනයා" ලෙස නිවැරදි විය යුතුයි.)

      Padam
  3. චාරයක් නැත්තෙම මාධ්‍ය වලටයි. ඒ වගේම රටේ ප්‍රශ්න කතා කළාට සේවක අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංගණය කෙරන්නෙත් මාධ්‍යවලමයි.
    ඉතිං කොහෙද චාරයක්...?

    BalasPadam
  4. වපුරන දේ නෙලා ගන්නවලූ, ජන මාධ්‍ය වේදියෝ අැවිල්ල අමුතු සත්තු නෙවෙයි, සමාජය ඉල්ලන දේ දෙන සමාජයේ වැඩිදෙනා අගයන අධ්‍යාපන ක්‍ර‍මයකින් බිහි වූ අය, අපි තමයි සමාජයට දිරවගන්න බැරි අමුතු සත්තු නොහොත් අයාලේ ගිය වුන්.

    BalasPadam
    Balasan
    1. ජන මාධ්‍යවේදියෝ නෑ ඉන්නේ බෝතල් පත්තරකාරයෝ

      Padam
  5. ට්‍රාන්ස්...........

    මේ කතාව ඇත්තට ම කතා කරන්න ඕනේ දෙයක්.. මාධ්‍ය විසින් තොරතුරු ජනතාව ලබා දීමට එහා ගිහින් නඩු අහන්න යෑම දැවැන්ත ගැටළුවක්.... මේ වෙද්දි මාධ්‍ය වලින් වැරදිකරුවන් හොයන්න යෑම තුළින් මහා වරදක් කරමින් ඉන්නවා. ඒකෙන් වෙන්නේ මොකක් හරි සිද්ධියක් වුණාම පොලීසියේ බේරීමට සැකපිට අත්අඩංගුවට ගන්න මිනිහාට මාධ්‍ය වලින් පැන පැන ගහනවා. මිනිස්සු මේක ඇත්ත කියලා හිතලා සන්තර්පනය වෙනවා. ටික දවසකින් අර මනුස්සයා නිදහස් වෙනවා. ඒවා ජනතාව දන්නෑ. ජනතාව හිතාගෙන ඉන්නේ අර මිනිහා තමා වැරදිකාරයා කියලා. ඇයි මාධ්‍ය වලින් ඒ තරමට ම ගහනවානේ..... ඉතින් පොලීසියත් නිදහස්, මාධ්‍යටත් නිවුස් විකුණගන්න පුළුවන්, ජනතාවත් සතුටෙන්....... මේවා මාධ්‍ය සංදර්ශන...

    නන්ද ගේ සිදුවීමට මේ විකාර මාධ්‍ය මුළුමනින් ම වගකියන්න ඕනේ......

    BalasPadam
    Balasan
    1. මාධ්‍ය විසින් නඩු අහන්න යෑම දැවැන්ත ගැටළුවක්..මේ අය කොණ්ඩයාගේ නඩුවත් ඇහුවා

      Padam
  6. ක්‍රමවත් නීති පද්ධතියක් නොමැති කම හා තිබෙන නීති පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම
    පවතින නීති යල් පැන තිබීම හා යාවත්කාලින කිරීමට උනන්දුවක් නොමැතිකම. බොහෝ විට මෙය සිදුව ඇත්තේ එයින් වින්දිතයන් වන්නේ දුප්පත් අසරණ මිනිසුන් නිසා ඉහල තලයේ සිටින අයට එයින් වන හානියක් නැත්තේම නැති තරම් වීම හේතු කොටගෙනය.
    මාද්‍ය නිසි පාලනයකින් තොරව ක්‍රියාත්මක වීම. වැරදි ප්‍රවුත්ති විකාශය කිරීමට බාධා නොකර පසුව එය වැරදි යැයි ඔප්පු වුවහොත් එම ආයතන වලට දඩුවම් කිරීමට නීති පවතින්නේ නම්,
    පොලිසි වලට චෝදනා එල්ල වන විට එම වගඋත්තර කරුවන්ට අනිකුත් සැකකරුවන්ට මෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට නිතිය ක්‍රියාත්මක කිරීම.
    සහ පොලිසිය කුමන චෝදනා එල්ල කලද අධිකරණය ඒවාට පවතින අනුභූතික සාක්ෂි සලකා කටයුතු කිරීම සහ තවත් බොහෝ දේ මේවා නිවැරදි කිරීම සදහා කල යුතුව ඇත.

    මේ කුමක් සිදු කලද පොලිසි වල සිටින්නාගේ මානසික රෝග හදුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර නොකරන්නේ නම් මේ කිසිදු ක්‍රියාමාර්ගයකින් විසදුමක් නම් නොලැබෙන්නේමය.

    BalasPadam
    Balasan
    1. පොලිසි වල සිටින්නාගේ මානසික රෝග හදුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර නොකරන්නේ නම් මේ කිසිදු ක්‍රියාමාර්ගයකින් විසදුමක් නම් නොලැබෙන්නේමය.///// +++++++

      Padam
  7. This indiscipline is fact of life in Sri Lanka now (not only in media) People do not care about others in anything their doing (doing a job, driving on roads, traveling in public bus and so on) Change must start from top country leadership, this has not happened even with new govt and President. We are jumping from frying pan to fire. There are so much of political talk in the news, but no talk about taking the country in to right direction. Sad, sad, sad.

    BalasPadam
  8. ලංකාවේ මද්‍යයට හැදෙන්න ඕනෑනම් පහුගිය දා සිදුවුන ලන්ඩන සිද්දිය ගන්න පුළුවන්. දවස් දෙකක් යනකං (සිද්දිය කල පුද්ගලයා මරල දැම්මත්) ඒ දේ කල පුද්ගලයාගේ කිසිම පාට ආගම අනන්‍යතාවයක් එලියට දුන්නෙ නැහැ. නමුත් ඒ දවස් දෙක ඇතුලත සියළුම තොරතුරු සමගම නගර දෙකකිං මේ සිද්දියට අදාළ සියලුම පාර්ශවත් අත්අඩංගුවට ගත්තට පස්සෙ මද්‍යයට විස්තර දුන්න.

    ලංකාවේ වෙන්නෙ මාද්‍යය රාජ්‍ය ආරක්ෂක සේවයේ තනතුර කරන ගමන් ආරක්ෂක සේවය මාද්‍යයෙන් තොරතුරු ලබා ගැනීමයි.

    මතකනේ ඩොක්ට news of the world පත්තරේට උන දේ..?? මාද්‍ය අවබාවිතාව නිසා පත්තරේ වහන්න උනා.

    ලංකාවේ මද්‍යයත් දේශපාලනීකරණය වෙලා නිසා සොරි.කොම්.

    බොරු ප්‍රවුර්ති දීල හිරු එක වැහුව. ඒක අයිතිකාර මල්ලි දේශපාලන පැත්ත මාරු කල නිසා ලයිසන් එක ආයෙ ලැබුන.

    මාර ආතල් සිද්දි මේව ඩොක්ට.

    😂😂😂😂😂😂😂😂

    BalasPadam
    Balasan
    1. ලංකාවේ මාධ්‍ය අයියලාට මාධ්‍ය භාවිතාව ගැන දැණුමක් නෑ

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook