Ahad, 19 Mac 2017

කළාකරුවන් ගේ දීනත්වය


වරක් මිතුරෙකුගේ අවශ්‍යතාවකට ඔහු රන්ජිත් ධර්මකීර්ති ගේ නිවසට ගියා. ඒ සමග මටද යාමට සිදු වූවා. අප එහි සිටියදී අමාත්‍ය ලක්‍ෂ්මන් ජයකොඩි ගෙන් ඇමතුමක් රන්ජිත් ධර්මකීර්තිට ආවා. එහිදී ඔහු අපට පෙනෙන පරිදි ඉතා ආඩම්බරයෙන් අමාත්‍ය ලක්‍ෂ්මන් ජයකොඩි ගේ ඇමතුමට පිලිතුරු දුන්නා. එසේම අමාත්‍ය ලක්‍ෂ්මන් ජයකොඩිට පිලිතුරු දීමේදී ඔහු දක්වපු යටහත් භාවයද මගේ නිරීක්‍ෂණයට ලක් වූවා. මට එහිදී තේරුම් ගියේ කෙතරම් ලොකු කලාකාරයෙක් , සාහිත්‍යකාරයෙක් වූවද දේශපාලකයන් ඉදිරියේදී ඔවුන් ගේ දීනත්වය ඉස්මතු වන බවයි.

21 ulasan:

  1. දේශපාලනෙත් තවත් එක් වෘත්තියක් වෙච්චදාට ඔය ගති නැතිව යයි. ප්‍රශ්ණෙ, මෝඩයන් අතින් පාලනය වෙන රටක, එහෙම දවසක් උදා වෙයි ද කියන එක..!

    BalasPadam
    Balasan
    1. මෝඩයන් අතින් පාලනය වෙන රටක,////////// yes

      Padam
  2. සියලු දෙනා දකින්නේ කොයි කවුරුත් දේශපාලකයින් අභියස දක්වන දීනතාවය පමණකි.හොදට හිතල බැලුවොත් තව නොයෙක් තැන්හ්දී බොහොමයක් පුද්ගලයින් දීනතාවය පෙන්නනවා

    BalasPadam
  3. එතකොට දේශපාලුවන්ට කොහොමත් අදාළ නැති බ්ලොග් සම්මාන වලට දේශපාලකයෝ ගෙන්නන්න එකේ සංවිධායකයෝ කොච්චර දීනද?

    BalasPadam
    Balasan
    1. හොඳ ප්‍රශ්නයක්... වෝටර්ස් එඩ්ජ් එකට යන සල්ලිටික ඔය පදනම් ආයතනයෙ හරි වෙන කොහෙ හරි වියදම අඩු තැනක තියල ඒ සල්ලි ටිකත් බ්ලොග් කාරයොන්ටම දුන්නනං වැඩේ කොච්චර සෝක්ද හිටං ?

      Padam
    2. දේශපාලකයෝ ගෙන්නන්න එක කුජීතයි

      Padam
    3. එතකොට ඒ දේශපාලකයෝ එන බ්ලොග් සම්මාන උළෙලවල් වලින් බ්ලොග් සම්මාන ගන්න යන බ්ලොග් ලියන්න්නෝ කොච්චර දීනද? නැතිනම් දේශපාලකයෝ විතරද කුජිත ?

      Padam
    4. ඕකට පිලිතුර මම දෙනවා තම නියම නමින් අභීතව ආවොත්

      Padam
    5. මේ කියල තියෙන්නේ දේශපාලුවෝ කුජීතයි කියල නෙවෙයිනේ, දේශපාලුවොන්ව ගෙන්වන සංවිධායකයෝ කුජීතයි කියලනේ!

      Padam
  4. කලා කරුවා කියන්නෙ අමුතු විශ්වයකින් ආපු අමතු සතෙක් නෙවෙයි. කලාකරුවත් අපි වගේම මේ කුනු කූජිත සමාජයෙම සිටින අපි වගේ සංස්කෘතික සත්වයෙක්. අපෙයි උගෙයි වෙනසක් නෑ. නමුත් කලාකරුවගෙ පරිකල්පනය කියන කෝවෙ පැහිල එන නිර්මාන, ප්‍රගතිශීලී චින්තාවන් පාඨකයට ප්‍රේක්ශකයට රසිකයට ප්‍රේරනය කරනව විශ්ව යථාර්ථය. ඔවුන්ගෙ පරිකල්පනය සහ අත්දැකීම් කියම්න කෝවෙ පැහිල එලියට එන නිර්මාන පට්ට ප්‍රහතිශීලීයි. රුවන් කියන ඔය පරශ්නය කලා කරුවගෙ ප්‍රශ්නයක් නෙවෙයි කලා කරුවා පට්ට පොරක් කරගත්ත අපේ ප්‍රශ්නයක්. කලා කරුව කියන එකත් අපිවගේ සාමාන්ය මිනිස්සු. කලා කරුව නෙමෙයි පොරගෙ නිර්මාන හෙවත් පරිකල්පනයෙ ප්‍රථිපලයි අපි සැලකිල්ලට ගන්න ඕන. කලා කරුව අපි වගේම සහ බොහෝ විට අපිට වඩා පට්ට පසුගාමීයි. කලා කරුවොයි උන්ගෙ නිර්මානයි පටලවාගන්න එක ඉන්දියානු උපමහද්වීපයේ ප්‍රමුඛ ඓතිහාසික ලක්ෂනයක්. මම දන්න හැටියට ඒකට කියන්නෙ ඉන්දු උපමහද්වීප පසුගාමීත්වය. නැත්තං අසංස්කෘතික බව(කලා කරුවො විතරක් නෙවෙයි ජනතා ප්‍රසාදය දිනා ගත්ත හැම හාල්පාරුවෙක්ම පොරක් කරගන්න එක).පැරනි උදා හරන. ‍තෝල්ස්තෝයි, පුශ්කින්.. සාර් ගේ සාහිත්‍ය කරුවො. කවියො. නමුත් ඔවුන්ගෙ නිර්මාන වලින් ඔවුන් ප්‍රකාශ කරේ මොනවද. ඔයාගෙ ඔය අදහසේ අලුත්ම උදාහරනෙ වික්ටර්. අපි කලාකරුවංගෙං බලාපොරොත්තුවෙන්නෙ පට්ට සුචරිත වදී සර්ව සුභ සාන්තුවරයින්. ඒ ත් උනුත් අපිවගේම මේ සමාජ ක්‍රමයෙ යාංතං ගොඩ එන්න දඟලන කඳෝ පැනියො.කලා කාරයො මාර පොරවල් වෙන්නෙ උන් ජීවන විලාසයෙන් නෙවෙයි. උන්ගෙ නිර්මානවලින්. අපි කරන්නෙ උන්ගෙ නිර්මාන වලට ආසක්තවෙලා උංගෙ පවුද්හලික ජීවිතත් ඒ අනුව මෙහෙම වෙන්න ඔනේ කියල තීරනයකරල ඒ වට ඇඟිලිගහල ඒවත් විනාස කරන එක.

    BalasPadam
    Balasan
    1. හොඳමදේ තමයි කලාකාරය හරි මොකාහරි උගේ පාඩුවෙ ඌට ජීවත් වෙන්න ඉඩදීල උගේ නිර්මාන රසවිඳින එක.මොකද ඌත් අපිවගේ ජීවත්වෙන්න දඟලන එකෙක්.

      Padam
    2. කලා කරුව වෙනුවට ඔයා කියපු සාහිත්‍ය කාරය කියන නම ආදේශ කරගන්න

      Padam
  5. ඩොක්ට ඔබ හරි. කළා කරුවන් කියන්නෙ සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන නිදහස් චින්තනයක් තියෙන මිනිසුන් කොටසක්. ඒත් මේ මරි මෝඩ තකතීරු දේශපාලනය නිසා කලාකරුවන්ටත් දේශපාලන පැත්තක් නැතුව කිසිම දෙයක් කරගන්ට බැහැ.

    ඔය කළා කරුවන් වගේම ආගම නිසාත් ජාතිය නිසාත් කුලය මලය නිසාත් රටක් වශයෙන් ජාතියක් වශයෙන් දේශපාලකයන් හැර මුළු මහත් රට වැසියන්ම දීන වෙලා ඉවරයි. ආගමක් වශයෙන් අස්ගිරියේ දීන මහා සංගරත්නයත් ඔවුන්ගේ උපදෙස් ගෙන රටක් පාලනය කරන ගොවි පරපුරෙන් එන දීන නායකයෙකු පාලනය කරන රටකට ඔහොම කලක් යන එක ට තව මොන උදාහරණද..??

    👊🏽

    BalasPadam
  6. මට රංජිත් ධර්මකීර්ති ඊයේ හමුවුණා. ඔහු සිංහල නාට්‍ය කලාව ගැන කතා කරන විට ජයකොඩි ඇමති ගැන ද සඳහන් කළා.

    ඔබ කියන තැන දී අප රංජිත් ධර්මකීර්තිව දැකිය යුත්තේ කලාකරුවෙකු නොව රජයේ සේවකයෙකු ලෙසයි. මහ බැංකුවේ සේවය කරන ඔහු සෙකන්ඩ්මන්ට් එකක් මත සංස්කෘතික අමාත්‍යාංභට ගොස් ටවර්< එල්පින්ස්ටන් වැනි රංග ශාලා පුනරුත්තාපනය කරන ව්‍යාපෘතිවල වැඩ කර තියෙනවා. එහිදී ඔහු ගේ බොස් තමයි ඔය ඇමති.

    ඇමතිගෙන් පසු එහි නොරැඳී යළි බැංකුවට ගිය බව ඔහු ඊයේ කීවා!

    BalasPadam
    Balasan
    1. කලාකරුවෙකු ලෙස අදීනවද රජයේ සේවකයෙකු ලෙස දීනවද සිටින බවද ඔහු කියන්නේ ?

      Padam
  7. //කලා කරුවොයි උන්ගෙ නිර්මානයි පටලවාගන්න එක ඉන්දියානු උපමහද්වීපයේ ප්‍රමුඛ ඓතිහාසික ලක්ෂනයක්.

    මෙයට හේතුව පෙරදිගයන් තුල ඇති වියුක්ත චින්තනය පිළිබඳව ඇති දුබලතාවයයි.

    තවත් උදාහරණයක් පෙන්වනවා නම්,
    ලාංකික දෙමළ ජාතිවාදයේ අරමුණ සිංහලයාට මෙරට හිමි තැන අහිමි කිරීමයි.
    එමනිසා අපි වියුක්තව හිතනවානම්
    සිංහලයාට මෙරට හිමි තැන පිළිගන්නා දෙමලා හොඳ දෙමලෙක් ලෙසත් නොපිළිගන්නා එකා නරක දෙමලෙක් ලෙසත් සැලකිය යුතුයි.
    නමුත් අපි දෙමළුන් දෙස බලන්නෙත් සංයුක්ත ලෙස. එමනිසා අපට පෙෘද්ගලිකව යම් උපකාරයක් කල දෙමලෙක් හොඳ එකෙක් ලෙස සැලකීමට පෙළඹෙනවා.

    වියුක්ත චින්තනය ඇති අයට අන් අය අබිභවමින් සමාජය තුල ඉදිරියට යා හැකියි.
    නලීන් ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට පුරුෂ ආධිපත්‍යය ඇතිවීමට ප්‍රධාන හේතුව පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා වියුක්තව සිතීමට දක්ෂ වීමයි.

    BalasPadam
    Balasan
    1. ජගත් මහත්තයෝ..!! දෙමලාට තියෙන්න ඕන තැන කතා කරන්ට කලින් මට පොඩ්ඩක් කියනවද දැන් රටේ සින්ගලයාට තියෙන තැන..?? ඔහේට අපිට ආණ්ඩුවෙන් කන්නේ නැතිව අපිම හම්බ කරන් කන අපිට තියෙන තැන..??

      සිරාවටම අහන්නෙ..

      Padam
    2. පෙරදිගයන් තුල ඇති වියුක්ත චින්තනය පිළිබඳව ඇති දුබලතාවයයි.////// +++++

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook