වෛද්‍යවරයෙකු ලෙස මම එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කොට තිබේ. මම මොවුන්ට ප්‍රතිකාර කලේ 2002 වසරේදී කිලිනොච්චියේ මුලංඟාවිල් ප්‍රදේශයේදීය.
2002 වසරේ සාම කාලයේදී වෛද්‍යවරු පිරිසක් කිලිනොච්චියේ වෛද්‍ය සායනයක් පැවැත්වීම සඳහා ගිය අතර මමද ඔවුන් සමග එම සායනයට සහභාගී වූයෙමි. එම සායනයට සිවිල් ජනතාව සහභාගී වූ අතර බෙහෙත් ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකු පැමින සිටින බවත් ඔවුනට ප්‍රතිකාර කල හැකි දැයි භාෂා පරිවර්තකයා මගෙන් ඇසීය.
වසර 1993 දී මම හිපොක්‍රටීස් ගේ දිවුරුම දුන්නෙමි. ඒ අනුව රෝගියෙකු ලෙස එන පරම හතුරෙකුට වූවද ප්‍රතිකාර නොදී මට ප්‍රතික්ශේප කල නොහැක. එම නිසා එම එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට එකඟතාව මම පළ කලෙමි.
එක් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ වයස අවුරුදු විසි අටක් පමණ විය. ඔහුගේ කකුලේ දුස්සාධ්‍ය තුවාලයකි. අලිමංකඩ කඳවුරට පහර දීමට ගිය අවස්ථාවේදී සිංහල සොල්දාදුවෙකු ගේ වෙඩි පහරක් නිසා එම තුවාලය ඇතිවූ බවත් වරින් වර එම තුවාලය ආසාදනය වී සැරව ගලන බවත් හෙතෙම කීවේය.
මම ඔහුගේ තුවාලය පරික්ෂා කොට බැලුවෙමි. තුවාලය කකුලේ අස්ථි දක්වා පැතිරී ඇති බව මට වැටහුනි. මෙය osteomyelitis හෙවත් දුස්සාධ්‍ය අස්ථිමිංජාදාහය තත්වයකි. ඔහුගේ තුවාලයට බෙහෙත් දැමීමට හෙද නිලධාරියෙකුට ඔහුව යොමු කලෙමි. මම ඔහුට අප කොලඹින් ගෙනැවිත් තිබූ මිලෙන් අධික ජර්මනියේ නිපදවන ලද ප්‍රබල ප්‍රතිජීවක කරල් සුමාන තුනකට දුන්නෙමි. තවද යලිත් ආසාදනයක් ආවහොත් යාපනය රෝහලට යන ලෙස උපදෙස් දුන්නෙමි.
දෙවන රෝගියා අසාත්මිකතාවයකින් පෙලෙන්නෙකි. ඔහුගේ ශරීරයේ පළු මතුවී තිබේ. තමන් පසුගිය දින ඉස්සන් වගයක් කෑ බවත් ඉන්පසු ශරීරය පුරා පළු මතුවූ බවත් ඔහු කීවේය. මම ඔහුගේ අසාත්මිකතාවට ඖෂධ දුන්නෙමි.
මෙලෙස බෙහෙත් ගැනීමට පැමිනි එල්.ටී.ටී.ඊ කේඩරයන්ට මම ප්‍රතිකාර කලෙමි. ඔවුන් මට ස්තූති කරමින් ගියහ.
2005 වසරේදී කොලඹ යුද හමුදා රෝහලේ බාහිර රෝගී අංශයේ රාත්‍රී ආවරණය කරන අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ආවේය. ඔහු දැන් හමුදාව සමග එක්වී එල්.ටී.ටී.ඊ සංවිධානයට එදිරිව සටන් කරයි. මෙම පුද්ගලයා දැන් ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්ත කොට තිබේ. එම නිසා යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඔහුට හැකිය. ම
මම මේ පුද්ගලයා සමග කතා කලෙමි. ඔහුට සිංහල යම් ප්‍රමාණයකට කතා කල හැක. ඔහු තමන් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුව සිටි කාලයේ තොරතුරු මා සමග කීවේය. මම ඔහුගේ කතාවට සවන් දී ඔහුට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාරයන් කලෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

සිර කරුවෝද මනුෂයෝ මෙන්ම L.T.T.E සාමාජිකයින්ද මනුෂ්‍යයෝය.
BalasPadamඇත්ත
PadamWhat you have done is great Doctor. They have become terrorists due to the miss conduct of the society and the politics.
BalasPadamThanks Chandana
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamඅපරාදෙනෙ කෝටි ගනන් සල්ලි දීලා මෝටාර්, මල්ටි බැරල් ගෙනාවේ... ඉංජක්ෂන්වලින්ම වැඩේ ගොඩදාගන්න තිබුනා..
Padamදොස්තර බුද්ධික ලැජ්ජාවක් නැද්ද ඔයි.
Padamමූට මැන්ටල්
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamඅපේ බෝධි දොස්තර නෝනත් එහේ නේ ඉඳලා තියෙන්නේ...
BalasPadamඔව් අනිත් කොනේ
Padamවසර 1993 දී මම හිපොක්‍රටීස් ගේ දිවුරුම දුන්නෙමි. ඒ අනුව රෝගියෙකු ලෙස එන පරම හතුරෙකුට වූවද ප්‍රතිකාර නොදී මට ප්‍රතික්ශේප කල නොහැක. එම නිසා එම එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට එකඟතාව මම පළ කලෙමි.
BalasPadamyes
Padamහිපොක්රටිස් දිව්රුම දැන්නම් බල්ලට ගිහින් නේ ද ?
BalasPadamඒක නම් එහෙමයි
Padamකොටින්ට බෙහෙත් දීපු ....ජාති දෝහීයෙක් ... වරෙල්ලා නෙලන්ට
BalasPadamජාති ද්‍රෝහියෙක්
Padamඅපි මනුස්ස කමින් එල්ටිටිඊ කාඩර්ලාට සැලකුවාට උන් අපේ අයට එහෙම සැලකුවේ නම් නෑ. කිරි දරුවෝ ගැබිනි අම්මලා පෙතිපෙති ගහලා මරපු උන්ගේ කොහෙද මනුස්සකම්? ඔබේ මෙහෙවර අගයකලයුතු අතර උන්ගේ අමානුෂික කි‍්‍රයාවන්ද පිලිකුලෙන් යුතුව යළිත් මතක් කරදිය යුතු කාලය ඇවිල්ලායි හිතනවා. (මොකද අපේ රටේ සිංහල උන්ට මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්‍රභාකරනුත් කිව්වා )
BalasPadam(අසංග උන් තිරිසන් විදියට හැසිරුනාට අපිත් තිරිසන් විය යුතුද ?
Padamඅපේ විචාරක මහත්තයා එහෙම ජිවිතේ පරදුවට තියලා දෙමලු මැරුවේ රට නිදහස් කරගන්න. ඔබතුමා කලේ ඒ දෙමළුන්ට කිරිපොවන එක. විචාරක මහත්තයා හිටියා නං මොනවා හිතෙයිද මේ වගේ අය ගැන.
BalasPadamවිචාරක මහත්තයා එහෙම ජිවිතේ පරදුවට තියලා දෙමලු මැරුවේ නෑ එයා මැරුවේ 88/89 කලේ jvp "සැකකාරයින්ව" පමණයි ෆ්රෝන්ට් ලයින් එකේ නෙමෙයි මේවා එයාම කියා ලියා පළකරපු ඒවා
Padamමිනිසුන් ගැන හිතළු කියන්නේ මන්ද ?
Padamලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ වින්නඹුකමින් බිහිවී ඉංග්‍රිසීන් විසින් බෞතීස්ම කෙරුණු එකක්.
BalasPadamඑහි අරමුණ සිංහලයන්ට මෙරට හිමිවියයුතු තැන අහිමි කිරීමයි.
ලන්දේසීන් මෙරටට සහ දකුණු අප්‍රිකාවට වෙල්ලාල කුලයේ දෙමළුන් ආනයනය කලා. ඔවුන් ලංකාවේ උතුරු ප්‍රදේශයේ ආධිපත්‍යයට පත්වූ පසු එම ප්‍රදේශයේ සිටි සිංහල සහ වැදි ජනතාව අඩු කුලයේ දෙමළුන් බවට පත්වී වෙල්ලාලයන්ගේ දාසයන් බවට පත්වුනා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තවත් බලවත් වූ වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවේ වර්ණභේධවාදී පාලනයට අනුරූප 50ට 50 හේ පාලනයක් ඉල්ලීමට තරම් අහංකාර වුනා. එසේම නාකි සිංහල බෞද්ධයන් සහ සිංහල ක්‍රිස්තියානින් නිවට නියාලු ලෙස "දෙමල මිනිස්සු හරීරීම හොඳායි" කියා කීමට පෙළඹුනේත් බ්‍රිතාන්‍ය පාලනය තුල වෙල්ලාලයන් වීම නිසායි. එහෙම හොඳයි කියන්නේ තේ දළු කඩන දෙමළුන්ටවත් මුට්ට කරගහන දෙමළුන්ටවත් නොවෙයි වෙල්ලාලයන්ටයි.
ඔබ ප්රතිකාරකල එල් ටී ටී ඊ සාමාජිකයා අඩු කුලයේ දෙමලෙක් බවට පත්කල සිංහල මූලයක් සහිත අයෙක් විය හැකියි. එමනිසා ඔහුට ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ.
මෙහි එකම වරද මේ වගේ සිදුවීම් සිංහලයන්ට වාසිවනලෙස මාකට් නොකිරීමයි. හරිනම් කල යුත්නේ එම එල්ටීටීඊ සාමාජිකයාට ප්‍රතිකාර කිරීම ඡායාරූප ගතකර, එය ලොව පුරා ප්‍රසිද්ධ කිරීමයි.
athha
Padamකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)
BalasPadamකොටි එක ගමකට ගැහුවම ආමි එකෙන් දෙමලු ඉන්න පළාතක් යන්ඩ ආටි ගැහුවා, නේවි එකෙන් ගම්වලට ගිහිං දෙමළු කපල මැරුව.
jagath pathirana
පට්ට ජාතිවාදියෙක් වගේ.
නේවි එකෙන් ගම්වලට ගිහිං දෙමළු කපල මැරුව. ඈ!!!!කල්යාන ම්ත්‍ර ත් එහෙම කලාද අපොයි මුන්ට සම්මාන දෙන්නම ඕනේනේ
Padamමිනිසුන් ගැන හිතළු කියන්නේ මන්ද ?
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padam