Rabu, 1 Mac 2017

කොටින්ට බෙහෙත් කලෙමි

 

වෛද්‍යවරයෙකු ලෙස මම එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කොට තිබේ. මම මොවුන්ට ප්‍රතිකාර කලේ 2002 වසරේදී කිලිනොච්චියේ මුලංඟාවිල්  ප්‍රදේශයේදීය​.   

2002 වසරේ සාම කාලයේදී වෛද්‍යවරු පිරිසක් කිලිනොච්චියේ  වෛද්‍ය  සායනයක් පැවැත්වීම සඳහා ගිය අතර මමද ඔවුන් සමග එම සායනයට සහභාගී වූයෙමි. එම සායනයට සිවිල් ජනතාව සහභාගී වූ අතර බෙහෙත් ගැනීම​ සඳහා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙකු පැමින සිටින බවත් ඔවුනට ප්‍රතිකාර කල හැකි දැයි භාෂා පරිවර්තකයා මගෙන් ඇසීය​. 

වසර 1993 දී මම හිපොක්‍රටීස් ගේ  දිවුරුම දුන්නෙමි. ඒ අනුව රෝගියෙකු ලෙස එන පරම හතුරෙකුට වූවද ප්‍රතිකාර නොදී මට ප්‍රතික්ශේප කල නොහැක​. එම නිසා එම එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට එකඟතාව මම පළ කලෙමි. 

එක් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ වයස අවුරුදු විසි අටක් පමණ විය​. ඔහුගේ කකුලේ දුස්සාධ්‍ය තුවාලයකි. අලිමංකඩ කඳවුරට පහර දීමට ගිය අවස්ථාවේදී සිංහල සොල්දාදුවෙකු ගේ වෙඩි පහරක් නිසා එම තුවාලය ඇතිවූ බවත් වරින් වර එම තුවාලය ආසාදනය වී සැරව ගලන බවත් හෙතෙම කීවේය​. 

මම ඔහුගේ තුවාලය පරික්‍ෂා කොට බැලුවෙමි. තුවාලය කකුලේ අස්ථි දක්වා පැතිරී ඇති බව මට වැටහුනි. මෙය osteomyelitis හෙවත් දුස්සාධ්‍ය අස්ථිමිංජාදාහය තත්වයකි. ඔහුගේ තුවාලයට බෙහෙත් දැමීමට හෙද නිලධාරියෙකුට ඔහුව යොමු කලෙමි. මම ඔහුට අප කොලඹින් ගෙනැවිත් තිබූ මිලෙන් අධික ජර්මනියේ නිපදවන ලද ප්‍රබල ප්‍රතිජීවක කරල් සුමාන තුනකට දුන්නෙමි. තවද යලිත් ආසාදනයක් ආවහොත් යාපනය රෝහලට යන ලෙස උපදෙස් දුන්නෙමි. 

දෙවන රෝගියා අසාත්මිකතාවයකින් පෙලෙන්නෙකි. ඔහුගේ ශරීරයේ පළු මතුවී තිබේ. තමන් පසුගිය දින ඉස්සන් වගයක් කෑ බවත් ඉන්පසු ශරීරය පුරා පළු මතුවූ බවත් ඔහු කීවේය​. මම ඔහුගේ අසාත්මිකතාවට ඖෂධ දුන්නෙමි. 

මෙලෙස බෙහෙත් ගැනීමට පැමිනි එල්.ටී.ටී.ඊ කේඩරයන්ට මම ප්‍රතිකාර කලෙමි. ඔවුන් මට ස්තූති කරමින් ගියහ​. 

2005 වසරේදී කොලඹ යුද හමුදා රෝහලේ බාහිර රෝගී අංශයේ රාත්‍රී ආවරණය කරන අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ආවේය​. ඔහු දැන් හමුදාව සමග එක්වී එල්.ටී.ටී.ඊ සංවිධානයට එදිරිව සටන් කරයි. මෙම පුද්ගලයා දැන් ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්ත කොට තිබේ. එම නිසා යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඔහුට හැකිය​. ම

මම මේ පුද්ගලයා සමග කතා කලෙමි. ඔහුට සිංහල යම් ප්‍රමාණයකට කතා කල හැක. ඔහු තමන්  එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුව සිටි කාලයේ තොරතුරු මා සමග කීවේය​. මම  ඔහුගේ කතාවට   සවන් දී ඔහුට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාරයන් කලෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

30 ulasan:

  1. සිර කරුවෝද මනුෂයෝ මෙන්ම L.T.T.E සාමාජිකයින්ද මනුෂ්‍යයෝය.

    BalasPadam
  2. What you have done is great Doctor. They have become terrorists due to the miss conduct of the society and the politics.

    BalasPadam
  3. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. අපරාදෙනෙ කෝටි ගනන් සල්ලි දීලා මෝටාර්, මල්ටි බැරල් ගෙනාවේ... ඉංජක්ෂන්වලින්ම වැඩේ ගොඩදාගන්න තිබුනා..

      Padam
    2. දොස්තර බුද්ධික ලැජ්ජාවක් නැද්ද ඔයි.

      Padam
    3. මූට මැන්ටල්

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    5. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
  4. අපේ බෝධි දොස්තර නෝනත් එහේ නේ ඉඳලා තියෙන්නේ...

    BalasPadam
  5. වසර 1993 දී මම හිපොක්‍රටීස් ගේ දිවුරුම දුන්නෙමි. ඒ අනුව රෝගියෙකු ලෙස එන පරම හතුරෙකුට වූවද ප්‍රතිකාර නොදී මට ප්‍රතික්ශේප කල නොහැක​. එම නිසා එම එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට එකඟතාව මම පළ කලෙමි.

    BalasPadam
  6. හිපොක්‍රටිස් දිව්රුම දැන්නම් බල්ලට ගිහින් නේ ද ?

    BalasPadam
  7. කොටින්ට බෙහෙත් දීපු ....ජාති දෝහීයෙක් ... වරෙල්ලා නෙලන්ට

    BalasPadam
    Balasan
    1. ජාති ද්‍රෝහියෙක්

      Padam
  8. අපි මනුස්ස කමින් එල්ටිටිඊ කාඩර්ලාට සැලකුවාට උන් අපේ අයට එහෙම සැලකුවේ නම් නෑ. කිරි දරුවෝ ගැබිනි අම්මලා පෙතිපෙති ගහලා මරපු උන්ගේ කොහෙද මනුස්සකම්? ඔබේ මෙහෙවර අගයකලයුතු අතර උන්ගේ අමානුෂික කි‍්‍රයාවන්ද පිලිකුලෙන් යුතුව යළිත් මතක් කරදිය යුතු කාලය ඇවිල්ලායි හිතනවා. (මොකද අපේ රටේ සිංහල උන්ට මතක තියෙන්නේ සති දෙකයි කියලා ප‍්‍රභාකරනුත් කිව්වා )

    BalasPadam
    Balasan
    1. (අසංග උන් තිරිසන් විදියට හැසිරුනාට අපිත් තිරිසන් විය යුතුද ?

      Padam
  9. අපේ විචාරක මහත්තයා එහෙම ජිවිතේ පරදුවට තියලා දෙමලු මැරුවේ රට නිදහස් කරගන්න. ඔබතුමා කලේ ඒ දෙමළුන්ට කිරිපොවන එක. විචාරක මහත්තයා හිටියා නං මොනවා හිතෙයිද මේ වගේ අය ගැන.

    BalasPadam
    Balasan
    1. විචාරක මහත්තයා එහෙම ජිවිතේ පරදුවට තියලා දෙමලු මැරුවේ නෑ එයා මැරුවේ 88/89 කලේ jvp "සැකකාරයින්ව" පමණයි ෆ්රෝන්ට් ලයින් එකේ නෙමෙයි මේවා එයාම කියා ලියා පළකරපු ඒවා

      Padam
    2. මිනිසුන් ගැන හිතළු කියන්නේ මන්ද ?

      Padam
  10. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ වින්නඹුකමින් බිහිවී ඉංග්‍රිසීන් විසින් බෞතීස්ම කෙරුණු එකක්.
    එහි අරමුණ සිංහලයන්ට මෙරට හිමිවියයුතු තැන අහිමි කිරීමයි.
    ලන්දේසීන් මෙරටට සහ දකුණු අප්‍රිකාවට වෙල්ලාල කුලයේ දෙමළුන් ආනයනය කලා. ඔවුන් ලංකාවේ උතුරු ප්‍රදේශයේ ආධිපත්‍යයට පත්වූ පසු එම ප්‍රදේශයේ සිටි සිංහල සහ වැදි ජනතාව අඩු කුලයේ දෙමළුන් බවට පත්වී වෙල්ලාලයන්ගේ දාසයන් බවට පත්වුනා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තවත් බලවත් වූ වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවේ වර්ණභේධවාදී පාලනයට අනුරූප 50ට 50 හේ පාලනයක් ඉල්ලීමට තරම් අහංකාර වුනා. එසේම නාකි සිංහල බෞද්ධයන් සහ සිංහල ක්‍රිස්තියානින් නිවට නියාලු ලෙස "දෙමල මිනිස්සු හරීරීම හොඳායි" කියා කීමට පෙළඹුනේත් බ්‍රිතාන්‍ය පාලනය තුල වෙල්ලාලයන් වීම නිසායි. එහෙම හොඳයි කියන්නේ තේ දළු කඩන දෙමළුන්ටවත් මුට්ට කරගහන දෙමළුන්ටවත් නොවෙයි වෙල්ලාලයන්ටයි.
    ඔබ ප්‍රතිකාරකල එල් ටී ටී ඊ සාමාජිකයා අඩු කුලයේ දෙමලෙක් බවට පත්කල සිංහල මූලයක් සහිත අයෙක් විය හැකියි. එමනිසා ඔහුට ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ.
    මෙහි එකම වරද මේ වගේ සිදුවීම් සිංහලයන්ට වාසිවනලෙස මාකට් නොකිරීමයි. හරිනම් කල යුත්නේ එම එල්ටීටීඊ සාමාජිකයාට ප්‍රතිකාර කිරීම ඡායාරූප ගතකර, එය ලොව පුරා ප්‍රසිද්ධ කිරීමයි.

    BalasPadam
  11. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)
    කොටි එක ගමකට ගැහුවම ආමි එකෙන් දෙමලු ඉන්න පළාතක් යන්ඩ ආටි ගැහුවා, නේවි එකෙන් ගම්වලට ගිහිං දෙමළු කපල මැරුව.
    jagath pathirana
    පට්ට ජාතිවාදියෙක් වගේ.

    BalasPadam
    Balasan
    1. නේවි එකෙන් ගම්වලට ගිහිං දෙමළු කපල මැරුව. ඈ!!!!කල්‍යාන ම්ත්‍ර ත් එහෙම කලාද අපොයි මුන්ට සම්මාන දෙන්නම ඕනේනේ

      Padam
    2. මිනිසුන් ගැන හිතළු කියන්නේ මන්ද ?

      Padam
  12. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook