Selasa, 22 November 2016

කේජීබී




යූක්‍රයීනයේ විනිට්සා නගර මධ්‍යයේ කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට නුදුරින් කුඩා චතුරශ්‍රයක් තිබේ. මෙම චතුරශ්‍රය අලංකාරය​. සමහරක් විට රාත්‍රී කාලයට මෙම චතුරශ්‍රයේ අභිරූපිකාවන් සක්මන් කරනවා දැකගත හැකිය​.  ඉතා තද නීති මගින් මර්ධනය කොට තිබුනද ඇතැම් විට සමරිසියන් සහකරුවන් සොයා ඇදෙන්නේ මෙම කළාපයටයි. මෙම ප්‍රදේශය අන්වර්ථව හඳුන්වනු ලැබුවේ පැරීෂ් කියාය​. 

දිවා කාලයේදී මෙම පැරීෂ්  කළාපය කඩිසරය​. බොහෝ ජනයා මෙම කලාපය හරහා යන්නේ තම තමන් ගේ වැඩ කටයුතු සඳහාය​. මේ අවට ගොඩනැගිලි පැරණිය​. දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදා නිලධාරීන් ලැගුම් ගත් ගොඩනැගිලිද දක්නට තිබේ. මේ චතුරශ්‍රයේ තිබෙන එක් පැරණි ගොඩනැගිල්ලක් හඳුන්වන්නේ ෂ්ටබ් කියාය​. වරක් ටැක්සිකරුවෙක් මේ  ෂ්ටබ් ගොඩනැගිල්ල මට පෙන්වා එය කොමිතියත් ගසුදාර්ස්වින්නී බෙසපාස්නස්ත් හෙවත් කේජීබී කාර්‍යාලයක් බව කීවේය​.  

මේ සිදුවීමෙන් වසරකට පමණ පසු මම අපගේ වෛද්‍ය පීඨයේ සෝවියට් සිසුවෙකු වූ ඊගර් සමග කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට ගියේ චිත්‍රපටයක් බැලීමටය​. චිත්‍රපටය නරඹා අප  පැරීෂ්  කළාපය ආසන්නයේ තිබෙන බස් නැවතුම් පළට ගියෙමු. තමන්ට මිතුරෙකු හමු වීමට තිබෙනවා කියා මට මොහොතක් රැඳී සිටින ලෙස පවසා ඊගර් ෂ්ටබ් ගොඩනැගිල්ල වෙත ගියේය​. මම ඔහු එනතුරු බස් නැවතුම් පලේ සිටියෙමි. විනාඩි විස්සකට පසු ඊගර් ආවේය​. 

"මිතුරා හමු උනාද ? මම ඔහුගෙන් ඇසුවෙමි.

"ඔව් යාලුවාට  පණිවිඩයක් දෙන්න ගියේ. එයා අපේ පලාතේ කෙනෙක් හෙට ගමේ යනවා . මම කිව්වා අපේ ගෙදරට කියන්න කියලා මට සල්ලි ටිකක් තැපෑලෙන් එවන්න කියලා" ඊගර් සන්සුන්ව කීවේය​. 

"යාලුවා කේජීබී ද ? මම ඊගර් ගේ දෙනෙත් දෙස බලමින් ඇසුවෙමි.

ඔහු කලබල විය "මොන කේජීබී ද ? ඒක ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශාකාවක්"

"ඊගර් උඹ මට බොරු කියන්න එපා උඹ් ගියේ ෂ්ටබ් එකට . උඹත් කේජීබී නේද ? මම එක එල්ලයේ ඔහුගෙන් ඇසුවෙමි.

ඊගර් ගොත ගැසුවේය​. 

"උඹ මේ ගැන වෛද්‍ය පීඨයේ කට හොල්ලනවා නෙවෙයි" ඔහු තදින් කීවේය​. 

"උඹ අපි ගැනත් රපෝර්තු කරාද ?

"උඹ ගැන මොනාද කියන්න තියෙන්නේ. මගේ රාජකාරිය සෝවියට් ශිෂ්‍යයන් ගැන වාර්තා කරන එක​"

එතකොට විදේශ ශිෂ්‍යයන් ගැන වාර්තා කරන්නේ කවුද ?

"ඒක මම දන්නේ නෑ"

ඊගර් ඇත්ත කියපන් උඹ අපි ගැනත් වාර්තා කරනවා නේද ? 

"ඉවාන් මේ බලපන් (  රුවන් යන නම රුසියන් භාෂාවට පරිවර්තනය වූයේ ඉවාන් කියා බැවින්  ඔහු මට කතා කලේ ඉවාන් කියාය​) උඹලා ගැන කියන්න ඒ ඒ රට වල නියෝජිතයෝ ඉන්නවා. ලන්කාවේ කටයුතු වාර්තා කරන්නේ උඹලා අතර ඉන්න සිසුවෙක්. එයාගේ නම මට කියන්න බැහැ"

"මම ගැන මොනාද වාර්තා වෙලා තියෙන්නේ මට ඇත්ත කියපන්" 
මම ඔහුගෙන් ඇසුවෙමි.

"උඹ ගැනද ? ඔහු මොහොතක් කල්පනා කලේය​. "උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියා වාර්තා කරලා තියනවා" 

"ඉතින් මම බීබීසී අහන්නේ අපේ රටේ පුවත් අහන්නනේ"

"ඒ උනත් බීබීසී , ගෝලස් ඇමරිකා (VOA) රේඩියෝ සබෝදා මේවා ප්‍රති සෝවියට් ප්‍රචාරක මාධ්‍ය​."

"ඒකට මට කරන්න දෙයක් නෑ , අපේ  රටේ යුද්දයක් තියනවා ඒ නිසා මම ලංකාව ගැන පුවත් අහන්නේ බීබීසී හරහා"

"ඒවා මම දන්නේ නෑ උඹ ගැන තියන වාර්තාවේ තිබ්බේ උඹ බීබීසී සේවයට සවන් දෙනවා කියලා නේවාසිකාගාරේ රේඩියෝවක් තියාගෙන" 

"ඕන දෙයක් උඹල වාර්තා කරපන් මම රේඩියෝව දිගටම අහනවා " මම තරහෙන් කීවෙමි .

ඉවාන් මේ බලපන් ඕක මට අදාල නෑ. උඹලගෙ සිම්ලයක් (ලංකාවේ සිසුවෙක්) තමයි ඕක වාර්තා කරලා තියෙන්නේ. ඒ නිසා කරන දෙයක් කරපන් උඹලගේ කලෙක්තීවා (ශ්‍රී ලාංකික සමූහයා) එකට ආරංචි නොවන විදිහ​ට.

මෙම සංවාදයෙන් පසු ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් ෂ්ටබ් එකට වාර්තා කල සිසුවා කවරෙක්ද කියා මම සොයා බැලුවෙමි. එසේම මේ ගැන මාගේ විශ්වාසවන්ත ශ්‍රී ලාංකික මිතුරෙකුටද කීවෙමි. ශක්තිමත් සාක්‍ෂි නොමැති වූවද අපි එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු සැක කලෙමු. ඔහුට අධිකාරත්වය සමග සබඳතා තිබුනේය​. වරක් ඔහු මගේ කාමරයට එන විට මම බීබීසී සේවයට සවන් දෙමින් සිටි බවද මට මතක් විය​. අනෙක් සිසුන් ඔහුව හඳුන්වන ලද අන්වර්ථ නාමය වූයේ බප්පා කියාය​. කෙසේ නමුත් බාප්පා ශ්‍රී ලාංකික සිසුන් බොහෝ දෙනෙකුගේ තොරතුරු ඉහලට දී තිබුනේය​. 

 රටක් පාලනයේදී ඔත්තු සේවාවන් වැදගත් වෙයි. එසේම ජනයා අතර භීතිකා සයිකෝසියාවක් පැතිරවීම සඳහාද මෙම ඔත්තු සේවා යොදා ගත හැකිය​. ඔත්තු සේවා පවත්වාගෙන යාමේදී අන්‍යන් ගැත තොරතුරු දීමට සමහරක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙති. ඇතැම් අවස්ථා වලදී එකම පවුලේ සාමාජිකයන් අන්‍ය සාමාජිකයන් ගැන තොරතුරු  ඔත්තු සේවාවන් වෙත ලබා දුන් අවස්ථා වාර්තා වී තිබේ. එම නිසා මම බාප්පාගේ ක්‍රියාව ගැන මවිත නොවෙමි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

42 ulasan:

  1. මං හිතන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන් අතරත් ඉන්නවා එන්අයිබී එක වැනි ඒජන්සිවල නියෝජිතයින්. අපේ කාලේත් එහෙම අය සිටි බවට විවිධ කතා තිබුණා!

    BalasPadam
    Balasan
    1. ඒ කතාව මමත් අහලා තියනවා

      Padam
    2. ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතරත් මාධ්‍ය වේදීන්, මාධ්‍ය සංවිධාන අතරත් මේ වගේ මුදලට ඔත්තු සපයන අය ඉන්න බව අපි දන්නවා

      Padam
    3. අපේ විශ්ව ව්ද්‍යාලවල ඉන්නේ අන්තරේ පිස්සු හුටංලාට විරුද්ධව මතවාද පතුරන නිදහස් මතධදරීන් ගැන ඔත්තුදෙන කාල කන්නි.

      Padam
    4. අන්තරේ පිස්සු හුටංලාට විරුද්ධව ////// mmmmmmmmmmmm

      Padam
  2. රෝහණ විජේවීර ගැනත් එහම කතාවක් අහලා තියනවා ..අකමැති නැතිනම් ඒ ගැන කෙමෙන්ටුවෙන් උත්තරයක් දෙන්න දන්න දේ ...ඔහු ඔත්තු කාරයෙක්ද ? ඔත්තු සේවයේ සැකයට ලක්වුන කෙනෙක්ද ?

    BalasPadam
    Balasan
    1. රෝහණ විජේවීර KGB එක වෙනුවෙන් ඔත්තු බැලුවා කියා මම හිතන්නේ නෑ. ඔත්තුකරුවෙකුට තිබිය යුතු පර්සනෑලිටි එක ඔහුට තිබ්බේ නෑ. පැරනොයිඩ සවභාවය , ශාරීරික වද හමුවේ බියපත්ව කතා කිරීම වැනි තත්ව නිසා ඔහු නුසුදුසු චරිතයක්

      Padam
    2. විජේවීර පසුපස කේජිබි එක ගිය කියල අහල තියනවා.

      Padam
  3. එහෙම සිද්දි වලට මුහුණ දෙන එකේ පොඩි ගතියකුත් තියෙනවා නේද.. හෙහ් හෙහ් ඉංගිරිසි ෆිල්ම් එකක සුළු චරිතයක් ලැබුන වගේ.. :D

    BalasPadam
  4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  5. ඔබ ලබා තිබෙන අත්දැකීම බොහොම වටිනවා. සමහරවිට හමුදා සාමාජිකයකුට පමණක් ලැබෙන අත්දැකීමක්.

    KGB විතරක් නෙවෙයි, ලෝකය පුරාම විවිධ ඔත්තු සේවා ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වෙනවා. අපේ ජාතික ඔත්තු සේවය අති දක්‍ෂ ලෙස රටපුරා යොදවා තිබෙනවා.

    KGB ගැන වටිනා රහස් තොරතුරු සහිත පොතක් මේ මෑතකදී මා බාගත කරගත්තා.

    මේ තියෙන්නේ පොතේ පිට කවරය

    මේ ගැන ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා.

    BalasPadam
  6. KBG බාප්ප ස්ටිපෙන්ඩියා එකෙන් විතරද ජීවත්වුනේ? ගිටාර් ගැහිලි /පුංචි පුංචි බිස්නස් වැඩ හේම කලේ නැද්ද? බාප්පල/ පුංචම්මල වුනේ ලංකාවේ කො. පාටියෙන් යැවූ අය නේද?

    BalasPadam
    Balasan
    1. බාප්පලත් හැමදේම කලා

      Padam
  7. රුවන් fiction කියවනවද? Len Deighton පොත් කියවල තියනවද? ත්‍රිලර් විදිහටනම් කම්මැලියි, ස්පයි විදිහටනම් හුඟක් හොඳයි.

    BalasPadam
    Balasan
    1. fiction කියවීම දැන් අඩුයි

      Padam
  8. අප්ප්ට හුඩු... රුවන්ලා අජිත්ලාත් කේ ජී බීද දන්නෙ නෑ....

    ඒ වගේද ඇෆ් සී අයි ඩී...

    BalasPadam
    Balasan
    1. ඇෆ් සී අයි ඩී...තමයි ඉදිරියට එන්නේ

      Padam
  9. දැන් මෙහෙම ඔත්තුකාරයෝ කාමර ගානෙ එවන්න ඕන නෑ.

    ජංගම දුරකතන, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික් ගෙවීම ආදිය භාවිතා කරන සියලු දෙනාගෙ සියලු විස්තර ආරක්ෂිතව ගබඩා කර ඇති.

    කැනඩාවත්, ඇමරිකා එක්සත් ජනපදය සමඟ මේ බුද්ධි තොරතුරු හුවමාරු කරගන්න බැඳී සිටිනවා.

    https://en.wikipedia.org/wiki/Five_Eyes

    ඒ හැර සැක සහිත පුද්ගලයන් වෙත ඔවුන් Agent provocateur වර්ගයේ ඔත්තුකරුවන් එවනවා ඔබේ සෑබෑ ආකල්ප හා හැකියාවන් පරීක්ශා කරන්න.

    BalasPadam
    Balasan
    1. Yes FB එකේ ඔක්කොම තොරතුරු තියනවා

      Padam
  10. මට නම් ඕනතරම් හම්බවෙලා තියෙනවා එකට ඉඳන් කපලා දාන ලාංකික ජඩයො, ඒත් මේ වගේ ජුදාස් කෙනෙක් ඇහුවමයි. අපි වගේ කොල්ලො සෙට් එකක් හිටියා නම් ඔය බාප්පා කියන එකා ලංකාවට ආපු වෙලාවක ප්ලෑන් කරලා දෙනවා ඇටකටු කුඩු වෙන්න. ආයෙ කේජීබී එකට නෙවෙයි, රුසියාව පැත්තෙ පස් පාගන්න බැරිවෙන්න.

    BalasPadam
    Balasan
    1. බාප්පත් ජීවත් වෙන්න එපැයි

      Padam
  11. බුදු අම්මෝ ......බ්ලොග් ලියන අපි අස්සෙත් ඉන්නවාද දන්නේ නෑ ඔත්තුකාරයෝ.....
    මමත් යූක්‍රයීනයේ ඔඩෙස්සා හා Ilichevsk වලට කිහිප සැරයක් ගිහිල්ලා තියෙනවා.

    BalasPadam
    Balasan
    1. එහෙනම් බඩුම තමයි

      Padam
    2. ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යාලුවෝ ....හැබැයි උන් එකට බදාගන ඉදලා මනස් විකාර නිසා යාළුවන්ට පිටට පිහියෙං අනින හම්පඩයෝ

      Padam
    3. @ අටම්
      /* ඉන්නවා . වෙලවකට ඔත්තු කාරයෝ . වෙලාවකට යාලුවෝ ....හැබැයි උන් එකට බදාගන ඉදලා මනස් විකාර නිසා යාළුවන්ට පිටට පිහියෙං අනින හම්පඩයෝ */

      මාත් අහලා තියෙනවා මේ ගැන.

      ටෙලිෆෝන් කෝල්ස් හෙමත් දෙනවාලු නේද? පිටරටක ඉන්න නිසා ද මන්දා මට නම් කවදාකවත් ටෙලිෆෝන් කෝලස් ඇවිල්ලා නෑ!

      මං දන්නේ මනස් විකාර පතුරවා පිටට පිහියෙං අැන්නා ම දැනෙන වේදනාව විතරයි!


      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
  12. මේ බාප්පලාට ගෙවීම් කරන්නත් ඇති නේද.........

    BalasPadam
  13. මෙම අන්තර්ජාලයේ අධිපති ධුරාන්දර තැන්පත් වෛද්‍යචර්ය ශ්‍රීමත් ගරුතර රුවන් එම් ජයතුංග මැතිතුමා අපගේ කොමෙන්ටු මකා දමන බැවින් අප මෙම අන්තර්ජාලය හා අමනාපව එය වර්ජනය කිරීමට තීරණය කොට අති බව දැක්වීමට කැමැත්තෙමු.

    ස්තුතියි.

    වියට්නාමයේ වෙසෙනා රුවන් එම් ජයතුංග අන්තර්ජාල පාඨකයෙක්.

    BalasPadam
    Balasan
    1. ඉතින් පුතේ උඹලා එක එකාට මඩ ගගහා කමෙන්ට් දාන නිසානෙ මකන්නේ. මාතෘකාවට අදාල කමෙන්ට් දාන්න කවදාවත් මකන්නේ නෑ

      Padam
  14. මචං අපේ පැත්තෙත් හිටිය ගමකට ඔත්තු දෙන අය. ඉතින් දැන් අහවල් රස්සාවේ දැන් ඉන්න අහවලා එහමනේ. ඒ රස්සවේම කලින් හිටිය පොරත් එහමනේ. මම 87 මහා ශිෂ්‍ය සංගමේ ලේකම් වෙලා හිටිය උඹට මතකද දන්නේ නැහැ. කොපට සමබන්ධයක් නැති නිසා මම හිටිය පන්තියේ රුසියානු ටීචර් හැටියට දැම්මේ කේජිබි කාරයෙක්. විකාර තමයි. මම බ්ලැක් සී ගියා විසා ගන්නේ නැතුව කෙල්ලත් එක්ක. අපහු පන්ති ඇවිත් කොරිඩෝ එකේ යනකොට කෙජිබි කාරයා (Vice Chancellor for Foreign Relations) එනවා ඉස්සරහට. පොර මගෙන් අහනවා" ආ කළු මුහුද හොඳද " කියලා. ඊළඟ සැරේ යනකොට මට කියල පලයන්. ෆ්ලයිට් එකට යන සල්ලි ඉතුරු වෙනවා කියල. (ඇයිඅපි පගාව දීලනේ යන්නේ වීසා නැති වුනහම) . මම ගියා කියල දන්නේ ලංකාවේ එවුන් දෙන්නයි. අපේම එවුන්.

    BalasPadam
    Balasan
    1. මං පොඩි කාලේ, හයේ පන්තියේ දී පමණ ගමේ මළ ගෙදරක ගියා. ඒ තරුණයා (Garusinghe?) රුසියාවේ ඉගෙනුම ලබමින් සිටියදී කළු මුහුදේ ගිහින් ගිලිලා මලා කියලයි කියවුනේ!

      Padam
    2. අජිත් ඕවා ඒ කාලේ තිබ්බා, පස්සේ පස්සේ කේජීබී කාරයොත් ්ඩාලර් හොයාගෙන ආවා.

      රසික ඔය මරණය මම හිතන්නේ නෑ මිනීමැරුමක් කියලා. නාන්න ගිහින් දියේ ගිලුනු කීප දෙනෙක් මම දන්න අය හිටියා.

      Padam
  15. ඔය පාරවල් වල ඉන්න, පොඩි පොඩි අයිටම් විකුණන පොරවල් දිහා මම හැමදාම සැකෙන් බලන්නේ.. මගේ තර්කය ඔය පොඩි කෑලි ටිකක විකුණලා උන්ට ජීවත් වෙන්න පුළුවන් ද කියන එක ? එහෙමනම් ඒක නිකන් පලිහක් විතරක් වෙන්න පුළුවන්...

    BalasPadam
  16. රැග් කාලෙට කැම්පස් වටේ ඉඳල,සයිට් වල වැඩ කරන්න ඇවිල්ල එහෙම හම්බවෙලා නොම්බර දීල තියනවා මොකක් හරි උනොත් 'කෝල් එකක් ගහපන්' කියලා.උං පණ පිහිටුවලා පච ගහන්න පුළුවන් රජ බොරු කාරයෝ.
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook