මානසික රෝගීන්ට අපහාස කිරීම පහත් ක්‍රියාවකි. මේ ලක්බිම පුවත්පතේ පළවූ පුවතකි. මානසික රෝගීහුද මනුෂ්‍යයෝය.
ලක්බිම පුවත්පතේ කතුවරයාගේ අවධානයට
බොරු මාධ්‍යවේදියා පිස්සෙක්ද? වාර්තා එන තෙක් යළි රිමාන්ඩ්
පණ්ඩිත්අමරදේව ශූරීන්ගේ අවසන් කටයුතු පැවති නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය තුළ මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති සහ අගමැති අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රිමාන්ඩ්කර තිබේ.
අද(15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව සැකකරු පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළ අතර සැකකරු ලබන 17වන දින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය. (ලක්බිම පුවත්පත)

එහෙනම් ඉතින් රටම පිස්සන් කොටුව ඇතුලට දාන්න වෙනවා.. කොහොමත් අධි ආරක්ෂාවක් එක්ක යන උන් ඉන්න පැත්ත පලාතකට යන උනුත් පිස්සොම තමයි..
BalasPadamYes
PadamPC terms change with time.
BalasPadamagree
Padamඅපේ රටේ සෑහෙන පිරිසකට කුමක් හෝ මානසික රෝගී තත්වයක් පවතිනවා කියලා මම මෑතකදී පුවත්පතක කියෙව්වා. අපට මේ වගේ දේවල් දකින්න වෙන්නේ මානසික රෝගීන් විසින් මානසික රෝගියෙකුට අපහාස කිරීම කියලා.
BalasPadamඅපහාස කිරීම නුසුදුසුයි
Padamපත්තරවල කතුවැකි බලපුවම මානසික රෝග ගැන හොද අවබෝධයක් ලැබෙනව. ඉස්සර දිවයින කකුවැකිය මාරයි දැන්නම් පත්තර විශේෂයෙන් දිවයින කියවන්නෙම නෑ. ඌ කතුවැනිය ලියන්නෙ කුඩුගහලද කියන්න බෑ. අායුධ පෙන්වන්න යන ඒව , ගහන කපන කොටන ඒව උත්කර්ෂයට නංවල ලියන්නෙ මාලුමාකට් එකක ඉදන් ලියනවද මංද. ඒ ගැන සංවාදයක් ගියා.
BalasPadamපත්තරවල ලියන අප්පුලගෙ ලියවිලි බලපුවමත් එක එක දේවල් හිතෙනව. උං කියන්නෙ බීපුවමලු හොදට ලියන්න පුලුවන්.
කලානරුවන් හා ලේඛකයන්ට තම කාර්ය සාර්ථක කර ගැනීමට කිසියම් නුහුගුන ගතියක් තිබිය යුතුයි කියන එක සමාජයෙ ප්‍රචලිත දෙයක්. මානසික රෝග වලින්යි පෙලෙන ලේඛකයන්ගෙ ලැයිස්තුව දැකල පුදුම වුනා.
ඒ ලිංක් එක මේ බ්ලොග් එකෙත් පලනරල තිබුනද මංද.
තව කෙනෙකුට මානසික රෝගයක් තියනව කියල කියන්න පුලුවන් මනෝ වෛද්‍යවරයෙකුට පමනයි. ඔය ලියන අප්පුටත් මොන අසනීප තියනවද කවුද දන්නෙ
ඔවුන් මාධ්‍යවේදීන් ද ?
Padamඉතිං ඔයි පිස්සාට පිස්සා කියන්නේ නැතුව දොස්තරයා කියන්නද?
BalasPadamනමුත් අපහාසයෙන් තොරව මානසික රෝගියෙක් කියන්න තිබ්බා නේද ?
Padamමොකක්ද මෙහි ඇති අපහාසය? මානසික රෝගියෙකුට පිස්සෙකු යැයි ලියූ එක ද? නැතිනම් පිස්සෙකුට මාධ්‍යවේදියෙකු යැයි කියූ එක ද?
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamදෙකම
Padamපිස්සෙකුට මාධ්‍යවේදියෙෙක් කීමයි අපහාසය
BalasPadamවිශේෂ අවශ්‍යතා ඇති අය, විවිධ හැකියා ඇති අය යනුවෙන්, වඩාත් සාධාරණ සහ ශිෂ්ට සම්පන්න ලෙස හඳුන්වන පුද්ගලයන්ට, අපහාසාත්මකව කතාකිරීම අපේ සමාජයේ තවමත් තිබෙනවා.
BalasPadamතමුසේට මොංගල්ද? කියා කතා කරන අමනයන් දන්නේ නැහැ, මොංගොලියානු ජාතියට අපහාසයක් සිදුවන බව.
'මැණික් ගලේ පය හැපුනත් කනෙක් ඇහිඳලා ගනීද' යන පදය ඇතුලත් ගීතය, ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම නැවැත්තුවේ, විශේෂ අවශ්‍යතා ඇති අයගේ ආත්ම ගෞරවය ගැන කරුණු පැහැදිලි කරදීමෙන් පසුවයි.
++++++++++
Padam