ගර්භණීව සති දහසයේදී පමණ අපරිණත කළළය සමග වැදෑමහ ප්‍රසූත කල කාන්තාවගේ රුධිර වහනය නැවැත්වීම සඳහා මම සින්ටෝ ඒකක විස්සක් සේලයින් ද්‍රාවණයක මුසු කොට දුන්නෙමි. ඒ සමගම ඇයගේ රුධිර වහනය අඩුවී ගියේය. ගර්භාශය සංකෝචනයත් සමග ඉතිරිව තිබූ කළළ සහ වැදෑමහ පටකයන් ද ඉවත් විය.
මම ඇයට ප්‍රතිජීවකද ලබා දුන්නෙමි. එහෙත් මේ අනපේක්ෂිත ගබ්සා වීම නිසා ඇය තැවෙන්නීය. සති දහසයක් වූ ඇයගේ භ්රෑණය ගර්භාශයෙන් පිටත ජීවත් නොවේ. මම එය ඇයට පහදා දුන්නෙමි. දියුණු රට වල සති 23 දී ප්‍රසූත කල කළළයන් බේරාගෙන තිබේ. එහෙත් සති දහසයක කලලයක් බේරාගත් අවස්ථාවක් මම අසා නැත.
කාන්තාවගේ ගර්භාශයෙන් පිට කල කළළය සහ වැදෑමහ කිඩ්නි ට්‍රේ එකක තිබේ. සිස්ටර් හෙට්ටිආරච්චි එය උපස්ථායිකාවකට ගෙන ගොස් පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට දමන ලෙස කීවාය. මම උපස්ථායිකාවට මොහොතක් නතර වන ලෙස පවසා කළළය අළුත් කිඩ්නි ට්‍රේ එකකට ගත්තෙමි.
මා අත සති දහසයක් වයසැති මිනිස් කළළයකි. කළළයේ ලිංගිකත්වය නිර්නය කල හැකිය. හේ පුරුෂයෙකි. එයට තවමත් පණ තිබේ. එහෙත් මේ මිනිස් කළළය ජීවත් කරවීමට තවමත් අප සතු උපකරණ නොමැත.
මම කළළය සහිත කිඩ්නි ට්‍රේ එක සේලයින් දියරයෙන් සෝදා දැමුවෙමි. මිනිස් කළළය හෙවත් පොඩි මිනිසා මුඛය අරියි. මම ග්ලූකෝස් බිංදු කීපයක් පොඩි මිනිසා ගේ මුඛයට දැමුවෙමි. හෙතෙම ඇම්නියොටික ද්‍රව ගිලින්නාක් මෙන් එය ගිල්ලේය. කළළයේ චුෂණ ප්රතීකයන් දැකිය හැකිය. කළළයේ ඇස් හාවී තිබේ. එහෙත් එය ආලෝකයට ප්‍රතිචාර දක්වන්නක් මෙන් හිස මඳක් එහා මෙහා කලේය. එසේම අතපය සෙමෙන් සෙලවූයේය.
මොහු කුඩා මිනිසෙකි. අලිගැටපේර ගෙඩියක් තරම් වූ ඔහු සංවේදනයෙන් යුක්තය. වේදනාව දැනේ. ඔහුගේ හෘධය ස්පන්ධනය වේ . එහෙත් වැදෑමහ සහ පෙකනි වැළ නොමැතිව ඔහුට ආහාර සහ ඔක්සිජන් නොලැබේ. කළළයේ පෙණහළු මෝරා නැත. එම නිසා එයට හුස්ම ගත නොහැකිය. මිනිසෙකු වතුර ඇතුල සිටින විට හුස්ම ගැනීමට බලවත් පරිශ්රමයේ යෙදෙන්නාක් මෙන් කළළය වායුගෝලීය ඔක්සිජන් පෙණහළු වලට ලබා ගැනීමේ නොහැකියාව නිසාදෝ ශරීරය සෙලවූයේය.
සති 16ක් වයසැති කළළයට මවගේ කටහඞ ශ්‍රවණය කල හැකි බව පරියේශකයෝ කියති. මේ කළළයට මගේ කටහඞ ඇසේද ? මම සෙමෙන් ඔහුට කතා කලෙමි.
මෙම කුඩා මිනිසාව මම ග්ලූකෝස් ද්‍රාවණයක බහා මගේ මේසය අසලින් තබා ගෙන වරින් වර ඔහුව නිරීක්ෂණය කරමින් ඩිස්චාර්ජ් කාඩ් ලිව්වෙමි. සිස්ටර් හෙට්ටිආරච්චි කුතුහලයෙන් යුතුව මගේ මේසය දෙස වරක් දෙකක් බැළුවාය. එහෙත් ඇය කිසිවක් කීවේ නැත.
තව පැයක් පමණ යන විට කුඩා මිනිසා ගේ චලනය අඩුවී ගොස් හෙතෙම නිසල විය. මට ඔහුගේ හෘධ ස්පන්ධනය දැනෙන්නේද නැත. ඔහු මේ ලෝකය හැර ගොසිනි.
රෝගියෙකුගේ මරණයකදී දැනෙන හැඟීම මේ කුඩා මිනිසාගේ මරණයේදී මට දැනුනේය. සියළු ජීවිත මරණයෙන් අවසන් වේ.
මම කළළ මෘත ශරීරය අඩංගු කිඩ්නි ට්‍රේ එක රැගෙන ගොස් එය පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට හැලුවෙමි.
( මෙය 1994 වසරේදී මාතලේ රෝහලේ නාරිවේදය - Gynecology වාට්ටුවේ සිදුවූ සත්‍ය සිදුවීමකි )
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඇඟ හිරිවැටිලා ගියා....
BalasPadamsorry
Padamවිශාල සංවේගයක් ඇතිකළ ලියවිල්ලකි........ඇසට නොපෙනෙන ජීවින් කෙරෙහිද කරුණාව, දයාව වැඩි වැඩියෙන් දැක්විය යුතු බව සිතුනි.....
BalasPadam.ඇසට නොපෙනෙන ජීවින් කෙරෙහිද කරුණාව දක්වන්න කියා කරනීය සූත්‍රයේ තිබේ
Padamso sad
BalasPadamyes
Padamඅනේ පව්!
BalasPadamyes
Padamමොනවා කියන්නද
BalasPadamසියළු ජීවිත මරණයෙන් අවසන් වේ.
Padamවෛද්‍ය වෘත්තිය ජීවිතයේ යථාව බෝධයට හොඳ මගක් කියලා ඔබේ මේ අත්දැකීම් කියැවීමෙන් හිතෙනවා. මේ අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනීමෙන් ඔබ කරන්නේ මහඟු සේවයක්.
BalasPadamඇතැම් වෛද්‍ය වරුන් අසංවේදී මිනිසුන් සේ හැසිරෙන්නේ ඇයිදැයි කුතුහලයක් ඇති වෙනවා.
ඇතැම් වෛද්‍ය වරුන් අසංවේදී මිනිසුන් සේ හැසිරෙන්නේ
Padam1) වෛද්‍ය පීඨ වලදී ඔවුන්ව ඉතා තදින් පීඩනයට පත් කිරීම
2) ආර්ථික සමාජ ගැටලු ( එරියස්) රෝගීන් තුලින් යැවීම
3) අනන්‍යතා අර්බුධ
Ulasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamජීවිතයේ ස්වභාවය කෙබඳුද යන්න අවබෝධ කරගැනීමට ඉතා අගනා උදාහරණයක්.
BalasPadamThanks
Padamඉහල ගත් හුස්ම පහල නොහෙලා අවසානය දක්වා කියවීමි.
BalasPadamකුඩා මිනිසා මියගිය පසු මසිත පිරී ඉතිරීගිය සහසක් දුක් සංවේදනාවන් වාතලයට මුසුවනසේ දිගු සුසුමක් හෙලීමි.
ඒ සමඟම මමද සති දහසයක් වයසැති කුඩා මිනිසකුව මවගේ ගර්භාෂෙහි උණුසුමට තුරුලුව කල්යැවූ බව දෑස් තදින් පියාගත්වනම සිතුවෙමි.
That's very heart rendering writing Ruwan...Thanks...
+++++++++++
Padamබොහොම සංවේදී කතාවක්...
BalasPadam++++++
Padamඔබතුමාට ඒ එදා දැනුන හිතේ අමාරුව අද මේ පොස්ට් එක කියවන අපි හැමෝම විඳිනවා කියල මට හිතෙනව දොස්තර මහත්තය.. :(
BalasPadamඑය ඉතා සංවේදියි
Padamහ්ම්...
BalasPadamනියමයි රුවන් ඔන්න අපේ වුර්තිය ජිවිත වල තියෙන සත්‍ය කතා. මේ ඊයේ පෙරේදා මේ රටේදීත් ඔවැනි සංවේදී අවස්ථා කිහිපයකටම මුහුණ දුන්නා .වෙලාවක් ලැබුනොත් ලියන්න ඕනේ...
BalasPadamPl do
Padam😕😕Jiwath wela hitiyanm mage wayase 😕
BalasPadamathhata
PadamJust for a second, You reminded me the meaning of life,saw the blue sky and I know within seconds again,it will be clouded with every day illusions. Thanks for the therapy.
BalasPadamyou are most welcome
Padamමගේ හිතට ආව හැඟීම් සියල්ල, එකවර, වචනවලින් විස්තර කරන්න බෑ. අලුත් ජීවිතයක් දැක්කාම ඇතිවෙන විශ්මය, ඒ ජීවය රැකගැනීමට නොහැකිවීම නිසා කණගාටුව, මව ගැන ඇතිවුනු වේදනාව, කරගැනීමට දෙයක් නැතිවුනාම දැනෙන අසරණකම. දැකපු වේදනාත්මක පෝස්ට් එක කීවොත් හරි. :(
BalasPadam++++++++++
Padamබොහොම දුකක් දැනුනු පෝස්ට් එකක්.
BalasPadamඅපිටත් මෙහෙම දුක දැනුනා නම්, ඒ අම්මට කොයි තරම් දුක හිතෙන්න ඇතිද?
ඇත්ත
PadamQ1
BalasPadamකුඩා මිනිසා කියා ලිව්වේ ඇයි රුවන්?
Q2
භ්රෑණය කියන වචනයේ භ්රෑ අකුර සද්ද කරන්නෙ කොහොමද?
බෲස් ලී වල බෲ වගේද
ග්‍රෑම් වල ග්රෑ වගේද?
මොකද ඕකෙ යම් පටලැවිල්ලක් තියෙනවා
Bruce Lee
Padam1 little person - with an individuality
Padam2 Brunaya
හරිම සංවේදනීයයි.
BalasPadamමට මේ වගේ දේවල් දරන්න අමාරුයි.
අපෙ අම්මා පොඩි කාලේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න උත්සාහ කළා.
ඒත් පොඩි කාලෙ ඉඳන්ම මම අම්මගෙ හීනෙ මඟෑරියා.
මොකද මම ඔයවගේ අත්දැකීම් වලට පුදුම විදියට බය හින්ද
අපි දැන් පදම් වෙලා
Padamමෙහෙම අත්දැකීම් පාසල් අවධියේ ළමයින්ට බේධයකින් තොරව ලබා දෙනවා නම් ඉගෙන ගන්න ජීවිතේ හැටි තේරුන් ගනීවී කියලා හිතුනා..
BalasPadam100 % agree
Padamඔහු ජිවත් උනේ නම් අද වයස 22 ක තරුණයෙක්.
BalasPadamමම දන්නා එක්තරා ස්ථානයක් තියනවා බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ එනම් හරියටම විශාකා පාර පටන් ගන්න ස්ථානයේම ගබ්සා මධ්‍යස්ථානයක්. හරියටම කියනවානම් පරණ හවුස් ඔෆ් ෆැෂන් බිල්ඩින් එක ආසන්නයේම.
මම 2003 - 2004 කාලේ IDM එකට ගියා. ඔය දවස් වල ඔය ගබ්සා කරන මධ්‍යස්ථානය තිබ්බේ අපේ අධ්‍යාපනය ආයතනය ඉස්සරහමයි. උදේ ඉඳල හවස් වෙනකම් ඒ මධ්‍යස්ථානයේ සෙනග උතුරන්න ඉන්නවා. පැමිණෙන සියලු දෙනාම වැඩ අවුල් කරගත්තු උදවිය. එතන නේවාසික වාට්ටු පවා තියනවා. මේ වෛද්‍යවරයා තට්ටු පිට තට්ටු බිල්ඩින් ගහලා තියෙන්නේ. පදින්නේ තියන සුපිරිම ලොකු වාහන. මේකෙන් ඔහුට ලොකු අදායමක් උපදිනවා. කිසිම දිනක පොලිසියෙන් පනින්නේ ද නැත.
අපි එතන ලග කඩේට යනවා තේ බොන්න. ඔය ගිය වෙලාවක එක ජෝඩුවක් ඇවිත් හිටියා අම්ම කෙනෙකුත් එක්ක. ජෝඩුවට වයස 26 වගේ ඇති. අම්මට වයස 60 වගේ ඇති. ජෝඩුව තවම බැදලා නැතිලු. හදිසි ගැබ් ගැනීමක් සිද්ද වෙලා මාස 4 පමණ වෙනවලු. ඒ මාස 4 පමණ වයසැති ගබසවත් සිද්ද කරලා එතන. එක අහපුවම මට ඇතිවුයේ තදබල කම්පනයක්. අදටත් ඒ වයසක කාන්තාව කියපු දේ තවමත් දෝංකාර දෙනවා වගේ.
මේ දිනපතා දකින සිද්දි නිසා මට ඇතිවුයේ මහත්වූ කම්පනයකි.
Pav
Padamඑක පාර විසි නොකර අන්තිම හුස්මත් පිට වෙනකන් බලන් හිටිය එකම මනුස්සකමක්...
BalasPadamඑතන ජීවිතයක් තිබ්බා
Padamඔහුට කුණුගොඩක් නොව මනුස්සයෙක්ට ලෙස සැලකූ ඔබට පින්සිදුවේවා.
BalasPadamමේවාගේ වෙලාවක් නිරවුල්ව බලාසිටීමට මටනං බැරිය.
Salute
Padamමෙහෙම අත්දැකීම් පාසල් අවධියේ ළමයින්ට බේධයකින් තොරව ලබා දෙනවා නම් ඉගෙන ගන්න ජීවිතේ හැටි තේරුන් ගනීවී කියලා හිතුනා..
BalasPadamජීවිතාවබෝධය
Padamමෙහෙම අත්දැකීම් පාසල් අවධියේ ළමයින්ට බේධයකින් තොරව ලබා දෙනවා නම් ඉගෙන ගන්න ජීවිතේ හැටි තේරුන් ගනීවී කියලා හිතුනා..
BalasPadamජීවිතාවබෝධය
Padamගස්ලබ්බා ඔබගේ තැන හිටිය නම් කුඩා මිනිසාට නොබෝ වේලාවකින් නියමිත අනිවාර්ය මරණය ලඟාවනතුරු දඟලමින් විඳි වේදනාව නිමා කරන්න තීරණයක් ගනීවි.
BalasPadamජයවේවා..!!
එයට මට අයිතියක් නෑ
Padamඅවම වශයෙන් අවුරුදු 20 රැකියා අත්දැකීම් තිබීම දේශපාළුවකු /පූජකයකු වීම සඳහා අනිවාර්යය විය යුතු බවට නීතියක් තිබ්බා නම් ලෝකය බොහොම සුන්දර තැනක් වෙන්න තිබ්බා.
BalasPadam200 % agree
Padamමට මගේ පළමු දරුවා ලැබුනේ හත් මාසෙන් .අවුරුදු 40කට පෙර .ඒ කාලේ තිබුනේ හරිම අඩු පහසුකම් .රාත්තල් 4ක් බර ඇඟේ නහර වැල් පෙනෙන ,කිරි උරන්න බැරි දුර්වල දරුවෙක් .පාන් වැටිය මගේ කිරෙන් පොඟවා උරන්ට දී ,දහදුක් විඳ මා ඔහු ජීවත් කළා ඔබේ ලිපිය මා අතීතයට ගෙන ගියා .ඇස්වලට කඳුළු ආවා .
BalasPadamතුති ඔබේ මතකයට ටීච
Padamමෙහෙම අවසන් කරන්න එපා රුවන්. කට උත්තර නැතිවෙනවා.
BalasPadamමටත් උත්තර නැතිඋනා අරුණ
Padamඡායාරෑපය දුටුවිටම දැනුනු අපහසුතාව නිසා වැඩිදුර කියවන්නට නොගියෙමි. අවසන් ටික පමණක් කියෙව්වෙමි.
BalasPadamකමක් නෑ
Padamකණගාටුයි. ජීවත් වෙලා මියගිය කෙනෙකුට ඩැඩිය ඔහු ගැන කණගාටුයි.
BalasPadamඔව් රාජ්
Padamඔෆිස් එකේ මහ සෙනගක් හිටිද්දී හැමෝටම නොපෙනෙන්න කඳුළු පිහ දැම්මා...
BalasPadamමිනිස්සු මොන හිතකින් ගබ්සා කරනවද කියල හිතෙනවා මේක කියෙව්වම...
ඔබලා වැනි සංවේදී මිනිසුන් ඇවසි මොහොතක් මේ
Padamඩොක්ට රුවන්, කතාවෙ තියෙන කිඩ්නි ට්‍රේ,චූෂණ ප්රතීක වගේ පාරිභාෂික වචන කියවන හුඟක් දෙනෙකුට තේරෙන්නෙ නැතුව ඇති.
BalasPadamහැලපෙ අයියේ ඇත්ත , ඒකට කියන සිංහල වචනය හොයාගන්න බැරි උනා
Padamචූෂණ - sucking
Ulasan ini telah dialihkan keluar oleh pengarang.
Padamමට මතකයි මම බ/වෙල ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක නි. විදුහල්පති ලෙස වැඩ කරපු දවස්වල සුජාතා ලමා නිවසේ වැඩසටහන කට උසස් පෙළ පන්ති වල දියණියන් එක්ක ගියා..වැලිමඩ බස් ස්ටෑන්ඩ් එක තුල වැසිකිලියක දාල ගිය ඉපදුන ගමන් දියණියක් ඒ ලමා නිවසේ හිටියා..මාසයක් විතර වයස ඇති ඒ වන විට..මම දරුවන්ට හුඟාක් කරුණු කියා දුන්නා..ඔවුන් ඉකිගසමින් හැඬුවා..ඒ සිදුවීම මතක් වුනා..
BalasPadamතුති ඔබට අත්දැකීම් බෙදා ගත්තාට
Padamපින්තූරය දැක්කම ඇග හිරි වැටුනා.. ඒ පින්තූරේ දරුවා හුස්ම ගන්නවා වගේ මට පේන්නේ.. අතිශයින්ම කම්පනයට පත්වීමි.. - ශ්‍රී
BalasPadamyou are a great
BalasPadamdoctor
මටද මේ හා සමාන අද්දැකීමක් තිබේ.මිනිස් කම් වියැකී යන ලොවක මුදළ මතම සියල්ල තක්සේරු කරනා නොමිනිස් වෙදෑඳුරෙකුගේ නොසැළකිල්ල නිසාම මා පුතුගේ ජීවිතය අහිමි වන්නට ගොසින් බේරුනේද අති උතුම් මිනිසත් බවේ මහිමය මොනවට පසක් කරමින් අප්‍රමාණ කැපකිරීම් මතින් මා පුතුගේ ජීවිතය අපට ලබා දුන් තවත් එක් වන්දණීය වෛද්‍යවරියකට පිං සිඳු වන්නටය. හොඳින් උපන් දරුවා පිරිසිඳු කිරීමට යාමේදී අතින් ලෙස්සා ගොස් බිම වැටී තිබේ. ඒ අවස්ථාවේදී මියගියායි සිතා දරැවාව පසෙකට විසි කර තිබියදී ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළඳරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරිය වන මේධා වීරසේකර මහත්මියගේ ඇස ගැටී තිබේ. ඇයට පින් සිඳු වන්නට මා පුතු අද හොඳ නිරෝගී දහහතර වියැති දරුවෙකි . ඔහුගේ සෑම උපන් දිනකදිම අප ලොවේ කොතැනක සිටියද මේ උතුම් මාතාව පමනක් නොව ඈ හැඳු වැඳු දෙමාපියන්ද සිහිපත් කොට පින් දෙමු. ඈ වන් ඔබ වන් ආශ්චර්යමත් වෛද්‍යවරුන් අප රටට සම්පතකි. ඔබේ කථාව අපට කියා දෙන්නේ ගොරහැඬි කුණු වන මිනිසුන් මැද මිනිසත් බව ඉක්මවා ගිය බුද දස් රජුන් වැණි සැබෑ සොඳුරු මිනිසුන්ද තවමත් අප අතර සිටිනා බව නොවෙද ?
BalasPadam+++++++++++
Padamගබ්සාව සම්බන්ධ ඔබේ අදහස මොකක්ද ?.
BalasPadamවිශේශිත අවස්ථා වලදී පමණක් කල යුතුය (උ දා ; විකෘති කළළ / දූෂණයට ලක් වීම)
Padamදෙයියනේ ඒක😱😱
BalasPadamකඳුළු ආවා..
BalasPadam