ඉතා තද බඩේ කැක්කුම නිසා වාට්ටුවට ඇතුලත් වූ කාන්තාවගේ මුත්‍රා පරික්‍ෂා කරන ලෙස මම හෙදියට කීවෙමි. මගේ සැකය තීව්‍ර කරමින් ඇය ගැබ්දැරි බව මුත්‍රා පරීක්‍ෂණය දෙස් දුන්නේය.
ඇයගේ යෝනි පරීක්‍ෂණයේදී ගැබ් ගෙලට යටින් ප්‍රතිරෝධයක් මෙන්ම ග්‍රීවය ඔසවන විට වේදනාව අධික වේ. කාන්තාව මලානිකය. ඇයගෙ රුධිර පීඩනය පහත බසී. ඇස් යට සුදුමැලිය. ඇයගේ උදරය පිම්බී තිබේ. අභ්‍යන්තර රුධිර වහනයේ සලකුණු දක්නට තිබේ. තවත් බලාගෙන සිටි නොහැක. අප වහාම ඇයව ශල්‍යාගාරයට ගෙන ගියෙමු.
ස්කෑන් යන්ත්‍රයක් තිබුනේ නම් මගේ රෝග නිර්ණය නිවැරදි බව මම අත් දකිනු ඇත. එහෙත් ස්කෑන් යන්ත්‍ර නොමැති යුගයේ අප රෝග නිර්ණය කලේ රෝගියාගේ රෝග ලක්‍ෂණ වලිනි.
මම නිර්වින් දනය කල රෝගී කාන්තාවගේ උදර කුහරය විවෘත කලෙමි. උදරය පුරවා ලේ පිරී තිබේ. රුධිරය ඉවත් කරන ගමන් අප ඇයට රුධිර පාරවිළනය කලෙමු.
මෙම කාන්තාවගේ ගැබ ඇතිවී තිබෙන්නේ ඝර්භාෂයේ නොව පැලෝපීය නාලයකය. මෙම තත්වය Ectopic pregnancy හෙවත් බහිෂිකේතනක ගර්භණීභාවය ලෙස හැඳින්වේ.
මම පුපුරා ගිය පැලෝපීය නාලය සොයා ගත්තෙමි. එතනින් නැවුම් රුධිරය වහනය වෙයි. වහාම කැට්ගට් යොදා රුධිර වහනය මම නවතා දැමුවෙමි. මේ අතර අප සිව් වන රුධිර පයින්ටුවද ඇයට ලබා දුන්නෙමු. රුධිර වහනය නවතා දැමූ මම උදර කුහරය මසා ශල්‍යකර්මය අවසන් කලෙමි.
රෝගී කත ගේ තත්වය දැන් ස්ථායීය. ඇය රෝහලට ඒමට තව පැය දෙක තුනක් ප්‍රමාද වූයේ නම් මේ කාන්තාව මරණයට පත් වනු නිසැකය. සුපුරුදු ලෙස අප ජීවිතයක් බේරා ගත්තෙමු. ඇය කවරෙක්ද කොහෙන් ද කියා අප නොදත්තෙමු. රෝගියා කවරෙක්ද ඇයගේ තරාතිරම, ජාතිය ,ආගම අපට වැදගත් වූයේ නැත. ඇය අපගේ රෝගියෙකු වූ අතර අප අපගේ රාජකාරිය කලෙමු.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මුත්‍රා පරීක්‍ෂණයෙදී මුත්‍රාවල පවතින කුමන ලක්ෂණ යටතේද ගැබ් ගෙන ඇති බව තීරණය කරන්නේ?
BalasPadamHCG + බලනවා
Padamස්කෑන් එකෙනුත් අහුවෙනව මං හිතන්නෙ.
PadamPl read : https://en.wikipedia.org/wiki/Pregnancy_test
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamපැලෝපිය නාල තුල කලල වර්ධනය ඌ හැම අවස්තාවකම ඔහොම වෙනවාද
BalasPadamබොහෝ විට
Padamweera sangiliyage dona kusumawathee awa nam mokda oba thuma karanne
BalasPadamsame treatment ; pt is a pt
Padamවෛද්‍ය විද්‍යාව ගැනනම් මම මෙලෝ මගුලක් දන්නේ නෑ. හැබැයි ජීවිතයක් බේරාගත්ත එකනම් උතුම්ම උතුම් පින්කමක්.
BalasPadam++++++++++++++++
Padamපැලෝපිය නාල තුල පවතින කලල බෙහෙත් මගින් ගර්භාෂයට යවන අවස්ථා තිබෙනවා නේද?
BalasPadamඔව් ඒක ලොකු කෝස් එකක්
Padamඑක්ටොපික් කියන්නෙ මට නං සෑහෙන්න හුරුපුරුදු කතාවක්. තියට එකේ වැඩකරන හාමිනේ කියන විදියට මාසෙකට සෑහෙන්න ප්‍රමාණයක් මේ ජාතියෙ ඔපරේශන් කරනව. කණගාටුදායක පැත්තකුත් තියනව. අවුරුදු දාහතේ දහඅටේ ගෑනු ලමයි කොටු පැනල වැඩේ වැරදිලා, ඒ මදිවට එක්ටොපික් වුනාම, කවද හරි කසාදයක් බැඳපු දවසට එක පැත්තකින් තමයි ගේම ගහන්න වෙන්නෙ. ඇරත් අදාල පුද්ගලයා නැතුව වෙන එකෙක් බැඳල ඕව මාට්ටු වුනාම ඇතිවෙන සමාජ ප්‍රශ්න???
BalasPadamathha
Padamඔය පැලොපීය නාල ගැබ් ගැනීම predict කරන්න බැරිද ඩොක්ටර්?
BalasPadampuluwani
Padamපැලොපීය නාල අසාමාන්‍යතා ආසාදන තියන කොට
Padamඇය කවරෙක්ද කොහෙන් ද කියා අප නොදත්තෙමු. රෝගියා කවරෙක්ද ඇයගේ තරාතිරම, ජාතිය ,ආගම අපට වැදගත් වූයේ නැත. ඇය අපගේ රෝගියෙකු වූ අතර අප අපගේ රාජකාරිය කලෙමු.
BalasPadamඔබ ඔබගේ යුතුකම මැනවින් ඉටුකොට ඇත..මවගෙන් බිවි ලේ කිරිවලට ණය නැත..
++++++++++++++++++++++
Padam