Ahad, 18 September 2016

ළමා සොල්දාදුවා

 



2004 වසරේදී පමණ මම චිත්‍ර ප්‍රතිකාර කියා වැඩ පොතක් එළි දැක්වූයෙමි. මෙම පොත චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් සඳහා Expressive Therapy  හෙවත් ප්‍රකාශාත්මක චිකිත්සා සඳහා යොදා ගත හැකිය​. මේ පොත මුද්‍රණය කොට බෙදා හරින ලද්දේ කඳානේ ANL ප්‍රකාශකයන් විසිනි. 

චිත්‍ර ප්‍රතිකාර පොත පළවී ස්වල්ප කාලයකට පසු ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරිනියක් මා අමතා මෙම පොත දැනට හමුදාවට භාර වූ හෝ අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සඳහා ප්‍රතිකාරාත්මක මාධ්‍යක් ලෙස සාර්ථකව භාවිතා කරන බව දැන්වීය​. එය  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් සමග මගේ ප්‍රථම සායනික අත්දැකීම විය​. 

පසු කාලයක බොහෝ මානසික  ව්‍යාධි තිබූ  එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මට හමු විය​. ඒ අත්දැකීම් මත මම මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග පරියේෂණ පත්‍රිකාවක් ලියූවෙමි. එය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලදි. 

2011 වසරේදී මට කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ජෙනරාල් රොමියෝ ඩැලා මුණ ගැසුනේය​. ඔහු රුවන්ඩාවේ ජන ඝාතන සිදුවන විට සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා විය​. රුවන්ඩාවේ ජනඝාතන නවත්වා දැමීම සඳහා ජනාධිපති ක්ලින්ටන් කිසිවක් නොකල බවත් තමා විසින් කල ආයාචනා නොසලකා හැරිය බවත් ජෙනරාල් රොමියෝ ඩැලා මට කීවේය​. මේ හේතුවෙන් මානසික පීඩාවට ලක් වූ ජෙනරාල් රොමියෝ කැනේඩියානු යුද හමුදාවෙන් ඉවත් වී ලෝකයේ ළමා සොල්දාදුවන් තුරන් කිරීමේ සද් කාර්‍යට කැප විය​.

 මම ශ්‍රී ලංකාවෙන් කියා දැනගත් විට ඔහු ඇසුවේ එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් ගැනය​. 2009 යුද්දයෙන් පසු ලංකාවට විත් පුනරුත්තාපනය වන එල්.ටී.ටීඊ ළමා සොල්දාදුවන් මුණ ගැසීමට ජෙනරාල් රොමියෝ ඩැලාට අවශ්‍ය වූවද බටහිර කුමන්ත්‍රණ වලට බිය වූ අපේ මනප්පුවන් ඊට ඉඩ දුන්නේ නැත​. 

ජෙනරාල් රොමියෝ ඩැලා හමුවීමට පෙර 2009 වසරේ පමණ වූ සිදුවීමක් මම කියමි.  වරක්   මම ඩොන් මිල්ස්හි ඉන්ධන මධ්‍යස්ථානයකට ගියේ මගේ මෝටර් රථයට ගෑස් ගැසීම සඳහාය​. ඉන් පසු අදාල මුදල් ගෙවීමට මම කවුන්ටරය වෙත ගියෙමි. එම කවුන්ටරයේ  සිටියේ ලාබාල ද්‍රවිඩ තරුණයෙකි. 

මේ කාලය ප්‍රභාකරන් ගේ මරණය සිදුවී තිබූ කාලයයි. ඔහු මා සිංහලයෙකු ලෙස හඳුනා ගත් බව මට වැටහුණි. එම තරුණයා මා දෙස හෙළුවේ වෛරය  මුසු බැල්මකි. මගෙන් මුදල් ගනිද්දී ඔහු මගේ මුහුණ දෙසවත් බැලුවේ නැත​. 

ඉන්පසු මම කීප වරක්ම එම ඉන්ධන මධ්‍යස්ථානයට ගිය මුත් ඔහු මා කෙරෙහි දැක්වූයේ විරසක ප්‍රතිචාරයි. 

කිසිදු හේතුවක් රහිත මෙම අඝාත වෛරයට තිත තියනු වස් වරක් මම ඔහුට වනක්කම් කීවෙමි. මගේ ආචාර කිරීමට නිහඞව සිටීමට නොහැකි වූ ඔහු මටද පෙරළා වනක්කම් කීවේය​. මෙලෙස මම ක්‍රමක් ක්‍රමයෙන් මම අයිස් බින්දෙමි. ඉන් පසු ඔහු මට ධනාත්මක ප්‍රතිචාර දැක්වීය​. 

එක් දිනක්  මම ඉන්ධන මධ්‍යස්ථානයට යන විට ඔහු සිටියේ දුක්මුසු විලාශයෙනි. ඊට හේතුව නම් යාපනයේ සිටින ඔහුගේ පියා රෝගාතුර වී සිටීමය​. මම වහාම මහාචාර්‍ය දයා සෝම සුන්දරම් අමතා මහාචාර්‍ය  සෝමසුන් දරම් මගින් යාපනය රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ඔහුගේ පියා යොමු කිරීමට  පියවර ගත්තෙමි. ඉන් පසු මෙම තරුණයා මා සමග මිත්‍ර විය​. 

ඔහුව මම සාති කියා පාඨකයාට හඳුන්වා දෙමි. සාති ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය​. ඔහුගේ ගම ප්‍රභාකරන් ගේ ගම වූ වෙල්වෙටිතුරේය​. ඔහු වයස 12 දී එල්.ටී.ටියට බැඳී ළමා සොල්දාදුවෙකු විය​. වසර කීපයක් ළමා සොල්දාදුවෙකු ලෙස සිටි ඔහු නීති විරෝධී ලෙස කැනඩාවට විත් සරණාගත වීසා ඉල්ලා සිටියේය​.  වසර කීපයක් තුලදී ඔහුට සරණාගත වීසා ලැබුනේය​. ඉන් පසු ඔහු ඉන්ධන ගබඩාවේ රැකියාවක් ලබා ගත්තේය​. 

සාති ද්‍රවිඩයෙකි. ඔහු ප්‍රභාකරන් වන්දනා කරන්නෙකි. සිංහලයන් යනු මෘග ජන කොටසක් කියා සිතා සිටි අයෙකි. එහෙත් මා හමුවීමෙන් පසු සිංහලයන් අතරද යහපත් මිනිසුන් සිටින බව ඔහුට තේරුම් ගිය බව සාති කීවේය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග

44 ulasan:

  1. ඔබ ගත් ඒ සාර්ථක වෑයමට මගේ ප්‍රණාමය.

    ජයවේවා!!!

    BalasPadam
  2. මේ පාලම ගොඩනගා ගතයුත්තේත් අපි අපිමයි.. මේ ඊට අගනා උදාහරණයක්. අද පොත් ප්‍රදර්ශනයෙං ඔබේ සංග්‍රාම විඩාව හා යුද ආතතිය පොත ගත්තා. තාම කියවන්න ලැබුනේ' නෑ ..

    BalasPadam
  3. Niyamyi..����������

    BalasPadam
  4. අනෙකාව හරියට තේරුම් ගන්න පුළුවන් වුනා නම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සනයි දොස්තර මහත්තයෝ.
    සාති ගේ ජීවිත කතාව අපි දන්නේ නැති වුනත් මේ සුළු සිද්ධියෙන් පවා අපි ටෙහ්රුම් ගන්න ඕනා අපි කොයිතරම් කල් අන්ධ වෙලා කුලල් කා ගත්තාද කියන එකයි.

    BalasPadam
  5. මේ චිත්‍ර ප්‍රතිකාර ක්‍රමය ගැන වැඩසටහනක් සහ ප්‍රදර්ශනයක් පසුගිය දිනෙක ඇමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයෙන් පවත්වනු ලැබුවා..මට ඇත්තෙන්ම ඒ සඳහා සහභාගී වෙන්න ලැබුනේ නැහැ...එහෙත් ඒ විස්තර පත්‍රිකාවේ තිබුනා යුධ පිටියේ සිට ආ ඇමෙරිකානු හමුදා සෙබළුන් සකස් කල මාස්ක් හෙවත් වෙස් මුහුණු වල පින්තූර...එකක් සකස් කර තිබුනා මුහුණේ සහ මොලයේ එක් කොටසක් තදින් හානි වී ඇති ආකාරයට...එය හිත කීරි ගන්වන සුළු මාස්ක් එකක්...ඔවුන්ගේ ඇතුලාන්තයේ ඇති පීඩනය එයින් මොනවට පැහැදිලි වෙනවා...

    BalasPadam
    Balasan
    1. නාවික හමුදා පර්යේෂනායතනය ලෙස නිවැරදි විය යුතුයි....

      Padam
    2. චිත්‍ර ප්‍රතිකාර ක්‍රමය PTSD වලදී යොදා ගන්නවා

      Padam
  6. Well done doc. I also had similar experiences with Tamil technicians working in UAE & some Tamil / Muslim industrial trainees from North & East. I used to treat & help them very well & they reveal themselves to us once become closer. Most of them (Tamils) are TNA supporters & they are strongly against the Rajapakse's & the Army. Sometimes they appreciated good things done by the forces as well.
    We had valuable discussions about Tamil literature & culture. I used to get familiar with Thirukkural (Classic Tamil Sangam period literature consisting of 1330 couplets or kurals), Silappadhikaram etc.

    Muslims (Eastern) are extremely against the Bodu Bala Sena & I used to explain them that BBS is just a political wing & they are against Buddhism. Surprisingly, they asked me about the teachings of Buddha & explained about the teachings of Quran (Hadith) & thoughts of Shafi school of Sunni muslims in SL along with different teachings of new movements of Islam etc.. Those experiences are unforgettable.

    BalasPadam
  7. "මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම.." ඔබගේ ඉවසීමේ ගුණයටත් මහත්මා ගුණය ටත් මගේ ආචාරය. ලන්ඩන් වල මා දන්නා සිංහල පාර්ශවය (95% පමණ) ඇත්තේ අසුබවාදී ආකල්ප පමණය. කොපමණ උදාහරණ කිව්වත් ඔවුන් කරන කියන දෑ මිනිසුන් විශ්වාස කරන්නේත් නැත. (ඕනෑන දහජරා වැඩක් කර පවුම් හොයයි.) හුදකලාව හැමදාම හොඳම කලාව යයි අවිවාදයෙන් විශ්වාස කරමි. ප්‍රශ්න නොමැත වයිද්‍ය තුමනි. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. 👍🏽

    BalasPadam
    Balasan
    1. මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි

      Padam
  8. ඔබ ඉවසීමෙන් ඔහු සමග කටයුතු කරපු නිසා මම හිතන්නේ ඔහුගේ අදහස වෙනස් වුණා කියල. උදව් කරපු එක ලොකු දෙයක්.

    BalasPadam
  9. ඔබ දක්වා ඇති සංයමය සහ කරුණාව සාමාන්‍ය පෘතග්ජනයෙකුට නම් කරන්න බෑ.

    මා කිසිවෙකු සමග කෝපයක් ඇති කර නොගන්නා අයෙකු වූවත් මා නම් කරන්නේ යළි එහි නොයෑමයි.

    හැබැයි මේ තරුණයා කරන්නේ තමා ගේ ම ව්‍යාපාරයක් නම් තත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ගනුදෙනුකරුවන් අමනාප කර ගැනීම ත්‍රස්තවාදීන්වත් කරන්නේ නෑ.

    BalasPadam
    Balasan
    1. තමන්ගේ මිම්මෙන් හැමෝම මනින්න එපා රසික.

      Padam
    2. ස්තුතියි.
      කරුණාකර නැවත මා ලියා ඇති දෙය කියවන්න

      /* මා කිසිවෙකු සමග කෝපයක් ඇති කර නොගන්නා අයෙකු වූවත් මා නම් කරන්නේ යළි එහි නොයෑමයි. */

      Padam
    3. ඔය ජාතියෙ එක්ස්පෙරිමන්ට් එකක් මම කලා ඒ ලෙවෙල් කරන කාලෙ. අපේ පැත්තෙ තිබුන හාල් මෝලක්. ඒකෙ වැඩකල හාදය ඕනනං මට වැඩිය අවුරුද්දක් දෙකක් වයස ඇති. මෝලට එන මනුස්සයන්ට සලකන්නෙ යකා වගේ. මූනෙ හිනාවක් ගෑවිච්ච දවසක්වත් දැකල නෑ. බුවා වගේ එවුන් දැක්කම ඒ කාලෙ නං මල පනිනව. කෙසේ නමුත් මම කොල්ල එක්ක කතාබහ කරල සෑහෙන්න ෆිට්වුනා. දවසක් මම ඉස්කෝලෙ ගිහිල්ල එද්දි බුවා පාර අයිනෙ ඉන්නව. මම එනව දැකල බයිසිකලේට‍ අත දාල නැවැත්තුව. ඊට පස්සෙ අඬන්න වගේ හඬකින් කිව්ව "මම අද විතරයි මෙහේ වැඩ" කියල. වෙනත් රැකියාවකට කොහේදෝ යන බවත් එයාගෙ ගෙදර තියෙන්නෙ අසුවල් තැන බවත් ආවොත් ඒ පැත්තෙ එන්න කියලත් කිව්ව. මම හිතන්නෙ ඔහු කිසිවෙකුගෙන් කරුණාව නොලැබූ අයෙක් කියල.

      Padam
    4. රසික සහ රාජ් ඔබලා හරි; අතීත අත්දැකීම් මත මතයි මිනිසුන් ක්‍රියා කරන්නේ. වෙනසක් අවශ්‍ය නම් නව අත්දැකීමක් එක් කරන්න

      Padam
  10. The symptoms of narcissistic personality disorder include: grandiose sense of importance, preoccupation with unlimited success, belief that one is special and unique, exploitative of others, lacks empathy, is arrogant, and is jealous of others. These symptoms cause significant distress in a person's life.

    BalasPadam
  11. නූගත්කම, අනවබෝධය, දුගී බව, අන්තවාදය, ජාතිවාදය, කපටි මිනිසුන්ගේ බලයට ඇති ආශාව. අපේ රටේ පැවති සිවිල් කලබල, යුද්ධ මේ සියල්ලේ සම්මිශ්‍රණයක් නිසා නිර්මාණය වූවන්ය. ඒවාට වන්දි ගෙව්වේ බහුතරයක් සාමාන්‍ය ජනතාවය.

    BalasPadam
  12. ඇත්තෙන්ම අපිට අවශ්‍ය වන්නේ එකිනෙකා ගැන විස්වාසය තහවුරු කර ගන්න මේ වගේ ක්‍රම වේද..Forget & Forgive කියන සංකල්ප දියුණු කරනව නම් එය වැඩි ඈතක නෙමේ මම හිතන්නේ..

    BalasPadam
  13. යුද්ධය අවසන්වීමෙන් පසු, භාරවූ/අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයන් පුනරුත්තාපනය සඳහා රන්සවා සිටි කඳවුරු කීපයක් භාරව මා ක්‍රියා කළා. මුලදී ඔවුන් අප දෙස බැලුවේ සතුරන් ආකාරයට. නමුත් අපේ අරමුණ තේරුම්ගත් පසු ඔවුන් සැබවින්ම වෙනස්වුනා. සමහරු කඳවුරෙන් පිටවයන දවසේ අපිව බදාගෙන හැඬුවා.

    BalasPadam
    Balasan
    1. ඊට ඔබලා වැනි උගත් මානුශිකවාදී නිලධාරීන් අවශ්‍යයි

      Padam
  14. සාරසයා අන්න උගේ බ්ලොග් එකේ මඩක් ඇරලා. පුතාව රෝයල් දාගෙන දැන් සුදන වෙන්න හදනවලු

    BalasPadam
  15. සෝවියට් රතු හමුදා විසින් ජර්මනිය අත්පත් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් නාසි සොල්දාදුවන් පෝලිම් කොට නගරය හරහා රතු හමුදා විසින් රැගෙන එන ලදී. මග දෙපස වූ බොහෝ ජනයා කාර කෙල ගැසුහ. ඔවුන්ට වෛර කළහ. නමුත් වැඩි කල් නොගොස් සෝවියට් ජනයා ඔවුන් තම මිතුරන් ලෙස පිළිගනු ලැබිය.

    ලංකාවෙත් හිටපු LTTE සමනය සොල්දාදුවන් තවමත් අපගේ සතුරන් නොවිය යුතුය. ඔවුන්ද ලංකාවේ උරුමය ඇති සමනය මිනිසුන් ලෙස අප පිළිගත යුතුය. ඉතිහාසයේ වැරදි සිදු වී ඇත.ඒ සියල්ල අමතක කොට අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට පෙළ ගැසිය යුතුය. වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

    BalasPadam
    Balasan
    1. වෛරයෙන් වෛරය නොසන්සිඳේ.+++++++

      Padam
  16. එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් ,ඉවසීමෙන්,සමාව දීමෙන් අප අතර හිඩැස පිරවිය යුතුමයි .ඔබේ වටිනා උත්සාහය අගය කරමි.

    BalasPadam
  17. රසිකොලොජිස්ට් වෙලාවක අපි හම්බවෙමුද ?

    BalasPadam
  18. ඔබේ වෘත්තීය පලපුරුද්දෙන් ඒ ආකාරයේ ඉවසීමක් හුරුවෙන්න ඇති. පුරුසධම්මසාර්ථී ගුණය ට පෙරුම්පුරන්න නම් හොඳයි. දවසක ඔහොම තත්වයක් උදාවුනොත් ඔබේ මේ අත්දැකීම මතක්වේවි.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි මිනිසෙක් නොවෙමි Gus

      Padam
  19. අපි දෙපාර්ශවය අතර විරසකයට හේතුව සන්නිවේදන ගැටලුව. සිංහලයන්ට දෙමළ භාෂාවත්, දමිළ අයට සිංහල භාෂාවත් රාජ්‍ය අනුග්‍ර‍හය යටතේ ඉගැන්වූවා නම් සහජීවනයට වෙනත් සැලසුම් උවමනා වෙන්නෙ නෑ. ඔබේ වෑයම ප්‍ර‍ශංසනීයයි.

    BalasPadam
    Balasan
    1. සිරාගේ කථාවනම් මේ ප්‍රශ්නයේ ඉතා විශාල කොටසක් පැහැදිලි කරනවා. මමත් ඉස්සර යුද්ධය දරුණුවට තිබුනු මුල් කාලේ දෙමළ බසින් පොස්ටරයක් තිබුනත් හිතුවේ ඒක කොටින්ගේ වැඩක්. මෙහෙත් යුද්ධෙට දෙමෙල්ලු එකතු කරනවා ඇති කියලා. ආණ්ඩුව අපිට නොතේරෙන දෙමළ පෝස්ටර් ගැසීම වැලැක්විය යුතුයි කියලා.
      ඒත් දැන් දෙමළ ටිකක් කියවන්න පුළුවන් නිසා පෝස්ටරයක් දැක්කහම ඒක නිකම්ම කියැවෙන නිසා කිසිම සැකයක් පහළ වෙන්නේ නැහැ.

      Padam
  20. වෛද්‍ය රුවන්, ඔබ ඉතා දක්ශයෙක් බව පෙනෙනවා මිනිසුන් නතු කර ගැනීමට. ඒ වගේම ඔබ නොමසුරුව ප්‍රථිලාබ නොපතා උදව් කරන නිසා ඒ ප්‍රතිපල ඉබේම ඇතිවෙනවා විය යුතුයි.

    මා දන්නා හැටියට උගත් සමාජ ඇසුරක් ඇති බොහෝ සිංහලයින්ගේ හැසිරීම ඒ වගේ තමයි. ඒ වගේම සිංහල නායකයින් බොහෝ දෙනෙකු කථා කරන්නේ ජාතීන් අතර සමගිය හා අවබෝධය ගැන.
    ඒත් අවාසනාවට දෙමළ නායකයින් හැමදාම කරන්නේ වෛරය වැපිරීම නේද. අපි එක තුවාලයක් හොඳ කරන විට ඔවුන් තුවාල දහස් ගනනක් සාදනවා නේද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook