Selasa, 6 September 2016

පෙම්වතිය මැරූ සෙබලා

 


විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් සමායෝගී ආබාධයකින් පෙලෙන බවට රෝග නිර්නය කල සොල්දාදුවා වැඩි කතාබහක් නොමැතිව වාට්ටුවේ සිටියේය​. එහෙත් හිටි හැටියේ ඔහු අප වෙත පැමිණ පාපොච්චාරණයක් කලේය​. 

" සර් මගේ ගම පොලොන්නරුවේ. මම ගම් පලාතේ ගෑණු ළමයෙක් එක්ක යාළු වෙලා හිටියා. පස්සේ එයා වෙනස් වෙන්න ගත්තා. මම අන්තිමට ගමේ ගියාම එයා කිව්වා එයාට මාව බඳින්න බැහැ කියලා. එයා වෙනත් කෙනෙක් බඳිනවා කියලා කිවා. ඒ නිසා මට ලොකු දුකක් තරහක් ආවා. මම එයාගෙන් බැගෑපත්ව ඉල්ලා හිටියා එහෙම කරන්න එපා කියලා. ඒත් එයා කියා හිටියා අපේ සම්බන්දේ අවසන් කියලා. මට ඉවසන්න බැරුව ගියා. මම එයාගෙ බෙල්ල මිරිකුවා. එයා මැරුණා. මම මිනිය ඇඳ රෙද්දක පොරවලා මගේ යාලුවෙක් ගේ ත්‍රීවීල් එකක දාගෙන පොලොන්නරුවේ පාළු පාරක් ලඟ තියෙන වැවක් ලඟට ගෙනිහිල්ලා කුඹුක් ගහක් යට වලක් හාරලා මිනිය වැලලුවා. ඒත් මට දැන් නිතර එයාගේ මුහුණ පේනවා " 

සොල්දාදුවාගේ මෙම ප්‍රකාශය ඇසීමෙන් පසුව අප ආකූල වූයෙමු. වහාම සී .සී. එම්. පී. හෙවත් යුද හමුදා පොලිසියට මේ පිලිබඳව දැන්වූයෙමු. යුද හමුදා පොලිසියේ සාජන් කෙනෙකු පැමිණ ඔහුගෙන් කට උත්තරයක් ගත්තේය​. ඔහු  යුද හමුදා පොලිසියටද කීවේ අපට කියූ දෙයයි. මේ අතර යුද හමුදා පොලිසිය කොම්පඤඥ වීදිය පොලිසියට දැනුම් දීම නිසා කොම්පඤඥ වීදිය පොලිසියේ නිලධාරීන් ද පැමින ඔහුගෙන් කට උත්තර ගත්තේය​. 

ඔහු පොලිස් නිලධාරීන් ඉදිරි පිටදීද කීවේ එකම කතාවය​. එම ගැහැණු ළමයාගේ නම , ලිපිනය කීවේය​. එසේම ඇයව මරා වළ දැමූ ස්ථානයද හෙළි කලේය​. 

කොම්පඤඥ වීදිය පොලිසියේ නිලධාරීන් මෙම ඝාතනය ගැන පොලොන්නරුව පොලිසියට මැසේජ් කලේය​. සැකකාර සොල්දාදුවා යුද හමුදා පොලිසිය භාරයට ගන්නා ලදි. පොලොන්නරුව පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු  මිනිය ගොඩ ගැනීම සඳහා අදාල ස්ථානය වෙත ගියෝය​. එහෙත් මෘත ශරීරය සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ​. 

පසුව සොයා බැලීමේදී මරා දැමුවා කියූ යුවතිය දීගෙක ගොස් තිබෙන බව පොලොන්නරුව පොලිසිය සොයා ගත්තේය​. පොලිසිය ඇයගෙන් ද කට උත්තරයක් ගන්නා ලදි. 

එම සොල්දාදුවා තමා විසින් පෙම්වතිය මරා දැමුවා කියා සිතාගෙන සිටියේය​. එය ඔහුගේ සිතේ ඇතිවූ ඝාතන අභිලාෂයකි. එහෙත් ඔහුට ඇයව ශාරීරිකව මරා දැමීමට නොහැකි විය​. මෙම අවිඥාණික මානසික ගැටුම නිසා ඔහු සංරක්‍ෂණ ප්‍රයෝගයකට යොමු විය​. ඇය මා අත හැර ගියා , මම ඇයගේ ගෙල මිරිකා මරා දමා වැවක් අද්දර කුඹුක් ගහක් යට වළලුවෙමි යන සංරක්‍ෂණ ප්‍රයෝගය ඔහු තදින් විශ්වාස කලේය​. මේ නිසා පසුව ඔහුට වරදකාරී හැඟීම් මතුවී පාපොච්චාරණයක් කලේය​. එය ව්‍යාජ පාපොච්චාරණයකි. එහෙත් උක්ත සොල්දාදුවා සිතාගෙන සිටියේ එය සත්‍ය පාපොච්චාරණයක් කියාය​. 


ඔහුගේ ක්ලමථ තත්වය අඩුවී ගිය පසු ඔහුට සත්‍ය පවසනු ලැබීය​. මිනීමරුවෙකු නොවීම නිසා ඔහු සතුටට පත් විය​. ඔහු ගේ රෝගී තත්වය යහපත් අතට වර්ධනය වූයේය​. ඉන් වසර කීපයකට පසුව මෙම සොල්දාදුවා වෙනත් කාන්තාවක් සරණපාවා ගත් බව අපට ආරංචි විය​.  

35 ulasan:

  1. සත්‍ය අපරාධ ගැන වරද බාර ගන්න අයත් ඉන්නවාද?

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    2. සමහරු ඉන්නවා

      Padam
  2. මානසික රෝගයක් නැත්නම් ඉතින් එහෙම කරන්න අවශ්‍ය නෑ..

    BalasPadam
  3. ලංකාව වගේ රටවල බොහෝ පිරිස් මානසික ප්‍රතිකාර සඳහා යොමු නොවන තත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. යමෙක් මානසික රෝගයකින් පෙළුනත් ඔවුන් නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කෙනෙක් නොමැතිවීමත් ගැටළුවක්. බොහෝවිට ඔවුන් සිතන්නේ මානසික රෝග යනු පිස්සු කියන තත්වය වේ.

    අපේ අල්ලපු ගෙදර ඉන්න ගැහැණු ළමයෙකු සුව කිරීමට මමද දායක උනෙමි. ඇය විශ්වවිද්‍යාල සිසුවියක් වන අතර ඇය නිරන්තරයෙන්ම පියයුරු පිළිකා රෝග සඳහා අධික බියෙන් පසු උනාය. ඇය නිතරම සිතුවේ තමාට පිළිකාවක් ඇති කියාය. ඇය නිරන්තරයෙන් අනවශ්‍ය ලෙස පිළිකා රෝග පරීක්ෂණ සිදුකලාය. Test results වල කිසිම රෝගී තත්වයක් පෙන්නුම් නොකළ නමුත් ඇය එම ප්‍රතිපල විශ්වාස නොකලාය. විවිද තැන්වලින් බොහෝ පරීක්ෂණ සිදුකරගෙන තිබුණි.

    එමෙන්ම ඇය අධික භීතියකින් ද පෙළුනාය. ඇයට ජිවිතයම එපා වී අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගෙන තිබුණාය. පසුව ඇයගේ මව සමග මා සාකච්චා කර ඇයව මානසික ප්‍රතිකාර සඳහා යොමු කලෙමි. ඇයට ඇත්තේ මානසික රෝගයක් බව පැවසු විට අයගේ මව මා සමග මද කේන්තියකින් " එයාට කිසිම පිස්සුවක් නැහැ " යන්නෙන් පැවසුවාය. එය පිස්සුවක් නොවන බවත් දුව සුව කරගැනීමට අවශ්‍යනම් කෙසේ හෝ ඇයට ප්‍රතිකාර කලයුතු බවත් කීවෙමි.

    අවසානයේ ඇයට වෛදයවරයා විසින් Fluoxetine නමැති ඖෂධය නියම කල අතර අය මාස කිහිපයක් එම ඖෂධය පාවිච්චි කිරීමෙන් පසු සුව අතට හැරුණාය. එයට අමතරව ඇයට කවුන්සලින් සහයද ලැබුණි. ඇය දැන් උපාධිය අවසන් කර postgraduate මෙයට මාස කිහිපයකට උඩදී අවසන් කල බව දැනගන්නට ලැබුණි. මේ වගේ දේවල් නම් රුවන්ට එතරම් අලුත් දේවල් නොවනු ඇත. රුවන් නම් මේවගේ රෝගීන් අනන්තවත් දැක ඇති.



    BalasPadam
    Balasan
    1. ඔබ සිදු කොට තිබෙන්නේ පිනක් , එම තරුණියට Hypochondriasis තත්වය තිබී ඇති බව පෙනෙනවා.

      Padam
  4. මේකත් හරියට අර වයසට යන කොට හැදෙන ඩිමෙන්ශියා කියන තත්වය වගේනේ.
    ඒ අයත් එහෙම කිසිදා සැබැවට සිදු නොවුනු දේවල් ඔවුන්ගේ අතදැකීම් විදියට දරාගෙන සිටිමින් අනෙක් අයටත් ඒවා තහවුරු කිරීමට සාක්ශි පවා සපයනවා නේද?

    ඒක මානසික ආභාදිත බව නිසා ඇති වන සිහින දැකීමක් වගේ දෙයක්ද?

    BalasPadam
    Balasan
    1. Hypochondriasis, also known as hypochondria, health anxiety or illness anxiety disorder, refers to worry about having a serious illness. This debilitating condition is the result of an inaccurate perception of the condition of body or mind despite the absence of an actual medical condition.

      Padam
    2. Thank you Doctor, but I do not understand the technical things you explain. never mind, it is no use explaining such things to us without the basic knowledge.

      Padam
  5. We can clearly see the amount of "Manasika Leddu" in this web space, and they have lot of time to waste. No wonder our country is so poor.

    BalasPadam
    Balasan
    1. @ Anonymous September 6, 2016 at 11:59 PM ; it seems that you need to get a life ; your life is so pathetic and you hate yourself and others - get a life

      Padam
  6. මම කීප වතාවක්ම සමහර තාත්වික හීන වල පෙනුනු දේ සැබැවට වුනා යයි සිතා වයිෆ් ගෙන් බයිට් වෙලා තියනවා.

    BalasPadam
  7. ෂර්ලොක් හෝම්ස් කතාවකට හොඳ වස්තු භීජයක්

    BalasPadam
  8. යුද්ධෙ ඉවරකලේ මම කියන අයත් යුද්ධෙන් 75% ඉවර කලේ මම කියන අයත් මේ කාණ්ඩයට අයත් වෙනවාද? NPD වගේ තියෙන අයත් තමන්ගේ 'achievements'ගැන මේවිදිහටම හිතාගෙන ඉන්නවා නේද? අහලා තියෙන්නේ Lie detector ටෙස්ට් එකක් කෙරුවත් අහු නොවෙන බව. ඒතරම්ම ඔවුන් ඒ දේ සිදුවුණා යැයි විශ්වාස කරන නිසා.

    BalasPadam
    Balasan
    1. ඒවගේම හමයන්න ණය ගන්න ගමන් තැන මහා ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න යත ඉනනවනේ රනිල් වගේ

      Padam
  9. ඒ සෙබලා ඒ විදිහට කරන්න හිතන්න ඇති.. නොකර යථාර්ථය තේරුම් ගත්ත එක හොඳයි.. ඒත් මේ වගෙ සිද්ධි අදටත් කොච්චර වෙනවාද...

    BalasPadam
  10. මිනිස් මනස කියන්නෙ විශ්මිත අවයවයක් නේද ?

    BalasPadam
    Balasan
    1. පුදුමාකාර අවයවයක්

      Padam
  11. මම අහල තියෙනව අපේ මතකය පවා අපිට ඕන විදියට වෙනස් වෙලයි නිර්මාණය වෙලා තියෙන්නෙ කියල

    BalasPadam
    Balasan
    1. සමහර මතකයන් සංරක්‍ෂණ ප්‍රයෝග මත වෙනස් විධියට ගබඩා වෙනවා

      Padam
  12. Hallucinations වගේ තත්වයක්

    BalasPadam
  13. මේ තත්වයෙන් පෙලෙන අය තවමත් හමුදාව තුළ ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා.

    BalasPadam
  14. //සංරක්‍ෂණ ප්‍රයෝගය// mekta psycology kiyanne kohomada?

    BalasPadam
    Balasan
    1. සංරක්‍ෂණ ප්‍රයෝගය - Defence mechanisms

      A defence mechanism is an unconscious psychological mechanism that reduces anxiety arising from unacceptable or potentially harmful stimuli. Defence mechanisms are not to be confused with conscious coping strategies. Sigmund Freud was one of the first proponents of this construct.

      Padam
  15. බූට් කන හෝ දෙන ගොඩ දෙනෙක් තමන්ට කැමති කතාවක් හදාගෙන ඒකට පොහොර දදා ඒ කථාවම විශ්වාසකරගෙන ඉන්න හැටි මතක් උනා.. වැඩි දුරට ගියොත් ඖෂධ පවා අවශ්‍ය බව දැන්නෙ දැනුයි.
    ජයවේවා..!!

    BalasPadam
  16. ඔබතුමා සමයෝගී ආබාධයක් කියන එකෙන් අදහස් කලේ මොකක්ද...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook