Rabu, 24 Ogos 2016

අයි. ඩී ආනන්ද සහ ඔස්මන් අයියා

 



මගේ මව කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ වසර දහයකට ආසන්න කාලයක් ගුරුවරියකව සේවය කලාය​. ඇය ආනන්දාවට පැමිණි කාලයේ ආනන්ද විදුහලේ විදුහල්පති වූයේ පේරුසිංහ මහතාය​.  විදුහල්පති කර්නල් ජී ඩබ් රාජපක්‍ෂ මහතාගේ කාලයේ ද සිටි මගේ මව ඉන් පසුව කොලඹ අගමැති විද්‍යාලයේ විදුහල්පතිනියද වූවාය​. 

මගේ මව විසින් ආනන්ද විදුහලේ සිසුන් බොහෝ දෙනෙකුට උගන්වා තිබේ. ඔවුන් අතරින් ක්‍රිකට් ක්‍රීඩක ආදෙල් හශීම් , හමුදා ජෙනරාල්වරු වූ පදුමදාස සහ මහේෂ් සේනානායක යන මහතුන් මට මතකය​. ඇය පන්සලකට රෝහලකට ගියද ඇයගේ ගෝලයන් ඇවිත් ඇයට කතා කරති. 

ඉඳ හිට මම මව සමග විහිළු කරමි. වරක් මම ආනන්ද විද්‍යාලයේ අම්මාගෙන් ඉගෙන ගත්ත  අයි. ඩී ආනන්ද කියා කෙනෙක් මා සමග කතා කලා කියා කීවෙමි. අයි. ඩී ආනන්ද කියා ගෝලයෙක් නම් මතක නැතැයි මව කීවාය​. 

ඇත්තෙන්ම අයි. ඩී ආනන්ද යනු  යම් පත්තරයක් ගිය මනංකල්පිත චරිතයකි. ඔහු නිපයුම් කරයි. ඔහුට හොඳ අයිඩියාස් තිබේ. ඒ නිසා ඔහු අයි. ඩී ආනන්ද හෙවත් අයිඩියානන්ද ය​. 

ඔස්මන් අයියාද මේ හා සමාන චරිතයකි. වරක් දහය වසරේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී අපගේ පන්තියේ ඉගෙනුම ලැබූ උදිත පලිහේනට කොල්ලන් වගයක් ගහන්නට ආවෝය​. උදිත ඔවුන් අමතා " අඩෝ මම ඔස්මන් අයියාගේ පොරක් හරිද ? අත තිබ්බොත් හෙට උඹලා ඔක්කොටම  ඔස්මන් අයියා දම්මලා ගස්සවනවා "කීවේය​. ඉන් තැතිගත් කොල්ලෝ උදිත අතහැර ගියහ​. 

නමුත්  ඔස්මන් අයියා යනු සත්‍ය පුද්ගලයෙකු නොව උදිත විසින් හදා ගත් මනංකල්පිත චරිතයකි. ඉන් පසු අප ඔස්මන් අයියා චරිතය බොහෝ ස්ථාන වලදී යොදාගත්තෙමු. 

පාසල් දිවියෙන් බොහෝ කාලයකට පසුව මම මිනිපේ සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක ලෙසින් සේවය කල කාලයේදී වරක් කපිතාන් රුවන් මිල්ලවාන ( වර්තමානයේ කර්නල් වරයෙකි) සමග බිබිලට ගියෙමි. අතරමග ගමනේදී වාහනය තැනින් තැන නවත්වා කඩවල් වලින් , පාරේ යන මිනිසුන් ගෙන් "ඔස්මන් අයියලයි ගෙදර කොහේද? කියා ඇසුවෙමි. 

ටික දුරක් යන විට කපිතාන් මිල්ලවානටද ඔස්මන් අයියා කතාව රස වැටී ඔහුද මිනිසුන් ගෙන් ඔස්මන් අයියා ගේ ගෙදර තිබෙන ඉසව්ව අසන්නට පටන් ගත්තේය​. 

මම බිබිලට ගොස් අදාල වැඩය කරගෙන යලිත් කපිතාන් මිල්ලවානව රන්ටැඹේ කඳවුරින් බැස්සුවෙමි. එහිදී ඔහුගේ මිතුරු කපිතන්වරයෙක්" කොහේද ගියේ ?කියා ඔහුගෙන් ඇසීය​. 

" ඔස්මන් අයියලාගේ ගෙදර ගියා"  කියා කපිතන් මිල්ලවාන පිලිතුරු දුන්නේය​. 

42 ulasan:

  1. ඇත්තටම ඔස්මන් හමුවුණොත් ආ මෙයා නොවෙයි අපි හෙව්වේ කියා කියන්නයි වෙන්නේ.

    ඉතිං ඊට පස්සේ කතාවේ මුල්ම කොටසක හිතවතෙකු සමග මෝටර් සයිකලයෙන් යන කැළුම් පාරේ බසයක් එනතුරු සිටින දේදුණු සහ යෙහෙළියන්ගෙන් අහනවා ඩොට්සන් කොම්පැනියේ වැඩ කරන මිස්ට වොට්සන්ව දන්නවාද කියලා.

    එය ඇසුණු ඒ ලඟ හිටි අයෙකු, මං වැඩ කරන්නේත් ඩොට්සන් කොම්පැනියේ තමයිම, ඔව් මං මිස්ටර් වොට්සන්නව දන්නවා කියා ඉදිරිපත් වෙනවා.

    කැළඋම් ගේ යාළුවා කරන්ණේ නෑ, නෑ අපි හොයන්නේ වොට්සන් කොම්පැනියේ වැඩ කරන මිස්ට ඩොට්සන්වය කියා ෂේප් වී යනවා.

    BalasPadam
    Balasan
    1. වොට්සන් - ඩොට්සන්

      Padam
    2. බොරු කියන්න එපා රසික. කැලුම්ලා අහන්නේ මිස්ට විල්වත්ත දන්නවාද කියලායි. විල්වත්ත කියන්නෙ එතැන ඉන්නා ගෑනු ළමයකුගේ පියා. එතකොටම ඔහු එතැනට එනවා...කැලුම්ලා මාරු වෙනවා.

      මීට පස්සෙ වත් කටේ දිවේ නොගෑවී බොරු කියන්න එපා.

      Padam
    3. ඒවුණාට වොට්සන් ඇනෝ රසිකගෙ වර්ශන් එක ගති

      Padam
  2. ඇත්තටම මං දන්න ඔස්මන් අයියා කෙනෙකු ඉන්නවා. ඔහු මගේ පේරාදෙණියේ බැචෙකුගේ අයියා.

    ඒ ඔස්මන් අයියාත් පේරාදෙණියේ ම මෙඩිසින් කළා.

    BalasPadam
  3. අපේ ගෙවල් ලඟත් ඔස්මන් අයියා කෙනෙක් හිටිය.

    BalasPadam
    Balasan
    1. 71 කැරැල්ලේ ඔස්මන් අයියද ?

      Padam
  4. //ඇය ආනන්දාවට පැමිණි කාලයේ ආනන්ද විදුහලේ විදුහල්පති වූයේ පේරුසිංහ මහතාය​. විදුහල්පති කර්නල් ජී ඩබ් රාජපක්‍ෂ මහතාගේ කාලයේ ද සිටි මගේ මව ඉන් පසුව කොලඹ අගමැති විද්‍යාලයේ විදුහල්පතිනියද වූවාය​.//

    ඔය කියන කාලයේ මමත් ආනන්දයේ ඉගෙන ගත්තා. හැබැයි, අවාසනාවට (හෝ වාසනාවට) වාගේ ජයතුංග ටීචර් අපේ පන්තියට ඉගැන්වුයේ නම් නැහැ.

    BalasPadam
    Balasan
    1. ඔය 1960 ගනන් වල මැද සහ 1970 ගනන් වල මැද කාලේ ;

      Padam
  5. ඔස්මන් අයියා හම්බ වුනානම් තමා වැඩේ .

    මම එකොළහ වසරේ ඉන්න කාලේ පන්තියට අලුතෙන් ආවා ගෑනු ළමයෙක් . නම උමා කෞශල්‍යා . ලස්සන බේරෙනවා . ඉතිං වියයුතු පරිද්දෙන් කොල්ලෝ බහුතරය ට්‍රයි කරන්න පටන් ගත්තා. අනික පන්තියටම ලස්සන කෙල්ලෙක් ආවම ඕක උද පන්තියක ඉන්න ලොකු අයියා කෙනෙක් හරි ,වෙන පන්තියක කබ්බෙක් හරි උස්සන් යනකං අහ කන පියාගෙන බලාගෙන හිටිය හැකියයි .

    ඉතිං සියලු ප්‍රේමාන්විත හැගීම අන්ගෙන්ම පහල කරන කොල්ලෝ සියල්ලම පාගේ එයාගේ අවධානය ලක්වෙන්න පුළුවන් උපරිම ට්‍රයි එක දැම්මා. වෙනදා ඔෆ් පීරියඩ් එකක පිට්ටනියට දුවන කොලු රෑන බොහොම උනන්දුවෙන් කොන්දේ පීරාගෙන , සපත්තු පොලිෂ් කරගෙන පන්තියේ පාඩම් කරන්න වැදගත් විසිහට හැසිරෙන්න පටන් ගත්ත හැටි මතක් වෙනකොට තාම හිනා .

    කොහොම හරි දවසක් මමයි තව එකෙකුයි කතාවුනා යමු කියල මෙයාගේ ගෙදර හොයාගෙන . කෙල්ල නැග්ගා බස් එකේ , අපිත් නැග්ගා ,කොහොම හරි රබර් කන දාහෙන ඉඳල කෙල්ල ගන්න තැනටම ටිකට් එකත් ගත්තා , කෙල්ල බැස්සා කෙල්ල ට පොඩ්ඩක් යන්න ඇරලා යන බස් එකෙන් පැන්නා ස්පයිඩර් මෑන්ලා වගේ , බස් එකේ ඩ්‍රයිවර් කොන්දොස්තර් ඇතුළු සකල බස් වාසී ජනතාවම අපේ සනුහරෙටම් පින්දෙද්දී .

    කෙල්ල යනවා ඉස්සරහින් , අපි දෙන්න හැංගි හැංගි පස්සෙන් යනවා .කෙල්ල ගෙදරකට ගිහිං දොර වහගත්තා . අපි නිකමට ගේට්ටුවෙන් ඇතුලට ගියා , ඕකට එහෙම ගියාද කියලා තාම හිතා ගන්න බෑ , මෙන්න ගේට්ටුවෙන් ඇතුලට අඩිය තියනකොටම ආදී හතක විතර උස අන්කලයෙක් දොර අරගෙන ආවා එලියට .

    අපි දෙන්න හිටුවා පස් ගැහුවා වගේ නතර වුනා,

    අන්කල් - පුතාලා කවුද ? කාවද හොයන්නේ

    යාළුවා - අංකල් , අ...අ... අපි මේ ගෙයක් හොයනවා

    අංකල් - මොකක්ද අංකෙ

    යාලුවා - අංකෙ නම් දන්නේ නෑ අංකල් මේ පාරේ කියල තමා කිව්වේ

    අංකල් - නමක් දන්නෙත් නැද්ද ?

    මම - මේ මේ ජයසිංහ , ජයසිංහ කියලා කෙනෙක්

    අංකල් - ජයසිංහ නම් මම තමා ,මේ පාරේ වෙන ජයසිංහලා නෑ

    මම නිකමට යාළුවා දිහා හැරිලා බැලුවා , බලද්දී මූ ගේට්ටුවෙනුත් එහා පාරේ දුවනවා . ඉතිං ඌව තනියෙන් යවන්න් හොඳ නැති නිසා අංකල් කට අරගෙන බලං ඉද්දි මාත් පස්සෙන් දිව්වා

    BalasPadam
    Balasan
    1. මමත් ගැටයා කාලේ ගල්කිස්සේ හුලුදාගොඩ පාරේ ඔහොම ඉව කර කර ගියා යාලුවෙක් එක්ක බොරු නමක් සහ එඩ්‍රස් එකක් අරගෙන

      Padam
    2. සියලු ප්‍රේමාන්විත හැගීම අන්ගෙන්ම පහල කරන අයටද ලව්පූස් කියන්නෙ?

      Padam
    3. උමා කෞශල්‍යා ජයසිංහ, hmm

      Padam
    4. ඔයා එදා අපේ ගෙදර ආව දවසේ මම ජනේලෙන් බලාගෙන හිටියේ.ඇත්තටම මමත් ඔයාට කැමත්තෙන් හිටියෙ අයියේ.ඒත් ඔයා මගෙන් ඇහුවෙ නැහැනේ.ඇයි අනේ ඇහුවෙ නැත්තේ?එහෙනම් මේ හැමෝමටම හොරෙන් අපි අපේම ලෝකයක් හදාගෙන හන්තාන පැත්තේ සීතලට ගුලිවෙලා ඉන්නවනේ.අපි වෙන ආත්මයක හරි අපි අපේම වෙමු.ඔයා අද ආවත් මම අදත් කැමතියි.එහෙනම් අදටඇති ඉවාන් අයියේ.

      - ඔයාගෙම ආදර කෞශි

      Padam
    5. ඉවාන් පුතේ
      උඹට කියන්න පුතේ මට වාසනාව නැති වුනානේ ඉංජිනේරු බෑණෙක් ලබන්න.මේකි ඊට පස්සෙ උඹලගෙ ඉස්කෝලෙ ඉස්සරහ තැඹිලි කපන එකා එක්ක පැනල ගිහින් අන්න ළමයිත් එක්ක ගෙදර ඇවිත් ඉන්නවා.මම යනව දරුවො සමෘධියවත් හදාගන්න පුලුවන්ද බලන්න.දවසට හාල් මිටි බාගයක් වත් යනවා.පුලුවන් නම් පුතේ දැන් ඇවිත් අරන් පලයන්.පාර මතක ඇති නේද.එහෙනම් එන්න දරුවෝ.

      Mr ජයසිංහ

      Padam
    6. කොමෙන්ට්ස් ටිකත් සුපිරි ඕයි . . හෙ හෙ හේ

      Padam
  6. නාලන්දෙට නාලන්දාව කියන පුරුද්දට ආනන්දෙට ආනන්දාව කියලා කීමට ආනන්දාවෙ කොල්ලෝ රුවන්ට ඔස්මන් අයිය දාල ගස්සයිද දන්නෙ නෑ.

    BalasPadam
    Balasan
    1. ඒක මටත් හිතුනා තමයි.
      ආනන්දාව කියපු එක නම් ඔස්මන් අයියට කියන්නම වෙනවා.

      Padam
  7. මේ කියනා සපුගස්කන්ද කිරිබත්ගොඩ මාකොල සපුගස්කන්ද නම් එම කොල්ලන් ඔස්මන් අය්යාට බයවීම සාධාරණය. ඔස්මන් අය්යා යනු කවුරැන්දැයි ගම්පහ ටවුන් එකේ කාගෙන් ඇහුවත් දැනගත හැකිය. නැත්නම් ටිකක් බජාර් බහින කිරිබත්ගොඩ පැත්තේ කෙනෙකුගෙන් වුවත් දැනගතහැකිය. එම කොල්ලන්ගේ බිය සාධාරණය.

    BalasPadam
    Balasan
    1. ඒ කියන්නේ ඔස්මන් අයියා ජීවමාන චරිතයක් ද ?

      Padam
    2. ඔව් ගම්පහ ටවුන් එකේ කෙනෙකුගෙන් ගම්පහ පැත්තේ පොලිස් නිලධාරියෙකුගෙන් අහලා බලන්න. මම දන්න විදිහට මුලින්ම ඔස්මන් අය්යා චන්ඩියෙක් උනේ තමන්ගේ තාත්තට ගහන්න ආපු මිනිහෙකුට ගහලා. ඒ ගහපු එකෙන් හිතපු නැති විදිහට ඒ මිනිහා මැරුනා. පස්සේ ඔස්මන් අය්යා හිරේ ගියා. ඊට පස්සේ ගමේ වලියක් ගියොත් ඒක බේරන්න ඔස්මන් අය්යා සම්බන්ධ උනා. ටික ටික චණ්ඩියෙක් උනා. පස්සේ ලංකාවේ පාතාලේ ප්‍රබල චරිතයක් වෙන ම්ටටමට ආවා. දැන්නම් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. පාතාලෙ උනත් මිනිහගේ කොලිටියක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. මේ ඔක්කොම මම අහලා තියෙන දේවල්. හැබැයි අදටත් මිනිහ ඉන්නවා.

      Padam
    3. Osmand ayya thamai attanagalla court ekede wawul kale mini maruwanta wedi thibbe he is living legend

      Padam
  8. ඔය කියන අයිඩියා නන්ද හිටියේ අසූ ගනන් වල තරුණයා පත්තරේ . .

    BalasPadam
  9. ඔය පාර අහන එකත් හරි ජොලි වැඩේ.. හැබැයි බයික් වල යන ගමන් අහන කොට ගෑණු ළමයි පාර කියන්නෙ බෙල්ලෙ චේන් එකට අත තියාගන.. දුක තමා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. බයික් වල යන ගමන් අහන කොට ගෑණු ළමයි පාර කියන්නෙ බෙල්ලෙ චේන් එකට අත තියාගන //// ආරක්‍ෂක උපක්‍රම

      Padam
  10. Balasan
    1. හැත්තෑ අටේ ආනන්දෙට ගිය අපිට ඔබේ මවගෙන් ඉගෙන ගන්නට ලැබෙන්න නැතිව ඇති මට ඒ නමින් ගුරුවරියක් මතක් කරගන්නට බැහැ.

      ඔබේ කතාවත් කමෙන්ට් ටිකත් හරිම රසවත්.

      Padam
  11. තවමත් මේ වගේ ඇත්තම අයියලා ඉන්නවා. ඒ අයියලාගෙන් විවිධ අය නොයෙක් ප්‍රයෝජන ගන්නවා :D

    BalasPadam
    Balasan
    1. පරණ සින්දුවක් තියනවා, 'සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා' කියලා. රුවන් මිල්ලවාන ඒකට අලුත් වචන දාලා කියනවා 'බොහොම ලස්සනට'

      Padam
    2. ඒවගේම රේඛා සිංදුව - ධනවත් අයගේ බෙල්ලෙ රේඛා.... etc

      Padam
  12. ඔය ඔබ මුණගැසී සහ විස්තර ලියා ඇති ඇති "වනාතෙ / බොරැල්ලෙ ඔස්මන් අයියා" වෙන්න බැරිද? "ඔස්මන් අයියා" සහ "ඔස්මන් අම්මා" ගැන ලිව්ව්වොත් නරකද ?

    BalasPadam
    Balasan
    1. ඔස්මන් අයියා" සහ "ඔස්මන් අම්මා" ගැන මගේ 71 කැරැල්ල පොතේ ලියලා තියනවා

      Padam
  13. මමත් අාදිල් හෂීම්ල ඉන්න කාලෙම තමයි අානන්දෙ (අානන්දාවෙ නොවේ) හිටියෙ. ඒත් ජයතුංග ටීච හමුවෙලා නැහැ. ටීච මොනවද ඉගැන්නුවෙ ?

    BalasPadam
    Balasan
    1. සිංහල සහ ගණිතය ; කපිල විදානරාල ඔබගේ කව්ද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook