Jumaat, 12 Ogos 2016

නරීටා ගුවන් තොටුප​ළ






ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ පුටුවකට බරදී  මම සිටියෙමි.  කැන්සාස් දක්වා යන මගේ ගුවන් යානය එන තෙක් මෙසේ මා සිටිය යුතුය​. ගුවන් තොට ගොඩනැගිල්ල අතිශයින් පිරිසිදුය​. ජපන් ජාතිකයන් සුපුරුදු කඩිසර ගතියෙන් ඒ මේ අත යති. ඔවුන් ඉතා ආචාරශීලීය​. මුහුනේ සිනහව තිබේ. 

දිවා ආහාරයට මම අනුභව කලේ සුෂීය​. විනාකිරි යොදා තැම්බූ බත් සහ මාළු අඩංගු සුෂී ජපන් ආහාරයකි. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලයේ ජපානයට ගිය අපගේ පවුලේ හිතවතෙක්  සුෂී ගැන කීවා මතකය​. ෆූගු කියා තවත් ජපන් මත්ස අහරක් තිබේ. එය පිළියෙල කරන්නේ ඒ සඳහා පුහුණුව ඇති අරක්කැමියන් විසිනි. ෆූගු මාළු වල අඩංගු විශ වර්ගයක් තිබේ. එම විශ ඉවත් කොට  ෆූගු  ඉවිය යුතුය​. 

ජපානයේ ආහාර ගන්නේ චොප් ස්ටික් වලිනි. ඒ සඳහා මට එතරම් අත හුරු නැත​. නමුත් මගේ පුතා චොප් ස්ටික් වලින් අනුභව කිරීමේ සමර්ථයෙකි. ඔහු මටද උගන්වයි.  ටොරොන්ටෝ වල ජපන් අවන්හලක් තිබේ. ඔහු එයට යාමට කැමතිය​. මෙම අවන්හලට ගිය විට සකේ සමග සුෂී ස්වල්පයක් අනුභව කරන මා පසුව නිවසට විත් ශීතකරණයේ තිබෙන යමක් රත් කරගෙන කමි. 

මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන ලද කාලයේ මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ජපන් ජාතික එගුචී මයා මට මතක් වේ. වරක් එගුචී මහතා මා කැටුව නුවර තිබෙන ජපන් අවන්හලට ගොස් සුෂී ඇණවුම් කලේය​. 

එගුචී මහතා තුලින් මම මනා විනයක් දුටුවෙමි. ඔහු ජීවිතය මනා ලෙස වින්දේය​. එසේම දිනපතා භාවනා කලේය​.  වරක් එගුචී මහතාටත් වාරිමාර්ග  ඉංජිනේරු බැසිල් අයියාටත් මම මගේ නිල නිවාසයේ ඩිනර් එකක් දුන්නෙමි. මිනිපේ නාගදීප වාරිමාර්ග ව්‍යාපෘතියේ සේවයෙන් පසුව එගුචී මහතා ජපානයට ගියේය​. 

ජපානයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම වලින් එති. සමහරු නීති විරෝධීව රැඳී ෆැක්ටරිවල යාඩ් වල සේවය කරති. ඔවුන් වසර ගනන් එලියට නෑවිත් මෙම ෆැක්ටරි සහ යාඩ් වල සේවය කරන්නේ පොලිසියෙන් බේරීම සඳහාය​. මෙසේ වසර ගනනක් යාඩ් එකක රැඳී වාහන මිකැනික් කෙනෙක් ලෙස සේවය කල පුද්ගලයෙකු මට හමු වී තිබේ. ජපානයේ සිටි කාලයේ මෙන්ම යලිත් ලංකාවට ආපසු තදින් මත්පැන් පානයට යොමු වූ ඔහු මට හමු වූයේ මෙල් මැදුර ප්‍රතිකාර මධ්‍යස්ථානයේදීය​. ඔහු කියූ පරිදි ලංකාවට යාමට අවශ්‍ය වූ විට ඔවුන් කරන්නේ පොලිසියට සිතා මතා අසුවීමයි. ඉන්පසු ඔවුන්ව ලංකාවට යන ගුවන් යානාවක දමා එවති. 

ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපලේ මම ඉන්නා විට ජපන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අප්‍රිකානු මිනිසෙකු මාංචු දමාගෙන ගෙනාවේය​. ඔහු නයිජීරියාවේ හෝ ඒ ආසන්නයේ රටක විය යුතුය​. මා දුටු ඔහු කිසි වගක් නැතිවාක් මෙන් සිගරෙට්ටුවක් මගෙන් ඉල්ලීය​.  පොලිස් නිලධාරීන් ඔහුව රැගෙන ඈත අසුනකට ගෙන ගිය නිසා මගේ   නිදහසට ඔහුගෙන් බාධා නොවීය​.  

ජපන් ගුවන් යානා සේවිකාවන් ඉතා ආචාරශීලීය​. ඔවුන් නිතරම සිනා මුසු මුහුණින් කතා බස් කරති. ගුවන් යානයට නැගීමට ප්‍රථම කෙරෙන පරීක්‍ෂාවේදී ඔවුන් ඉතා ආචාරශීලී ලෙස මගෙන් පාවහන් ගලවන ලෙස ඉල්ලීය​. එහෙත් සිංගප්පූරුව,  ඉන්දියාව වැනි රටවල මෙය නියෝග ආකාරයෙන් රළුව කෙරෙන බව මම අත්දැක තිබේ. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය​. එහෙත් දශක කීපයක් ඇතුලත ඔවුන් රට ගොඩනගා ජපානය ලෝකයේ මුල් පෙලේ රටක් ලෙස ඔසවා තැබූහ​. ඒ සඳහා කැපවීම , ධෛර්‍යය සහ විචක්‍ෂණභාවය ඔවුනට තිබුණි.

29 ulasan:

  1. ඔබේ මනරම් ලිපිය කියවන්නා තුල ඇතිකරන රුපය ජපානයේ සැබෑ රුපයට ඉතා ආසන්න රූපයකි.

    සාමානයෙන් පොලිසිය වුවද රළු ආකාරයෙන් නියෝග නොදෙන අතර සමාවෙන්න යයි කියමින් ඉල්ලීම් ස්වභාවයෙන් ඒවා ඉදිරිපත් කරයි. පොලිසියේ ගනුදෙනු කරුවන් වන්නේ මහජනයා වන අතර ගනුදෙනුකරුවන්ට හැකි සෑම අවස්ථාවකදීම උපරිම ගරුත්වය ලබාදී අපහසුතාවයකට ලක්නොවෙන සේ කටයුතු කිරීම ජපානයේ ක්‍රමයයි.

    BalasPadam
    Balasan
    1. thanks කෙන්කියුෂා / ගනුදෙනුකරුවන්ට හැකි සෑම අවස්ථාවකදීම උපරිම ගරුත්වය ලබාදී අපහසුතාවයකට ලක්නොවෙන සේ කටයුතු කිරීම ජපානයේ ක්‍රමයයි.///// agree

      Padam
  2. ඔය ජපන් කෑම මමත් එකවරක් කාලා තියනවා. අනේ එහෙම කාලා මදි මටනම්.

    BalasPadam
    Balasan
    1. ඔය කියන්නේ ජපන් කරා ්ට් කෑමක් ගැන නේද ?

      Padam
  3. ජපන් කෑමවලට මමත් හරි කැමතියි. දවසක් දන්නේ නැතිව අමු මාලු (සෂිමි)කෑවා. කාලා ඉවර උනාම තමයි දැනගත්තේ අමු මාලු කියලා. හැබැයි එදා ඉඳලා ජපන් රෙස්ට්ටුරන්ට් එකකට ගියොත් අනිවාර්යෙන්ම සෂිමි ගන්නවා. අදටත් පුලුවන් හැම වෙලාවකම බෙන්තො එකක් අරගන්නවා. බඩ පිරෙන්නේ නම් නෑ තමයි. ඒත් ජපන් කෑම මාර රහයි.

    BalasPadam
    Balasan
    1. ඒත් ජපන් කෑම මාර රහයි.///// මම ආස ඉඟරු පෙති එක්ක බැදපු මාළු ඩිෂ් එක​ට

      Padam
  4. //දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය නට්ටං වී ගියේය​. එහෙත් දශක කීපයක් ඇතුලත ඔවුන් රට ගොඩනගා ජපානය ලෝකයේ මුල් පෙලේ රටක් ලෙස ඔසවා තැබූහ​. ඒ සඳහා කැපවීම , ධෛර්‍යය සහ විචක්‍ෂණභාවය ඔවුනට තිබුණි.// +++++

    BalasPadam
  5. භූමි කම්පා, සුනාමි ආදී ව්‍යසන කොතෙක් බලපෑවත් නොවැටී සිටින්නෙ ඔවුන්ගේ ඇති ධෛයර්‍ය හා කැපවීම නිසයි.

    BalasPadam
  6. ජපන් කෑම කාලා නෑ..ඉස්සර ඔෂින් නම් හැමදාම රාඹු බත් කෑවා මතකයි...

    පොලවටම සමතලා වෙලා මෙහෙම නැගිටින්න, උන් ඇත්තටම හපන්නු තමා...

    BalasPadam
  7. රජයෙන් හැමදේම දෙනකං බලං ඉන්නෙ නැති ජනතාවක් ඉන්න ඕන රටක් දියුණු වෙනව.

    BalasPadam
    Balasan
    1. ඒකට අපේ අයියලා ; නිකක් හාල් දෙනකොට ඒක ගෙනියන්න මල්ලකුත් ඉල්ලුවා

      Padam
  8. ඇත්තෙන්ම සියලු දෙනාට සමාන ගරුත්වයකින් යුතුව සැලකුම් ලබන ජපානයක් බිහිවුනේ සකමොටෝ ර්යෝම ගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙඉජි විප්ලවය තුලිනි. මෙඉජි විප්ලවය තෙක් සමුරායි සමයේ ජපානයේ ඉතිහාසයේ හැසිරීම ඊට බොහෝ සෙයින් වෙනස් වේ.

    සමුරායි සමයේ ජපානය ගැන මම ලියු ලිපියක් මෙම සබැඳියෙන් දක්වමි.

    BalasPadam
    Balasan
    1. ඔවුන් සතුව ප්‍රබල කල්ච එකක් තිබෙනවා

      Padam
  9. විනීත බව ජපන් සංස්කෘතියේම කොටසක් යයි මට සිතේ.

    BalasPadam
  10. හැම රටකින්ම ඇමරිකාවට, කැනඩාවට සංක්‍රමණිකයන් ආවාට ජපානෙන් සංක්‍රමණය වෙච්ච කෙනෙක් මට තවම හම්බ වෙලා නැහැ.

    මේ ලිපිය කියවලා, මේ දෙසැම්බරයේ නරිටා හරහා ලංකාවට යන්න අදහසක් ආවා. ඊළඟ ගුවන් යානයට ගොඩවෙන තෙක් වෙලාව ඇතොත් නරිටා නගරයේත් පැය කිහිපයක සංචාරයක් කරන්න පුළුවන් බව ඔවුන්ගේ වෙබ් පිටුවේ සඳහන්. ඉස්තුතියි ඔබගේ ලිපියට.

    BalasPadam
    Balasan
    1. ජපානෙන් සංක්‍රමණය වෙච්ච කෙනෙක් ඉන්නවා අකාරි කියලා ලෝයර් කෙනෙක් මම දන්න

      Padam
    2. මේ දෙසැම්බරයේ නරිටා හරහා ලංකාවට යන්න අදහසක් ආවා//// +++++

      Padam
  11. ජපානේ දෙමෙල්ලු නෑනේ

    BalasPadam
    Balasan
    1. 1983 පසු ලංකා ද්‍රවිඩයන් ලෝකයේ සෑම මුල්ලකටම විසිරී ගියා. ජපානයේ සුළු කොටසක් ඉන්නවා

      Padam
    2. දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න.

      Padam
    3. දෙමලු කියා මනුෂ්‍යයින්ට පරිබව කිරීමෙන් වලකින්න./////////// +++++++++++++++++++++

      Padam
  12. මේ දවස් වල රුවන්ගේ බ්ලොග් එක බලන්න බැරි උනා වැඩ රාජකාරි බහුල උන නිසා.


    ජපන් ගුවන් යානා සේවිකාවන් ඉතා ආචාරශීලීය​. ඔවුන් නිතරම සිනා මුසු මුහුණින් කතා බස් කරති. ගුවන් යානයට නැගීමට ප්‍රථම කෙරෙන පරීක්‍ෂාවේදී ඔවුන් ඉතා ආචාරශීලී ලෙස මගෙන් පාවහන් ගලවන ලෙස ඉල්ලීය​. එහෙත් සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල මෙය නියෝග ආකාරයෙන් රළුව කෙරෙන බව මම අත්දැක තිබේ.

    සත්තකින්ම ඔව්. ඔවුන් ඉතා මිත්‍රශීලි වේ. සිංගපුරුව ගැනනම් කතා කොට වැඩක් නැත. අපේ මිනිස්සු කරන වැඩ නිසා බොහෝ ගුවන් තොටුපොලවලින් බලන්නේ අමුතුම කෝණයකිනි.

    වරක් මා සැන් ෆ්රැන්සිස්කෝ වෙත පියාසර කිරීමේදී ට්‍රාන්සිට් එක තිබ්බේ සිංගපුරුවෙනි. අඩු මිලට තිබු ගුවන් ටිකට් පතක් මිලට ගත්තත් සිංගපුරුවේ ට්‍රාන්සිට් ටයිම් එක පැය 12 පමණ තිබුණි. නිකරුනේ ගුවන් තොටුපලේ රස්තියාදු වෙමින් කාලය කනවට වඩා එලියට යාමට තීරණය කලෙමි.

    Singapore Immigration එකේ පෝලිමේ සිටිනා විට ඊලග කවුන්ටරය හිස් වී ඇති බව මා නොදැක්කෙමි. එබැවින් තවදුරටත් පෝලිමේ සිටි බැවින් එම නිලධාරියාට කේන්ති ගෝස් විශාල සද්දයකින් මට බෙරිහන් දුනි. ඔහු කාල වර්ණයෙන් යුතු මහත නිලධාරියෙකි.

    ඉන්දියාව ගැන වැඩක් නැත. එය තුන්වන ලෝකයේ දකුණු ආසියානු රටකි.

    BalasPadam
    Balasan
    1. Singapore Immigration එකේ පෝලිමේ සිටිනා විට ඊලග කවුන්ටරය හිස් වී ඇති බව මා නොදැක්කෙමි. එබැවින් තවදුරටත් පෝලිමේ සිටි බැවින් එම නිලධාරියාට කේන්ති ගෝස් විශාල සද්දයකින් මට බෙරිහන් දුනි. ඔහු කාල වර්ණයෙන් යුතු මහත නිලධාරියෙකි.//////////// They never do it for a white person

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook