අනූව දශකය මුල භාගයේ මොස්කව් නගරයේ නීති විරෝධී සංක්රමනිකයන් බොහෝ දෙනෙකු වූහ. මොවුන් වැඩි වශයෙන් පැමින සිටියේ ශ්‍රී ලංකාවෙනි. ඉතාලියට සහ බටහිර යුරෝපයේ අනෙකුත් රටවලට පැනීමට පැමිනි සිටි මෙම පුද්ගලයන් හඳුන්වන ලද්දේ ගෙම්බන් ලෙසටය. සමහර විට ගෙම්බන් සිසුන් සමග මිත්‍රවී ඔවුන් ගේ පාස්පෝර්ට් පවා සොරකම් කල අවස්ථා වාර්තාවී තිබුනේය. මේ නිසා ලාංකික සිසුන් මහාමාර්ගයේ ගෙම්බන් මුණ ගැසුනු විට තමන් ගැන සත්‍ය විස්තර නොදීමට ප්‍රවේසම් වූහ.
වරක් මම මොස්කව් හි මිතුරෙකු සමග අර්බාත්ස්කය මාවතේ යන විට අංකූරා පෙනුමක් ඇති ගෙම්බෙක් අප දෙදෙනා බලෙන් මෙන් රඳවාගෙන කතාවට අල්ලා ගත්තේය.
ආ ඔයා කොහේද ගෙම්බා මගෙන් ඇසීය.
මමද ? මම පෑලෝස්සේ මම කීවෙමි.
ඒ කොහේද ?
"වැල්ළබඩ හරියේ " මම පිලිතුරු දුන්නෙමි
අහලා නෑනේ ඔය කොහේද? ගෙම්බා විස්තර අසයි
" තල්පේ හරියේ මේ පමනාබම් ඇළ ලඟ "
" මම එහෙම ඇළක් ගැන අහලා නෑනේ " ඔල්මොරොන්දම් වූ ගෙම්බා කියයි.
" ආ ඒ ඇළට කිඹුලාන්ගහනාම් ඇළ කියලත් කියනවා" මම සන්සුන්ව උත්තර දුන්නෙමි.
" අහලා නෑනේ කියා "ගෙම්බා යන්නට ගියේය.
මම කී මේ සියල්ලම ස්ථාන තිබුනේ මඩොල් දූව පොතේය.
ගෙම්බා මඩොල් දූව පොත කියවා තිබුනේ නම් මේ ස්ථාන වහා දැනගන්නේය. කෙසේ නමුත් ගෙම්බා ගෙන් මිදී යාමට මඩොල් දූව පොතේ විස්තර අපට උපකාර විය.
රට පැනීමට ආ ගෙම්බන් ගේම්කාරයන් , ලෝකෝත්තරයන් වූවද සමහර විට අහිංසක අසරණ ගෙම්බන් ද අපට හමුවී තිබේ. එවැනි පුද්ගලයන්ට හැකි අයුරකින් අප උපකාර කලෙමු. එසේම ඉතා හොඳ හදවත් තිබූ කපටීන්ට රැවටී අතරමංව සිටි ගෙම්බන් කීපදෙනක් ද මම මොස්කව් නුවර සිටි අන්තිම කාලයේ මට හමු විය. ඔවුන්ට කෑමටවත් මුදල් නොතිබූ නිසා මම හැකි අන්දමට ඔවුන්ව මගේ මිතුරන් සමග සම්බන්ධ කොට රුසියාවෙන් යන තෙක් සහන සැලසීමට සහාය වූයෙමි.

තල්පේ අපේ සීයගෙ ගම. ආච්චි උණවටුනේ.... බොහෝම සුන්දර ගම්... මට නම් ඔය චරිත ඔක්කෝම හම්බ වෙලා තියෙනවා... ඒවම නෙමෙයි ඊට බොහෝ සමාන චරිත.
BalasPadamඑතකොට පමනාබම් ඇළ ?
Padamමාත් පදිංචි වෙන්න යන්නේ තල්පේ පත්තුවේ.. හැක්. මඩොල්දූව කියවල තිබ්බට මටත් ඔය එකක්වත් මතක නෑ.. මම උනා නම් ඒත් ඇඳ ගන්නවා..
BalasPadamයලිත් වරක් කියවන්න
Padamමඩොල්දුව කියවලා තිබ්බාට ඔය නම් එකක්වත් මටත් මතක නැහැනේ.
BalasPadamයලිත් වරක් කියවන්න
Padamඔය වචනෙ ගස්ලබ්බට කියවෙන්නෙ පම්බානම් ඇල කියලා.. හෙහ් හෙහ් .. ඒක දකිනකොටම හිතුව හැබයි මඩොල්දූවෙ කතාවක් ඇදෙන්න යන්නෙ මොකක් හරි අනාදි වැඩකට තමයි කියලා.. හෙහ් හෙහ්
BalasPadamජයවේවා..!!
ha ha ha
Padamගෙම්බන් මොස්කව් ආවේ මොන විදිහටද?
BalasPadamපැන පැන
Padamමොන පැන පැන ? පෙලේන් එකේ
Padamගෙම්බො ජපානෙත් ඉන්නවා.
BalasPadamඅපිනම් සියනෑ කෝරලේ, අපිට දැනෙන්නේ කේ. ජයතිලකගේ කෘති.
BalasPadamකේ. ජයතිලකගේ කෘතිවල සියුම් ධනාත්මක චින්තනය වගේ දෙයක් තියෙනවා.
ඒ වුනාට මාටින් වික්‍රමසිංහ ඇන්ටන් චෙකොෆ්ගේ ආභාශය ලැබූ කෙනෙක්.
ඇන්ටන් චෙකොෆ්ගේ කතාවල තියෙන මූසල ගතිය මාටින් වික්‍රමසිංහගේ කතාවලත් ඒ විදියටම තියෙනවා.
Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamඔබේ අදහසට යම් ප්‍රමාණයකට එකඟයි ජගත්
Padam