Ahad, 3 Julai 2016

කඳන් තුවක්කු



මම ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වල සේවය කල කාලයේදී කඳන් තුවක්කු හෙවත් ට්‍රැප් ගන් නිසා තුවාල ලැබූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කලෙමි. කඳන් තුවක්කු බඳින්නේ සතුන් දඩයම් කිරීමටය​.  මුවා, ගෝනා, ඌරා යනාදී සතුන් දඩයම් කර ගැනීමට විවිධ වර්ග වල කඳන් තුවක්කු තිබේ. මෙම තුවක්කු වලට යකඩ බට  යොදා ගන්නා අතර අහස් කූරු වෙඩි බෙහෙත්  (සමහරක් විට ගිණිකූරු පෙට්ටි දහයක පමණ ගිණිකූරු හිස් සූරා වෙඩි බෙහෙත් එකතු කරනු ලැබේ) සහ යකඩ ඇණ කැබලි යොදා වෙඩිල්ල සකස් කරයි. ඉන්පසු සතුන් යන මාර්ගයක මේ කඳන් තුවක්කුව සකසා තබයි. 

කඳන් තුවක්කු නිසා මෙම පලාත් වල මිනිසුන් ආබාධිත වී තිබේ. එසේම සමහරු මිය ගොස් ඇත​. කඳන් බැඳීම නිසා සිදුවුන පාද අහිමිවීම් හා මරණ සංඛ්‍යාව යුද්ධය නිසා උතුරු නැගෙනහිර ආබාධිතයන් බවට පත්වීම්වලට මුහුණ දුන් අයට වඩා වැඩි බව වාර්තා වී තිබේ. 

කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා දණහිස තුවාල වූ ගොවියෙකුට මම මාතලේ රෝහලේදී ප්‍රතිකාර කලෙමි. තුවක්කුවේ තිබූ සියුම් යකඩ කෑලි ඔහුගේ අස්ථි තුලට කාවැදී තිබීම නිසා වරින් වර ඔහු කකුලේ අස්ථි ඇටමිදුළු ආසාදනය වන ඔස්ටියෝමයලයිටිස් තත්වයෙන් පෙළුනේය​. මේ නිසා ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙක් විය​. 

තවත් ගොවියෙකු කඳන් තුවක්කුවකට ගොදුරු වන ලද්දේ ඔහුගේ හරක් සොයා කැලෑ වැදීමෙනි. වෙඩි පහර ඔහුගේ දණහිස කුඩු කරගෙන ගොස් තිබුනි. මෙම පුද්ගලයාගේ ජීවිතය බේර ගැනීම සඳහා ඔහුගේ කකුල දණහිසෙන් ඉහලින් කපා දැමීමට සිදු විය​. තවත් වරෙක කඳන් තුවක්කුවක් පත්තු වීම නිසා තුවාල ලබා තිබුනේ පාසල් දරුවෙකි. ඔහු වසරකට ආසන්න කාලයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය​. මේ තුවාල හේතුවෙන් ඔහුගේ අධ්‍යාපනයද අඩාල විය. 

ග්‍රාමීය ප්‍රදේශ වල  සේවය කල කාලයේදී අප සමහරක් විට කැලෑ ප්‍රදේශ වල අැවිදීමට ගියෙමු. ඒ යන විට රිටක් අතින් ගෙන මාර්ගය පාදාගෙන යාමට අප පුරුදුව සිටියෙමු. ඒ මන්ද යත් කඳන් තුවක්කු තිබුනේ නම් ඊට ගොදුරු නොවීම සඳහාය​. 

වරක් මම නෙළුවේ පවත්වන ලද කඳවුරක සෞඛ්‍යය සේවයට ගියෙමි. නෙළුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කඳවුරට පැමිණි හමුදා නිලධාරීන් සාදරයෙන් පිලිගෙන ඔහු විසින් දඩයම් කරන ලද වල් ඌරෙකුගේ ගාතයක් රාත්‍රී ආහාර සඳහා දුන්නේය​. ඌරු- කණ් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දක්‍ෂ දඩයම්කරුවෙකු විය​. පසුකාලයක ඔහු දඩයමේ යද්දී ගෝනෙකුට සකස් කරන ලද කඳන් තුවක්කුවක් පත්තු වී මරණයට  පත් වූ බව අපට ආරංචි විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

41 ulasan:

  1. මෙය දුටුවම මතක් උනේ මගෙ මල්ලි, රිය අනතුරකින් ප්‍රතිකාර ගන්න, වෛද්‍ය පින්ටෝ මහත්මයාගේ වෝඩ් එකේ නේවාසිකව ප්‍රතිකාර ගනිද්දී ඔහුගේ යාබද ඇඳේ උන්නේ, මේ වගේ තුවක්කුවක් පත්තුවෙලා කලවය ආසන්නයට එනකල්ම කකුලක් සහ ඒ හා අස්ථි වලට හානි උන කෙනෙක්...මේ වගේ සිද්ධි බොහොම කණගාටුදායකයි...

    BalasPadam
    Balasan
    1. වෛද්‍ය පින්ටෝ මහත්මයා දක්‍ෂ වෛද්‍යවරයෙක්

      Padam
    2. ඔව් ඔබ සමඟ එකඟයි...එතුමා නිසා තමයි knee cap එක නැතුව උනත් අපේ මලය අදටත් සාමාන්‍ය විදියට ඇවිදින්නේ...:)

      Padam
  2. LTTE එකේ සමහර කඳවුරු වල ආරක්ෂාවට කඳන් බැඳ තිබුණා. අපේ අයට බරපතල තුවාල වුනු අවස්ථා තිබුණා. නමුත් අපි ඔය වැඩේ කලානම්, යුද අපරාධ කළා කියා, රෙද්ද කරට අරන් කෑ ගහනවා.

    BalasPadam
    Balasan
    1. LTTE එක ඕක නොකරනම් තමයි පුදුමේ

      Padam
  3. තාමත් ඕවා බඳිනවා... හිටපු ගමන් පෙන්නන්නේ ඕවා පත්තු වෙලා මැරිච්ච උනුයි, තුවාල වෙච්ච් උනුයි... අනික් අපරාදේ හක්ක පටස්.. සතෙක් මරනවා නම් එක පාරින් මරන්න ඕන. වද දෙන්නේ නැතිව. සතෙක් නෙමෙයි මනුස්සයෙක් උනත් එහෙමයි.

    BalasPadam
    Balasan
    1. හක්ක පටස් ගැන වෙනම ලියන්න ඕනේ මාතේ ඒකනම් සහගහන අපරාධයක් සතුන් විඳවන හැටි දැක්කම

      Padam
    2. //සම්පූර්ණයෙන් එකඟයි.//

      මසට සාදන සතුන් සඳහා ඇති ඝාතනාගාර වුනත් එසේ විය යුතුයි. ලංකාවේ ඝාතනාගාර ඉතා නොදියුණු , ඉතා වේදනාකාරී ලෙස ක්‍රියාත්මක වෙන්නේ. 60 ගණන්වල රජය ඒවා දියුණු කරන්න හදනකොට හාමුදුරුවරු විරුද්ධවුනාලු බෞද්ධරටේ රජය ඕව කරන්න එපා කියල. එනිසා වද දීල මරණවා සතෙක් මරනවා නම් එක පාරින් මරන්න ඕන. වද දෙන්නේ නැතිව.
      කැලෑ සතුන්ගෙන් වැඩියෙන්ම දුක් විඳින්නෙ අලි. හක්ක පටස් විතරක් නෙමෙයි ෂොට් ගන් හා කොටන තුවක්කු වලින් තියන වෙඩි මාරාන්තික නෑ උන්ට. ඉතින් විඳවනවා තුවාල හදිල

      Padam
  4. married guns are illegal no.

    BalasPadam
  5. සූරිය අරණ ෆිල්ම් එක මතක් උනා..

    කඳන් බැඳලා දඩයම් කරන අය තමන්ගෙම තුවක්කුවට හරි වෙන තුවක්කුවකට හරි අන්තිමට අහුවෙනවා කියලා අහල තියනවා..

    BalasPadam
    Balasan
    1. සූරිය අරණ ෆිල්ම් එකේ කඳන් තුවක්කුවක් පත්තු වන සීන් එකක් තියනවා නේද ?

      Padam
  6. කැලෑපැතිවල මේවා වගේම තුවාල වෙන ඒකත් සෑහෙන සුලභයි.

    BalasPadam
  7. ඔය සංවාදෙදි මතුවෙන්න ඕන තවත් කාරනාවක් තමයි මිනිස්සු ඇයි සත්තු මරන්නේ කියල, කඳන් බැඳලා හෝ වෙඩි තියල හෝ වෙන යම් විදියකට. විශේෂයෙන් වගා ආරක්ෂාවට මිනිස්සු සත්තු මරනවා ගොඩක් වෙලාවට . තමන් ජීවත් වෙන්නෙ ගොවිතැනින් නම්, ගොඩ එන්න ගෑණිට දරුවන්ට කන්න දෙන්න තියන එකම මාර්ගය කුඹුරක් හෝ හේනක් හරි නම් ඒ දුක් මහන්සියෙන් හදාගත්ත වගාව පාලු කරන්න ඒක විනාශ කරන්න අලියෙක් නෙවෙයි පියාපත් තියන සුදු කගවේනෙක් ආවත් වෙඩි තියල මරන්න වෙනව. අන්න ඒ වගේ සංවේදී කාරණාත් ඔය වෙඩි බැඳිල්ල, හක්කපටස් තිබිල්ල, වෙඩි තියල සත්තු මැරිල්ල ඇතුලෙ තියනව. ආතල් එකට සත්තු මරණ එක, කන්න ජොලියට සත්තු මරණ එක නෙවෙයි ගොඩක් වෙලාවට සුලභ. අර මුලින් කිව්ව වගේ කාරණා. තමන්ගේ දරු පැටවූ බඩගින්නේ කන්න ඉල්ලනකොට ඒ දෙන්න තියන දේ විනාශ කරන්න එන මොක උනත් මරල හරි උන්ව රැකගන්න එක හරිම සාධාරණයි.මිනිස්සුන්ගෙ වැරදි තියනව තමයි. කැලේ එලිකරලා අනවසරයෙන් ගෙවල් හදාගෙන එතනම වගා කරගෙන වැරදි කරනව මිනිස්සු. හැබැයි සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් තියනවා ජීවත් වීමේ අයිතිය, ඉන්න තැනක් හදාගන්න අයිතිය, ජීවනොපයක් කරගැනීමේ අයිතිය. වෙනත් රක්ෂාවක් කරලා වෙන විදියට ජීවත් වෙන මිනිස්සුන්ට ඕක දැනෙන්නෙ නෑ. අනේ සත්තු පව්, අයියෝ අච්චර ලොකු අලියව මරල, කියල පිටින් බලල කියන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ඇතුලාන්තය බැලුවොත් ඒ මිනිස්සුත් පව්.

    BalasPadam
    Balasan
    1. //හැබැයි බොහෝ වෙලාවට ඇතුලාන්තය බැලුවොත් ඒ මිනිස්සුත් පව්.//

      උඹ හරි බං.ඔය අලින්ගෙන් බැටකාපු උන්ම කොච්චර එනවාද අලියෙක් ලිඳක වැටුනාම ඌව ගොඩගන්න.සමහර වේලාවට වෙඩි වැදිලා වැටිලා ඉන්න අලින්ට කන්න බොන්න ගිහින් දෙන්නෙත් අලින්ගෙන් අම්බානකට බැටකාපු මිනිස්සුමයි.

      Padam
    2. සජ් 100 % එකඟයි මතුකරපු කාර​ණා

      Padam
    3. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    4. මේ සජ්ජගෙ comment එකක්ද නැත්නම් තවත් post එකක්ද ?

      Padam
    5. පෝස්ට් එකක් ලියන්නත් පුළුවන් ඕනේ නං heh...

      Padam
    6. පුඟුල් කතාව තිත්ත වුණා කිව්ව නේද ? ඔන්න ඒක නවත්තල දැම්මා 😀

      Padam
  8. මම අහල තිබ්බෙ 'තුවක්කු බඳිනවා' කියන යෙදුම. ඕක මුවන් පැලැස්සෙන් තමයි මුලින්ම ඇහුවෙ. 'කලුකුඩු බස්නේ දෙනවා' කියලා තමයි කදිරගෙ 'තුවක්කු බැඳිල්ල' ගැන වෙදරාල හෙම කිව්වෙ

    BalasPadam
    Balasan

    1. ඕක ඕක මුවන් පැලැස්සෙත් තිබ්බා අන්දරේත් තුවක්කු බැන්දා

      Padam
  9. අවි ගත්තෝ අවියෙන්ම, එහෙම නං කමක් නෑ මේ අහක ඉන්න උන්ටත් පත්තුවෙලානෙ :(

    BalasPadam
  10. ඒක නම් එහෙමයි

    BalasPadam
  11. සතෙකුට තුවක්කුවකින් වෙඩි තියල මරණ එක තරමක් හෝ එකඟ වෙන්න පුළුවන් මේ වගේ වැඩ වලට වඩා...

    BalasPadam
  12. //ඌරු- කණ් මහත්තයා//
    ඌරු කලුමහත්තය කියල ඒ පැත්තෙ අය කිව්වෙ

    BalasPadam
    Balasan
    1. මිනිහා ප්‍රසිද්ද්ද චරිතයක් ඒ පැත්තේ

      Padam
  13. කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ දනහිසේ උසටමයි බැඳෙන්නේ.ඉතින් වැදුනොත් දනහිස ඉවරයි.

    ඕක කොච්චර කිවුවත් මිනිස්සුන්ගේ ජීවනතත්වයත් එක්ක නවත්තගන්න බැරිදෙයක්.එළවලු කොටුවකට හාවෙක් පැන්නොත් ඒ මිනිස්සුන්ගේ වගාව ඉවරයි. ළමයි ,පවුල අනාතයි.ඉතින් ඒ මිනිස්සුන්ට ඒ සත්තු මරනවා ඇරෙන්න විකල්පයක් නෑ.ඒ මගේ නිස්සු අසරණයි, සත්තු වගේම....

    BalasPadam
  14. කදන් වලින් දරුණුම එක ඌරන්ට බඳිනඑක.ඒක මිනිස්සුන්ගේ දනහිසේ උසටමයි බැඳෙන්නේ.ඉතින් වැදුනොත් දනහිස ඉවරයි.

    ඕක කොච්චර කිවුවත් මිනිස්සුන්ගේ ජීවනතත්වයත් එක්ක නවත්තගන්න බැරිදෙයක්.එළවලු කොටුවකට හාවෙක් පැන්නොත් ඒ මිනිස්සුන්ගේ වගාව ඉවරයි. ළමයි ,පවුල අනාතයි.ඉතින් ඒ මිනිස්සුන්ට ඒ සත්තු මරනවා ඇරෙන්න විකල්පයක් නෑ.ඒ මගේ නිස්සු අසරණයි, සත්තු වගේම....

    BalasPadam
    Balasan
    1. ගෝනට බඳින එක වැදුනොත් මැරෙනවා

      Padam
  15. බාලදක්ශ ගවේශන චාරිකා සංවිධානය කරන්න කැලේ යනකොට සතියකට හමාරකට කලින් ගමේ 'පණිවිඩ යැවිය හැකි' අයවළුන් දැනුවත් කරනවා කඳන් අයින් කරන්න අපි කැලේට යනවා කියලා.ඒත් අන්තිම මොහොතෙත් අපි කැලේට යනකොට සමහරු බස බස ගාල කඳන් ගලවන් දුවන වෙලාවල් තියෙනවා.. පත්තු උනා නම් කඳ බහිනකොට හබක්..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ඒකනම් හොඳයි නැත්නම් ලමයෙකුට අණතුරක් උනොත්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook