Rabu, 27 Julai 2016

බාලදක්‍ෂයා

 

මම මුලින්ම පෝතක බාලදක්‍ෂයෙකු වූයේ 1974 වසරේදීය​. එවකට මා සිටියේ දෙකේ පන්තියේය​. බාලදක්‍ෂ අචාර්‍යවරු අප ආකේලා ලෙස හැඳින්වූයෙමු. අපට බාලදක්‍ෂ  විෂය ඉගැන්වීමට ගුණරත්න ආකේලා , ගුණපාල ආකේලා සහ විජේසිංහ ආකේලා වූහ​. මින් විජේසිංහ ආකේලා පසුව ඇමරිකාවේ පදිංචියට ගියාය​. මේ ආකේලාලාට අමතරව සෙනෙවිරත්න සර් ද වූයේය​. එසේම ප්‍රකට බාලදක්‍ෂ ආචාර්‍යවරයෙකු වූ මැල්කම් සර් ද වරක් ආවා මතකය​. 

පෝතක බාලදක්‍ෂයන් ලෙස අප මීරිගම බාලදක්‍ෂ පුහුණු කඳවුරට ගියෙමු. එසේම සර්වෝදයටද ගියා මතකය​. බාලදක්‍ෂ වැඩ සතියට අප කාණ්ඩ වශයෙන් නිවෙස් වලට ගොස් වැඩ  කර මුදල් උපයා දුන්නෙමු. 

ඉහල පන්ති වලට ගිය විට මම බාලදක්‍ෂයෙකු වූයෙමි. බාලදක්‍ෂයෙකු ලෙස මම වාර්ශික විහාර මහ දේවී උද්‍යානයේ පවත්වන කඳවුරු වලට මෙන්ම අතුරුගිරිය (1979) හැටන් (1981) ගාල්ල (1982) කඳවුරු මෙන්ම 1983 අනුරාධපුරයේ පැවති  ලෝක බාලදක්‍ෂ ජම්බෝරියටද සහභාගී වූයෙමි. 

1979 අතුරුගිරිය කඳවුර පවත්වන ලද්දේ ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ මිලින්ද පීරිස් ගේ නායකත්වයෙනි. ඔහු වර්තමානයේ යුද හමුදාවේ ජෙනරාල්වරයෙකි. 

1981  හැටන් කඳවුරට අප බාලදක්‍ෂයන් පස් දෙනෙකු දුම්‍ රියෙන් හැටන් වෙත ගොස් තේ වත්තක කඳවුරු ගැසුවෙමු. තනිව ඉවීම් කරන ලද්දේ අප විසිනි.  තනිව තමන් ගේ වැඩ කර ගැනීමට අප පුහුණු වූයෙමු. එසේම අප පා ගමනින් නෝටන් බ්‍රිජ් වෙතද ගියෙමු. එකල අට වසරේ සිටි අප නන්නාඳුන පළාතකට ගොස් කඳවුරු දිවිය ගත කිරීම අද කාලයේ ළමුන්ට කල හැකිද කියා මම සිතමි. 

1982 ගාල්ල කඳවුර පවත්වන ලද්දේ රිච්මන්ඩ් විද්‍යාලයට අයත් වූ රජෙස්කන්ද නම් ස්ථානයේ ය​. අපට උපකර සඳහා රිච්මන්ඩ්  විද්‍යාල බාලදක්‍ෂයන් ද ආහ​. මින් එක් බාලදක්‍ෂයෙකු වූ නීලාංග ලියනගේ අද දිනයේ ඇමරිකාවේ ප්‍රකට   විශේෂඥවරයෙකි. මෙම කඳවුරෙන් පසුව අප පිලියන්දල මධ්‍ය  මහා විදුහලේ තිබූ කඳවුරකටද සහභාගි වී කඳවුරු දෙකකට සහභාගි වීමේ වාර්තාවක් තැබුවෙමු.      
1983 අනුරාධපුරයේ පැවති  ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​. මෙම ජම්බෝරියේදී මට ආනන්ද විද්‍යාලයේ බාලදක්‍ෂයෙකු වූ කුසල් මෙන්ඩිස් හමු විය​. කුසල් වර්තමානයේ සම්පත් බැංකුවේ පරිගණක නිලධාරියෙකි. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු  සිතූහ​. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි. 

බාලදක්‍ෂ ජීවිතය අර්ථ සම්පන්නය. එය ජීවිතයට එලදායි අන්දමින් බල පවත්වයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 ulasan:

  1. අපි ඉස්සර පන්තියෙ ඉන්නකොට බාලදක්ෂයන්ට වෙනම නෝටිස් එනවා. ලොකු විතාන සර් හිටියොත් කියන්නෙ, 'ආං බාලයක්ෂයෝ පලයල්ලා' කියලා.

    BalasPadam
    Balasan
    1. අපේ හිටියෙ පෙරේර සර්... තාමත් ගස්ලබ්බට එතුමගෙ අත්සන අතට හුරුයි.මොකද උදේට ඔහොම නෝටිස් ලියල පොඩි එවුන්ට දීලමයි එන්නෙ ඇවිත් අපිව එලියට ගනින් කියලා.. 80% එපැයි.හෙහ් හෙහ්

      Padam
    2. අපි ඔක්කොම බාලයක්ෂයෝ

      Padam
  2. බාලදක්‍ෂ වැඩසතිය ඒක කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් .....

    BalasPadam
  3. පෝතක කාලෙ ඉඳන් ජනාධිපති පදක්කම ගන්න කාලෙ වෙනකන් පුදුම අත්දැකීම් කන්දරාවක් ලබන්න පුළුවන්.. ටිකක් නිර්මාණශීලී උනොත් ෆන් එක ඩබල් කරගන්නත් පුළුවන්.. මතක් වෙනකොටත් සනීපයි.
    ජයවේවා..!!

    BalasPadam
  4. හෙහ් හෙහ්, පාසලේදී කළේ ශිෂ්‍යභට කටයුතු පමණයි. බාලදක්ෂ වැඩ කලේ නැත.

    BalasPadam
  5. බාලයක්ස
    රෑට කැස්ස
    ගනින් කොස්ස
    බැහැපන් දොට්ට

    BalasPadam
  6. මගේ ජීවිතෙත් සොඳුරැ කාලයක්. මමත් බාලදක්ෂයෙක් වෙලා හිටිය කාලේ ගැන පෝස්ට් එකක් ලියලා තියෙනවා. තව ටික දවසකින් දාන්නම්. වැඩ සතිය, කඳවුරැ තමයි අපේ සුන්දරම අත්දැකීම්.

    BalasPadam
    Balasan
    1. for Sali - යාවත්කාලීන කර https://www.facebook.com/groups/ScoutingBloggers/ සමග බාලදක්ෂයන් හා බෙදා ගන්න...

      Padam
  7. මමත් ටික දවසක් ගියා... වැඩේ අල්ලලා ගියේ නෑ...

    BalasPadam
    Balasan
    1. අපිටම සෙට් වෙන බුවාල හිටපු නිසා දිගටම කලා

      Padam
  8. අනුරාධපුරේ ජම්බෝරිය තිබ්බෙ 1982 ද? මමත් ඕක බලන්ට ගියා. හැබැයි ඒ බාල දක්ෂයෙක් හැටියට නම් නෙවෙයි. නරඹන්නෙක් හැටියට.

    මම පෝතක බාල දක්ෂයෙක්. ඒත් එතනින් උඩට ගියේ නෑ.

    "හායි හායි හායි සුවලෙන් හායි, සූපාකෝ වෙක්කෝ, සූපාකෝ වෙක්කෝ, සූපාකෝ වෙක්කො වෙක්කො හායි" ඔය වගෙ සිංදුවක් අපි කඳවුරු වලදි හවසට කිව්ව මතකයි.

    BalasPadam
  9. අහම්බෙන් දැකීමට ලැබීමත් ප්‍රීතියක්. මෙය අපි http://baladakshaya.blogspot.com/ හි පලකරනු ලැබුවා...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook