මම යෝක් විශ්ව විද්‍යාලයට යමින් සිටියෙමි. මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් සමග මට උදෑසන දහයට ඇපොයිමන්ට් එකක් තිබේ. මම මඳක් ප්‍රමාදය. එම නිසා මඳක් වේගයෙන් රිය ධාවනය කලෙමි.
පාරේ එක් ස්ථානයක රියැදුරන් වාහන නවතාගෙන පාර හරහා ගිය පාත්තයන් පාර මාරුවී යන තෙක් සිටිති. යළි වාහන ධාවනය ඇරඹුනේ පාත්තයන් පාර මාරුවී ගිය පසුවය. බෞද්ධ රටක් ලෙස ප්‍රචලිත ක්‍රිස්තියානි , හින්දු ඉස්ලාම් ආගම් අදහන්නන් ද සිටින ලංකාවේ මෙසේ පාත්තයන් පාර මාරුවී ගියහොත් උන්ට අත් විය හැකි ඉරණම පිලිබඳව මම කල්පනා කලෙමි. එය දේශ ද්‍රෝහී ආගම් ද්‍රෝහී සිතුවිල්ලකි.
(චායාරූපය ගත්තේ මා විසිනි)

ලස්සනයි
BalasPadam++++++
Padamලංකාවේ මිනිස්සු එහෙමම සත්තු මරන්නේ නැහැ.
BalasPadamඅම්මප ඇත්ත අපේ මිනිස්සු ඉබ්බෙක් පාරේ ගියොත් එහෙම ඌව පාරේ කොනෙන් තියනවා (ඉබි කට්ට)
Padamඇත්තටම මම එහෙම කළානේ. ත්‍රිකුණාමලේ යද්දී ලස්සන පාට ඉබ්බෙක් පාරේ ගියා මම අතින් අරන් ගිහින් පාරේ අනිත් පැත්තෙන් දැම්මා. ඊට පස්සේ තව වාහනේක ගිය බුවෙක් නවත්තලා බලන් ඉඳල මට අවතී කිව්වා. "මම බලන් හිටියේ ඔයා ඉබ්බා රන් යයිද කියල. හොඳ වැඩක් කලේ කියල."
Padamලංකාවෙ පාරවල් වල හිටියත් ගනන් ගන්නෙ නැත්තෙ ඉතුරු වෙලා ඉන්නෙ නිදහසේ ඉන්නෙ තාරුකා ඉබ්බො විතරයි හැක්
Padamgood work Ajith
Padamඅපේ එවුන් කරන්නේ නන්නත්තාරවෙලා යන්ඩ හෝන්එක ගහන එක. !
BalasPadamහෝනෙක කමක් නෑ කියමු , අමු අමුවෙම පාත්තයෝ කාර් එකේ දාගෙන ගියොත් ?
Padamඔතනින් බේරලා යවනවා තමයි මොකද, ඩක් සීසන් එකේ දී වැඩේ දෙන්න තියෙනවා නේ!
BalasPadam"duck shooting in canada"
!!!
http://anonhq.com/brutal-secret-video-recording-reveals-australian-cows-killed-sledgehammers-vietnam-video/
Padamඔව්, මේ වගේ දරුණු වැඩ නිසා ඕස්ටේර්ලියාවෙන් මස් සඳහා හරක් පිටරට යැවීම කාලයක් තිස්සේ නතර කරළා තිබුණා. එයට මූලික හේතුව වුනේ ඉන්දුනීසියාවට යවන හරක් අමානුෂික ළෙස පහර දී මරා දැමීමයි.
Padamhttp://www.smh.com.au/environment/animals/live-cattle-ban-to-stay-20110607-1fr8b.html
විවිධ දැඩි කොන්දේසි යටතේ පසුව යළි ඇරඹුණා!
http://www.abc.net.au/news/2011-07-06/government-lifts-live-cattle-export-ban/2784790
මෙවැනි දේ ලෝකයේ කොහෙත් සිදුවෙනවා. අපේ රටේ අර මුන්නේශ්වරම් දේවාලයේ බිලි පූජාව හොඳ උදාහරණයක්.
Padamathha
Padamමේකත් බලන්න!
BalasPadam"animal rescue in Sri Lanka"
thanks
Padamමා හිතන්නේ ඒ ඒ සංස්කෘතිය, හැදිච්චකම, රියදුරාගේ ඒ අවස්ථාවේ තිබෙන මානසිකත්වය මත, මේ තත්වය වෙනස්වෙන්න පුළුවන්.
BalasPadamවරක්, මා ගමන් කල යුද හමුදා ජීප් රථයේ රියදුරා, පාර හරහා පැන්න බල්ලෙකු බේරන්න කියා, රථය ඉවතට හැරවීම නිසා, පදිකයකුගේ ජීවිතය නූලෙන් බේරුණා. ඔහු බෞද්ධයකු නිසා, මා ඔහුට කියාදුන්නා, චේතනාන්විතව බල්ලා යටකලේ නැත්නම්, අහඹු සිදුවීමක් ලෙස, මිනිසකු රථයට යටවුනත්, ඔහුට පාපයක් සිදු නොවන බව.
නමුත්, හොඳ රියදුරකුට, තමන්ගේ ඉදිරිපස අංශක 120 ක පමණ කෝණයක, චලනය වන දේ පෙනිය යුතුයි. තම වේගය තැනට සුදුසුද යන්න ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවමත්, කොළඹ පෑලියගොඩ පැත්තේ, පාරේ හරක් ඉන්න අවස්ථා මා දැක තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල, දහස් ගණනක හරක්/එළු/රංචු, පාර පනින තුරු, වාහන නවතාගෙන ඉන්නට සිදුවෙනවා.
එතකොට සෑර් උතුරේ දෙමල්ලු මරද්දී පාපයක් උනේ නැද්ද?
Padamකිසිසේත් නෑ. මැරුවේ දෙමෙල්ලු නෙවෙයි. ත්‍රස්තවාදීන්. නිකම් නෙවෙයි, සටනේදියි මැරුවේ.
Padama good answer
Padamමම ඇමරිකාවට ගිය අලුත ඇමරිකාවේ මහා මාර්ග පදිකයින්ට කොතරම් ආරක්‍ෂිත ද කියලා වැටහුනා. පාර පනින විට සුදු ඉරි ( ලංකාවේ කහ ඉරි ) ආසන්නයට ආ විගස වාහන නවත්වා පාර පැනීමට ඉඩ සලසයි.
BalasPadamමම ඇමරිකාවට ගිය අලුත ඇමරිකාවේ මහා මාර්ග පදිකයින්ට කොතරම් ආරක්‍ෂිත ද කියලා වැටහුනා. පාර පනින විට සුදු ඉරි ( ලංකාවේ කහ ඉරි ) ආසන්නයට ආ විගස වාහන නවත්වා පාර පැනීමට ඉඩ සලසයි.
BalasPadamයමපල්ලෙක් පාර පනිනකොට ලන්කාවෙදි නම් යට කරනවා.
Padamtrue
Padamමේ පාත්තයන්ට දඩ ගහන්න ඕනේ පදික මාරුව පාවිච්චි නොකළාට.
BalasPadamපාරේ ඉන්න දඩාවතේ යන බල්ලෝ පාර මාරු වෙන්න ගොඩ වෙලාවට පදික මාරුව භාවිතා කරනවා...
Padamha ha ha
Padamඕක සත්ව කරුනාවට වඩා රිය පැදවීම සම්බන්ධ ගැටළුවක් බවයි මට තේරෙන්නේ . මොකද ලංකාවෙ මහා මාර්ග අනතුරු නිසා මිනිසුනුත් සෑහෙන ලක් වෙන නිසා. ලොරි හා බස් රියදුරන් බොහෝ විට සතුන්ට බ්‍රේක් නොකරන බව අසා තිබෙනවා. නමුත් ඔවුනුත් සතුන් බේරන අවස්ථා දැක තිබෙනවා.
BalasPadamබොහෝ විට යන වේගය (පාලනය කල නොහැකි) නිසා සතුන් යට වෙනවා.
agree
Padamවාහන කෙසේ වෙතත් දඩමස් හොයන අයගෙන්නම් පාත්තයන්ට බේරෙන්න පුලුවන් වෙයිද කියන එක නම් සැකයි. මොකද ලංකාවේ ඉන්නේ දඩමස් කියලා බලුමස් උනත් කමක් නෑ කියලා කන අයනේ.
BalasPadam* ලංකාවේ දඩමස් ලෝලීන්ට ඇතිතරම් සතුන් ලංකාවේ දඩයම් නොකෙරේ. බොහෝ දෙනා හොයන වල් ඌරන් ( උන්ගේ නමට නොගැලපෙන ආකාරයට මිනිසුන්ගෙන් ප්‍රවේසම් නිසා) ප්‍රවේසම් නිසා ඔය කියන ආකාරයට වල් ඌරු මස් සැපයුමක් නම් තිබිය නොහැක.
කෙසේ වෙතත් සමහරක් වල් ඌරන් කියා මරන්නේ වල් උනු ගම් ඌරන්ය. (https://en.wikipedia.org/wiki/Feral_pig)
දඩමස් කියලා බලුමස් //////////// ++++++++++++
Padamඟංගාරාමේ ගාව බේරේ ඉන්න පාත්තයෝ ටිකත් මේ විදියටම පාර මාරුවෙනවා... මම වෙලාවක අහු උනොත් පොටෝ එකක් අල්ලලා දාන්නම්.. උදේට හවහට ගිනි කළබලේ වාහන පදින උනුත් නවත්තගෙන බලාගෙන ඉන්නවා.. හැදියාව නිසාද ලැජ්ජාව නිසාද කියන්න නම් දන්නේ නෑ...
BalasPadamහැදියාව නිසාද ලැජ්ජාව නිසාද කියන්න නම් දන්නේ නෑ...///
Padamලැජ්ජාවට වෙන්නැ හැක්
mmmmmmmmmmmm
Padamඇත්තෙන්ම අපේ වෛද්‍ය තුමාට මේ ලිපියෙදිනම් කියවිලා තියෙන්නේ ජාති ද්‍රෝහී ආගම් ද්‍රෝහී කථාවක්ම තමයි
BalasPadamමම එහෙම කියන්නේ අපහාසයකට නෙවෙයි,
ඇත්තෙන්ම යහපත් බව හෝ අයහපත් බව කියන එක එක් ජන වර්ගයකට, රටකට ප්‍රදේශයකට, ආගමික කණ්ඩායමකට, ආදී වශයෙන් කිසියම්ම වූ පොදු කුලකයකට සම්පින්ඩනය කල නොහැකියි.
ඕනේම කුලකයක් තුල සිටින සෑම එක් මිනිසෙක්ම වෙනස් හා අනන්‍යයි.
අපි මේ සත්‍යය තේරුම් ගත යුතුයි.
මිනිසුන් පමණක් නොවෙයි සෑම එක් සත්ත්වයෙක්ම එකිනෙකාට අනන්‍යයි.
නයනේ කියන එක ඇත්ත , ඒත් පොදුවේ බලන්න ලන්කාවේ මේ වගේ නිදහසේ සත්තු ගියොත් මොකද වෙන්නේ කියලා
Padam"ඒත් පොදුවේ බලන්න ලන්කාවේ මේ වගේ නිදහසේ සත්තු ගියොත් මොකද වෙන්නේ කියලා?" නවත්වන උන් නවත්වයි, යටකරන උන් යටකරයි!ගොබ්බ කතා කියන එවුන් ගොබ්බ කතා කියයි!
Padamලංකාවෙ පාත්තයෝ නොගියට වෙන සත්තු නම් අනන්තව පාර පනිනවා.රෑට පාළු පාරවල් වලදි හාවො නරි මුගටි එහෙම නිතර දකින්න පුළුවන්.නමුත් ලිප්යේ උළුප්පා දකවා ඇති ආකාරයට හානිකර ක්‍රියා සිද්ධවෙන බවක් නම් දැකලා නෑ.පාරෙ යන බල්ලො බේරන්න ගිහින් හොම්බ තලාගත්තු බයික් කාරයො,රියදුරෝ නම් නිතරම රෝහල් ගතවන බව ආරංචියි..
BalasPadamමොනව උනත් හොඳ වැඩක්.
ජයවේවා..!!
But the court didn't agree.
BalasPadamEmma Czornobaj gets 90 days in jail for duck-stopping deaths .
At least research before posting stupid posts!