
මාතලේ රෝහලේ සීමාවාසික පුහුණුව ලැබූ කාලයේ මට තිබුනේ 13 ශ්‍රී නිසාන් සනී ස්ටේෂන් වැගන් රථයකි. වරක් මම කොලඹ සිට හිමිදිරියේ මාතලේ බලා ගමන් ඇරඹුවේ උදෑසන අට වන විට ශල්‍ය වෛද්‍ය සායනයේ සිටීමටය.
කටුගස්තොට දක්වා මම කිසිදු ගැටළුවකින් තොරව ආවෙමි. කටුගස්තොටින් පසු මම මාතලයට යන්නේ අකුරණ හෝ උකුවෙල හරහාය. මෙදින මම අකුරණ පාර අතහැර උකුවෙල පාරේ ගියෙමි. මඳක් දුර යන විට වාහනයේ මිස් එකක් වන බව මට දැනුනේය. එම නිසා මම වාහනය නවතා ලඟ ගරාජ් එකක් තිබෙනවාදැයි පාරේ ගිය ත්‍රීවීල් එකකින් ඇසුවෙමි. ත්‍රීවීල් රියැදුරා මට කඩමණ්ඩියක් පෙන්වා එතැනට යන ලෙස කීවේය.
ඔහු කියූ පරිදි මම එතැනට ගොස් පරණ ගරාජ් එකක් සොයාගතිමි. තවමත් උදෑසන නිසා ගරාජය ඇර තිබුනේ නැත. නිදි ගැට කඩමින් බාසුන්නැහැ අැවිත් බොනට්ටුව ඇරියේය. විනාඩි කීපයකින් රෝගය ඩයග්නෝස් කල ඔහු කාබියුරේටර් එකේ ලෙඩක් කීවේය. ඉන්පසු ඔහුගේ ගෝලයා වූ වයස දහ හතරක් හෝ පහලවක් වූ කොලුවාට කතා කොට කාබියුරේටය ගලවන ලෙස නියෝග කලේය.
මේ කොල්ලාට මගේ වාහනයේ කාබියුරේටය ගැලවිය හැකිදැයි මම සිතන පරක්කුවට ඔහු යතුරක් ගෙන නට් බුරුල් කරන්නට විය . . ඒ අතර බාසුන්නැහැ බීඩියක් බොමින් පාර පැත්තට ගියේය. මම අසරණව බලා සිටියෙමි.
කොල්ලා නට් බුරුල් කරමින් කාබියුරේටය කෑලි වලට ගැලවීය. එතැන කෑලි සියයකට වඩා තිබුනේය. ඉක්මනට ගැලෙව්වාට මොවුන්ට මෙය සවි කිරීමට හැකි දැයි මම වැඩිදුරටත් සිතුවෙමි.
කොල්ලා කාබියුරේට කෑලි ප්ලාස්ටික් තැටියකට දමා එයට පෙට්‍රල් මිශ්‍ර කොට කෑලි සියල්ලම සේදීය. ඉන් පසු යලිත් කාබියුරේටරය සවි කරන්නට පටන් ගත්තේය. මට මෙය පෙනුනේ කැබලි සිය ගනනකින් යුත් සංකීර්ණ jigazo puzzle එකක් ලෙසටය. ඇත්තෙන්ම එය එසේ සවි කිරීමට උසස් අවකාශ චින්තනයක් අවශ්‍ය කෙරුනි. මට එවැනි දැණුමක් තිබුනේ නැත.
කොල්ලා ඉතා බුහුටි අන්දමින් කාබියුරේටරය සවි කලේය. ඉන් පසු මට ස්ටාට් කරන්න කීවේය. මම ස්ටාට් කලෙමි. කිසිදු මිස් එකක් නැතිව එක පාරටම වාහනය ස්ටාට් විය. ඒ සමගම දිනමිණ පත්තරයක් අතින් ගත් බාසුන්නැහැ ආවේය.
" කීයද බාසුන්නැහැ "මම ඇසුවෙමි.
" උදේ නිසා මහත්තයා ඔන්න ඔහේ එකසිය පණහක් දෙන්න " ඔහු කීවේය.
මම සීයේ කොල දෙකක් කොළුවා අත තැබුවෙමි. ඉන්පසු මාතලේ රෝහල බලා වාහනය ධාවනය කලෙමි.
මුලු ගමනෙදිම මම කල්පනා කලේ අපගේ විභාග ක්රමයේ පවත්නා අඩුපාඩු ය. ස්මෘතිය පමණක් මිණිතයට ලක් කරන නිර්මාණශීලී බව අවකාශ චින්තනය නොසලකා හරින අපගේ විභාග ක්රමයන් ගෙන් උඩට එන්නේ ගිරා පෝතකයන් පමණි. මේ කොල්ලා බොහෝ විට හය හත වසරෙන් ඉගෙන ගැනීමට නොහැකි අයෙකු ලෙස ගුරුන් කී නිසා අධ්‍යාපනය නවතා දැමූ අයෙකු විය හැකිය. එහෙත් ඔහු තුල පැවති spatial intelligence හෙවත් අවකාශ ඥානය මා පුදුමයට පත් කලේය.
පසු කාලයක මැට් ඩැමොන් රඟපෑ ගුඩ් විල් හන්ටින් චිත්‍රපටය දුටු මට මුලින්ම සිහියට ආවේ මේ කාබියුරේටර් කොල්ලාය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඇත්ත. ඉහළට ඉගෙනගෙන මහ ලොකු කෝස් කරපු එවුන්ට වඩා පලපුරුද්දෙන් ඕනව වැඩක් කරන්න පුලුවන් ඔය වගේ කොල්ලො ඉන්නව. වැඩේ තියෙන්නෙ උං ගාව සැටිපිකේට් නැති නිසා ලොකු තැනක වැඩට යන්න බැරුව ඔය වගේ කොහේ හරි මුල්ලක දුක් විඳින එක තමයි.
BalasPadamවෙන තැනක වැඩට යන්නේ ඇයි? වැඩ පුහුණුව අවසානයේ ගැරේජයක් දා ගනී.
Padamඒ පුහුණුව විධිමත් කිරීමයි අවශ්‍ය
ඔය වගේ තවත් යාලුවෙක් ලංකාවෙ හිටියා.මිනිහා හැදුවේ CBR,Jade වගේ ලොකු බයික්.ඊට අමතරව GS පොලිස් බයික් ටික..නියම වැඩකාරයා.කාබ් වලට එක්ස්පර්ට්.අපි කිව්වෙ මැස්සා.මොකද ඉගිලෙනවා වගේ පේන්නෙ.හම්බ කරපු ටිකෙන් රෑ තිස්සෙ බොනවා තමයි වැඩේ.
Padamපස්සෙ කුඩු ගැහුවා.පොලිසියෙන් ෂේප් පොලිස් බයික් හදන නිසා...අච්චර ටැලන්ටඩ් එකා අද හිඟා නොකා හිඟා කනවා.මිනිස්සු බයික් දෙන්නෙ නෑ එක්කො කෑලි ගලවනවා නැත්නම් ඒවා අරන් කුඩු හොයන්න යනවා..මේ සැරේත් අනේ මචං දාහක් දියංකො කිව්වා හම්බවෙලා..ඉතින් මං දුන්නා.පව්…දර ඉපලක් වගේ.
අපරාදේ විනයක් නොමැති ජීවිතේ
Padamපත්තරේ, ඔය වයසෙදි සල්ලි හම්බකරනකොට යාලුවො ඕනතරං ඇතිවෙනව. නමුත් උං නියම යාලුවො නෙමෙයි. ඒ හින්ද තමයි ඔහොම වැරදි පාරට යොමුවෙන්නෙ. කරන වැඩේ වගේම තමංගෙ ජීවිතේ ගැනත් හරියට මොළේ කල්පනා කරල වැඩ කරන් නැතුව ඔහොම ජීවිතේ කාලකන්නි කරගත්ත කොල්ලො බොහොම ඉන්නව.
PadamEkanm aththa .....😃
BalasPadam++++++
Padamමේ සාමාන්‍ය සත්‍ය බොහෝ දෙනෙකු විසින් අත්දැක ඇති නමුත් ඒ බොහෝ දෙන අතරෙහි සිටින යල්පැනගිය හැරමිටියක වාරුවෙන් සදාකාලිකව ඇවිදින්නට තනන බොහෝමයක් දෙනෙකු තමුන් දුටු සත්‍ය කණපිට හැරවීමට ම උත්සහ කිරීම කණගාටුදායක කරුණකි. එතැනින්ද නොනැවතී, මේ සත්‍ය පැවසීමට එරෙහිව නොයෙක් අවලාද නැගීමටද එවැන්නෝ පසුබට නොවෙන බව පසු ගිය දින කිහිපයේදී දුටිමි.
BalasPadamthanks
Padamඔය වගේම කෙනෙක් ඉන්නවා හොඳ යාලුවෙක් මෙහේ.ඉලෙක්ට්‍රික් පැත්තයි එන්ජින් පැත්තයි හොඳට පුලුවන්.ඒත් මිනිහා 6 වසරෙන් එහාට ඉගනගෙන නෑ.ඉංග්‍රීසි කියවගන්න ටිකක් අමාරුයි.මිනිහා මාත් එක්ක කියනවා මචං මම හය වසරෙදි ඉස්කෝලෙන් කට්ටි පැනලා ගැරේජ් එකක වැඩට ගියා.සබ්ජෙක්ට් එක ඉගනගත්තා.ඒත් දැන් එන අලුත් වාහන කම්පියුටර් එකට දාලා ඩයග්නෝස් කරන්න තේරෙන්නෙ නෑ කියලා හරියට දුක් වෙනවා.මල්ටිමීටර් එකෙන් පුලුවන් සීමාවෙන් එහාට යාගන්න බෑ.ඒ මදිවට හරි මඟපෙන්වීමක් නැතිකම නිසා බීමටයි නාස්තියටයි හුරුවෙලා. කෝටියක් අතට ආවත් හවස් වෙද්දි ඉවරයි.මූල්‍ය පරිපාලනය බිංදුවයි.
BalasPadamඅන්තිමට අපි මැදිහත් වෙලා මිනිහට මෙහේ වැඩ හොයලා දුන්නා.අපේ එව්වගෙ රෙපෙයාර් එක්කොම දුන්නා.පරණ බයික් වාහන නිකම් හොයලා දුන්නා හදල විකුනගනින් කියලා.තව යාලුවෙක් පොඩි මැගසින් එකක් අඩුවට හොයලා දුන්නා බඩු ටික දාගන්න.කම්ප්රෙෂර් , එයා ගන් .වෙල්ඩින් ප්ලාන්ට් එහෙම අරගෙන දැන් පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සනවා..ඒත් එක තැනක මිනිහා හිරවෙනවා..
මල්ටිමීටර් එකෙන් පුලුවන් සීමාවෙන් එහාට යාගන්න බෑ.මූල්‍ය පරිපාලනය බිංදුවයි./////// මේවාට මග පෙන්වන ආයතන අවශ්‍යයි
Padamඔහොම අය හොයාගන්න අමාරුයි. අර මම මේ ලඟදි FB එකේ ෂෙයා කරපු රුවනුත් කමෙන්ට් එකක් දාලා තිබ්බ කස්ටමර්ගෙන් අහගෙන වැඩ කරන ජාතියෙ බාස්ලා තමයි වැඩි.
BalasPadamමට මතක් වෙන්නෙ දොස්තරගෙයි මෙකැනික්ගෙයි කතාව.
දොස්තර කිව්වට සර්ජන් කෙනෙක්. මෙයාගෙ කාර් එක අලුත්වැඩියා කරන මෙකැනික් එක පාරට කියනවලු, "දැන් ඩොක්ටයි මායි දෙන්නම කරන්නෙ එක වගෙම රස්සාවල් තමයි. මේකත් ඔය සර්ජරි එකක් තමයි," කියලා
"වෙන්න පුලුවන්. නමුත් සර්ජරි වැඩේ ඔයිට වැඩිය අමාරුයි."
"එහෙම කිව්වට ඒකෙයි මේකෙයි දෙකේම කරන්නෙ කවරේ ඇරලා මදේ එලියට අරන් රෙපයාර් පාරක් දාලා හයිකරන එකනේ."
"හරි, බාස් උන්නැහෙ ඔය වැඩේ කරන්නකො බලන්න එන්ජිම දුවන ගමන්."
ha ha ha
PadamChildbirth device: Car mechanic uncorks a revolution
PadamLink's not working nutman. 404 error.
Padamhttp://www.bbc.com/news/magazine-25137800
PadamThanks Nut Man
Padamතමුන්ගෙ ෆීල්ඩ් එක අඳුනගන්නත් පිනක් තියෙන්න ඕනෙ.
BalasPadamඅඳුන ගත්තයින් පස්සෙ ඒ පාරෙ යන්නයි තියෙන්නෙ කොණටම.
ඔන්න අපේ ඉස්කෝලෙට ආවා පොඩි කොල්ලෙක්.කී බෝඩ් ප්ලේ කරනවා ලෙසටම.ඕලෙවල් හොඳට සමත් උන නිසා මැත්ස් කලා.මේ කාලෙ වෙනකොට ශෝස්,පොඩි පොඩි රෙකෝඩින් එහෙමත් සෙට් උනා.අන්තිමට ඒ ලෙවල් ඇනුනත් අද වෙනකොට මූ ලංකාවම දන්න වාදකයෙක්.දක්ශයෙක්.
ජයවේවා..!!
තමුන්ගෙ ෆීල්ඩ් එක අඳුනගන්නත් පිනක් තියෙන්න ඕනෙ. +++++++
PadamSystem එක වෙනස් කරන්න අමාරුයි.. ඒත් කරන්න බැරි දෙයක් නෙවෙයිනෙ.. කොහෙන් හරි පටන් ගැනීමක් තමයි ඕන..
BalasPadamපුද්ගලික අංශය ජොබ් දෙනකොට මේ නිර්මාණශීලී බව බැලුවම හරි. කල් යනකොට ආණ්ඩුවත් ඒක පටන් ගනී
Padamරුවන් දන්නවද අර පිස්සන් කොටුවේ දොස්තර මහත්තයා කාරෙක එලියට දාපු ගමන් ටයර් පන්ච් එකක් ගිහින් අකරතැබ්බයක් උන වෙලවේ තාප්පේ උඩ ඉඳගෙන හිනා උන පිස්සගෙ කතාව...
BalasPadamWheel nut story huh?
Padamමාතේ මොකක්ද ඒක ?
Padamඅනේ ඩූඩෝ මෙතන ලියහන්කෝ... උඹට තමයි ඒවා රහට ලියන්න පුළුවන්...
Padamඅනිවා...
Padamඅන්න මාතෙ උඹ කපටිය වැඩේ මට පැටෙව්වා.
Padamඑක ඩොකෙක් කාරෙකේ ගමනක් යනකොට ටයර් එකක් ගිහින්. හොඳ වෙලාවට මේ ඩොකා ඔය රුවන් වගේ නෙවෙයි ස්පෙයා වීල් එක හෙම තියෙන තැන විතරක් නෙවෙයි ජැක් එක තියෙන තැනත්, ජැක් එක ගහන්න ලීවර් එක ඕනෙ බවත්, ජැක් එක ගහන්නේ කොතනටද යන බවත් වගේ හැම දෙයක්ම දන්න විශේෂඥයෙක්.
ඩොකා කාර් එක පේව්මන්ට් එක අයිනටම අරන් නවත්තලා හෑන්ඩ් බ්රේක් ඇදලා වීල් නට් බුරුල් කරලා ජැක් එක ගහලා වීල් නට් ගලවලා හබ් කැප් එකෙන් සීරුවට අරන් තිබ්බා. ඊට පස්සෙ රෝදෙත් ගලවගෙන රෝල් කරගෙන ගිහින් පිටිපස්සෙන් ස්පෙයා වීල් එකත් අරගෙන ආවා. ඇවිත් රෝදෙ මවුන්ට් කරලා වීල් නට් ගන්න හබ් කැට් එක දිහාට අත දික්කරනකොටම අත වැදිලාහබ් කැප් එක පෙරලිලා. කරුමෙ කියන්නෙ එතන තිබිලා තියෙන්නෙ අර ස්ටෝම් ඩ්රේන් නොහොත් වැහි වතුර ගලාගෙන යන කාණුව උඩ තියෙන ග්‍රිල් එකෙන් ඇතුලට. කාල වරෙන්කෝ.
ඉතින් මොකෝ කරන්නෙ. ඩොකාට යකු නැගලා ඔලුව අත්දෙකෙන් බදාගෙන උඩ පනිනවා. කාර් එකේ හොඳට තියෙන රෝදෙට පයින් ගහනවා. කකුල රිදිලා උඩ පනිනවා, එක වැඩයි.
"බොසා," කාගෙද කට හඬක් ඇහිලා ඩොක්ටර් හැරිලා බැලුවා. තාප්පේ උඩින් තමන් දිහා බලා ඉන්නේ පිස්සෙක්. ඒ කියන්නෙ මේ පිස්සන් කොටුවේ තාප්පේ අයිනෙ තමයි මැඉ වැඩේ වෙලා තියෙන්නෙ.
"බොසා, ඕකට උඩ පයින්න දෙයක් නෑ. වීල් බ්‍රෂ් එක අරන් ගලවන්නකො අනිත් රෝද තුනෙන් එක නට් එක ගානෙ."
"ගලවලා?"
"හයියෝ, බොසා, ඒවා ගලවලා ඒ නට් තුනෙන් ස්පෙයා වීල් එක හයි කරගන්න. පිස්සුනේ?"
ha ha ha ela kathava
Padamහෙහ් හෙහ්.. මාත් ඉතිං කාබ් එක්ස්පට් කෙනෙක් තමා... හැබැයි දැන් ඉන්න පොඩි කොල්ලො ෆෝ සිලින්ඩර් බයික් වල කාබ් හතර පළපුරුද්දෙන් බැලන්ස් කරන හැටි දැක්කම පිස්සු හැදෙනව. EFI එන්න කලින් ඒ ආසන්න වකවානු වල කාබ් බොහොම සංකීර්ණයි. ටයිමින් ටෝච් ගහගෙන ඩිස්ට්‍රිබියුටර් එකේ ඉග්නිෂන් ටයිමින් සහ වැකියුම් ගෙජ් ගහල කං එකේ එයා ෆියුල් මික්ස්චර් ඇජස්ට් කරන්න ඕන වැඩේ පාර අයිනෙ ඉන්න පොඩි බාස් කොල්ලො ඒ කිසි දෙයක් නැතුව කරනව. උනන්දුව, හැකියාව, දැක පුරුද්ද සහ කළ පුරුද්ද. දැන පුරුද්ද එහම්ත් නැත්නම් තියරිය නැති උනත් උන්ගෙ හැකියාව විශ්මයජනකයි.
BalasPadam*කං නෙවෙයි කාබ්
Padamමම දැනුවත්ව නම් සජ්ජා, බයික් එකේ කාබ් හතර කනෙන් ටියුන් කරන එක එච්චර හරියන වැඩක් නෙවෙයි. ඕකට අර ලැම්ඩා අහවල් එක ගහල කලොත් තමයි කාර්යක්ෂමතාවය උපරිමේට එන්නේ. හුඟ දෙනෙක් බනින්නේ ඔහොම අතරමග කාබ් ටියුන් කරලා වැඩේ චොර කරන උන් හරියට ඉන්නවා කියලා. මේ ගැන තව විස්තර ටිකක් කියපං සජ්ජා.
Padamකාබ් හතර තියා සීබී125 එකේ ආපු දෙකවත් හරියට ටියුන් කරන්න අමාරුයි කනෙන්. බයික් එක ස්ටාට් වෙයි, ගමනත් යයි, නමුත් කාර්යක්ෂමතාවය උපරිමයි කියලා කියන්න බෑ.
ඩූඩ් අයියා.. කාබ් වාහනේක ටියුනප් කරන විදිය හරියට කරන්න නම් ටයිමින් ටෝච් එකකුයි වැකියුම් ගේජ් එකකුයි ඕන.. ඉග්නිෂන් ඇඩ්වාන්ස් ඈන්ගල් එක නිෂ්පාදකයා නියම කරන ප්‍රමාණයට සකසන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් මැදහත් මිම්මක් ලෙස 5 degrees BTDC( before top death position) ඒ කියන්නෙ පිස්ටන් එක මුදුනට එන්න කලින් ක්‍රෑන්ක් ආනතියෙන් අංශක පහක් කලින් ගන්නව. එක බලන්න වෙන්නෙ ටයිමින් ටෝච් එකකින්. dwell angle එකත් සකසන්න ඕන . ඒක වෙන්නෙ contract breaker points (CB points එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්ලැටිනම් පොයින්ට්) වල ගැප් එක සැකසීමෙන්. ඒ කියන්නෙ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරිය චාජ් කරන වෙලාව මෙයින් සුසර කෙරෙනව. ඈන්ගල් එක සකසනවා කිව්වට පොයින්ට් දෙකේ ගැප්එක සුසර කරනව වාහන නිෂ්පාදකයාගේ දත්ත වලට අනුව.සාමාන්‍යයෙන් පොඩි කාර් එකක CB ගැප් එක .5mm විතර සෙට් කලාම(feeler gauge එකක් ගහල) ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සෙ ඉන්ටේක් මනිෆෝල්ඩ් එකේ ලයින් එකකට වැකියුම් ගෙජ් එකක් ගහල (මනිෆෝල්ඩ් ප්‍රෙෂර් බලන්න) RPM 700-750 ප්‍රමාණයට එන්ජිමේ RPM එක අජස්ට් කරල කාබ් එකේ mixture adjusting screw එක කරකවන්න පටන් ගන්නව. සුසර කරනකොට වැකියුම් ගේජ් එක රීඩින් එක වෙනස් වෙන්න ගන්නව . සාමාන්‍ය ෆෝ සිලින්ඩර් පොඩි කාර් එකක 50HgCm ප්රමානෙදි වැඩේ ගොඩ යන්න ඕන. ඔය ගානට ටියුන් උනොත් ලස්සනට දුම් බටෙන් වතුර වැක්කෙරෙන්න පටන් ගනීවි..ඕක අදාළ කාර් වලට. නිෂ්පාදකයාගේ දත්ත වගේම අර උපකරණත් තියෙන්න ඕන.
Padamබයිසිකලේක ඔය වැඩේ කරන්නෙ අතේ හුරට. ඒ කියන්නෙ මම. තනි කාබ් තියන තනි පිස්ටන් හෝ twin එකක උනත් CB පොයින්ට් ඉස්සෙල්ලම හදල ඉන්න ඕන. CB පොයින්ට් තියනව නම් අනිවාර්යෙන් වගේ mechanical ignition advancing unit එකක් තියනව. කට්ටිය ඕකට කියන්නෙ "ගවනර්එක" කියල. ඕකෙ spring කැඩිලා නං අම්බානක මිස් එකක් එනව. ගෙවිල නං idling තියන්න බෑ හරියට (rough Idling) .ඒක බලන්න ඕන මුලින්. ඊට පස්සෙ CB පොයින්ට් වල ගැප් එක හදන්න ඕන. මිශ්පාදක දත්ත තියනවා නම් ලේසියි. නැත්නම් ස්ටාට් කරලා තියෙද්දි වෙනස් කරන්න වෙනව. ලං කරද්දි තේරෙනව rpm වැඩි වෙනව.ඈත් කරද්දි අඩුවේවි ගිහිං හිටිනව. ඕනෑවට වඩා ලං කරන්නත් හොඳ නෑ. කොයිල් එක රත් වෙයි. ඒ නිසා පුරුද්දෙන් කරන්න ඕන වැඩක්. ඒ වගේම බලන්න ඕන ignition capacitor හොඳද කියල. ලොකු ගානක් නොවන නිසා සාමාන්යෙන් ඕක මාරු කරන්න ඕන 10,000km සැරයක් වත්. අපේ එවුං ඕක කරන්නෙම නෑ.ප්ලග් ගැප් එකත් හදන්න ඕන.
Padamකාබ් එක ගලවල සුද්ද කරල (carburetor and throttle body cleaner ගහනව නං හොඳයි) ෆ්ලොට් එකේ ලිප් එකෙන් පෙට්‍රල් ලෙවල් එක හදන්න ඕන. ඊට පස්සෙ සවි කරලා ස්ටාට් කරල RPM 700ට වගේ අරගෙන (මට මතක විදියට. මම නං සද්දෙට අඩු කරගන්නව) mixture adjusting screw එක කරකවන්න ගන්නව. සාමාන්යෙන් හොඳටම තද කරල වට 1.5ක් බුරුල් කලාම ගොඩ යනව. ෆයින් ටියුනින් වලදි තව ටිකක් අඩු වැඩි කරල බලද්දී RPM වැඩි වෙන තැනක් එනව.ඊට වඩා වට කාලක් බුරුල් කලාම ගොඩ යාවි. ප්ලග් දෙක සුදු වෙලා තියෙයි. මේ වැඩසටහන තනිකර බාස් වැඩක් මිසක් ටෙක්නීෂන් වැඩක් නෙවෙයි..
ලැම්ඩ අහවල් එක කියන්නෙ exhaust gas analyzer එකට. ඒක තියනව නං වැඩේ හෙනම ලේසියි. lambda value එකෙන් වඩාත් නිවැරදි තීරණ ගන්න පුළුවන්...පොඩ්ඩක් බලන්න
Padamhttp://www.ratwell.com/mirror/interro/techgas.html
මට ඔය කතා ග්‍රීක් වගේ
Padamමගේ තිබ්බ පිස්ටන් හතරේ බයික් එක අපේ පැත්තේ හිටපු ප්‍රසිද්ධම ඩයල් එකටත් ටියුන් කරගන්න බැරි උනා...
Padamඌ ටියුන් කලාම කලින් 27~29 වගේ කර කර තිබ්බ බයික් එක දෙයියනේ කියල 15 ට බැස්සා...
පස්සේ මම බයික් එකක් ගත්තු එකාගෙන් අහගෙන දෙහිවල පොට් එකකට ගියා, ඌ බයික් එක ටියුන් කරලා දුන්නා මම හිතන්නේ වැකියුම් ගේජ් එකකින් වෙන්න ඕනේ...
එතැනින්ම වැඩේ හරි ගියා...
මිනිහගෙ නම අනිල්, රේසින් බයික් එහෙමත් ටියුන් කරන බුවෙක්, හැමදාම හවසට ජොබ් වලට ගියපු කොල්ලෝ ඇවිත් පොඩ්ඩක් එතන ඉඳලා චැටක් එහෙම දාලා සමහරු බයික් වලින් වැඩ කිඩ එහෙමත් දාන තැනක්...
බයික් පදින එක නතර කරලා අවුරුදු ගානක් උනත් අදටත් මම එතනින් යද්දී වාහනේ නතර කරලා අනිල් අයිය එක්ක චැටක් දාල තමයි යන්නේ...
වැඩ්ඩෙක් වගේම හරි හිත හොඳ මනුස්සයා...
සජ්ජා
Padamඅලුත් වාහන බොහොමයක ඇත්තේ ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් නිසා ඔය පොයින්ට් ගැප් සහ ඩුවල් ඈගල් වෙනස් වීම් අදාල වෙන්නේ නෑ නේද? හෝල් ජෙනරේටරයක් ඇති ඩිස්ට්‍රිබියුටරයක් බලන්න ගෙවෙන කොටස් හරිම අඩුයි.ඔය රාජකාරිය හරියටම කරන්න ගෑස් ඇනලයිසරයක් තියනවනම් හොන්දයි. පරන ක්‍රමයට කරන්න පුලුවන් කලර් ප්ලග් එකක් තියනවනම්.සෑහෙන කලකට උඩදි මම ගත්ත කලර් ප්ලග් එකක් තවමත් සමහර විට උදව් වෙනවා.( මේ ප්ලග් එක ස්පාක් ප්ලග් එක ගලවල හයි කලහම ඒකේ තියන වීදුරු කෑල්ලෙන් ෆ්ලේම් එකෙ පාට පේනවා.)
ලොක්කා.. ඕව ටියුන් කරන උදවිය වෙනමම ඉන්නවනෙ. මමත් ඔය බැලන්ස් කරන වැඩේ කරන ටෙක්නිකල් පැත්ත දන්නෙ නෑ... ගෑස් අනලයිසරයක් ගහල නෙවෙයි නේද කරන්නෙ. ෂුවර් එකට වැකියුම් ගේජ් එකක් ගහනව ඇති. ඔය පැත්තෙම ඔය වගේ පොරක් මළා නේද බයි එකක් හැප්පිලා..
Padamකුමාර හරි. දැන් ඔය කතන්දර නෑ තමයි. මම ඔව්ව ටික ලිව්වේ ඩූඩ් අයිය ඔව්ව ගැන හෙන උනන්දුයි. දැන් ඉතිං හොඳ OBD ස්කෑනර් එකක් තියන එකා වැඩකරු.
මලා ජෝන්, මම ගිය ටිකට මෙතන වර්ක්ෂොප් මැනුවල් එකක්ම දාලනෙ සජ්ජා. ඔක්කොටම ඉස්සෙල්ල උඹට ස්තුතියි වෙච්ච මහන්සියට.
Padamකුමාර, උඹ කියන කලර් ප්ලග් එක ගැන මම අහලවත් නෑනේ. ඒකක් දැන් ගන්න බැරිද? ඔහොම නැතුව කාලෙකට ඉස්සෙල්ල ස්ටයිල් එකක් තිබ්බා ප්ලග් කවරෙ එකේ එහා මෙහා පේන තැනකින් ස්පාක් එක පේන. ඒක නිකං ජිමික් එකක් විතරයි.
ඊට පස්සෙ සජ්ජෝ අරක TDC එකේ Dඑක Dead මම හිතන්නෙ, Death නෙවේ.
ඊ ලඟට, ඔය ඩිස්ට්‍රිබියුටර් ප්ලැටිනම් පොයින්ට් නැති CDI යුනිට් තියෙන එකක් ගැන හිතමු. ඒකෙ adjust කරන්නෙ කාබ් එකේ පෙට්‍රල් ස්කෲ එක විතර නේද? වට එකහමාරෙ කතාව හරි ආසන්න වශයෙන්. උඹ කිව්වා වගෙ ෆයින් ටියුන් කරන එක තමයි කෙලිය. මගෙ CM කස්ටම් එකීත් තියෙනවා, ස්මූත්ලි ඇක්සලරේට් නොවී ඩිග් ගාලා ගැස්සිලා යන ගතියක්. මට ඕක හදාගන්න ඕනෙ. ඉන්බොක්ස් කරපංකො නොම්මර එකේ වැඩ්ඩෙක්ව.
ලොකු පුතා මට අර පොර ඉන්න තැන දැනගන්න ඕනෙ ඔය උඩින් කිව්ව ලෙඩේටම.ඒ කරලා මට ඕක ටියුන් කරගන්න ඕනෙ වතුර වැක්කෙරෙන්නම.
ඔය මැනුවල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේද?
Padam
Padamහෙන්රිට ඊ මේලක් එවා ඇත.
හම්බව්වුනා මචං. උත්තරත් දුන්නා. බොහොම ස්තුතියි.
Padamසුපිරි පැහැදිලි කිරීම සජ්ජා..එකතු කරන්න අඩු පාඩු මොකුත් නෑ ඔක්කොම උබ ලියල
Padamඅලියයි කොකයි වඳුරායි බල්ලයි පූසයි නයයි මුගටියයි පේලියට තියල ගහක නැගපන් කියනවා , ඕක තමා අපේ අධ්‍යාපන ක්‍රමේ
BalasPadam100 % true
Padamමේ වගේ කාබියුරේටර් කොල්ලෝ කොච්චර මේ රටේ ඇද්ද, නිකම්ම නිකම්, කුඩු ගහන, හොරකම් කරන, පේව්මන්ට් එකේ බඩු විකුණන, තත්වයට පත්වෙච්චි එවුන්. අපේ අධ්‍යාපන ක්‍රමය කාලකන්ණි එකක්.
BalasPadamකාබියුරේටර් කොල්ලෝ යට ගිහින් උඩ එන්නේ ගිරා පෝතකලා
Padamමම දන්න මෙහෙ ලංකාවේ කොල්ලෙක් හිටිය. හොඳ කාර් මෙකැනික්. හැබැයි දන්න බව කියවනව. උදාහරණයකට වහනයක් නොවෙන දෙයක් ගැන කථා කලත් ඉවර වෙන්නෙ එන්ජින් එකකින්. සිරාවටම..!! 😂
BalasPadamwow
Padamමම වැරදි පාරක ගොස්...ජීවිතයෙන් සෑහෙන කොටසක් OPD එකේ ලෙඩුන් බලමින් නාස්ති කර ගත්තෙමි...අවරුදු 55න් හිරෙන් නිදහස්වී නවනිපැයුම් කරමින්...මගේ සිහින හඹායමින් සිටිමි !
BalasPadamwish you all the best
PadamI always look forward for such nice post & finally I got you. Thanks for sharing this content.
BalasPadamCMS and ED
CMS ED Course
Very informative article. Keep writing such nice post
Taxi Services In Greater Noida
Really very impressive post & glad to read this. Good luck & keep writing such awesome content.
BalasPadamWeb Development Company
Software development company
Buy gold jewellery online from buymyJewel. The best place for traditional gold jewellery online & Latest Gold Jewellery Designsthat intensifies the true beauty
BalasPadamvery nice
BalasPadamgood post
BalasPadamkeyword
good post
BalasPadamkeyword
There is very Well content. This post is very informative According to this topic. I hope Author shall be sharing more information about this topic. My blog is all about that Best_Hair_Patch_In_Delhi & Hair_Fall_Treatment. To Book Your Service ��+91-9873152223, +91-9250504810 and be our Happy Client Click Here for Contact us at Whatsapp no: https://wa.me/919873152223. Address - Vardhman Diamond Plaza, First Floor D.B. Gupta Road Pahar Ganj New Delhi – 110055.
BalasPadamCheckout Ramadan Mubarak Wishes Messages For Friends
BalasPadamCheckout Edgar Berlanga (Boxer) Daily Route
BalasPadamGreat info. Thank you for sharing this fascinating information together. I am so blessed to discover this. Feel free to visit my website;
BalasPadampokerqq.one
pokerqq.one
pokerqq.one
adalah salah satu situs terbaik dengan server luar negeri yang menyediakan berbagai permainan judi online:
PadamServer yang berlokasi di luar negara: Dengan server yang berlokasi di luar negara, Balak66 dapat memberikan pengalaman bermain yang lancar dan stabil tanpa gangguan. Hal ini karena server luar negeri umumnya memiliki infrastruktur yang lebih baik dan koneksi internet yang lebih cepat.
Berbagai permainan judi online: Balak66 menyediakan berbagai jenis permainan judi online, seperti poker, blackjack, roulette, dan banyak lagi. Dengan banyaknya pilihan permainan, Anda dapat memilih permainan yang sesuai dengan minat dan keahlian Anda.
BALAK66
BALAK66
BALAK66
nice post, thanks for giving us such valuable information. Keep it up.
BalasPadamStreamFab Crack
Textpad Crack
Mailbird Crack
Klik disini untuk mendapatkan permainan terbaik
BalasPadam