ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය. එම වසරේදී යුද ආතතිය සහ සංග්රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.
මේ කාලයේ මම ප්රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය. ප්රභාකරන් ගේ කායාරක්ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත.
2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්ෂණය කලේය. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය.
අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය " තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී වළට යමි. "
ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

"උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය"......මෙහි අදහස කුමක්ද?
BalasPadamඋණ්ඩ ප්‍රතිග්‍රාහකයා කියන්නෙ මොකක්ද රුවන්? One who would be prepared to take a bullet for him?
PadamBallistic shields ?
PadamHuman shields ?
ඒ කියන්නේ යම් කෙනෙක් ප්රභාකරන්ට වෙඩි තිබ්බොත් මේ "උන්ඩ ප්‍රතිග්‍රාහකයන් ඉදිරියට පැන ළය පාති
Padamඒ කියන්නේ ඒකත් දන්නෝ දනිති සිද්ධියක් බව වගේ..
BalasPadamජයවේවා..!!
ඒ කියන්නේ යම් කෙනෙක් ප්රභාකරන්ට වෙඩි තිබ්බොත් මේ "උන්ඩ ප්‍රතිග්‍රාහකයන් ඉදිරියට පැන ළය පාති
BalasPadamMOHUWA GATHANAYA KARANNATA IDA SALASUWA...
BalasPadamමගේ අත කොරවී තිබේ ඒ නිසා උත්තර දීමට නොහැක
Padamනස්රුදීන් කිව්වලු, මගෙ කකුල පිච්චිලා, ලියන්ඩ බෑ කියල
Padamමේක විශේෂ කොරයක්
Padamඩොක්ටර්, ඔය මෝහනය ගැන වැඩි විස්තර දැනගන්න ආසයි.
BalasPadamමෝහනයෙදි විද්‍යාත්මකව මොකක්ද්ද වෙන්නෙ ?
ඕන කෙනෙකුට කරන්න පුලුවන්ද?
මොහනය කිරීම, ආපසු හැරවීම වගේ ඒව වෙන්නෙ කොහොමද?
බය වෙන්න එපා මම බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවක් නෑ.
මෝහනය ගැන මම පොත් දෙකක් ලියලා තියනවා මෝහන ප්‍රතිකාරය ( සරසවි ) සහ Hypnotherapy (විශ්ව ලේඛා ප්‍රකාශකයෝ). ඒ පොත් වල මේ ක්‍රියාවලිය පැහැදිලි කරනවා
PadamEverything has connect to f**king politics....
BalasPadamyes Lalith
Padamit's not only politics
Padamඔහුගේ මරණය ඔහු දැන සිටියාද ? එසේනම් ඔහු ජීවිත තර්ජනයක ජීවත් වූ බව සැබෑය. නැතිනම් එය අනුමානයක්ද ?
BalasPadamඔහුගේ මරණය ඔහු දැන සිටියා
Padamදූෂිතයන්ට පැත්තක් නෑ,එකිනෙකා මරාගෙන කෑවාට සැබෑ තර්ජනයක් ආවාම එකතුවෙලා ගේම දෙනවා. ඔහුට විකල්පයක් නැතුවම යන්නැති, සමහර වෙලාවට ඔහු තවදුරටත් ජීවත්වීම සමීපතමයන් ගේ ජිවිතය අවදානයට යවනවා වගේ, ඔහුගේ නම තුවාන් මුතලීෆ් නොවේද?
BalasPadamමුතලීෆ් කියාත් නිලධාරියෙක් හිටියා
Padamමුස්ලිම්, දෙමළ, මැලේ, නිලධාරීන් සෑහෙන සංඛ්‍යාවක් යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළා. ඒත් රට පාවාදුන්න පරයෝ දෙන්නෙක් මම දන්නා කාලේ හිටියා. එකෙක් මුලතිව් වලදී කාලතුවක්කු දෙකකුත් අරන් කොටින්ගේ පැත්තට පැනපු එකා. අනිකා කොටින්ට ඔත්තු දුන්න මඩකලපුවේ එකා. මුන් දෙන්නම කැප්ටන් නිලයේ එවුන්. දෙන්නම අද ජීවතුන් අතර නැහැ.
BalasPadamමීඩින්, මුතාලිෆ්, ලෆීර්, වගේ නියම දේශ මාමක වීරයෝ අද නැතිවීම අපට ලොකු පාඩුවක්. මේ අය සමග රාජකාරි කරපු කාලේ මතක්වුනාම දුකයි. මගේ සමහර ඇල්බම් අදත් මම බලන්නේ නැහැ මොවුන්ගේ පින්තූර දැක්කම ලොකු දුකක් ඇතිවෙන නිසා.
+++++++++
Padamවෙඩි තිබ්බේ දෙපා කොටින්ම කියලා හිතනවාද? තාමත් අත කෙරෙ නම් ඇවිති වෑල්ඩින් වෙදා ගාවට වත් යමු
Padam//තාමත් අත කෙරෙ නම් ඇවිති//
Padamමක්කිව්වා?
තාමත් අත කොර වෙලා නම් වෑල්ඩින් වෙදා ගාවටවත් යමු
Padamඑහෙට්ටවත් යන්න වෙයි
PadamOne was Capt Subash Raj.Who was the other one?
Padamno idea
Padamපොලිස් පරීක්ෂක සෙබස්ටියන්පිල්ලේ නැමති ද්‍රවිඩ ජාතික පොලිස් නිලධාරියා ත්රස්තවාදීන් ගැන මුල් කාලයේ පරීක්ෂණ කරපු නිලධාරියෙක්. ඔවුන්ගේ ඝාතන වල මුලින්ම වගේ ඝාතනය වූ නිලධාරියෙක්. 1983 කලබල වලදී එතුමාගේ නිවසටත් ගිනි තිබ්බා.
BalasPadamසෙබස්තියන් පිල්ලේ මුලින් වැඩකලේ රත්නපුර පොලීසියේ. ඔහු යාපනයට ගියේ අපරාධ පරීක්ෂණයකට. ඔහුව ඝාතනය කොට ඔහු ගමන්ගත් පර්ජෝ 404 කාරයත් සමගමයි වල දැම්මේ.
Padamපොලිස් පරීක්ෂක සෙබස්ටියන්පිල්ලේ නැමති ද්‍රවිඩ ජාතික පොලිස් නිලධාරියාට දෙපැත්තෙන්ම වැදිලා තියනවා
Padamඒ කියන්නේ සමහරු වගේම මෙතුමත් සැලසුම් කල විදිහට අවසන් ගමන් ගියා කියන එකද ?
BalasPadamඕනාවට වඩා ලොක්කන්ගේ වැඩ කරලා රහස් දැන ගත්තහම ඕක වෙනවා තමයි..... අන්තිමට පොඩි තැන ඉන්න එකා වන්දි ගෙවනවා......
yes
Padamලුතිනන් කර්නල් තුවාම් නිසාම් මුතාලිෆ් ගල්කිස්සේ පදිංචි කරුවෙක්.ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ ඇති අතුරු මාවතක් ඔහු නමින් නම් කොට තිබෙනවා.ඒ හැර ඔහුගේ මිතුරන් විසින් සැදු බස් නැවතුම්පලක් ගල්කිස්සේ ගාලුපාරේ දක්ෂිනාරම පාර ආසන්න බස් නැවතුමේ තියෙනවා.
BalasPadamඅපේ ගෙවල් ආසන්නයේ පදිංචිකරුවෙක් වූවත් ඔහු ගැන අපි අසා දැනගත්තේ ඔහුගේ මරණයෙන් පස්සේ.ඔහු ඝතනයට ලක් වුයේ සාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තියෙන යුගයේදියි.ඔහුගේ මරණය දේශපාලකයෝ වේදිකාවක් කරගත්තා සාම ක්‍රියාවලියේ අඩුපාඩු විවේචනය කරන්න.ඔහුගේ අවසන් කටයුතු සිදුවුනෙත් පුර්ණ හමුදා ආචාර ඇතුවයි.
කෙසේ නමුත් මියගිය අය සිහිකොට එවැනි පාරවල් නම් කිරීම්,පිළිම සැදීම් කරනවා වෙනුවට ඒ අයට ජිවත් වෙන්න තිබ්බ අවස්ථාව දී තිබුනා නම් මේයට වඩා හොඳයි.එහෙත් අවසනාවට සිද්ද වෙන්නේ එකේ අනිත් පැත්ත.
++++++++++++++
PadamHe raped my sister. It was the main reason for his death.He was not killed by LTTE. He was an LTTE supporter. His death was a turning point in the war.
BalasPadam