Jumaat, 1 Julai 2016

ඩීමන් ආනන්ද ගේ පොත්


පාසල් යන කාලයේදී ඩීමන් ආනන්ද  ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වූයෙමු. ජේම්ස් බණ්ඩා 009 නඩු නැත උසාවි නැත ; නීතිය ඇසට ඇසක් , උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැඳුනේ චේරූට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය​. 

කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් සමාගමෙන් රුපියලට එකයි පණහට ගන්නා මෙම පොත් අතිනත යයි. එසේම අනෙකුත් ළමුන් සමගද මාරු කොට අප ඩීමන් ගේ පොත් බැළුවෙමු. සමහර විට පාසල අසල ප්‍රභාත් කඩේද ඩීමන් ආනන්ද  ගේ පොත් මෙන්ම ධර්ම ශ්‍රී කල්දේරාගේ  ලන්දේසි හටන , සුසිල් ප්‍රේමරත්න ගේ මරු පිම්ම , වැනි පොත් තිබේ. දහවල් ආහාරය සඳහා දෙන මුදල් ඉතිරිකොට අප මේ පොත් ගන්නෙමු. 

වරක් සෞඛ්‍යය පාඩමේදී මම පාඩමට සවන් දෙන බව පෙන්වමින් කළවා උඩ ඩීමන් ආනන්ද ගේ ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත රඳවාගෙන හිස පහත් කරගෙන කියවූයෙමි. අපට සෞඛ්‍යය ඉගැන්වූ ශ්‍යාමා ටීච හෙවත් ශ්‍යාමා ධර්මරත්න මහත්මිය මගේ අමුතු හැසිරීම දැක බඩුත් එක්ක හොරු අල්ලා ගත්තාය​. ඉන්පසුව ජේම්ස් බණ්ඩා පොත රාජසන්තක කරන ලදි. 

මම දින ගනනාවක් ශ්‍යාමා ටීච ගේ පුතා වූ සිදත් ධර්මරත්න වෙත ගොස් ඔපරේෂන් ටයිගර් යන ජේම්ස් බණ්ඩා පොත යළි ලබා ගැනීමට අසාර්ථක උත්සහයකද නිරත වූයෙමි. ඉන් පසුව මම ඩීමන් ගේ පොත් කියවූයේ ආරක්‍ෂක විධි විධාන යොදා ගනිමිනි. 

අපගේ නිවස ආසන්නයේ ජීවත් වූ චන්දන ජයවර්ධන ඉහල පංතියක සිටි ආනන්දේ  සිසුවෙකි. ඔහු ලඟ ඩීමන් ගේ පොත් ගනනාවක් තිබූ අතර වරක් ඔහු ඒවා මට දුන්නේය​. මම මේ නිධානය රැගෙන ගෙදර ආවෙමි ඉක්බිතිව ඒවා දෙමාපියන් ගෙන සඟවා තියාගෙන එකින් එක වැසිකිලියේදී කියවූයෙමි. (චන්දන ජයවර්ධන ගම්පෙරලිය චිත්‍රපටයේ තිස්සගේ ළමා කාලය නිරූපනය කල නළුවා විය.​ ඉන්පසුව ගල්කිස්ස හෝටලයේ විධායකයෙකු වූ ඔහු වර්තමානයේදී කැනඩාවේ ජෝජ් බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ හෝටල් කළමනාකරණය පිළිබඳව මහාචාර්‍යවරයෙකි )

චන්දන ජයවර්ධන මට දුන් පොත් අතර   ඩීමන් ගේ වවුලා නම් කතා පොතක් ද විය​. ඩ්‍රැකියුලා ආශ්‍රයෙන් ලියා තිබූ මෙම පොතේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් ජොනතන් හාකර් මෙන් වවුලා යන ලේ උරා බොන අමනුශ්‍යයා හඹාගෙන යයි. මෙම පොත කියවීමේදීමට භීතියක් ආවේය​. වඩාත්ම බිය දැනුනේ මිය ගිය අනුරුද්ධිකා මිනී වලෙන් නැගිට එන විස්තරයටය​. 

ඩීමන් ගේ ගොපළු කතාද මට ප්‍රිය විය​. ඩීමන් ලියූ  හොඳ නරක සහ කැත මිනිසුන් පොත ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ ගුඩ් බෑඩ් ඇන්ඩ් ද අග්ලි යන චිත්‍රපටය අනුසාරයෙන් බව මම දැනගත්තේ  පොත කියවීමෙන් පසු කාලයකට පසුවය​. 
ඩීමන් ගේ පොත් කියවීමෙන් පසුව අප පුස්ථකාලයේ තිබූ ජී.බී සේනානායකගේ, කුලසේන ෆොන්සේකාගේ පොත්  කියවූයෙමු. ඒවාට තහංචි නොවීය​. 

2002 වසරේදී මම අධ්‍යාපන ප්‍රතිකාර නමින් පරියේශන පොතක් ලියූවෙමි. මෙම පොතෙන් ළමුන් ගේ අධ්‍යාපන ගැටළු වලට බලපාන වෛද්‍ය   විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක කරුණු මම සාකච්ඡා කලෙමි. මේ සඳහා   අධ්‍යාපන ගැටළු පෙන්වූ ළමුන් 600  අධික ප්‍රමාණයක් මම පරික්‍ෂා කලෙමි. මට පෙනී ගිය  පරිදි කියවීමේ   දුබලතා කියවීමේ ඌණතා බොහෝ අධ්‍යාපන ගැටළු ඇති කරන ලදි. 

මගේ අදහස අනුව අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවාගැනීමට ඩීමන් ආනන්දගේ පොත් ඉවහල් විය​. 2002 - 2003 අතර කාලයේදී මම ඩීමන් ආනන්ද මහතාට දුරකථනයෙන් කතා  කොට මේ බව කීවෙමි. බොහෝ විචාරකයන් අතින් විවේචනයට ලක් වූ   තමන් සාහිත්‍ය සේවයක් කර තිබෙන බව දැනගන්නට ලැබීම සතුටක් බව එතුමා මට කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

42 ulasan:

  1. අලුත් අකුරු රටාව බොහොම හොඳයි. අපි වගේ නාකින්ට කියවන්න ලේසියි.

    ඩීමන් ආනන්දගේ පොත් අපි ඉස්කෝලේ යන කාලේ සත 75 යි. කෑගල්ලේ ඔරලෝසු කණුව යට තමයි එව්වා විකුනන්න තියෙන්නේ. ලිහිණි පොත් සහ ඩීමන් ආනන්දගේ පොත් බොහොම සීඝ්‍රයෙන් අලෙවි වුණා. නමුත් ඩීමන් ආනන්දගේ පොතක් ඉස්කෝලෙදි අහුවුනොත් වේවැල් පාර වදිනවා.

    ඔය කාලේ උසස්පෙළ සිසුන් අතර ජනප්‍රිය පොතක් තිබුණා 'මකුණා' කියලා. තරුණියකගේ ගවුමේ වාටියේ සැඟවී ඉන්න මකුනෙකු කියන කතාවක් ඒකෙ තියෙන්නේ. ඒ පොත අහුවුනාම ඉස්කෝලෙන් අස්කරනවා. මහ ජරා පොතක්. ඔන්න අපිනම් බලලා නැහැ.

    BalasPadam
    Balasan
    1. 'මකුණා' පොතක් වරක් අසංග ලංකාතිලක පන්තියට ගෙන්නාවා . අපි ඔක්කොම වටවෙලා බැලුවා. (අසංග ලංකාතිලක පසුව නාවික හමුදාවට ගිය අතර ජෙනරාල් කොබෑකඩුව සමග බිම් බෝම්බයකට අසුව මිය ගියේය​)

      Padam
    2. ඔන්න විචාරක මහත්මයා ඒක බ්ලොග් එකේ දානවලු... :)

      Padam
    3. විචා ලොකු අයියෙ. මාත් ඒ ජරා පොත බලලා තියෙනවා. ඒ ජරා පොත ආයෙ කියවන්න ක්‍රමයක් නැද්ද?

      Padam
    4. මකුණා පොත ජරා පොතක් හැටියටම ගන්න බැහැ. වැඩිහිටි පොතක්. සමහර විට ඒක පරිවර්ථනයක් වෙන්න පුලුවන්. මකුණා එක එක අයගේ ඇදුම් වල වහලා ඉන්න අතරේ දකින ලිංගික අත්දැකීම් විස්තර වෙනවා. අන්තිමට වහන කෙනා හෙලුවැලි සමාජ ශාලාවක දී අැදුම් වලින් නිදහස් වෙනවා - මකුණා අමාරුවේ වැටෙනවා. හොදට භාෂාව හසුරුවා තියෙනවා. ඒක ප්‍රසිද්ධ ලේකකයෙකු විසින් අනවර්ථ නාමයකින් ලියන ලද්දක් යැයි මතයක් තිබුණා.

      Padam
    5. මකුණා ප්‍රංශ පොතක පරිවර්තනයක්.

      Padam
  2. https://nalakagunawardene.com/2014/09/24/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-186-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94/

    BalasPadam
  3. ඩීමන් ආනන්ද ගෙ පොත් අපේ පංතියේ හරියට හුවමාරු උනා.ඒ කාලෙ පොතක් සත හැත්තෑපහයි.සැරයක් ජයවර්ධන සර් මුළු පන්තිය සිසාරා මෙහෙයුමක් කරලා පොත් විසි ගානක් අල්ල ගත්තා.ආපහු ගන්න උත්සාහ කළාට හරිගියෙ නෑ. සර් එකක් සත විසිපහ ගානෙ පොත් ටික ටවුමෙ සුරුට්ටු කඩේට වික්ක කියල කොල්ලො කිව්වා.
    කොහොම උනත් අපට කියවීමේ පුරුද්ද ඇතිකරන්නට ඩීමන් ආනන්ද ගෙන් වෙච්ච සේවය කියා නිම කරන්නට බෑ.මගේ පොත් කියවීමේ ඇබ්බැහිය ගැන මා ණයගැති වෙන්නෙ ඩීමන් ආනන්දටයි.

    BalasPadam
    Balasan
    1. සර්ලා ඒ පොත් බලෙන් ගත්තේ ඒ අයට කියවන්න

      Padam
  4. // ශ්‍යාමා ටීච ගේ පුතා වූ සිදත් ධර්මරත්න //

    සමත් ධර්මරත්න?

    BalasPadam
    Balasan
    1. සමත් ගේ මල්ලි සිදත් ; ඔහු පිලිකාවකින් මිය ගියා

      Padam
    2. සමත් මගේ පන්තියේ හිටියේ. දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ.

      Padam
  5. රුවන්,

    ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන්ගෙ සගයගෙ නම මතකද? සාජන්ට් කෙනෙක් කවුරු හරි..ඩීමන් ආනන්දගෙ මම ඉස්සෙල්ලම කියෙව්වෙ වෙඩික්කාරයාට මිනී පෙට්ටියක් ( A coffin for the gun fighter ෆිල්ම් එකේ කතාව )

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    2. සාජන්ට් බන්ඩා නේද?

      Padam
    3. මුල් කාලයේ ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් සාජන් කෙනක් ; තනියම නේද වැඩ දුන්නේ රවී ?

      Padam
  6. පොත් දහස් ගණනක් ලියු ඩීමන් ආනන්දගේ ""බදුල්ල එක්ස්ප්‍රස්" පොත හැරුණු කොට වෙනත් කිසිම පොතක් කියවන්න මට හැකියාව ලැබී නැහැ.

    BalasPadam
    Balasan
    1. බදුල්ල එක්ස්ප්‍රස්" අළුත් මුද්‍රණය ආවා

      Padam
  7. මගෙ පොඩි එකා කාටුන්වලට ඇබ්බැහි වෙලා වගේ,කියවන්න කම්මැලි නිසා ගණිතය හැර අනෙත් සියල්ල අවුල්. රශියන් ළමා කතා හොයල දුන්නත් කියවන්නේ නෑ, ඩීමන් ආනන්ද ගේ පෛාතක් දීල බලන්න හිතෙනවා, හොරෙන් බලන කාටුන් වල තියෙන්නෙත් ඒ වගේ කතාමනේ.

    BalasPadam
  8. /////බොහෝ විචාරකයන් අතින් විවේචනයට ලක් වූ   තමන් සාහිත්‍ය සේවයක් කර තිබෙන බව දැනගන්නට ලැබීම සතුටක් බව එතුමා මට කීවේය​. /////

    ඩීමන් ආනන්දයන් එදා කොච්චර සතුටු වෙන්න ඇද්ද...

    එතුමගෙ පොත් දෙක, තුනයි කියවලා තියෙන්නේ...

    BalasPadam
    Balasan
    1. එතුමා ගොඩාක් සතුටු උණා

      Padam
  9. අපි 83 ඉපදිලා 90 පොත් කියවන්න පටන් ගන්නකොට ඔය ක්රේස් එක ඉවරයි මගේ හිතේ. එත් අපේ අම්ම වැඩ කරපු ගෙදරක එහා ගෙදර මට පුස්තකාලයක් හම්බවුනා ඔය පොත් තිබ්බ මට නම් මතක නෑ. ඒත් බිල්ලා කියලා පොතක් තිබ්බා එකනම් කටපාඩම් වෙනකම් කියෙව්වා.

    BalasPadam
    Balasan
    1. 83 වෙනකොට ටීවී ඇවිල්ලා. ටීවී ඉන්ටනෙට් නැති යුගයක තමයි ඩීමන් එන්නේ . ඒ කාලේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් එන්නෙත් මාස 3-6 වරක්. ඒ නිසා ඩීමන් වොයිඩ් එකක් ෆිල් කරා. පසු කාලයක අනූ ගනන් වල ඩීමන් මේ පොත් යලි මුද්‍රණය කරන්න ගත්තා ඒත් ඉස්සර වගේ ප්‍රතිචාර තිබ්බේ නෑ.

      Padam
    2. බිල්ලා පොතේ කොටස් කිහිපයක් මං පුංචි කාලේ කියෙව්වා.
      සිත්ති වගේ නමක් තිබෙන අක්කා කෙනෙක් අවුරුදු 12ක විතර කොල්ලෙක් තනි නොතනියට නවත්වා ගන්නවා. ඇය ඔහුට කරන විස්තර තමයි පොතේ ලියා තිබෙන්නේ.
      කොල්ලන්ගේ හැඟීම් අවුස්සන්න ලියපු පොතක්. මැදි වියේ විවාහක මිනිසුන් අතර පවා ජනප්‍රිය වූවක් කියලයි මං හිතන්නේ.

      Padam
  10. ඇත්තෙන්ම ඩීමන් කියන්නෙ යක්ෂයට නේද හරියටම ලුසිෆර් කිව්ව වගෙ. එතකොට අනන්දනීය වූ යකෙක්, නැතිනම් යකාගේ ආනන්දය.

    BalasPadam
  11. බදුල්ල එක්ස්ප්‍රස් ඉස්කෝලෙන් හම්බෙලා ගෙදර ගෙනත් කියෙව්වා.ලොකු තාත්තා කෙනෙක් එදා ගෙදර ඇවිත් ඉඳලා පොත අල්ලලා වීසි කලා.ඒකෙ ඇත් දේකුත් නෑ.. මහා වරදක් කලා වගේ බැන්නෙ.. මූ ඩීමනානන්දගෙ පොත් කියවනවා කියලා..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. බදුල්ල එක්ස්ප්‍රස් 1990 ගනන් වල නව මුද්‍රණය අවා

      Padam
  12. Dr, do you have any idea of English novels he based for his adaptations please?

    BalasPadam
    Balasan
    1. His trilogy published in mid 70's "Ek Sundara Udasanak/Soorayantath Waradinawa/Soorayange Winasaya" based on "One Bright Summer Morning(James Hadley Chase).His "wawla" & "Wawlage Shapaya" based on Dracula (Bram Stoker) His "Juriya Mamai" based on I the Jury (Mickey Spillane).His "Palhoru" based on Flesh of the Orchide(james Hadley Chase to name a few.

      Padam
  13. මේ රසවත් පොත් හොරෙන් කියවා අසුවූ විට අපට ඉගැන්වූ මෝඩ ගුරුවරු අපට දඬුවම් කළහ. නමුත් ත්‍රාස රසය මිස කිසිම නරක දෙයක් මේ පොත්වල තිබුනේ නැත. ජාතියට කියවීම, බටහිර චිත්‍රපටි බැලීම පුරුදුකල මේ මිනිසා...සමාජයෙන් සියලු අපහාස විඳ මියගියේය !

    BalasPadam
  14. අපගේ පරම්පරාවේ කියවීමේ දුබලතා කියවීමේ ඌණතා මග හරවාගැනීමට ඩීමන් ආනන්දගේ පොත් ඉවහල් විය​. ඒ්ක අැත්ත. ඒවායින් පටන්ගෙන සම්භාව්‍ය සාහිත්‍යයට අපි ගිය අපූරුව..........
    ඩීමන් අානන්දගෙ පොත් කියවල මමත් තාත්තගෙන් බැනුම් අහල තියෙනව. පන්තියෙදි උකුල උඩ තියාගෙන හොරෙන් පොතක් කියවල අපේ අයිස සර්ගෙන් බැනුම් අහල තියෙනව. මං අානන්දෙ අැතුළෙ බැනුම් අහනකොට රුවන් නාලන්දෙ ‍අැතුළෙ බැනුම් අහල පාසල් අතර සහෝදර බැම්ම රැකගෙන තියෙනවා.

    BalasPadam
  15. අපිත් කියෙව්වා දීමන ආනන්දගේ පොත්. මන් හිතන්නේ එයාගේ පොත් පුංචි වීම බොහෝ අය කියවීමට එක හේතුවක්. ඒ වගේ පුංචි පොත් ලියල බලන්න ජනප්‍රිය වෙනවද කියල

    BalasPadam
  16. මේ ලින්ක් එකේ තිබෙන ලිපියත් අපේ සාකච්ඡාවට වැදගත් වේවි කියා සිතනවා.
    http://archives.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/12/03&id=2013/12/03/b1312037

    BalasPadam
  17. අපට කියවීම පුරුදු කල මිනිසා...
    වරදක් නොකල...
    වරදකරු !

    BalasPadam
  18. දැන් හොයාගන්න නැද්ද

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook