Isnin, 4 April 2016

අධිකරණ වෛද්‍ය අංශය

 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග වැඩ කරන ලද කාලය තුලදී මට විවිධ අත්දැකීම් ලැබුණි. ඉන් එකක් නම් අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කිරීමයි. අධිකරණ වෛද්‍ය අංශය හෙවත් Forensic Psychiatry ඒකකය මගින් ලංකාවේ අධිකරණ පද්ධතියට විශේෂ සේවයක් සපයයි. මෙම අංශයේ සිටින රෝගීන් ගේ මානසික තුලනීක්‍ෂණය සඳහා මමද දායකත්වයක් දුනිමි. 

අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සිටින විවිධාකාර රෝගීන් මම දුටුවෙමි. සමහර රෝගීන් මට තවමත් මතකය​. ඉන් එක් රෝගියෙකු වුයේ භින්නෝන්මාදය (Schizophrenia)  නිසා තම මව දූෂණය කරන ලද පුද්ගලයෙකි. ඔහු වයස තිස් දෙකක් පමණ වූ කුඩා ශරීරයකින් හෙබි අයෙකි. සයිකෝසියාව උග්‍ර වූ අවස්ථාවක ඔහු විසින් තමන් ගේ මව බරපතල ලිංගික දූෂණයකට ලක් කරන ලද අතර පසුව ඔහුව පොලිස් අත් අඩංගුවට පත් විය​. උසාවි නිර්දේශය අනුව ඔහු අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රතිකාර ලබයි. 

මම මේ පුද්ගලයා සමග කතා කලෙමි. එකී සිද්ධිය පිළිබඳව ඔහුට මතකයක් නැත​. එසේම ඖෂධ ප්‍රතිකාර නිසා ඔහුගේ රෝගී තත්වය බොහෝ දුරට යහපත් අතට හැරී තිබේ. එසේම සති දෙකකට වරක් පමණ ඔහුව බැලීමට ඔහුගේ මව පැමිනියාය​. ඇය කුඩා ශරීරයකින් හෙබි මධ්‍යම වයසේ කාන්තාවකි මව විසින් මුහුණ දෙන ලද  ක්ශිතිමය අත්දැකීම  විශාලය​. එහෙත් ඇය තම පුතා අත් නොහැරියාය​. මෙම මාතාවට යම් කිසි මනෝ උපදේශයක් ලැබුනාද කියා මම නොදනිමි. 

මෙම ඒකකයේ සිටි තවත් පුද්ගලයෙකු සයිකෝසීය තත්වය නිසා හිරමණයකින් පහර දී තම බිරිඳ මරා දමා තිබුනේය​. ව්‍යාථවේදී මාත්සර්‍ය්‍යය හෙවත්  Pathological Jealousy  ස්වභාවය උග්‍ර වීමෙන් ඔහු මෙකී අපරාධය කොට තිබුනි. එහෙත් පසුව ඔහු භින්නෝන්මාදයෙන් පෙළුණු බව සොයා ගැනුනි. රෝගී තත්වය නිසා ඔහු මනෝ භ්‍රාන්තීන් දකින්නට විය​. මෙම මනෝ භ්‍රාන්තීන් ලිංගික ඉරිසියාව මත ගොඩ නැගුනු ඒවා වීම විශේෂත්වයකි. ගමේ මිනිසුන් , ග්‍රාමසේවක පවා පැමින තම බිරිඳ සමග සංසර්ගයේ යෙදෙනවා ඔහු දුටුවේය​. එවැනි අවස්ථාවක ඔහු හිරමණයකින් පහර දී බිරිඳව මරා දැමුවේය​. 

බිරිඳ මිය ගිය පසුද ඔහුට බිරිඳ විවිධ පුද්ගලයන් සමග ලිංගිකව හැසිරෙනවා මනෝ භ්‍රාන්තීන් ලෙස දකින්නට විය​. යථාර්තයත් මායවත් අතර ඔහු පැටලී සිටියේය​. බිරිඳ මිය ගොස් බොහෝ කාලයක් ගතවී තිබෙන බව ඔහු නොදත්තේය​. 

තවත් රෝගියෙකු බරපතල මනෝ රෝගී තත්වයක් නිසා මල් කඩමින් සිටි මවක සහ කුඩා දියණියක පොල්ලකින් ගසා මරා දමා තිබුනි. තමන් විසින් කරන ලද බරපතල ක්‍රියාව ගැන මේ පුද්ගලයාට ඒ වන විටත් සංගත භාවයක් නොවීය​. 

වරක් මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධ කල පුද්ගලයෙක් බොරු පිස්සුවක් ගෙන උසාවිය නොමග යවා තිබුනි. මේ පුද්ගලයා මා වෙතද එවා මා සිතන්නේ කුමක් ද කියා වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ඇසුවේය​. අසන සෑම ප්‍රශ්නයකටම "යකා තමයි මට කරන්න කිව්වේ"  කියා ඔහු පිලිතුරු දෙයි. එහෙත් මෙම පුද්ගලයා කරන්නේ රැවටිල්ලක් බව අප තේරුම් ගත්තෙමු. එම නිසා ඔහු වියාජ රඟපෑමක් කරන බව උසාවියට දැනුම් දෙන ලදි. 

අධිකරණ වෛද්‍ය අංශයේ ලිංගික අපගමනයන් පෙන්වන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුද වූහ​. එක් අයෙක් ස්වයං වින්දනයේ යෙදී ශුක්‍රාණු අනෙකුත් රැඳවියන් ගේ ඇඟ තැවරීමට පුරුදුව සිටියේය​. මේ නිසා සමහරක් විට ඔහු වෙනත් රෝගීන් අතින් පහර කෑමටද ලක් විය​. 

අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ සිටි රෝගීන්ට තිබූ ඇඳුම් හිඟකම මම නිරීක්‍ෂණය කලෙමි. මේ නිසා මම මාදම්පේ සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ සේවය කරන විට කාර්‍යමණ්ඩලයේ සහයෙන් පරණ ඇඳුම් විශාල ප්‍රමාණයක් එක් රැස් කොට ඒවා අංගොඩ මානසික රෝහලේ  අධිකරණ වෛද්‍ය අංශයේ රෝගීන්ට ලබා දුන්නෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 ulasan:

  1. අධිකරණ වෛද්‍ය අංශයේ සිටි රෝගීන්ට තිබූ ඇඳුම් හිඟකම///// මිට පෙර අසා නොදැන සිටි දෙයක් එකල මෙන්ම මෙකලත් එම හිග කම තියනවද අංගොඩ අනෙක් මනදික රෝගීන්ටත් මෙය බලපා තිබේද

    BalasPadam
    Balasan
    1. බොහෝ වේලාවට තිබෙනවා

      Padam
  2. වත්මන් සමාජයේ මෙවැනි සිදුවීම් වල යෙදෙන නිසා ගර්හාවට පත්වන බොහෝ අය මානසික රෝගීන් බව සාමාන්‍ය ජනතාව දන්නේ නෑ.. ඒ අතින් අපේ රටේ මානසික රෝග පිලිබඳ දැනීම ඉතාම දුර්වල මට්ටමක තිබෙන බවයි පෙනෙන්නේ....

    BalasPadam
    Balasan
    1. අපේ රටේ මානසික රෝග පිලිබඳ දැනීම ඉතාම දුර්වල මට්ටමක තිබෙන බවයි පෙනෙන්නේ.///// True

      Padam
  3. //තවත් රෝගියෙකු බරපතල මනෝ රෝගී තත්වයක් නිසා මල් කඩමින් සිටි මවක සහ කුඩා දියණියක පොල්ලකින් ගසා මරා දමා තිබුනි. තමන් විසින් කරන ලද බරපතල ක්‍රියාව ගැන මේ පුද්ගලයාට ඒ වන විටත් සංගත භාවයක් නොවීය​.//

    මම එයත් එක්ක කතාකරන්න උත්සාහකරල තියනවා ,(ගරිල්ලා මාකටින්ග් ෂූට් කරන කාලේ ) වචනයක්වත් කතා කලේ නැ . සමහරක් විට එයාට නං තාම සුවයක් ලැබිලා නැතුව ඇති

    BalasPadam
    Balasan
    1. yumba koheda banz film Gahanna giye

      Padam
    2. yumbage nidana kaambare

      Padam
    3. ඔහු තුල උග්‍ර මානසික රෝගී තත්වයක් තිබුනා

      Padam
  4. ඇත්තටම ලංකාවේ මානසික රෝග ගැන දැනුවත් බව අඩුයි. මෙවන් රෝගීන් අපරාධ කල පසු ඔවුන් ගර්හාවට ලක් කරනු විනා ඔවුන් ඊට යොමුවූ හේතු හොයන්නේ නැහැ සුළු මානසික රෝගයක් උනත් මිනිස්සු හංගනවා සමාජයට බයේ . අසරණ රෝගීන් ගේ ජීවිත විනාශ වෙනවා .

    BalasPadam
    Balasan
    1. ඇත්තෙන්ම,ඔවුනුත් මිනිස්සු.මානසික රෝගීන් ගැන සමාජය දක්වන ආකල්ප වෙනස් වෙන්න ඕනේ.

      Padam
    2. ක්‍රිස්තියානි පල්ලිය විසින් මුල් කාලයේදී මානසික රෝගීන් සාතන් ගේ ඒජන්තයන් කියමින් පණ පිටින් පිලිස්සීමේ ක්‍රියාවලිය තුල තමයි මානසික රෝගීන් තවමත් සමාජයේ අවඥාවට කොන් කිරීමට ලක් වන්නේ

      Padam
  5. මේ ළගදි දවසක මටත් ඔහොම සීන් එකක් උනා. රා එක්ක අරක්කු කලවං කරල බඩ පැලෙනකං බීලා පැය දෙකක විතර මතක රික්තයක් ඇති උනා.. තවමත් නිච්චි නෑ කරපු ඒවා.. ඒකට හේතුව මොකක්ද ඩොක්ටර්. ඒ දේ ආයි නොවනේන වග බලාගන්න නං ඕන .හැබැයි බොන්න එපා කියල නං කියන්න එපා.. හැක්

    BalasPadam
    Balasan
    1. //තවමත් නිච්චි නෑ කරපු ඒවා..//
      selective amnesia?
      deliberate amnesia?
      defense plea? :-D

      Padam
    2. තොට කවද්ද කියපු කරපුවා මතක තිබුණේ? හැක්

      Padam
    3. තැන්ක්ස් රුවන්..

      Padam
  6. දුමින්ද සිල්වා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට බාර කලාද දන්නේ නෑ නේ.... මොකෝ එයාටත් මතක නෑ ලූ නේ. පොලීසියකට බාර දුන්නා නම් ටික වෙලාවකින් පිලිගනියි භාරත් නෙමෙයි. ප්‍රභාකරන් මැරුවෙත් එයාය කියලා. මොකෝ හාවෙක් වෙනුවට වලහෙක් අල්ලගෙන ආපු උන් නේ පොලීසියේ ඉන්නේ. අර සේයා දැරියගේ කේස් එකේදි මතකයි නේ. ඔය වගේ කාලකන්නින්ට විරුද්ධව ක්‍රියා කරන්න නීතී නැද්ද...?

    BalasPadam
  7. මමත් එක වතාවක් ඔය තැනට ගියා.. මානසික රෝගීන් කියන්නේ එක්තරා රෝගීන් කොටසක් කියන එක සමාජ අවබෝධය අඩුයි..

    කොහොම උනත් ඒ අංශයෙන් මේ වගේ ගැටලු තියනවා කියලා දැනං හිටියේ නෑ.

    BalasPadam
  8. අපේ අවධානයෙන් ගිලිහුණ පැත්තක්. අංගොඩ මානසික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රෝගීන්ට ඇඳුම් ලබා දෙන්න ඇත්නම් සිතුණා. ඒ ගැන යමක් කියන්න පුළුවනිද...ඒ සඳහා විමසිය යුත්තේ කාගෙන්ද..

    BalasPadam
    Balasan
    1. රෝහල් අධිකාරිට ලිපියක් යවා විමසන්න

      Padam
  9. තමන්ට හෝ පවුලේ කෙනෙකුට තියෙනවා යයි පිළිගන්න අකමැතිම රෝගී තත්වයක් නෙ මේක.ඇත්තටම මිනී මැරුම් කරලා මානසික රෝගයක් පිටින් දාල ගැලවෙන්න හැකියාවක් තියෙනවා නේද ඩොක්?
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස්, කෙනෙක් මිනී මැරනවනම් නං ඉතින් එයා මානසික රෝගියෙක් බව ආයේ ඔප්පු කරන්නත් දෙයක් තියේද?

      Padam
    2. මිනී මැරුම් කරලා මානසික රෝගයක් පිටින් දාල ගැලවෙන්න හැකියාව ඉතා අඩුයි මම වෛද්‍ය නීල් සමග වැඩ කල කාලයේ මෙහෙම අය කීපදෙනෙක් ආවා. නමුත් අපි ඔවුන් කරන්නේ රඟපෑමක් බව සොයා ගත්තා.

      Padam
  10. තවත් කණගාටුදායක තත්වයක් තමයි, මානසික රෝග වලින් සුවය ලැබූ පුද්ගලයන්, ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන නොගොස්, රෝහලේ අතහැර දැමීම. මා කීප වතාවක් මෙය දැක තිබෙනවා.

    BalasPadam
    Balasan
    1. ඔව් ඒකත් අර stigma එක සමග එන ගැටලුවක්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook