Isnin, 18 April 2016

ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා

 

හාස්‍ය රසය විශාදයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සුදුසු බව වරක් සායනික මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා මා සමග කීවේය​. මේ නිසා මම හාස්‍ය රසය   ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සඳහා වැඩිදුර අධ්‍යනය කිරීමට කැමිලස් පෙරේරා මහතා ඇමතුවෙමි. කැමිලස් පෙරේරා මහතා අවශ්‍ය සහයෝගය දුන් අතර වෛද්‍යවරුන් ඇමතීම සඳහා අපගේ වැඩ සටහනකටද ආවේය​. 

අප කැමිලස් හඳුනා ගත්තේ ගජමෑන් හරහාය​. එහෙත් කැමිලස් ගේ විහිළු 1970 දශකය මුල් භාගයේ සිට තිබූ බව මට මතකය​. මතක් කර ගත හැකි පැරණිම විහිළුව වන්නේ  මැගිලින් අක්කා පිලිබඳවයි.  මැගිලින් අක්කා පොඩි දේවල් විශාල කර පෙන්වන  කණ්නාඩියකින් බිම බලයි. යමෙකු මැගිලින් අක්කා ගෙන් මොනාද බලන්නේ කියා අසයි. කූපන් එකට ගත්ත සීනි ඇට දෙක තුනක් බිම වැටුණා කියා ඇය කියන්නීය​. මෙය   සමගි පෙරමුණු රජය යටතේ කූපන් වලට බඩු ගත් යුගයේ විහිළුවකි. 

සිත්තර පත්තරය ආරම්භ වීමෙන් පසුව ගජමෑන් චරිතය සමාජගත විය​. ගජමෑන් බොහෝ විට දුප්පතෙකු වූවත් එක චිත්‍ර කතාවක ගජමෑන් පොහොසතෙකි. ඔහු තම මෝටර් රථය නවතා සාදයකට යයි. සාදයේදී මධුවිත ගන්නා ඔහු වෙරිමරගාතේ මෝටර් රථයට නැග සුක්කානම හොරු අරගෙන ගිහින් කියා බෙරිහන් දෙයි. එහෙත් බලන විට ගජමෑන් නැග තිබෙන්නේ මෝටර් රථයේ පසුපස ආසනයටය​. 

තවත් කථාවක ගජමෑන් මිය ගොසිනි. වත්තේ පොල් මිලදී ගැනීමට එන මුදලාලි පොල් ගස් කණාටු වෙලා කියයි. නමුත් එක් ස්ථානයක පොල් ගසක ගෙඩි සරුවට තිබේ. එම ස්ථානය ගජමෑන් වලදැමූ ස්ථානයයි. මොකද ගජමෑන් වලදැමූ ස්ථානයේ පොල්  ගෙඩි සරු කියා මුදලාලි අසන විට ගජමෑන් ගේ කොල්ලා කියන්නේ තත්තා ජීවත්ව හිටපු කාලයේ  බිව්වේ යූරියා වලින් පෙරාපු කසිප්පු නිසා කියයි. 

ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා මාදම්පේ නියාජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට පැමිණි විට වෛද්‍යවරු ඔහුව වට කරගෙන බොහෝ ප්‍රශ්න ඇසුවෝය​. මම ඉපැරණි ගජමෑන් කතා කැමිලස් පෙරේරා මහතාගෙන් ඇසුවෙමි. සමහර හාස්‍යජනක කතා ඔහුට අමතකවද තිබුනේය​. අවසානයේදී වෛද්‍ය ජගත් පද්මසිරිගේ ඉල්ලීම පරිදි  කැමිලස් පෙරේරා මහතා ලොකු කොලයක ගජමෑන්ව ඇඳ පෙන්වීය​. 

කැමිලස් පෙරේරා මහතා චාරුමත් මිනිසෙකි. බොහෝ ක්ශිතිමය අත්දැකීම් වලට බඳුන් වූ  ශ්‍රී ලාංකික සමාජය සිනහගැන්වීම ලේසි පාසු කාර්‍යක් නොවේ. එවැනි සමාජයකට කඳුල වෙනුවට සිනහාව ගෙන ආ පරම්පරාවක් සිනහවෙන් කුල්මත් කල  කැමිලස් පෙරේරා මහතා ගජමෑන් මෙන් සදාකල් සිහිවටනයකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

29 ulasan:

  1. ගජමෑන් කවදත් අප සිත් ගත චරිතයකි. sudukukula.blogspot.com

    BalasPadam
  2. ගජමෑන් කවදත් අප සිත් ගත චරිතයකි. sudukukula.blogspot.com

    BalasPadam
  3. අන්තර්ජාතික ඇගයීමට ලක්වියයුතු සැබෑ කාටූන් නිර්මාණ ශිල්පියෙක්. ඔහු අපේ රට තුළ නිසි ඇගයීමකට ලක්වුනාද යන්න සැකයි.

    BalasPadam
  4. කැමිලස් පෙරේරා මහත්මයාගේ නිර්මාණ හරි අපූරුයි....

    BalasPadam
  5. ගජමෑන් වගේම ජනප්‍රිය වුන තවත් කතාවක් තමයි දැක්කොත් පත්මාවතී. ගජමෑන් සමග සමයං කියල පත්තරයක් එහෙමත් තිබුණා මට මතක විදියට 90 දශකයේ අග භාගයේ. මටනම් අදටත් ගජමෑන් තරම් හාස්‍යයෙන් පිරුණ වෙනත් කාටූන් චරිතයක් නැහැ. කැමිලස් පෙරේරා මහතාට දීර්ගායුෂ පතමු !

    BalasPadam
    Balasan
    1. අදටත් ගජමෑන් තරම් හාස්‍යයෙන් පිරුණ වෙනත් කාටූන් චරිතයක් නැහැ. ++++++

      Padam
  6. ගජමෑන්, සිරිබිරිස්, ලපයා, පද්මාවති තරමටම කැමිලස් මහත්තයාව මිනිස්සුන්ට මතකද කියන එක ප්‍රශ්නයක්. මුවන්පැලැස්ස තාම මතකයි ඒත් මුදලිනායක සෝමරත්න, වික්ටර් මිගෙල් මහත්තයාව මතකද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ එකල නිර්මාණයන් ඒ තරමට ප්‍රභලයි කියන එක වෙන්න ඇති.

    පහුගිය දවස්වල සිරස ටීවී එකේ නිව්ස්වලට ප්‍රේමවති මනම්පේරි ගැන දවස් කිහිපයක් ෆීචර් එකක් ගියා. රුවන් ජයතුංග නම එහි සඳහන් වුනා. ඔබ දකින්න ඇති. Aru.

    BalasPadam
    Balasan
    1. yes Aru thanks

      ඔබගේ අඩවිය අක්‍රිය ඇයි ?

      Padam
    2. අලස කම..Aru.

      Padam
  7. ගජමෑන් අපිත් පොඩි කාලේ හරිම ආශාවෙන් රස වින්ද කාටුන් පෙළක්.ඇයි තවත් කාටුන් නිර්මාණ ශිල්පින් දෙදෙනෙක් හිටියේ සුමතිපාල-ජෝතිපාල කියලා සහෝදරයන් දෙදෙනෙක්.

    හාස්‍ය රසය වගේම සංගීතයත් රෝගීන් සුවපත් කරන්න යොදා ගන්නවා නේද දැන් ?

    BalasPadam
    Balasan
    1. සුමතිපාල-ජෝතිපාල ඒ වගේම බෙම්මුල්ලේ හෙන්රි මතකද ?

      Padam
  8. කැමිලස් පෙරේරා මහතාට කලින් පුවත්පත් වලට කාටුන් ඇන්ද අමිත අබේසේකර හා හෙන්රි තෙන්නකෝන් මහත්වරුනුත් මෙහිදී සිහිපත් කලයුතුයි. ඇත්තම කියනවානම්, ඔවුන් කැමිලස් පෙරේරා මහතාටත් වඩා ප්‍රතිභා පුර්ණ බව කිවයුතුයි.

    BalasPadam
    Balasan
    1. අමිත අබේසේකර හා හෙන්රි තෙන්නකෝන් මම කියවලා තියනවා මතකද හෙන්රි තෙන්නකෝන් ගේ කතා පිංච ; ඒ වගේම අද එතැන් සිට - ඉළ ඇදෙන සිනා

      Padam
    2. හෙන්රි තෙන්නකෝන් (ඔහු එල් සී ජයසිංහ ලෙස ද ලීවේය) ගේ මට මතක වැඩ
      1. අනේ ඌ නොසිටියානම්
      2. සමාජ සමයං
      3. පොඩි එකාගේ ලියුම
      4. අද එතැන් සිට

      Padam
    3. මතක් කලාට ස්තුතියි

      Padam
  9. මට මතක නෑ. නමුත් ගජමෑන් ගෙ කොමඩි තිබ්බ පත්තරයක්ම තිබ්බ වගෙ මතකයි. රිවිර ල ගෙ නේද.

    BalasPadam
  10. ගජ මෑන්..අපිව හිනස්සපු චරිතයක්

    BalasPadam
  11. ඇස් ඒ දිසානායක මහතාගේ පඬිතුමා, යෝදයා වගේ චරිත තිබූ කතාවලත් උපහාසය තිබුණ. දේශපාලනයෙන් තොර.

    BalasPadam
  12. මිනිහෙකුගේ වටිනාකම අවබෝධවන්නේ ඔහු මියගිය පසුවය ,ඔහු තරම් දක්ෂ ලෙස කාටුන් අඳින්නට සමතෙක් වෙනත් නැතැයි මට සිතේ

    BalasPadam
  13. චාරුමත් කියන වචනය මුල්වරට දැක්කෙ. අනගි මතක සටහනටත් ස්තූතියි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook