Khamis, 3 Mac 2016

සත් වසක් යූක්‍රයීනයේ

 


1986 සිට 1993 දක්වා වසර සතකට ආසන්න කාලයක් මම යූක්‍රයීනයේ ජීවත් වූයෙමි. එම කාලය බොහෝ අත්දැකීම් පිරි කාලයකි. එවැනි අත්දැකීම් වර්තමානයේ වෛද්‍ය සිසුවෙකුට ලබා ගැනීම ලෙහෙසි පාසු නොවේ. මේ කාලය තුල ග්‍රීෂ්ම නිවාඩු වලට මම යුරෝපයේ බොහෝ රට වල සංචාරය කලෙමි.  ජර්මනිය බෙදී තිබූ යුගයක දෙවරක්ම බර්ලින් තාප්පය හරහා ගියෙමි. මේ අත්දැකීම ලබා ගැනීමට දැන් හැකියාව නැත​. 

යූක්‍රයීනයට ආ කාලයේදී සෝවියට් සමුහ ආණ්ඩු ක්‍රමය සක්‍රියව තිබුණි. පසු කාලයක පෙරෙස්ත්‍රොයිකාවද පසුව ධනවාදයද යූක්‍රයීනයේ ස්ථාපිත විය​. අප මේ යුග තුනම දෑසින් දුටුවෙමු. මේ යුග තුනේම ජීවත් වූයෙමු. 

මම යූක්‍රයීනයේ නගර ගනනාවකට ගොස් තිබේ. එසේම මට යූක්‍රයීන බස තේරුම් ගත හැකිය නමුත් කතා කිරීම සීමා සහිතය​. යූක්‍රයීන ජාතිකයන්ට හොහොල් ජාතිකයෝ හෝ හක්ලී යැයි සරදමට කියති. මම මොස්කව් ගිය විට මා මිතුරු රුසියන් ජාතිකයන් නුඹ ඉන්නේ හොහොල් ජාතිකයෝ එක්ක නේද කියා අසති.  යූක්‍රයීන ජාතිකයන් ග යන්න වෙනුවට කියන්නේ හ යන්නය​. එම නිසා ගගාරින්ට ඔවුන් කියන්නේ යූරි හහාරින් කියාය​. 

මම නැගෙනහිර යුරෝපයේ මෙන්ම  බටහිර යුරෝපයේ බොහෝ රටවල් වලට ගියෙමි.බොහෝ  සංස්කෘතීන් දුටුවෙමි. ඉන් මගේ සමාජ ලෝකය වඩාත් පලල් විය.   එයින්  නැගෙනහිර හා  බටහිර පිළිබඳ ( සමාජවාදය හා ධනවාදය පිළිබඳව) තුළනාත්මක ඥානයක් ලබා ගත හැකි විය​. මේ නිසා ලංකාවේ සමාජවාදය ගොඩ නැගීමට මිනී මැරීමට උත්සහ කරන කොටස් තුල ලෝකය හරි හැටි නොදැක සිටීමේ ව්‍යාධිය   ( ලිං මැඩි සින්ඩ්‍රෝමය )   තිබෙන බව මම ප්‍රත්‍යක්‍ෂ කලෙමි. එසේම ධනවාදය තුලද මිනිස් ගැටළු වලට පිලිතුරක් නැත​. එය මම උතුරු ඇමරිකාවේ දකිමි. එම නිසා මා විශ්වාස කරන්නේ මානුශිකවාදී අර්ථ ක්‍රමයක් ගැනය​. එවැනි ක්‍රමයක් අප නිර්මාණය කල යුතුය​. 

අප  යූක්‍රයීනයේ  ජීවත් වූ කාලයේදී  යූක්‍රයීනය සාමකාමී විය​. ඒ කාලයේ ලංකාවේ උතුර සහ දකුණ ගිනි ගනිමින් තිබුනේය​. ලංකාවේ මිනී කඳු බෝම්බ සපිරි දේශයක් විය​. ලංකාවේ දුක්ඛදායක තත්වය ගැන මාගේ විදේශිය මෙන්ම යූක්‍රයීන මිතුරන් කම්පා වූහ​. ලංකාවට සාමය එන්නේ කවදාද යැයි ඔවුන් ඇසූහ​. මේ වන විට (2015) සාපේක්‍ෂ වශයෙන් ලංකාවේ සාමය උදාවී තිබේ. බෝම්බ, මරණ මිනී කඳු ,වෙඩි හඞවල් නැත​. එහෙත් ඉතා සාමකාමී ලෙස තිබූ යූක්‍රයීනය යුද්දයකට පැටලී තිබේ.ඔවුන්ට සාමය උදා වේවා යැයි මා පතමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 

35 ulasan:

  1. දේශ සීමා නොමැති සාම කාමී ලොවක් වෙනුවෙන් මමද ඔබ සමග සිටගැනීමට කැමැත්තෙමි.

    BalasPadam
  2. මට දවසක යුක්‍රේන ජාතික තරුණියක් සමග කථා කරන්න ලැබුණා. ඇයගේ ලෝකයේ සිදුවන දේවල් ගැන දැනුම ලංකාවේ තරුණියකට සාපේක්ශව ඉතාම ඉහලයි. මෙය සාමාන්‍ය දෙයක්ද? තවත් දෙයක් මම ඇයට වඩා දෙගුණයක් විතර වයස වීම ගැන දුක් වුණු අවස්ථාවක් ඒක. ඒකට හේතුව ඇයගේ පෞරුශයේ තිබූ ආකර්ශණීය බව.

    BalasPadam
    Balasan
    1. What a logic; just talked with one foreign girl:
      conclusion > All of foreign girls are well versed in world affairs, period.

      Padam
    2. Some do not have the ability to comprehend what is written.

      Padam
    3. වයස් පරතරය ඇය නම් ඒතරම් සලකන්න නැතුව ඇති

      Padam
    4. ඒක දැණුනෙ මට. ඒ වයසෙ හිටියනන් කියල :)

      Padam
    5. @ඉයන්: එතකොට ඇයට ඇගේ රටේ අසල්වාසී රුසියාව හෝ තමන්ගේ රටේ නැගෙනහිර ප්‍රදේශ ගැන තිබූ අදහස් කුමක්ද?

      Padam
    6. ඔවුන් ඉතා මිත්‍රශීලීයි

      Padam
  3. ඔබේ පැතුම ඔබත් සමග අපිත් එසේම පතමු...

    BalasPadam
  4. ඉයන්ගේ අදහස සමඟ මාද එකඟයි, බොහෝමයක් අනෙකුත් රටවල ලඳුන්ට සාපේක්‍ෂව අපේ ස්ත්‍රීන්ගේ දැනුම ඉතාම අවමයි, ඔවුන් සමඟ කතා කරන්න වූ අවස්තාවක, පෙලක් වෙලාවක ඔවුන්ගේ දැනුමේ තරම තේරී අප මවිත වෙන සුළුයි. වඩාත්ම වැදගත් වන්නේ බහුබූත ඔලුවේ පුරවා නොගෙන ඔවුන් සරල වීමයි.

    BalasPadam
    Balasan
    1. What a logic; just talked with one foreign girl:
      conclusion > All of foreign girls are well versed in world affairs, period.

      Padam
    2. වැදගත් වන්නේ බහුබූත ඔලුවේ පුරවා නොගෙන ඔවුන් සරල වීමයි.+++++

      Padam
    3. I commented here what i felt in this regard and I never mentioned that I came to this conclusion by talking to one girl.

      Padam
  5. උස් පහත් භේද නැතිව ආශ්‍රය කරන ඔවුන්ගේ ගති පැවැතුම් ඉතා ප්‍රසංසනීයයි

    BalasPadam
  6. යුක්‍රේන් ජාතික වෛද්‍යවරු අපි ඉන්න දූපතේ සේවය කරනවා. ඉන් එක් වෛද්‍යවරියකගේ ඉංග්‍රීසි ගැන මම පුදුම වුනා. ඈ එතරම් චතුරව ඉංග්‍රීසි කතා කරනවා.

    BalasPadam
    Balasan
    1. ඔවුන්ට පාසලේ විදෙස් බාසා උගන්නනවා

      Padam
  7. //මා විශ්වාස කරන්නේ මානුශිකවාදී අර්ථ ක්‍රමයක් ගැනය​. එවැනි ක්‍රමයක් අප නිර්මාණය කල යුතුය​//
    ++++++++++++++++++
    ජයවේවා..!!

    BalasPadam
  8. යුක්‍රයීන් කාන්තාවන් සහ චෙච්නියන් කාන්තාවන් අතර ඉගෙනීමේ / දැනුමේ වෙනස්කම් ඇති නේද?

    BalasPadam
    Balasan
    1. මට හමු වූ චෙච්නියන් කාන්තාවන් තරමක් කුලෑටි අඩු අධ්‍යාපනික මට්ටමක සිටි අය

      Padam
  9. ඒ කාලයේ ලැබුනු වෙනත් අත්දැකීම් ගැනත් ලීවා නම් හොඳයි කියලා හිතුනා...

    BalasPadam
  10. ඔය හොහොල් කාරයින්ගෙන් කොපි කරලද දන්නෑ හා හා හරි හාවා ලිව්වේ :D

    අපි කියන්නේ යුක්‍රේනය කියලනේ. මොකක්ද නිවැරදි උච්ඡාරණය?

    ඒ රටේ තියන සුප්‍රසිද්ධ ආයුධ කම්හල්, ප්‍රහාරක ගුවන්යානා කම්හල් එහෙම දැක්කේ නැද්ද?

    BalasPadam
    Balasan
    1. ඔවුන් RDX / ඇන්ටනෝෆ් යානා හදනවා

      Padam
    2. සුන්දර ද්නීපර් නදිය ගලාබසින උක්‍රයීනය පිලිබඳ ඔබේ විස්තරය ඉතා සිත්ගන්නාසුළුය. උක්‍රයීන් අවි කම්හල් ඇත්තේ ක්යීව් නුවර "උක්‍රොබොරොන්ප්‍රොම්" නම් සංකීර්ණ අවි නිමැවුම සඳහාම වෙන්වූ කර්මාන්ත පුරයෙහිය.

      අන්තෝනොව්(ෆ්) යානා නිර්මාණ බියුරෝවේ නිර්මාපකයාණන් වූ ඔලෙග් කොන්ස්තන්තීනවිච් අන්තෝනව් අතිවිශිෂ්ට ගගන ඉංජිනේරු ප්‍රාඥයෙකි. මාගේ සිහින විරුවන්ගෙන් අයෙකි. ඔහු විසින් නිමැවූ කෘශිකර්මාන්තයට යොදාගන්නා අන් 5/ අන්-7 සිට යුධ සෙබලුන් යුදටැංකි ප්‍රවාහනය කරන අන්-32 යානා දක්වා සියල්ල අතිවිශිශ්ටයි. අන්-225 යනු ලොව සුවිසල්ම කාගෝ යානයයි. අන්තෝනව් විරුවා උක්‍රයීනය බිහිකළ ශ්‍රේෂ්ටයෙකි

      Padam
  11. ඇත්ත. ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන් උත්තර දෙන්නේ නෑ. අපි අපිට ගැලපෙන ක්‍රමයක් නිර්මාණය කරගත යුතුයි. රුසියාව කියන්නේ මගෙත් සිහින දේශයක්.

    BalasPadam
    Balasan
    1. ජංගිය ගලවාලා කලිසමක් ඇඳගන්න ඉන්න මගෙ සිහින දේශයකට යන්න කලින්

      Padam
    2. ධනවාදය වත් සමාජවාදය වත් අපේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන් උත්තර දෙන්නේ නෑ.

      Padam
  12. යුක්රයීනෙ නේද පාව්කා කොර්චාගින්ගෙ උපන් බිම?

    එතකොට අම්ම කතාවෙ අන්ද්රේ නහෝද්කා හොහොල් කෙනෙක් කියනව මතකයි.

    ඒ අය "ග" යන්න වෙනුවට "හ" යන්න කියනවනං, "නිකොලායි ගොගොල්" නිකම්ම "හොහොල්" වෙනව...

    BalasPadam
    Balasan
    1. යුක්‍රේනය පාව්කා කොර්චාගින්ගෙ උපන් බිම

      Padam
  13. "මේ නිසා ලංකාවේ සමාජවාදය ගොඩ නැගීමට මිනී මැරීමට උත්සහ කරන කොටස් තුල ලෝකය හරි හැටි නොදැක සිටීමේ ව්‍යාධිය ( ලිං මැඩි සින්ඩ්‍රෝමය )"

    ලංකාවේ තිබුනේ ලිං මැඩි සින්ඩ්‍රෝමය නම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් රටවලට අපනයන කරන්න තැත්කර මිලියන ගනනක් ජීවිත විනාශ කරන ඇමරිකන් චින්තකයන්ට තිබෙන ලෙඩේට කියන නම කුමක්ද?

    ඇමරිකානුවන් දේශපාලනය ගැන කතා කරද්දී ඔවුනුත් මෙයම කියනවා, තමන්ගේ පාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලෝකය ගැන දැනුම නැති බව.

    BalasPadam
    Balasan
    1. ධනවාදය තුලද මිනිස් ගැටළු වලට පිලිතුරක් නැත​. එය මම උතුරු ඇමරිකාවේ දකිමි.මගේ මානසික රෝගියාගේ පරිකල්පනය පොත කියවන්න ඒකේ තියනවා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය වෙන රටවල ස්ථපිත කරන්න ගිහිල්ලා මරා දාපු මිලියන් ගැන

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook