දරු ප්‍රසූතියෙන් පසු අධික ලේ වහනය වන කාන්තාවක් වාට්ටුවට ඇතුලත් කොට ඇති බව සවස් වරුවක නේවාසික වෛද්‍ය නිලධාරී එෆ් එම් මෙන්ඩිස් මට දැණුම් දුන්නේය. මම වහාම වාට්ටුවට ගියෙමි. රෝගියා එවා තිබුනේ දංකොටුව රෝහලෙනි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඝර්භාශය තුල සිරවී තිබේ. එය අත දමා ගැනීමට කරන ලද වෑයමේදී දංකොටුව රෝහලේ වෛද්‍යවරයා අතින් ඝර්භාශය කනපිට හැරී අධික රුධිර වහනය වන්නට පටන් ගෙන ඇත.
කාන්තාව මලානිකය. ඝර්භාශයෙන් තවමත් රුධිරය ගලයි. වහාම මේ කාන්තාවට රුධිර පාරවිළනය කල යුතු බව නේවාසික වෛද්‍ය රාම් මනෝහර්ට පවසා ඔහුව ලේ බැංකුවට පිටත් කලෙමි. ඒ අතරවාරයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට තත්වය දැනුම් දුන්නෙමි. ලේ වහනය නැවැත්වීම සඳහා ඝර්භාශය ඉවත් කරන ශල්‍යකර්මය (Hysterectomy ) කල යුතු බව අපට වැටහුණි. එම නිසා රෝගියා ශල්‍යාගාරයට ගෙන ගියෙමු. ඝර්භාශය ඉවත් කලද රුධිර වහනය සිදු විය. එයට හේතුව රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය බිඳ වැටී Disseminated intravascular coagulation (DIC) නම් තත්වය මතු වීමයි.
මෙම කාන්තාවට අප නොකඩවා රුධිරය දුන්නෙමු. ඇයට රුධිර පයින්ට් විශාල ප්‍රමානයක් දී අවට රෝහල් වලින් ද ලේ ඉල්ලා ගිලන් රථය යැව්වෙමු. එහෙත් ඇයගේ තත්වය ක්‍රමක් ක්‍රමයෙන් අසාධ්‍ය වූවාය. සිහිය නොමැතිව සිටි ඇය උදෑසන හතර පමණ වන විට මිය ගියාය.
මෙම කාන්තාවගේ මරණයෙන් පසු ඇයගේ ස්වාමි පුරුෂයා තම බිරිඳ ප්‍රසූත කල බිළිඳා ගෙන යාමට අාවේ වයස අවුරුදු පහක් පමණ වන පුතු සමගය. ඔහු සරමක් ඇඳි වයස තිස් පහක පමණ පුද්ගලයෙකි. අම්මාගේ මරණය ආරංචි වී දෝ කුඩා පුතු ශෝකයෙන් බිම බලාගෙන සිටියේය. පුරුෂයා බිළිඳාව වඩා ගත්තේය. ඉන්පසු ඔහු වාට්ටුවෙන් යන්නට ගියේය. අළුත උපන් මල්ලී තාත්තා වඩා ගෙන යද්දී කුඩා පුතු ඔවුන් පසු පසින් ගියේය. මෙම දුක්මුසු දර්ශනය දුටු වාට්ටුවේ හෙදියක වූ ගුණපාල මිස් කඳුළු සැලුවාය.
මව් මරා උපන් කුමරා මේ වන විට වසර දහ අටක පමණ තරුණයෙකු විය හැකිය. තම මව පිළිබඳ මතකයක් ඔහුට නැති වූවද මවගේ සුවඳ ඔහුට ඉඳහිට දැනෙනවා විය හැක.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

//එය අත දමා ගැනීමට කරන ලද වෑයමේදී දංකොටුව රෝහලේ වෛද්‍යවරයා අතින් ඝර්භාශය කනපිට හැරී අධික රුධිර වහනය වන්නට පටන් ගෙන ඇත.// මේ මව මියගියේ අධික රුධිර වහනය නිසා නම් මරණයට හේතුව දංකොටුව රෝහලේ වෛද්‍යවරයාද?
BalasPadamඋදය වෛද්‍ය ආචාර ධර්ම අනුව මට ඔහුගේ නම හෙලි කල නොහැකියි. පසුව හෙලිවූ අන්දමට මෙම වෛද්‍යවරයා බීමතින් අත දමා වැදෑමහ ගැනීමට කරන ලද වෑයමේදී ඝර්භාශය කනපිට හැරී අධික රුධිර වහනය වන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු මධු ලෝලියෙක්. පසු කාලයක මධුලෝලිතාව නිසා මිය ගියා
Padam//වෛද්‍ය ආචාර ධර්ම අනුව//
Padamමෙන්න මේ වෛද්‍ය ආචාර ධර්ම නොටිබුනානම් මෙලහකට නවීන වෛද්‍ය විද්‍යාවේ සිදුවෙන්නේ මොනවාදැයි ලෝකයේ මිනිසුන් දැනගන්නවා ඇත, එහෙම දැනගත්ත නම් වෛද්‍ය වරුන් ගෙන් බෙහෙත් ගැනීමක් සිදු නොවනු ඇති.
මෙය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කොතනත් මෙහෙමයි.
http://www.telegraph.co.uk/news/health/children/9128147/MMR-doctor-wins-battle-against-being-struck-off.html
MMR වක්සින්යේ වංචාව සම්බන්ද මුලින්ම හෙලිකල Professor John Walker-Smith ගේ රැකියාව අහිමිකළ වෛද්‍ය මාෆියාව දැනට වසර කීපයකට පෙර අදිකරණය ඉදිරියේ පැරදුන බව දන්නේ අතලොස්සක් (දන්න ඔබ වැනි අයත් නොදන්නවා වගේ සිටීම තමයි අපුරු සරදම )
මගේ පාසල් මිතුරෙක් සිටිනවා. ඔහු පාසලේදී කවදාවත් තම උපන්දිනය සමරුවේ නැහැ. උපන් දිනයටවත් අපිට කේක් කෑල්ලක් දෙන්නේ නැති පෙරේතයා යැයි අපි ඔහුට වදේ ගසපු වාර අනන්තයි. එවිට ඔහු කලේ අහිංසකව සිනාසීම පමණයි. ඔහුත් මව් මරා උපන් කුමරෙකු බව අපි දැනගත්තේ බොහෝ කල් ගොසින්. අද ඔහු ලංකාවේ කීර්තිමත් පුරවැසියෙක්. දැන් ඔහු තම උපන්දිනේට ගැබිණි මවුවරුන්ට දානයක් දෙනවා.
BalasPadamsorry to hear that
Padamඩොක්.. මේ ආකාරයේම සිදුවීමක් මගේ හිතවතියකට වෙලා තාම දවස් දහයක් නෑ.. අදාල වයිද්‍යවරයා අතින් මිය ගිය හතරවැනි මව ඇය වන අතර අවයව ජාවාරමක් ගැන නීති මාර්ග කටයුතුත් ඔහුට විරුද්ධව ඇති බවක් දැන් ආරන්චි වනවා.ඇගේ සැමියා ඉමහත් කලකිරීම නිසා කිසිදු ආකාරයේ නීතිමය පියවරක් නොගන්නා බව පවසා සිටියා. නමුත්,මෙවැනි මරණයකට හේතුව වයිද්‍යවරයාගේ නොසැලකිල්ල ද? එයට දඬුවම් කළ හැකිද? යුතු ද?
BalasPadamජයවේවා..!!
මියගොස් සෑහෙන වෙලාවක් ගියාට පසු අවයව ගැනීමට බැහැ. නිසි පරිදි කරන මරන පරීක්ශනයකින් අවයව තිබෙනවාද නැද්ද යන්න ලෙහෙසියෙන්ම බැලිය හැකියි.
Padamඅත්වැරදීම නිසා මිය යන අවස්ථාවලට දඬුවම් කරනවානම් ලංකාවේ පමනක් නොවේ ලෝකයේම බොහෝ දොස්තරලා ගෙදර.
ලංකාවේ නම් වැඩ අධිකකම, සම්පත් හිඟය වැනි හේතු නිසා මිය යන ගනන ඉතා වැඩියි.
කොහොමනමුත් මාතෘ මරන හා ලමා මරන කියන්නේ ආධුනික හා වාට්ටු භාර වෛද්‍යවරුන්ට ඉතා භයානක ඒවා. මේවා ගැන වෛද්‍ය සභාව මඟින් පරීක්ශන කෙරෙනනමුත් අගතියටපත් පාර්ශවය ඒ ගැන සැලකිල්ලෙන් සිටීම ඉතා වැදගත්.
@AnonymousMarch 21, 2016 at 11:26 AM
Padam"අත්වැරදීම නිසා මිය යන අවස්ථාවලට දඬුවම් කරනවානම් ලංකාවේ පමනක් නොවේ ලෝකයේම බොහෝ දොස්තරලා ගෙදර."
ඔබ වෛද්යවරයකු නම් ඔබගේ ඉහත ආකල්පය ඉතාම භයානක එකකි. බටහිර රටක සේවය කොලොත් ඔබට ඉතා ඉක්ක්මනින්ම medical negligence lawsuit මගින් වෛද්‍ය ලියාපදිංචිය අවලංගු කරගත හැකිය.
කොහොමනමුත් මාතෘ මරන හා ලමා මරන කියන්නේ ආධුනික හා වාට්ටු භාර වෛද්‍යවරුන්ට ඉතා භයානක ඒවා. //// sahathika athha
Padamගස් ලබ්බෝ.. ඔයාගේ හිතවතියගේ මරණයට සම්භන්ධ දොස්තර අතින් එහෙම වරදක් නිතර නිතර සිදුවෙනවානම් ඒ පුද්ගලයා ඒ වුර්තියට සුදුස්සෙක් නෙවෙයි.. ඒ අසරණ කාන්තාවගේ සැමියා ඒ සම්බන්ධව පියවරක් ගානෙන් නැහැ කියන්නේ තවත් ඒ වගේම කාන්තාවක් මරා දමන්නට සහයෝගය දෙනවා කියන එකයි.. එය එසේ වියයුතු නැහැ..
Padamhttps://www.youtube.com/watch?v=uGe6qCuHJTY
BalasPadamthanks
Padamදෛවයේ කුරිරු කම
BalasPadamඔව්
Padamකිසියම් සුවිශේෂී සංකූලතා තත්ත්වයක් නැතිවත් මාතෘ මරණ සිදුවනවානම් එය ඉතාම කණගාටුදායකයි. දක්ෂ වෛද්‍යවරයෙකු අතින් වුවත් well-intentioned mistakes විය හැකියි. එහෙත්, ගස්ලබ්බා කියන පරිදි එවැනි දේ නැවත නැවතත් සිදුවනවානම් එය වෛද්‍යවරයාගේ කුසලතාවය හෝ නොසැලකිල්ල පිලිබඳ ප්‍රශ්නයක් විය හැකියි.
BalasPadamagree
Padamමෙහෙම දේකදි නොසැලකිලිමත් වෙයිද මට නං හිතාතන්ඩත් බැ .
BalasPadamමම හේතුව කිව්වා
Padamහිත කීරි ගැහෙන කතාවක්........
BalasPadamyes
Padamපුතුගෙ උපත මවගෙ විපත එක දින සිඳු උනේ..... කියලා බොහෝම හැඟිම් බර ගීත්යක් තියෙනවා දොස්තර මහතා අහලා තියෙයි...
BalasPadamගායනය කේ. සේන.
Padamපුතුගෙ උපත මවගෙ විපත එක දින සිදු උනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගෙ උපන් දිනේ
මාහට දී ඔයා, ඈ සූරලොව ගියා
ඔව් මාතෙ
Padamමවකගෙ උණ්හුම නොලබා
Padamනේද මුල රසික...
අලුත් වර්ෂන් එකට වඩා පරණ එක ටිකක් තදට දැනෙනව.
ඇස් තෙත් විය!
BalasPadamරසික ඒ අවස්තාව දුක්මුසු මොහොතක්
Padamදුක්බර සිදුවීමක්...
BalasPadamඇත්ත
Padamබොහොම කනගාටුදායක කතාවක්.. තමුන්ගේ වුර්තිය වගකීමකින් කරන්න බැරි උදවිය ඒ වුර්තියේ තබාගතයුතු නැහැ කියලයි මගේ අදහස..
BalasPadamමධුලෝලිතාව රෝගයක්
Padamඅදටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක සේවය කරන මගේ මිත්‍ර වෛද්‍යවරයකු ඉන්නවා. කලකට ඉහතදී ඔහු මා සේවය කළ කඳවුරකට දිනපතාම වගේ සවසට එනවා බිලියඩ් ක්‍රීඩා කිරීමට. ඒ අතරේදී මධුවිතත් සෑහෙන්න පරිහරණය කරනවා. මෙසේ ඉන්න අවස්ථා වලදී, ඔහුට රෝහලෙන් ඇමතුම් එනවා, දරු ප්‍රසූතිය සඳහා පැමිණ අමාරු වූ කාන්තාවන් ඉන්නවා කියා. අපේ මිත්‍රයා අපිට කියනවා 'මචං පොඩ්ඩක් හිටපල්ලා මං ගිහින් අරක ඇදලා දාලා එන්නං' කියා. අපේ ඇඟ හිරිවැටෙනවා ඒවා ඇහුවම. නමුත් ඔහු අතින් එවැනි වරදක් මා දන්නා කාලය තුල සිදුවී නැහැ.
BalasPadamමැක්කාට කොහේ ගියත් බල්ලාගෙන් තොර ජිවිතයක් නොමැත
Padamබල්ලාට කොහේ ගියත් පඳුරු වලට කකුල ඉස්සීම මිස වෙනත් දෙයක් නොමැත.
Padamලොන් හැලුණු සිංහ හඩක් කුක්කා මාක් එකට වැටිලා
Padamඅම්මා තාත්තා කවුද කියා නොදන්නා හොරිකඩ පරබල්ලෙකුට කවදාවත් සිංහයෙක් වෙන්න බෑ. උගෙන් එන්නේ උගේ අවජාතක කමේ හඬ විතරයි.
Padamමිත්‍රයා අපිට කියනවා 'මචං පොඩ්ඩක් හිටපල්ලා මං ගිහින් අරක ඇදලා දාලා එන්නං' කියා//////ඒවා නිකං කටට ආ පලියට කියන ඒවා. නමුත් ඔහු ජොබ් එක හරියට කරන කෙනෙක්
Padamඅර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න මොහොතෙම වගෙ තමාඅම්මත් මැරුණෙ කියන එක. මොනව හිතෙන්න ඇතිද.
BalasPadamසමහර දේවල් තියේ විය යුතුම. මොන දේ නිසාවත් නවත්තන්න බැරි. අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව...
වර්ඩ් පෑඩ් එක්ක ලියල ආපහු කොපි කරද්දි නෝට් පෑඩ් එක්කට කොපි කරල සේව් කරල නෝට් පෑඩ් එකෙන් ආපහු කොපි පේස්ට් කරන්න. එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් වෙන්නෑ
ර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව... ///// අපිට කර්මයට හැම දෙයක්ම බැර කරන්න පුලුවන් ද ?
Padamඅර පොඩි එකා ලොකු වුණාම දැනගන්න ඇති තමන්ට උපත දුන්න මොහොතෙම වගෙ තමාඅම්මත් මැරුණෙ කියන එක. මොනව හිතෙන්න ඇතිද.
BalasPadamසමහර දේවල් තියේ විය යුතුම. මොන දේ නිසාවත් නවත්තන්න බැරි. අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව...
වර්ඩ් පෑඩ් එක්ක ලියල ආපහු කොපි කරද්දි නෝට් පෑඩ් එක්කට කොපි කරල සේව් කරල නෝට් පෑඩ් එකෙන් ආපහු කොපි පේස්ට් කරන්න. එතකොට බැක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් වෙන්නෑ
අර ඩොක්ට බීල ඉන්න ඇත්තෙත් මේ දේ වෙන්න තිබ්බ දෙයක්ම හිංද වෙනන ඇති හිතෙනව... ////අපිට කර්මයට හැම දෙයක්ම බැර කරන්න පුලුවන් ද ?
Padamමගේ සදු දවස් එකහමාරක් ලේබර් රූම් එකේ හිට්යා මම ඒ දවස් ටික මැරී මැරී ඉපදුනා. මාස 4දි බ්ලිඩ් වෙලා බබා නැහැ කියලා වේෂ් කරන්න මහා රෝහලට යැව්වා එත් හස්කම්කට අන්තිම මොහෙතේ ස්කෑන් එකේදී කිව්වා බබා හොදින් කියලා . මම අදත් අහන්න අකමැති ගීතයක් "මවකගේ උනසුම නොලබා සැපට නිදන පුතේ "
BalasPadamපොඩි මෙන්ඩට නංගියෙක් නැත්තේ ඒ සින්දුවට මම අකමැති නිසා
අමාරු කාල
Padamමව් මරා උපන් කුමරා...........කෙසෙල් මල
BalasPadamසැකකරුවන් මරා නිල තරු ගැසූ .........
රාජකාරී වෙලාවේ බීමතින් සිටීම කොයි රැකියාවෙදිත් වරදක් නෙවෙයිද? එතකොට on call ඉන්න කෙනෙකුටත් බොන්න බෑ නේද? ඒ නිසාද නීතිය එච්චර තදින් ක්‍රියාත්මක නොවෙන්නේ. මේ තත්වය බීමත්ව රිය පැදවීම වගේම භයානකයි.
BalasPadamමේ තත්වය බීමත්ව රිය පැදවීම වගේම භයානකයි.////// Yes Yes Yes
Padamමව් මරා උපන් කුමරා කියන්න බෑනෙ. මරලා තියෙන්නෙ දොස්තරනෙ
BalasPadamno comments
Padamඔය නම්බු නාමය තවටිකකින් මටත් හම්බවෙනවලු.දොස්තරලාගේ සහ කාර්යමණඩලේ කැපවීම නිසාම තමයි අම්මයි මමයි ජීවත්වෙන්නේ අදටත්; මම අහලාතියන විදිහට.
BalasPadamඕනෙම වෘතියක අමනයන් අතලොස්සක් සිටිනවා.අතලොස්සක් වුනාට ඔවුන් කරන අමන වැඩවලින් අපකීර්තිය ඇතිවන්නේ සමස්ත වෘතියටමයි.
ඕනෙම වෘතියක අමනයන් අතලොස්සක් සිටිනවා///// +++++
BalasPadamහිත කීරිගැහිල යන කතාවක්...:(
BalasPadam