Rabu, 4 November 2015

සතුරා ඝාතනය කිරීම නිසා මානසිකව පරිපීඩනයට පත් වූ සොල්දාදුවා.




සැරයන් Sx78 භයානක යුද්ධයට මැදිවී සිටිමින් දස වසරකට ආසන්න කාලයක් යුදබිමේ ගතකළේය. යාපනය කොටුව ආරක්ෂා කරගැනීමේ මාරාන්තික සටනට ඔහු සහභාගී විය. සතුරා විසින් යාපනය කොටුව තම පීඩනයට හසුකරගෙන තිබුණු අතර, සතුරාගේ බර අවි ප්‍රහාර කොටුව වෙත එල්ල වන්නට පටන් ගත්තේය. කොටුවේ සිරවී සිටි භටපිරිස් ගලවාගැනීම සඳහා 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' නමැති මෙහෙයුම දියත් කරන ලදී. මෙම ගැටුමේදී සැරයන් විසින් සතුරන් පස්දෙනෙකු ඝාතනය කරන්නට සමත් විය. වසර පහකට පමණ පසු, මෙම ඝාතනයන් පිළිබඳ නොයෙක් සිතුවිලි ඔහුගේ සිත තුළ පහළවන්නට පටන්ගත්තේය. 'ඔවුන් අපිව මරන්නට ආවත් ඔවුනුත් මිනිසුනේ' යනුවෙන් ඔහු කිව්වේය. 

"උනුත් මේ අපි වගේ ගමේ කොල්ලො, ජීවිතේ කියලා එච්චර ගොඩක් දේවල් කරන්ඩ දේවල් නැති එවුන්. උන්ව නොමග යවලා, හිතේ වෛරය ඇතිකරවලා, අපිට ගහන්න කියලා එව්වා. උන්ට වෙඩි තියනවා ඇරෙන්න අපිටත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. යුද්දෙදි ඔක්කොම වෙන්නේ ක්ෂණිකව. එක්කෝ අපි, නැත්තන් උන්. අපි උන්ව මැරුවේ නැත්තන් උන් අපිව මරනවා. කොහොම වුනත් මේ දෙමල කොල්ලන්ටත්, අපිට වගේම අම්මල තාත්තලා හිටියනේ. ඒ මිනිස්සුන්ටත් එක එක බලාපොරොත්තු තියෙන්න ඇතිනේ. ඔක්කොම ඉවරවුනේ මහා කණගාටුදායක විදිහකට. කවුරුහරි, කොහේහරි ,තවමත්, මේ අය නැතිවුණු දුකෙන් ඇති. මං දන්නවා මරණ එක හොඳ නෑ. ඒක අපේ බුද්ධාගමේ තියන කරුණු වලටත් විරුද්ධයි. නමුත් ඒ දේ කරන තැනට මම තල්ලු වුනා". 

සැරයන් වරයා සිතන්නේ යම් දිනක ඔහුට මේ පිළිබඳ කර්ම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවන බවයි. බිඳී ගිය හෘද සාක්ෂිය තුලින් වියවුලට පත් ඔහු, ආගම ධර්මය පැත්තට බොහෝදුරට යොමුවී සිටී. යුද හමුදාවෙන් විශ්‍රාම ගත් පසු, මහණ වීම, ඔහුගේ අභිප්‍රායයි. 

20 ulasan:

  1. ඔහු කල දේ නිසා නිසා තව කීප දෙනෙක් ගෙවත් ජීවිත හානි වෙන එක වැලකෙන්න ඇති කියන එක ඔහුට හිතෙන්නෙ නැත්ද?

    BalasPadam
    Balasan
    1. ඒකෙත් සත්‍යක් තියනවා

      Padam
  2. ස්වාර්ථය,පරාර්ථය සහ කැප කිරීම.

    BalasPadam
    Balasan
    1. ඒ වගේ තත්වයකට පත් වූ විට

      Padam
  3. මා යුද්ධයට බැඳීම ගැණ ලියූ කවියකින් දැන් මතකයේ ඇති දෙපදයක්.

    මරණ සහතිකය අත්සන් කරතී
    වන්දි ලබා ඉන් දිගි ගැට ගසතී!

    BalasPadam
    Balasan
    1. යුද්ද්දේ බර ඇද්දේ හරි හමන් ගෙයක් දොරක් නොතිබි සොල්දාදුවෝ

      Padam
  4. රැකියා විරහිත අයගේ උද්ඝෝෂණයකට පහර දෙන පොලීසියේ අයට ෙැමහෙම හිතෙන්නේ නෑ, ඇයි ඔවුන්ට රැකියා තියෙනවා නේ!

    මේ හරියටම වසර හයකට පෙර වාර්තාවක් වත්පොතේ මතක සටහන් තුලින්!
    http://www.divaina.com/2009/11/05/news34.html

    BalasPadam
  5. Balasan
    1. මේක සරසවි ප්‍රකාශනයක්

      Padam
  6. යුද්ධය මරන්නාත් මැරෙන්නාත් දෙන්නම මරනව. යුද්ධය මරනකන් මෙහෙම හෘද සාක්ෂි ලියවේවි

    BalasPadam
  7. ඩොක්ට .. මොකෝ මේ පැයෙන් පැයට පොස්ට් දාන්නෙ , කලින් එව්වට වග උත්තර වත් බඳින්නෙ නැතුව...

    BalasPadam
  8. හෘද සාක්ෂියක් තියන කෙනෙකුට ඔහොම හිතෙන්න පුළුවන්. නමුත් තවත් කට්ටියක් ඉන්නව තමන් කලේ වරදක් කියන එක පවා නොදන්න.

    BalasPadam
    Balasan
    1. රාජ් මම වරක් ඉතා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පෞද්ගලිකව හමුවී ඇහුවා හාමුදුරුවනේ අපි යුද්ධ කරනකොට අපේ අතින් මිනිස්සු මැරෙන එක පව් නැද්ද කියලා. උන්වහන්සේ කිව්වේ පව් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වේ හොඳයි මහත්තයා ඒ වෙඩිල්ල තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ කියා. මම කිව්වා එහෙනම් සතුරා මාව මරනවා කියලා. එතකොට හාමුදුරුවෝ කිව්වා එතනදී මරණ චේතනාවට වඩා මහත්තයාගේ හිතේ තියෙන්නේ මරණ භය. ඒ නිසයි මහත්තයා වෙඩි තියන්නේ. නමුත් මහත්තයා වෙඩි තියන්න අකමැති නම් ඇයි හමුදාව අතෑරලා නොගියේ කියලා. මම කිව්වා ඒක මහ ලජ්ජා නැති වැඩක් එතකොට මේ රටේ ආරක්ෂාව පිරිහෙනවා කියලා. එහෙනම් මහත්තයාගේ චේතනාව මොකක්ද කියලා මහත්තයාම හිතලා බලන්න. මහත්තයා යුදදෙට ගියේ රට කෑලි වලට කැඩීම වලක්වා ගන්නයි. ඒකයි චේතනාව. නමුත් මහත්මයා ජීවිතේ ඉදිරි කාලයේදී හැකිතරම් ධාර්මිකව ඉන්න උත්සාහ ගන්න කිව්වා උන්වහන්සේ.

      මම හිතන්නේ අපිට පුළුවන් මෛත්‍රී කරන්න. ඒ සියල්ලන්ටම ආත්මික වශයෙන් යහපතක් වේවා කියලා අපි කරන සෑම පින්කමක් අවසානයේදීම ප්‍රාර්ථනය කරන්න. මට මින්පසු සසරේදී මෙවන් අවස්ථා වලට මුහුණ දෙන්නට නොලැබේවා කියා ප්‍රාර්ථනය කොට පින්කම් වල යෙදෙන්න. මේ වර්ෂයේ මම අපේ පන්සලේ කඪින පිංකම භාරගෙන කරනවා.

      Padam
    2. විචාරක ඔබ ඉතා සංවේදී අයෙක් මෙන් පෙනේ. ඔබ කරන දෙය හරි. හැකි පමණ පින් දහම් සහ සමාජයට යහපත් දේවල් ඉටු කරන්න. එමෙන්ම යුද සමයේ සිදුවූ සිදුවීම් අමතක කර හැකිපමණ ධර්මය දෙසට යොමු වන්න. ඔබ හැකිතරම් සතුටින් සමාදානයෙන් සිටින්න. සියල්ලම සාර්ථක වනු ඇත. මම ඔබට සුබ පතමි.

      Padam
    3. විචා තුමා අපි හැමෝගෙම ගුරුවරයෙක්

      Padam
  9. යුද්ධෙ ඉල්ලගෙනම කෑ ගහන මහත්තුරුන්ට බෙදලා දෙන්න වටින පොතක්...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook