Wednesday, September 29, 2021

Death is not the end

 



Why afraid to die
Death is not the end
There may be a life after death
Consider we all are travelers
We travel in the cycle of life
Sometimes we get exhausted
Death is an interval
Until we find the next root
Be a friend of death
It is not cruel
It had been always with us
Every minute and every hour
We walk towards the death
It will never betray us
It will never judge us
Rich or poor
Black or white
Young or old
Everyone is the same
When they meet death

Sunday, September 26, 2021

ජයවර්ධන පුරය



1982 දහය වසරේ අප සිටි ගොඩනැගිල්ලට කීවේ ජයවර්ධනපුරය කියාය​. ඒ අංශ භාර  ප්‍රධානියා ජයවර්ධන සර් වූ නිසාය​. මේ කලාපයෙ අපගේ පන්තිය වූ 10 එෆ් පන්තිය කළාපයේ එපාම කරපු පන්තිය ලෙස කුප්‍රකට විය​. මම , සකලසූරිය , ලාල් රූපතුංග , ඩබල් එන් පී රත්නායක​, සිදත් සුරේන්ද්‍ර , රජිත් හෙවත් මීයා, රණසිංහ , මොරේ , ලියනපතිරණ ඉතා ව්‍යාල සුසංයෝගයක් වූයේය​. මේ නාස්ත්‍යාත්මකතාවය කෙසේදයත් සමහර ගුරුවරියන් දහය එෆ් පන්තියට ඉගැන්වීමට ඒමට පවා බිය වූහ​. 

දහය වසරේදී මම , රත්නායක , සකලසූරිය​, ලියනපතිරණ සහ මිනී ඔළුවා පන්තියේ පිස්සු නටන නිසා ෆිසික්ස් ඉගැන්වූ අත්කොට හැට්ට ඇඳි ගුරුතුමිය අපගේ පන්තියට ඒම ප්‍රතික්ශේප කළාය​. අත්කොට හැට්ට ඇඳි ගුරුතුමිය බ්ලැක් බෝඩ් එකේ ධරය , භාරය ආයාසය කියා රූප සටහන් අඳින විට කොල්ලෝ ඇයගේ කිහිල්ල දෙස ඇසිපිය නොහෙලා බලා සිටිති. මේ නිසා පසුව ඇය බ්ලැක් බෝඩ් එකේ රූප සටහන් නොඇඳ ගුරු පුටුවේ වාඩිවී සටහන් කියවූවාය​. කෙසේ නමුත් 10 එෆ් පන්තියේ කොල්ලන් ගේ පිස්සු නැටීම නිසා ඇය පන්තියට ආවේ නැත​. 

බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්ටද මොවුන්  විකාර කතා කීමෙන් බාධා කලහ​. එම නිසා හාමුදුරුවන් ඉදිරි පේලි වල සිටි ඉගෙන ගැනීමට උනන්දුව දැක්වූ ළමුන්ට පමණක් ඇසෙන සේ පාඩම කරගෙන ගිය අතර ටික වෙලාවක් යන විට මොවුන් ද හාමුදුරුවන් අසලට විත් ඉතා උනන්දුවෙන් පාඩමට සවන් දෙන්නාක් මෙන්  නෙත් අයාගෙන සිටියහ​.    වරක් බුද්ධාගම පීරියඩ් එකකදී ඈතින් අපගේ පන්තියෙ වෙත වඩින කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්  දුටු රත්නායක සහ ගැන්සිය එක වරම හයියෙන් ගෙල වට බැන්දා  වූ මුතු පොටේ ගීතය ගැයුවෝය​. පන්තියේ අනෙකුත් ළමෝද ගැයීමට හවුල් වූ අතර පන්තියේ ගෝසාව නිසා හාමුදුරුවන් ආපසු හැරී ගුරු විවේකාගාරයට වැඩි සේක​. අප අහම්බෙන් මෙන් ලැබුනු  ෆ්‍රී පීරියඩ් එකේ ගීත ගයමින් විනෝද වූයෙමු. මේ විනෝදය කැඩී ගියේ අල්ලපු පන්තියක උගන්වමින් සිටි නිලවීර මයා වේවැල සමග කඩා වැදීම නිසාය​.

අපගේ පන්තිය තිබුනේ තෙවන මහලේ පාර අද්දරට වන්නය. ​එම පන්තියේ කොරිඩෝවට ගිය විට කිත්‍යාකාර පාරේ තිබෙන පාසල් ගේට්ටුව පෙනේ. පන්තියේ ජනෙල් විශාලය​. ජනෙල් විවෘත වන්නේ තාර පාරටය​. ඉන් එහා විද්‍යාලීය ක්‍රීඩා පිටියටයි. 

දිනක් ගමනායක වෙරළු තොගයක් පන්තියට ගෙනාවේය​. රත්නායක ඇතුළු කණ්ඩායම වෙරළු කා ඇට වලින් කොල්ලන්ට ගැසූහ​. වැඩියෙන්ම ගැසුවේ කොකටුවාටය. හිසට වැදෙන වෙරළු ඇට නිසා කොකටුවා කුඩයක් ඉහලාගෙන සිටියේය​. මෙය දුටු සකලසූරිය කොල්ලෙක් ගේ පොත් බෑග් එකක් කුඩය ඉහලාගෙන සිටි කොකටුවා ගේ හිස මතට යැවීය​. කුඩයද කඩාගෙන පොත් බෑග් එක කොකටුවා ගේ හිස මත වැටුණි. කොකටුවා ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ගොස් පැමිණිලි කරන බවට තර්ජනය කොට නැගිට්ටා පමණි ඩබල් එන් පී ඔහුව බදා ගත්තේය​. ඉන් ටික වේලාවකට පසුව සෞඛ්‍යය පාඩම සඳහා ජයමහ සර් ආවෙන් කොකටුවා සන්සුන්ව වාඩි විය​. ඔහුට කොල්ලන් කොකටුවා කීවේ ඔහුගේ නාසය කොකටුවෙකුගේ මෙන් වක් වී තිබීම නිසාය.

අපගේ පන්තියේ  යම් අයෙකු පොතක් පතක් කියවන විට අහිංසක ළමයෙකුගේ පොත් බෑගයක් උදුරාගෙන පොත කියවන සිසුවාගේ හිස මතට පොත් බෑගය එවීම මේ පන්තියේ කොල්ලන් අතර තිබූ පුරුද්දක් විය​. මගේ හිසටද පොත් බෑග් කීපයක් වැටුනු නිසා මම සිටියේද රිටන් එක දීමටය​. 

වරක් මම හිස පහත් කරගෙන චිත්‍ර කතා පත්තරයක් බලමින් සිටි සකලසූරියගේ හිස මතට  කොකටුවාගේ පොත් බෑගය විසි කලෙමි. මින් උරණ වූ සකලසූරිය කොකටුවාගේ පොත් බෑගය ජනේලය හරහා තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට විසි කලේය​. තම පොත් බෑගය මහල් තුනක් ඉහලින් පියෑඹීම නිසා කොකටුවා විලාප දුන්නේය​. මගේ බත් එකත් තිබ්බා ඔහු නහයෙන් අඞන ගමන් කීවේය​. මම  වහ වහා පහළට දිව ගියෙමි. 

කොකටුවාගේ පොත් මල්ල  තාර පාරේය​. ඒ අසල අමරබන්දු අයියා  කණයා හෙවත් ජයසූරිය  සර් සමග කතා කරමින් සිටියේය​.  ​ හිටි හැටියේ උඩින් පාත් වූ පොත් මල්ල දුටු ජයසූරිය  සර් මවිත විය​. 

" සර් මගේ බෑග් එක උඩ ඉඳන් වැටුණා "   එසේ කියමින් මම කොකටුවාගේ  බෑග් එක රැගෙන යලි පන්තියට දිව්වේ ජයසූරිය  සර් ගෙන් සිතාසියක් ඒමට පෙරය​. 

අපගේ පන්තියේ ළමයි උදෑසන පන්සිල් ගන්න වේලාවට පන්සිල් නොගෙන කොරිඩෝවේ කෑකෝ ගසමින් සිටින බව කිත්‍යාකාර පාර ගේට්ටුවේ සිටි ශිෂ්‍ය නායකයන්ට පෙනුනි. මේ නිසා කිහිප වතාවක් උදෑසන පන්සිල් ගන්නා වේලාවට ජයවර්ධන සර් හිටි හැටියේ වේවැල රැගෙන අපගේ පන්ති නිරීක්‍ෂණයකද යෙදීමට පුරුදුව සිටියේය​. මීට අමතරව අමරබන්දු අයියාද අපගේ පන්තිය ගැන සෝදිසියෙන් සිටියේය​. 

වරක් පන්සිල් ගන්නා වේලාවේදී කොරිඩෝවට පැනගත්  රණසිංහ උස් හඞින් රෑන ගිරා ජෝඩුවයි කියා ගැයුවේය​. ඒ අතර වාරයේ ගේට්ටුව අසල සිටි ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් රණසිංහ දෙස බලමින් ඔහුව හඳුනා ගැනීමේ උත්සහයක යෙදී සිටිනු මම දුටුවෙමි. 

" රනේ වැඩේ දෙල් අන්න ප්‍රිෆෙක්ස්ලා වගයක් මේ පැත්තට එනවා මම ඔහුට අණතුරු ඇඟවූයෙමි. 

රණසිංහ යළි පන්තියට ගොස් දොහොත් මුදුන් දී පන්සිල් ගත්තද ශිෂ්‍ය නායකයන් ඔහුව හඳුනාගෙන ජයවර්ධන සර් ලඟට ගෙන ගියහ​. එදා රණසිංහට ජයවර්ධන සර් ගෙන් බුරියානි ලැබුණි. 

ඊලාම් යුද්දයේදී සුවිශේෂ මෙහෙවරක් කල රණසිංහ වර්තමානයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Thursday, September 23, 2021

ඒලියන්තව හදාරමු



සමහර දොස්තරලා ඒලියන්ත වයිට් මිය ගිය එකට අනියමින් සතුට පල කරලා. ඒක හොඳ දෙයක් නෙවෙයි. කෙනෙකුගෙ මරණය ඒ අයගේ පවුලේ අයට වේදනාවක්. සමහර වෛද්යවරුන්ට ඒලියන්ත එක්ක ඉරිසියාවක් , ඔහු පිලිබඳ කුහක ස්ථාවරයක් තිබුනු බව ඇත්ත​. බොහෝ උපාධි සහතික තිබෙන වෛද්යවරුන්ට සිහිනෙකින් වත් යාමට බැරි උඩකට ඒලියන්ත ගියා. ඒලියන්ත වයිට් ගේම ගැහුවේ ස්ටෙරොයිඩ් අධි මාත්රා කසාය වලට කවලම් කරලා , ඒ වගේම ප්ලැසිබෝ ඉෆෙක්ට් එක 100 % අරගෙන . ඒවගේම ඔහු හොඳ තෙරපියුටික් සන්නිවේදකයෙක්. හිමාල වනයෙන් ගෙනාපු බෙහෙත් කිව්වම බොහෝ උගත් මිනිස්සුනුත් ඇන්දුනා. ඒ වගේම අධි විශ්වාසය නිසා ඔවුන් ගේ රෝගත් සුව උනා.

තෙරපියුටික් සන්නිවේදකයෙක් ලෙස බැලුවම ඒලියන්ත ඉදිරියේ වෛද්ය චන්දිම ඩිමෙල් වගේ පතාකයෝ ළදරුවෝ. නියම මාර්ගයේ ගිහින් වෛද්ය උපාධිය හදාරලා සායනික අත්දැකීම් අරගෙන තිබුනා නම් ඒලියන්තට ලංකාවේ ඉතා හොඳ වෛද්යවරයෙක් වෙන්න තිබ්බා.
අපේ කනිෂ්ඨ වෛද්යවරු ඒලියන්ත ගේ කොමියුනිකේෂන් ස්කිල්ස් හදාරන්න ඕනේ. නමුත් ඔහු කල ව්යාජයන් බොරු විජ්ජාවන් ඉගන ගන්න එපා. රෝගියෙකු සමහ ඔහු කතා කල හැටි, විශ්වාසය ගොඩනගා ගත්ත හැටි, ඒවා හදාරන්න​. ඔබලාට අනාගතයේ හොඳ වෛද්යවරයෙකු වෙන්න පුලුවන් ඒ ස්කිල්ස් අධ්යනය කලොත්.

Wednesday, September 22, 2021

ඒලියන්ත වයිට් යනු .....



ඒලියන්ත ලින්ඩ්සේ ,  ඉමේෂ් රංගන ,  ඒලියන්ත වයිට්  යනාදී විවිධ නම් භාවිතා කරමින් කිසිදු වෛද්‍ය උපාධියක් නොමැතිව Prednisolone ඖෂධය අධි මාත්‍රා කල්ක සහ කසාය සමග මිශ්‍ර කරමින් හිමාලයෙන් ( ජම්බුගස්මුල්ලෙන් ?) ගෙනා දිව්‍ය බෙහෙත් ලෙස රෝගීන්ට දෙමින් මිත්‍යාව සහ විජ්ජාව ජන ගත කරමින් කොරෝනාවට කුණ්ඩලනී මුට්ටි ගංගා වලට දැමූ ඔහු අවසානයේ තමන් ගේම මිත්‍යාවේ ගොදුරක් වී අකාලයේ මිය ගියේය​. ඒලියන්ත වයිට් යනු ඒකභාවී නිශ්පාදනයක් නොවේ. මිත්‍යාව දේශපාලන උපක්‍රමයක් ජීවන මාර්ගයක් ලෙස භාවිතා කරන දේශපාලකයන් මෙන්ම වෘත්තිකයන් සිටින රටක ඒලියන්ත වයිට් යනු බයි ප්‍රඩක් එකකි. ඔහුව ඔසවා තබන්නේද තමන් ගිනස් වාර්තා පොතේ දේශීය ඒජන්තයෙකු ලෙස බොරුවට හඳුන්වා දුන් සහ මුදලට ආචාර්‍ය උපාධි විකිනීමට සහාය දුන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‍ ය​. අවාසනාවකට මෙන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‍ ද පරලෝ සැපත් වන්නේ ඒලියන්ත වයිට් ගේ හිමාල වනයෙන් ගෙනා  අධි මාත්‍රා බෙහෙතක් ශරීරගත වීමෙනි. 

ඒලියන්ත වයිට්  ඉතා හොඳ සන්නිවේදකයෙකි. දොස්තර උපාධි තිබූ වෛද්‍යවරුන්ටත් නොතිබූ ලෙස ඔහු තුල කොමියුනිකේෂන් ස්කිල්ස්  තිබුනි. එම නිසා ඔහුට බොහෝ පරාසයක මිනිසුන් අන්දන්නට පුලුවන් විය​. යම් ලෙසකින් සුදුසුකම් සපුරා වෛද්‍යවරයෙකු වීමට හැකි වූයේ නම් ඒලියන්ත වයිට් හට ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරයෙකු වනු නොඅනුමානය​. එහෙත් තමන් විසින් නිශ්පාදනය කරන ලද මිත්‍යාවට යටවී ඔහු අකාලයේ මිය යන ලදි 

Sunday, September 19, 2021

අපි සංවේදී කළා කාරයෝ - පනම් අටෙන් ශේප් වෙන්න






අපි සංවේදී කළා කාරයෝ
අපි අමතන්නේ මනුෂ්‍යත්වයට
මනුෂ්‍යත්වයේ නාමයෙන්
ගහලා හරි බලය ගන්නැත්තේ ඇයි?
පොල්ලෙන් ගහන්න
වෙඩි තියන්න
පිහියෙන් අනින්න
වස දෙන්න
පුච්චලා දාන්න
කාර් එකට හප්පන්න
ගල් ගස්සවලා මරවන්න
බෙල්ල මිරිකන්න
බරු ගහලා දාන්න
හූනියං කරන්න
අනේ බුදු මාස්ටර් සර්
කඹ ඇදිල්ලේ තරඟය නවත්තලා දාන්න
මාස්ටර් සර් පනම් අටෙන් ශේප් වෙන්න 
ඔවුන් ගේ හිමි තැන ඔවුන්ට දෙන්න
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
ගහලා හරි බලය ගන්න දවස උදා වේවිදෝ


Find Us On Facebook