Monday, August 23, 2021

ශ්‍රී ලංකාවේ පවත්නා බුද්ධාගමේ විකෘති ප්‍රභේධ

 




1) විච්චූර්ණ බුද්ධාගම ; චයිත්‍යට රෙදි පෙරවීම , පරිසරය විනාශ කරමින් අසූහාර දාහේ මල් පූජා , කෑම කඳු පූජා කිරීම විච්චූර්ණ බුද්ධාගම්කාරයෝ කරති.

2) මඥඥං බුද්ධාගම ; බුදුන් උපන්නේ හිරිවඩුන්නේය​. නේරංජනා ගඟ නම් මහවැළි ගඟය කියමින් අසන්නා මඥඥං කිරීම මඥඥං බුද්ධාගමෙන් සිදුවේ. 

3) ගේමට බර බුද්ධාගම ; නැවක සුක්කානමක් දුටුවත් එය ධර්ම චක්‍රයක් කියමින් ද , බුදුන් ගේ පච්චයක් දුටු විට භූමිතෙල් ගෑවුනු ඟැරඞි මෙන් හැසිරීමද , නිබඳවම තම්බියාගෙන් දෙමලාගෙන් ගේම ඉල්ලන්නෝ ගේමට බර බුද්ධාගංකාරයෝ වෙති. 

4) සාටක බුද්ධාගම ; පවත්නා දේශපාලකයන් ගෙන් යැපෙමින් බොරුවට ජනතාව අන්දවමින් අපි පාරට බහිනවා කියමින් මඩිය තර කර ගන්නෝ සාටක බුද්ධාගංකාරයෝ වෙති.

5) ඩෙන්ටල් බුද්ධාගම ; අපාය ගැන කියමින් දායකයන් ව භීතියට පත් කරවමින් නිතරම දානයේ අනුසස් කියමින් දායකයන් ගේ සාක්කුව බසිමින් දායකයන් ගේ දත් ගැලවීම ඩෙන්ටල් බුද්ධාගම මගින් කෙරේ. 

Wednesday, August 18, 2021

වෛද්‍ය වේළුමයිලුම් සහ වෛද්‍ය ජෙගනාදන්



ඒ කාලේ හෙල්ත් මිනිස්ට්රියේ හිටියා වෛද්ය වේළුමයිලුම් සහ වෛද්ය ජෙගනාදන් කියා පරිපාලකයෝ දෙන්නෙක්. වේළුමයිලුම් පිස්සු පොරක් ඔහේ කෑගහනවා එලෝ විකාරෙන්. ජෙගනාදන් මීටරේ , හොඳට කල්පනා කරලා කතා කරන ක්රියා කරන පොරක්. රෝහල් වල ප්‍රශ්න වල​ට වලට යන්නේ වේළුමයිලුම්. පොර කරන්නේ රෝහල් වල ප්‍රශ්න අල කරන එක. මිනිහට රෝහල් වල ප්‍රශ්න පිලිබඳව කිසිම කෙනෙක් අවබෝධයක් නෑ. ඔහේ කෑගහලා කියවලා එනවා. කිසිම කන්ස්ට්‍රක්ටිව් තීරණයක් ගන්නේ නෑ. මේක මිනිස්ට්රියේ ප්ලෑනක්. රෝහල් වල ප්‍රශ්න වල​ට වලට ජෙගනාදන් වෙනුවට වේළුමයිලුම් එවන්නේ. එතකොට ප්රශ්න විසඳන්න ඕනේ නෑ ඒවා ඔහේ පා කර කර තියා ගන්න පුලුවන්. ඒ ස්ටැටජි එකත් ඒ කාලේ වැඩ කලා.

Saturday, August 7, 2021

යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව



යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව තුල චක්‍රාවාට නොහොත් ගැලැක්සීස් බිලියන 125 (1.25×1011) පමණ තිබෙනවා. සත්‍ය අගය මීට වඩා වැඩි වෙන්නටත් පුලුවන්. මෙහි විශ්කම්භය ආලෝක වර්ශ බිලියන 93 පමණ. අපට පෙනෙන ලෝක ධාතුව එනම් ඔබ්සවර්බල් යුනිවර්ස් එකට වඩා තත්‍ය ලෝක ධාතුව අති විශාලයි. අපට පෙනෙන ලෝක ධාතුව ෆුට් බෝලයක සයිස් එකක් නම් තත්‍ය ලෝක ධාතුව ෆුට් බෝල් පිට්ටනියකටත් වඩා ලොකුයි. යුනිවර්ස් එකේ වයස වසර බිලියන 14 පමණ වෙනවා. ලෝක ධාතුව (යුනිවර්ස් ) එක  ප්‍රසාරණය වෙමින් පවතිනවා. 

යුනිවර්ස් එක ආරම්භ වුනේ බිග් බෑං හෙවත් මහා පිපුරුමත් සමග. මහා පිපුරුම වීමට ප්‍රථම යුනිවර්ස් එක ටීක් බෝලයක් තරම්. එය පිපිරීමෙන් තමයි තරු ඇතුළු චක්‍රාවාට හට ගත්තේ. පිපුරුමත් සමග අධි විශාල තාපයක් ඇති වුනා. මේ තාපය ක්‍රමක් ක්‍රමයෙන් සිසිල් වෙමින් පවතිනවා. තව වසර ට්‍රිලියන ගනනකට පසු මුළු ලෝක ධාතුව අධි ශීත වෙනවා. ඒ වන විට ලෝක ධාතුවේ සිටින ජීවීන් සියල්ල මිය ගිහින්. තරු , චක්‍රාවාට පවා මිය ගිහින්. ඒ වන විට ලෝක ධාතුව යළි සංකෝචනය වෙනවා. යම් කාලයකට පසුව  ලෝක ධාතුව  ඇරඹි අවස්ථාව වන අර ටීක් බෝලයේ ප්‍රමාණයට පත් වෙනවා. ඉන් පසු යලිත් වරක් බිග් බෑං හෙවත් මහා පිපුරුම ඇරඹිලා යලිත් තරු , චක්‍රාවාට ඇති වෙනවා. මෙය චක්‍රයක් වගේ ක්‍රියාවක් ඒ නිසා යුනිවර්ස් එකේ උපත කවදාද කියා කියන්න බැහැ.  

අපි යුනිවර්ස් හෙවත් ලෝක ධාතුවක් ගැන කතා කලාට තව ලෝක ධාතු තියනවා. සමහර තාරකා විද්‍යාඥයන් පැරලල් එනම් සමාන්තර යුනිවර්ස් එකක් පවතින බවත් කියනවා. නමුත් බොහෝ විට ලෝක ධාතු අති විශාල ප්‍රමාණයක් පවතින මල්ටිවර්ස් එකක් (බහු ලෝක ධාතුවක් තිබෙන්න පුලුවන්. තරුවක් මිය ගිය පසු බ්ලැක් හෝල් එකක් එනම් කළු කුහරයක් ඇති වුනු පසු බ්ලැක් හෝල් එක හරහා වෙනත් යුනිවර්ස් එකකට යන්න පුලුවන් බව සමහර තාරකා විද්‍යාඥයන් පවසනවා. යුනිවර්ස් හෝ මල්ටිවර්ස් එක දෙවියෙකු මවන ලද්දක් නොවෙයි. එය ඇති වූයේ ඉබේටම. උදාහරණයක් කියනවා නම් දිය ඇල්ලක් වැටෙන කොට දිය බුබුළු ඇති වෙනවා. ඒවා කිසිවෙකු මැව්වේ නෑ. එය හට ගත්තේ යම් හේතුවක් නිසා. මේ අපරිමිත විශ්වයේ දෙවියන් කියා ප්‍රපංචයක් නොමැති බව ස්ටීවන් හෝකින්ස් තම අවසාන කාලයේ කියා සිටියා. එඬේර යුගයේ මිනිසුන් විසින් තම පරිකල්පනය තුල නිර්මිත ඊෂ්වර,  ජෙහෝවා හෝ අල්ලා යන දෙවිවරු විසින් මේ නිමක් කොනක් නොමැති ලෝක ධාතුව මවන ලද බව කීම තර්කාන්විත නෑ.

පෘතුවිය හැරුනු කොට මේ ලෝක ධාතුව තුල විවිධ වර්ගයේ ජීවීන් සිටිය හැකියි. සමහර ජීවීන් ඉතා කුඩා ක්‍ෂුද්‍ර මට්ටමේ සිට ඩයිනසෝරයන්ටත් වඩා විශාල විය හැකියි. සමහරක් ජීවීන් ඔක්සිජන් නොව හයිඩ්‍රිජන් ආශ්‍රිත කොට ජීවත් වන ප්‍රභේදයක් විය හැකියි. එසේම ප්‍රභා සංස්ලේෂණය මගින් දිවි ගැට ගහ ගන්නා මිනිසුන්ට සමාන ජීවීන් ඉන්නටත් පුලුවන්. සමහර ජීවීන් මිනිසාට වඩා උසස් දියුණු - එනම් භෞතිකව සහ ආධ්‍යාත්මිකව දියුණු ජීවීන් විය හැකියි. තවත් සමහරක් ප්‍රිඩේටර් වර්ගයේ දරුණු ජීවීන් විය හැකියි. ඒ නිසා අපගේ පැවැත්ම පිලිබඳව විශ්වයට රේඩියෝ පණිවිඩ යැවීම ඉලාගෙන කෑමක් වෙන්නටත්  පුලුවන්. සමහර විට පිට සක්වල ජීවීන් පෘතුවියට ඒම ස්පාඤඥ ජාතිකයන් ඉන්කා මායා ශිෂ්ටාචාර සොයා ඒමක් වගේ ව්‍යසනයකින් කෙලවර වන දෙයක් වෙන්නටත් පුලුවන්. නමුත් යම් දිනක අපිට පිට සක්වල ජීවීන් සමග ගනුදෙනු කිරීමට සිදු වන බව නම් ඒකාන්තයි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, August 3, 2021

පියදාස මදරසිංහ -71 කැරැල්ලෙන් මතුවූ විශ්මිත ඉංජිනේරුවා


1971 කැරැලිකරුවන් සොයා ගිය ගමනේදි මට තවත් විශේෂිත පුද්ගලයෙකු හමු විය. අද ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපෘති කළමනාකරුවෙකි.   පහත දැක්වෙන්නේ පියදාස මදරසිංහ මහතාගේ කථාවයි.    

මගේ පියා ගොවියෙක්. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා උනේ. පාසල් කාලයේ සිටම මම ඉගෙන ගැනීමට දක්ෂයි. කවදාවත් 3 වැනියාගෙන් පහල ආවේ නැහැ. මම සාමාන්‍ය පෙළ හදාරන කාලයේදි  අපේ  ගණිත ගුරුවරයෙක් හිටියා. ඔහු කොමියුනිස්ට් පක්ෂයට ලැදියි. ඔහු නිසා මට දේශපාලනය පිළිබඳව උනන්දුවක් ඇති උනා.     අපේ පවුලේ පසුබිම, පියාගේ ආදායම අනුව මට තේරුනා ඉහල අධ්‍යාපනය ලැබීිමට මට ඇති ඉඩකඩ අවම බව. විද්‍යා විෂයන් වලින් අධ්‍යාපනය ලැබීම සඳහා පොත්පත් අවශ්‍යයි. අතිරේක පන්ති වලට යා යුතුයි. ඒ සඳහා මට ඇති සීමාවන් මම දුටුවා. මට පෙනී ගියා එකල අපි ජීවත් වූ සමාජ ක්‍රමයේ අසාධාරණ බව. එම නිසා මම වඩාත් රැඩිකල් දේශපාලනය කරා යොමු වෙන්න ඇති.     මට දෙනියායේ ෆ්‍රැන්සිස් අබේවික්‍රම හෙවත් පැන්ටිස් අයියා හමු වීම විශේෂත්වයක්. පැන්ටිස් අයියා තමයි මගේ දේශපාලන ගුරුවරයා උනේ. 1969 දි මට රෝහණ විෙජ්වීර මුන ගැසුනා පැන්ටිස් අයියාගේ ගෙදර. මට දේශපාලන පන්ති 5 පැවැත්වූයේ සනත් බොරළුකැටිය. විෙජ්වීර හා සුසිල් වික්‍රම. මේ පන්ති ඌරුබොක්කේ හා කතරගම යන ප්‍රදේශ වල පැවැත්වූයේ.     

ඒ කාලේ තරුණයන්ට වෘත්තීය අවස්ථා අඩුයි. නිදහස් අධ්‍යාපනය නිසා සාක්ෂරතාව ඇති සිසුන් විභාග සමත් වෙලා සමාජයට පැමිනියත් ඔවුන්ට රැකියා අවස්ථා තිබුනේ නැහැ. ඒ වගේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් මේ ගැටළු අමතලා තිබුනේ ඉතා මඳ  වශයෙන්. මෙ හේතු කාරනා නිසා තරුණ ක්‍රියාශීලි නායකත්වය පිලිබඳ රික්තයක් ඇති උනා. එතකොට තමයි විෙජ්වීර එන්නේ. මේ නිසා ඔහු වටා තරුණයන් එක් රැස් උනා. ඔහු තුළ කැප කිරීම් තිබුනා. හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබ්බා. පවුල් බලය මුදල් බලය යනාදි කිසිවක් නැතිව තරුණයෝ 5000 අධික ප්‍රමාණයක් හරහා ඔහු විශාල ව්‍යාපාරයක් කලා.      නමුත් විෙජ්වීර තුල යම් යම්  සීමා තිබ්බා. ඔහු නිර්භීත නෑ. ගැටුළු මග හරින්න ඇතැම් විට උත්සාහ දැරුවා. සැක කළ යුතු තැන් වල සැක නො කිරීමත්, අනවශ්‍ය තැන්වලදි සැකය හා සුපරික්ෂාකාරි බව ක්‍රියාත්මක කල බවත් කියන්න පුලූවන්. ඔහු නීතිය විශ්වාස කලා. ඒ නිසා වෙන්නට පුලූවන් කැරැල්ලේදි රෝම ලන්දේසි නීතිය ඇතැම් විට ආවරණය ලෙසට භාවිතා කළේ. කැරැල්ල හා පශ්චාත් කැරැල්ලේ බැරෑරුම්කම පිළිබඳව විෙජ්වීරට අවබෝධයක් තිබුනේ නැහැ.     

මට හිතෙන විදිහට විජේවීර තුල විශාල කඩාවැටීම් 2ක් තිබුනා. පළමුවැන්න යාපනේ සිර ගෙදර සිටියදි කැරැල්ලේදි මිය ගිය සගයන්  පිළිබඳව සඳහන් කරමින් ඔහු ලියූ ලිපියක් එක තැනක එහි සඳහන් වෙනවා සාගරයට විශාල ගලක් අත ඇරියා වගේ හැඟිීමක් ගැන.     දෙවැන්න 1977-78 කාලයේදි ඔහුට තද පපුවේ අමාරුවක් ආවා මානසික කඩාවැටීම් සමග. ව්‍යාපාරය අනුගාමිකයන්ට පවරා දී ඔහු අයින් වෙන්න මේ අවස්ථා දෙකෙහිම යම් උත්සාහයක් කළත් අනුගාමිකයෝ ඊට ඉඩ දුන්නේ නැහැ. ඔහු මානසික පීඩනය නිසා දිගින් දිගටම නිදා ගත්තා. කිසිම සංවාදයක යෙදුනේ නැහැ. නමුත් අවසානයේදි යළි දේශපාලන ක්‍රියාවලියට පැමිණුනා.     

විජේවීර හිත් අමනාපය දිගින් දිගටම තබා ගන්න කෙනෙක්. එ වගේම කේලම් විශ්වාස කළා. ඒ වගේම දුර දිග නොබලා ඇතැම් විට තීරණ ගන්නවා. 71 කැරැල්ල පිළිබඳ වගකීම නොගැනීම ඔහු කර ගත් විශාල වරදක්. එමගින් ඔහුට ඉතිහාසගත වීමට තිබූ අවස්ථාව නැති කර ගත්තා. තීරණාත්මක අවස්ථාවලදී ඔහු ව්‍යාකූළ වෙනවා. 71 පහර දීමට ගත් තීරණය සෘජු උනේ නැත්තේ ඒකයි. ලාල් සෝමසිරි අත එක පණිවිඩයක් එවනවා ඔස්මන්ගේ මවට තව තීරණයක් ගැන කියනවා. අවසානයේදි නිර්මානය වන්නේ ඉතා සංකීර්ණ චිත්‍රයක්.     විෙජ්වීර ආකර්ශනීය නායකයෙක්. ඒ නිසා වෙන්න පුළුවන් මම 1970 දි උසස් පෙළ ලිවීම අතහැරලා පූර්ණ කාලීනයෙකු බවට පත් වන්නේ. මම වැඩ කළේ හම්බන්තොාට දිස්ත්‍රික්කයේ. අපට සන්නද්ධ වන්න කියල විෙජ්වීර කිව්වා. ඒ කියන ගමන් මට 0.22 උන්ඩ පැකට් එකක් විජේවීර  දුන්නා.     

1971 අප්‍රේල් ප්‍රහාරය ගැන අපට හරි සම්බන්ධීකරණයක් තිබුනේ නැහැ. වැල්ලවාය හා කතරගම පොලිසියට පහර දුන් බවට මට දැනගන්නට ලැබුනේ පසුපෙල සාමාජිකයෙක්ගෙන්. ඒක දැනගන්නට ලැබුනු වහාම මම කතරගමට ගියා. පොලිසිය ආරක්ෂිත ස්ථාන වල. කතරගම භීෂණ නගරයක් බවට පත් වෙලා. මම දැක්කා කම්මුලට වෙඩි වැදිච්ච තරුණයෙක් තුවාලය හා ඔළුව රෙද්දකින් ආවරණය කරගෙන නගරයේ අමාරුවෙන් ඇවිදිනවා. මිනිසුන් පිරිලා මේ තැනැත්තා දෙස බලාගෙන ඉන්නවා. මේ පුද්ගලයා කරු බව මට පසුව දැනගන්නට ලැබුනා.     මම මිද්දෙනියට ආවා. අප්‍රේල් 11 දක්වා මිද්දෙනියේ ගත කලා. නායකයන් සමඟ සබඳතා ජාලය කැඩිලා. හම්බන්තොට අම්බලන්ගොඩ මිද්දෙනිය දෙනියාය යන ප්‍රදේශ වල හිටපු සාමාජිකයන් එකතු කළා. අපි කතරගම සිට මාවරල දක්වා පයින් ආවා. මාවරල ආඳා ඔළුව පාසැල අසල අපේ කඳවුරක් තිබ්බා. ලොකු මහත්තයා හෙවත් විෙජ්නායක තමයි නායකත්වය දුන්නේ. එහි සාමාජිකයන් 40 පමණ සන්නද්ධව හිටියා.     

අපට ආරංචි උනා දෙනියායේ ජයතිස්ස නායකත්වය දුන් කඳවුර සිංහරාජයට ගෙන ගිය බව. සිංහරාජයේ ඒ පිරිස 40 විතර හිටියා. නමුත් තැනින් තැන විසිරිලා. කැරැල්ලට පසු දිනයක දෙනියායේ විශේෂ සිද්ධියක් උනා. එය 71 අප්‍රේල් 9 වගේ කාලයක සිදු වෙන්න ඇති. දෙනියායේ හිටියා සහකාර වෛද්‍යවරයෙක් කොස්තා කියලා. ඔහු පොලිසිය සමග මිත්‍රකම් පැවැත්වූ කෙනෙක්. ඔහුගේ සහෝදරයා මැල්කම් කොස්තා නාවික හමුදාවේ නිලධාරියෙක්. ග්‍රාමිය ප්‍රදේශයක සේවය කරන රජයේ නිලධාරියෙක් හමුදාව පොලිසිය සමග මිත්‍රකම් පැවැත්වීම එතරම් අරුමයක් නොවෙයි. ඒත් එදා සමහර කැරලිකරුවන්  මෙය දුටුවේ තර්ජනාත්මක දෙයක් හැටියට. මේ නිසා වෛද්‍ය කොස්තාට දෙනිායයේදි වෙඩි තබා මැරුවා. ඒ සඳහා පසුව ගුණපාල හා සිරිල් නාගොඩ යන අය චෝදනා ලැබුවා. ඔවුන් එම වෛද්‍යාවරයාට වෙඩි තබා තියෙන්නේ වෛද්‍ය නිල නිවාසයේදි.     තවත් සිද්ධියක් මට මෙහිදි මතක් වෙනවා. කැරැලිකරුවන් ජයසේකර නම් පුද්ගලයෙකුට මාවරලදි වෙඩි තබා ඝාතනය කළා. ඊට හේතුව ඔහු කැරලිකරුවන්ට විරුද්ධව ආයුධ එකතු කිරීමයි. 1988/89 කාලයේ වගේ නොවෙතත් මේ වගෙ සිවිල් ඝාතන කිහිපයක් 71 කැරැල්ලේදි සිදු උනා. ඒක අප පිළිගත යුතුයි.     1971 මැයි 2 හෝ 3 වගේ දවසක මම තවත් පුද්ගලයන් හතර දෙනෙකු සමඟ සිංහරාජයට ගියා. අපි ගියේ පයින්මයි. සිංහරාජයේ ගල්ගුහාවල අපේ සාමාජිකයන් 40 විතර හිටියා. ඊට නායකත්වය දුන්නේ ජයතිස්සයි. කැරලිකරුවන් සිංහරාෙජ් ගුවන් විදුලි සම්ප්‍රෙAෂණ කුළුන බිම දමා තිබුනා.     

ඇතැම් කැරලිකරුවන් පොදු දේපල විනාශ කළා. ඒවා අනුමත කරන්න බැහැ. උදාහරණය හැටියට දෙනියායේ මේරිස්ටන් තේ ෆැක්ටරියට ගිනි තැබීම. මට මේ විනාශය කල පුද්ගලයාට වෙඩි තියන්න පවා හිතුනා. ඊට හේතුව අඩු අධ්‍යාපනය හා අඩු දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයන්ට ආයුධ අතට ලැබීම. ඔවුන්ට නිසි මාර්ගෝපදේශයක් ලැබුනේ නැහැ. ඔවුන්ට හොඳ නායකත්වයක් දෙන්න කෙනෙක් හිටියෙ නැහැ. ඒ නිසා කැරැල්ල කියලා ඔවුන් කලේ ඒ වගේ මන්ද බුද්ධික ක්‍රියාවන්.     

අපි 1971 ජුනි 11 දක්වා සිංහරාජයේ සැඟවිලා හිටියා. එදා කෑම මිලට ගන්න මම රණවක කියන සාමාජිකයා සමඟ කැලෙන් එලියට ආවා. අපි පොඩි කඩයක තේ බිබී හිටියේ. එතකොට පොලිස් ජීප් එකක් පැමිණියා. රණවක කලබල වෙලා දිව්වා. මට දුවන්න බැරි උනා. මම කඩේ ඇතුලේ. පොලිසිය ඇවිල්ලා කඩය පරීක්ෂා කල බැවින් අවට හිටි අය විසිරිලා ගියා. කඩේ ලඟ ලැයින් පේලියක් තිබුනා. ඒ ලැයින් වල වාසය කලේ දෙමළ කම්කරුවන්. මම ලැයිමට යන කෙනෙක් වගෙ පාරේ ගියා. පොලිසිය මම දිහා බලාගෙන ඉන්නවා. මම අවසාන ලැයිම දක්වා ගිහිල්ලා හැරිලා දුවන්න ගත්තා. පොලිසියෙන් වෙඩි තිබ්බා. ඒත් වෙඩි වැදුනේ නැහැ.     මම දුවගෙන ඉදිරියට යනකොට ඉදිරියේ තවත් හමුදා කන්ඩායමක් ඒ අය මාව අල්ල ගත්තා. මට රයිෆල් මිටෙන් ගහපු පාරට මගේ වම් අත පිපුරුවා. මාව අත්අඩංගුවට ගත්ත හමුදා පිරිස මාව පොලිසියට භාර දුන්නේ නැහැ. මාව මාතර බන්ධනාගාරයේ රිමාන්ඩ් කළා. මාතර මම හිටියා 71 දෙසැම්බර් විතර වෙනකං. ඊට පස්සේ මාව දැම්මා වීරවිල එලිමහන් සිර කඳවුරට.     

මේ කාලේ වීරවිල එළිමහන් සිර කඳවුරේ පොඩි දිසා සරත් විෙජ්සිංහගේ මල්ලි ඥානේ. කෑගල්ලේ පිරිස, ඇල්ගිරියේ මුණසිංහ කෑගල්ලේ ධනපාල යන අය එහෙමත් හිටියා.     1972 මැයි මාසයේදි මම තීරණය කලා වීරවිල සිර කඳවුරෙන් පනින්න. අපට නඩු පවරන්නෙත් නෑ. කිසිම අනාගතයක් නැහැ. එම නිසා එළියට ගිහිල්ලා යළි දේශපාලනය කළ යුතුයි යන අදහසේ මම හිටියේ.     පැනයාම ගැන අපි සැලසුම් කළා. මම, ඇල්ගිරියේ මුණසිංහ, ඥානේ මල්ලි, කෑගල්ලේ ධනපාල හා කැප්ටන් සෙනෙවි තමයි පනින්න තීරණය කලේ. අපි රෙට්ටුවෙන් බෑග් එකක් මැහුවා. ඒකට ඇස්ප්‍රීන් ටිකක්. සරං, කමීස, එහෙම දැම්මා. කෑම ගත්තේ නැහැ. පැන යන්න දවසක් තවම තීරණය උනේ නැහැ. දවසක් අපිට දැන ගන්න ලැබුනා දේශපාලනය නොකරන රැඳවියෙක් පනින්න යන බව. යම් විදිහකින් ඒ පුද්ගලයා අපිට පෙර පනින්න ගිහිල්ලා රැකවලූන්ට අහු උනොත් අපේ සැලසුම කඩාකප්පල් වෙනවා. ඒ නිසා අපි එම පුද්ගලයාට කලින් පනින්න තීරණය කළා.     

එදා රැ 12 විතර අපි හිමීට කඳවුරේ කටුකම්බි වැට ලඟට බඩගෑවා. මුර කුටි වල හමුදා සෙබළුන් වැට ලඟට යන ඕනම කෙනෙකුට වෙඩි තියනවා. අපි කිසිම ශබ්දයක් නොකර වැට ලඟට ගියා. කඳවුරේ කුණු ඉවතට ගෙන යන කානුවක් තිබ්බා. අපි කුණු කානුවට බැහැලා බඩගෑවා. කානුව හරහා තිබු කම්බි අපි අතේ තිබ්බ ගිරයෙන් කැපුවා. අපි පනින කොටම ගිවිස ගෙන හිටියේ එක් අයෙකුට වෙඩි වැදුනොත් අනෙක් පුද්ගලයා නැගිට්ට වන්නේ නැහැ ආධාරයට එන්නේ නැහැ එහෙම්ම දාලා යනවා කියාලා.     

අපි එකා පස්සේ එකා හිමිහිට බඩ ගෑවා. පලමු වැට පැනලා දෙවන කම්බි වැට ලඟට යන කොට උඩ මුරකුටියේ සොල්දාදුවා දුම්ව්ැටියක් පත්තු කළා. අපි ඔහු දුම්වැටිය බොන තෙක් බලාගෙන හිටියා. දුම්වැටිය බීපු සෙබලා මදක් ඇස් පියා ගත්තා. අපි ඒ මොහොතේ දෙවන කම්බි වැට කරා බඩගෑවා.  දෙවන කම්බි වැටෙන් පස්සේ කඳවුර වටා යන පාර. ඒ පාරේ හමුදා වාහනයක් පෙට්‍රෝල් කරනවා. අපි වාහනය මඟ හැරලා කම්බි වැටෙන් පැනලා දුවන්න ගත්තා. ඒ වෙලාවේ මුර කුටි වලින් අප දෙසට වෙඩි තිබ්බා.     

මම හදිසියේ පය ලිස්සා වැටුනා. අපි කලින් කථා කර ගත්තේ කිසි කෙනෙක් වැටුනත් අනිත් අය නවතින්නෙ නැහැ කියලා. ඒත් ඥානේ මල්ලි නැවතිලා මාව නැගිට්ටුවා. අපි පුළුවන් තරම් වීරියෙන් ඉදිරියට දුවලා හැංගුනා.     

කඳවුර කලබල වෙලා පිරික්සුම් එළි ගහන්න ගත්තා. අපි තමයි වීරවිල එළිමහන් සිර කඳවුරෙන් පැන්න පළවෙනි කණ්ඩායම. ඒ නිසා අපි දැනගන්ත අපිව යළි අත්අඩංගුවට ගත්තොත් අපට අත්වන ඉරණම. මම තමයි පාර දැනගෙන හිටියේ. ඒ නිසා අනික් අය මාව අනුගමනය කළා. අපි අඳුරු පාර දිගේ බඩගාගෙන ඉදිරියටම ගියා. මට අවශ්‍ය උනේ තණමල්විල පාර දක්වා ගිහිල්ලා ඊට ප්සසේ ඛෙරගලට යන්න.     අපි මුළු රෑම ගමන් කලත් තනමල්විල පාරට වැටුනේ නැහැ. වටින් ගොඩින් එලිය වැටිගෙන එනවා. මට තේරුණා පාර වැරදිලා අපි කඳවුර වටේ කරක් ගහලා කියලා. අපි පඳුරක හැංගුනා දවස් දෙකක් විතර පැදුර ඇතුලේ හිටියා. අපිට කඳවුර පේනවා. අපි නැති නිසා කඳවුර ඇවිස්සිලා වාහන එහෙ මෙහෙ යනවා. දෙවන දවස ආවම අපි තීරණය කලා යලි ගමන් කරන්න. අඳුර වැටුනම අපි තණමල්විලට පයින් ගියා.     මහ පාර මඟ ඇරලා මහ පාරට සමාන්තර කෑළෑ, පාරවල් වල ගියේ. අපි පැන ගිහිල්ලා දවස් 3 විතර ගතවෙලා නිසා බස් සේරම පරීක්ෂා කිරීම අඩු වෙලා තිබුනේ.අපි සැතපුම් දොලහක් විතර පයින්ම තණමල්විලට ගියා. දුවිලි ගැසුනු ඇදුම් මාරු කරලා අපි ගෙනාව ඇදුම් ඇඳගත්තා.    

 තණමල්විලෙන් අපි ඛෙරගලට යන බස් එකක නැගලා අපි පස් දෙනා බස් එකෙ තැන් පහක. එකනෙකා නාදුනන විදිහට හිටියේ. ඛෙරගලින් බැහැලා කොළඹ බස් එකකට ගොඩ උනා. කොළඹ ඇවිල්ලා අපි වෙන් වුනා. ධනපාලයි ඥානේ මල්ලියි කෑගල්ලේ කට්ටිය හොයාගෙන වස්ගමු කැළයට ගියා. මමයි මුණසිංහයි සෙනෙවියි නුගේගොඩ මෙට්ට්‍රෝ සිනමා හල ලඟ බිල්ඩිමට ගියා. මෙ බිල්ඩිම ගාමිණී බාස් කොන්ත්‍රාත් අරගෙන හදනවා. ගාමිණී බාස් ඒකාලේ හිටියේ ජස්ටින් නමින්.     සල්ලි නැති නිසා අපි දවසට වේලයි කෑවේ. සමහර දවස්වලට කිසිම කෑමක් නැහැ. තෝසෙ තමයි ලාඛෙට තිබූ ආහාරය. කොළොන්නාවේ බිල්ඩිමකත් කුලී  වැඩ කරා අමතර යමක් හොයන්න. දෙල්කඳ තෝසේ කඩයක් තිබුනා. ඒකේ තෝසේ ලාබයි. අපි නිතරම කෑවේ ඒ තොසේ කඩෙන්.     

කොළඹ ඉන්න ගමන් මම වස්ගමුවටත් ගියා. බෝල සමරේ හමු වෙන්න දවස් 2 විතර එහෙ හිටියා.     මේ කාලේ කෑගළු කණ්ඩායම වෙනම කටයුතු කරනවා කියලයි රාවය ගියේ. මට අවශ්‍ය කරා කණ්ඩායම අතර යම් අවබෝධයක් ඇති කරවන්න.     මාව දෙවන වර අත්අඩංගුවට පත් උනේ 1973 මැයි වල. මැයි දින උත්සවය බලන්න ගිහිල්ලා මාව අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට අරගෙන මාතර බන්ධනාගාරේ රඳවලා තිබ්බා. මම මාතර බන්ධනාගාරයට යන කොට බන්ධනාගාරය ඇතුලේ උපවාසයක්. ඒ නිසා ටික කලකින් යළි අළුත්කඩේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනල්ලා එතනින් හැමන්හිල්  සිරකඳවුරට ගෙනිච්චා.     හැමන්හිල්  සිරකඳවුර උතුරේ දූපතක තියෙන්නේ. ලන්දේසි කාලයේ වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න හදපු කුටි සිරගෙවල් හැටියට යොදා ගෙන කැරලිකරුවන් මෙහි රඳවලා තිබුනා. බොහෝ සිරකරුවන් චර්ම රෝග වලින් පෙළුනා. සිරකරුවන් කුටීර ඇතුළේ රඳවලා කියනකොට හුස්ම ගැනීමටත් ඉඩක් තිබුනේ නැහැ. ඉවසන්න බැරි තරම් රස්නෙයි.     

මම හැමන්හිල්  බන්ධනාගාරයට යන කොට කැරළිකරුවන් උද්ඝෝෂණය කරලා තත්වය මදක් යහපත් වෙලා තිබුනේ. සිරකරුවන් කුටීර ඇතුලේ නොවෙයි හිටියේ බෝ ගස යට. මරදානේ ජයතිලක, භද්දිය හාමුදුරුවෝ. උදේනි එහෙමත් එහේ මම යන කාලේ හිටියා. වරක් හැමන්හිල්වල බන්ධනාගාර පාලකයන් සමඟ ඇති වෙච්ච ආරවුලක් නිසා නාවික හමුදාව සිරකරුවන් දෙසට තුවක්කු එල්ල කළා වෙඩි තියන්න. මේ අවස්ථාවේදි අපේ එස්.ඩී. කියලා සගයෙක් හිටියා. එස්.ඩී. නිරායුධ සිරකාරයන්ට තුවක්කු එල්ල කිරීම ගැන දොස් කියමින් නාවිකයන්ට විනාඩ 20 විතර උද්වේගකර කථාවක් කළා. එය ඔවුන්ගේ හෘද සාක්ෂිය සසල කරන්නට ඇති. අවසානයේදි එස්.ඩී. කිව්වා ගැටුම ඇත්තේ නාවික හමුදාව සමඟ නෙවෙයි බන්ධනාගර පාලකයන් සමග බව. එවිට ඔවුන් පිටතට ගියා. හැබැයි කිව්වා කවුරුහරි මේ කළබලය අස්සේ පැන යන්න හැදුවොත් වෙඩි තියන බවට.  දිනකට වරක් හැමන්හිල්  සිරකඳවුරේ කුණු බක්කිය අරගෙන දෙන්නෙක් යනවා මුහුදට කුණු අත අරින්න. ඒ තැන් ඉඳන් ගොඩබිමට  ඇත්තේ මීටර් 15වගේ දුරක්. මේ දුර පහසුවෙන් පීනලා යන්න පුලූවන්. කුණු දාන්න යන කොට නාවිකයන්ගේ උකුසු ඇස් අප දෙසට යොමු වෙලා නැහැ. බන්ධනාගර ෙජ්ලර්ලා විතරයි ඒ වෙලාවට අපි සමඟ ඉන්නේ.     

එක ෙජ්ලර්වරයෙක් හිටියා පසුපති කියලා. ඔහු මාළු බාන්න ඉතා කැමතියි. අපි කුණු දාන්න ගියහම පසුපති අල්ලපු මාළු ඔහුට නොපෙනෙන්ට කුඩයෙන් හොරකං කරනවා. දවසක් මේක අහුවෙලා පසුපති අපිට සුද්ද සිංහලෙන් අම්මා මතක් කරලා බැන්නා.     අපි සැලසුම් කරා කුණු දාන්න යන විට පැනලා ගොඩබිම දෙසට පීනන්න. ඉන් පසුව දුම්රිය ස්ටේෂම දක්වා ගොස් කෝච්චියේ යට එල්ලිලා කොළඹ දක්වා යාමට. මේ සැලසුම අපට ක්‍රියාත්මක කිරීමට ලැබුනේ නැහැ. මාව මැගසින් බන්ධනාගරයට මාරු කරා.     

මැගසින් බන්ධනාගරයේදි මට නන්දන මාරසිංහ එකතු උනා. අපි කථා කලා උමගක් කපන්න. ඒ සඳහා පාවිච්චි නොකරන වැසිකිලියක් තෝරාගෙන බාල්දි කොකු යකඩ කෑලි මගින් උමග කපන්න ලෑස්ති උනා. උමග කපන්න මමයි මාරසිංහයි තව හතර දෙනෙක් විතරයි එකතු උනේ. අපි මේක රහසක් හැටියට තියා ගත්තා. අපි රෙට්ටුවෙන් උර මහලා වැඩේ පටන් ගත්තා. වැසිකිලි පෝච්චිය අයින් කරලා එතන උමග කැපුවා. පස් උර වලට දාලා අසල පාත්ති වලට ගිහින් දානවා. වරකට පස් ගෑම් 500-700 විතරයි ගෙනියන්න ලැඛෙන්නේ. අපි මීටර් 3 ගැඹුරට මීටර් 10ක් හරහට උමග කැපුවා. අපෙ අරමුණ බන්ධනාගාරේ රෝහල අසල ඇති මාර ගස අසලින් මතු වෙන්න.     උමඟ කැපීම අසීරු වැඩක්. අපි සුලූ පිරිස විතරක් ඒක දන්නේ. අනිත් අයගෙන් වසන් වෙලා උමග කපන්න පස් පොඩි ප්‍රමාණය බැගින් වරකට ඉවත් කරන්න ලේසි පාසු ක්‍රියාවක් උනේ නැහැ.     අපි දවල්ට උමග කපනවා. රෑට වැසිකිලි පෝච්චිය තියලා වහනවා. එතකොට කාටවත් උමග පේන්නේ නෑ. උමග ගැන තොරතුරු කීප දෙනෙක් දැන ගත්තා. එක් අයෙක් ෙජ්ලර්ලාට ඔත්තුව දුන්නා. දවසක් හදිසියේම ෙජ්ලර්ලා වැසිකිලිය පැත්තට එනවා නිතරම ඔත්තු බලන්න අපි එක් අයෙකු රඳවනවා. ඒ පුද්ගලයා අපිට වහාම අනතුරු හැඟවුවා.     ෙජ්ලර්ලා එන්නට ප්‍රථම වැසිකිලි පෝච්චිය උමං කටේ සවි කරලා වටේම පස් වලින් වහලා අපි එලියට ආවා. ෙජ්ලර්ලා ඇවිල්ලා හැම තැනම හෙයනවා කෝටු වලින් බිමට අනිනවා. වැසිකිලියේ දාර ඇරලත් බැලූවා. කිසිම කෙනෙකුට උමඟ සොයා ගන්න බැහැ. ෙජ්ලර්ලා යන්න ගියා.     ඔත්තුකාරයා දෙවන සැරේ තිතටම ඔත්තුව දුන්නා. වැසිකිලි පෝච්චිය යට උමග තියන බව කිව්වා. දෙවන වර ෙජ්ලර්ලා එක්ක බන්ධනාගාර එස්. පී. ජෝඩ්න් පප්පා ආවා. එක් ෙජ්ලර්වරයෙක් වැසිකිලි පෝච්චිය ඇද්දා. එතකොට පහසුවෙන්ම පෝච්චිය ගැලවිලා අතට ආවා. උමං කට පේන්නම තියනවා. ජෝඩ්න් ඔළුවේ අත ගසා ගත්තා.     

පැය භාගයක් ගියේ නැහැ ෙජ්ලර්ලා බන්ධනාගාරය වට කලා අපිට සෙල් වලින් එලියට එන්න කිව්වා. අප කවුරුත් එලියට ගියේ නැහැ. ඒ පාර කඳුළු ගෑස් ගැහුවා. එවිට අපට සෙල් ඇතුලේ ඉන්න බැරි උනා අපි ඔක්කෝම සෙල් එකේ යකඩ දොර හොල්ලලා යකඩ දොර නවලා දැම්මා.     

උමගේ සිද්ධියට මමයි, මාරසිංහයි, ධර්මදාසයි ජයසිංහයි යාපනය බන්ධනාගරයට මාරු කරා. එහේ මාසයක් අපිව තියා ගත්තා. මාසයකට පස්සේ අපිව මහරට ගෙනත් දැම්මා. මහර හිර ගෙදරදි අන්ධ දේශපාලන භක්තිය නිසා ගුවන් හමුදාවේ රත්නපාල මට පහර දෙන්න පවා ආවා. නමුත් ගුවන් හමුදාවේ සරත් විචාර බුද්ධියක් තිබූ කෙනෙක්. ඔහු එවැනි ලාමක කි්‍රයා වැලැක්වූවා.     නඩුවේදි මට අවුරුදු 7ක සිර ද~ුවමක් ලැබුනා. යළි නිදහස්වෙලා පැමිණි පසු මුල සිටම ජීවිතය යළි ගොඩනගාගත්තා.     

1971 සිදු වූයේ කුමක්ද? තරුණයන් 5000 පමණ මැරුණා. ඒ අය පිළිබඳ වගකීම ගත්තේ කවුද? මට මතක් වෙනවා 71 අප්‍රේල් අග වෙච්ච සිද්ධිය. මේ සිද්ධිය මම සහ පැන්ටිස් අයියා අතර වෙච්ච දෙයක්. මම මුල් වතාවට අනාවරණය කරන්නෙ අවුරුදු 37 පස්සේ.     කැරැල්ල අසාර්ථක වෙලා මමයි පැන්ටිස් අයියයි ඛෙරලියපොලට ආවා. ඛෙරලියපොල ඇෆ්ගනිස්ථානයේ ටෝරා බෝරා කඳුකරය වගේ. කාටවත් අපිව පේන්නේ නැහැ. අපි ගොඩැල්ලක් ලඟ වාඩි වුනා. මම පැන්ටිස් අයියට කිව්වා මොකද උනේ ප්‍රහාරය ගැන කිසිවෙකු කිසි දෙයක් මට කිව්වේ නැහැ. කිසිම සම්බන්ධිකරණයක් නැහැ. ඔයා මාව ව්‍යාපාරයට ගෙනා නායකයා. මට උත්තර අවශ්‍යයි. පැන්ටිස් අයියා කිසිම දෙයක් කිව්වේ නැහැ. මම දැක්කේ පැන්ටිස් අයියාගේ ඈස් දෙකේ කඳුළු.     පැන්ටිස් අයියා නැගිටලා ගියා. මගේ ඇස්වලටත් කඳුළු පිරුනු නිසා මම එතනම හිටියා. ටික වෙලාවකින් මම පැන්ටිස් අයියාට කථා කළත් උත්තර නැහැ. මම පැන්ටිස් අයියාව හෙව්වා. පැන්ටිස් අයියා ගල්ගුහාවක් ඇතුලේ. මම යනකොට තුවක්කුව තල්ලට තියලා කොකා ගස්සන්න යනවා. මම වහාම පැනලා ඒක නැවැත්තුවා.     මම කිව්වා පැන්ටිස් අයියේ විශාල විනාශයක් සිදු උනා. අගක් මුලක් සැලැස්මක් නැතිව අපි කලේ මොකක්ද? නායකයෝ මග ඇරියා මොනා උනාද කියන්න අපි දන්නේ නැහැ. ගිය දේ ගියාවේ අපි ඉදිරියට කරන දේ ගැන බලමු. මෙහෙම කියලා මම පැන්ටිස් අයියා එක්ක එතනින් එනAන ආවා.     

නඩුවේ දී  විජේවීර  කැරැල්ලේ වගකීම ගැනීම ප්‍රතික්ෂේප කලා. අපි නිදහස්වෙලා ආවම මම ඇහුවා විෙජ්වීර සහෝදරයා අපිට සන්නද්ධ වෙන්න කීවා නේ කියලා. විජේවීර මට කිව්වා මම සන්නද්ධ වෙන්න කියලා කිව්වේ නෑනේ කියලා. මට මතක් උනා මට දුන්න 0.22 උණ්ඩ පැකට් එක. මේ ගැන ප්‍රසිද්ධියේ විමසන්න මම තීරණය කලා. 78-79 කාලයේ කෙලී සේනානායකගේ බලප්ිටිය ගෙදරදී  මෙය ගැන කථා කරන්න මම තීරණය කලා. මට උණ්ඩ දුන් අවස්ථාවේ පැන්ටිස් අයියත් හිටියා. පැන්ටිස් අය්යාගේ සාක්ෂිය මෙහිදි ඉතා වැදගත් නිසා මම පැන්ටිස් අයියා එන තෙක් බලා හිටියා. නමුත් පැන්ටිස් අයියා කිව්වා එදා එයා එන එක ඉහලින් වැලැක්වූවා කියලා.     

1971 අත්දැකීම් මට ඉතා වැදගත් උනා. මම දැක්කා සතා-මනුෂ්‍යා ස්වභාවය. කැරැල්ලේ නායකයන් බන්ධනාගාරෙ දී  තමා නිදාගන්න රෙට්ටුව එලන තැනට. කෝප්පයට. ඛෙලෙක් පිඟානට වාද කර ගන්න හැටි මම බලාගෙන හිටියා. මේ වගේ ප්‍රතිරූපවලට නේද අපි අනුගාමිකයෝ උනේ කියන එක මට සිතුනා.     මට හැමදාම දෙයක් විශ්ලේෂණාත්මකව දැකීමේ ශක්තිය තිබුනා. ඒ වගේම දෙයක් අඛන්ඩව කරගෙන යාම, නිබඳව පුහුණු වීම, ඉගෙනුම, නිශ්චිත ඉලක්ක කරා යාම. වෙහෙසී වැඩ කිරීම මම 71 හරහා ප්‍රගුණ කලා. අධිෂ්ඨානය, පැහැදිලි දර්ශනය හා කැපවීම තියනවා නම් පුද්ගලයෙකුට තමාගේ ඉලක්කය කරා යන්න පුලූවන්.     

අද මම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විශාල පියවරක් තබලා. ඒකේ මූලාරම්භය එදා මැගසින් බන්ධනාගාරේ වැසිකිලි වලේ කපපු උමග වෙන්න පුලූවන්. සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරමින්. මට ඉංජිනේරු ශිල්පයේ ඉහලටම යන්නට හැකි උනේ පොතේ දැනුම හරහා එහාට ගිහින් ප්‍රායෝගිකව දැනුම භාවිතා කරපු නිසා වෙන්න පුළුවන්. ඒ නිසා 71 මගේ දහිරිය අහක ගියේ නැහැ කියලා මම සිතනවා.


වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි 

Wednesday, July 28, 2021

Rabbit Proof Fence

 



Rabbit proof fence
We will teach you to be human
We will take you to the Civilization
We will teach you to think and act appropriately in a White World
We will be your guardian Angles
 
Rabbit proof fence
We will remove you from the hunting grounds
We will take you from Ma and Da
No longer will you need them
You will never see them again
 
Rabbit proof fence
We will incarcerate you for your own good
We will protect you from yourselves
We will teach you to read and write
One day you will be fitting servants for white families
 
Rabbit proof fence
Like the Wizard of Oz
Do not go on a journey to reclaim your wholeness
You are incomplete
You do not exist without the master
You all are institutionalized eugenics
 
Do not follow the Rabbit proof fence
Do not run away from the Native Settlements
Do not abandon your destiny
Do not reclaim your identity
You are destined to be the Stolen Generation

by Ruwan M Jayatunge 

Find Us On Facebook