Thursday, October 31, 2019

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග



විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා රෝහලේද 2007 සිට 2009 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව මානසික සෞඛ්‍ය  වැඩසටහන් වලදීද මම එතුමා සමග වැඩ කලෙමි. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා  ගෙන් ඉගෙන ගත් දේ බොහෝය. වර්තමානයේ මම කැනේඩියානු / ඇමරිකානු මනෝ චිකිත්සකයන් සමග සේවය කරන අතර කැනඩාවට එන දේශපාලන අනාතයන් ගේ (asylum seekers) මානසික තත්වයන් තුලනීක්‍ෂණය කිරීමේ (Psychological Assessment) සේවාවන්ද සපයමි. මේ හැර ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED)   මණ්ඩලයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස කැනඩාව නියෝජනය කරමින් සේවය කරමි. අන්තර්ජාතික තලයක මානසික සෞඛ්‍යය සේවා සැපයීමට දැණුම මෙන්ම පදනම ලබා ගැනීම සඳහා එතුමාගේ ඉගැන්වීම් මට උපකාර විය.

නීල් ප්‍රනාන්දු දක්‍ෂ සායනික මනෝ වෛද්‍යවරයෙකි. එසේම ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. ප්‍රවීණ දේශකයෙකි. මානසික සෞඛ්‍ය  ක්‍රම සම්පාදනය , සැලසුම්කරණය පිලිබඳව හසල දැණුමක් ඇත්තෙකි. ඔහුගේ මේ දක්‍ෂතා නිසා ඉහලට මතුවීම වෙනුවට ඔහුට ශ්‍රී ලාංකික වෘත්තිකයන් තුල නිසගවම පවත්නා ඉරිසියාවන් සහ කුහකකම් වලට මුහුණ දීමට සිදු විය. එය එක්තරා ආකාරයකින් ඛේදවාචකයක් විය. නීල් ප්‍රනාන්දු  මහතා ශ්‍රී ලංකාවේ වෙනුවට උතුරු ඇමරිකාවේ උපත ලද්දේ නම් ඔහු මීට වඩා බොහෝ දුරක් ගමන් කරනු ඇත.

වෛද්‍ය නීල් ප්‍රනාන්දුව මට මුලින්ම හමු වන්නේ 2002 වසරේ මාර්තු මාසයේදීය. කොලඹ යුද හමුදා රෝහලේ සොල්දාදුවන් වෙනුවෙන් මනෝ චිකිත්සනය සහ මනෝ ප්‍රතිකාරයන්  කිරීම අප දෙපළ ආරම්භ කලෙමු. ලංකාවේ රෝහලක ප්‍රථම වතාවට ප්‍රතිකාරාත්මක උපදේශනය සහ මනෝ චිකිත්සනය සඳහා ඒකකයක් ආරම්භ කලේ අප විසිනි. ඒ සඳහා වෛද්‍ය නීල් ප්‍රනාන්දු නායකත්වය දුන්නේය. අප දෙදෙනා ගුවනින් උතුරේ යුද කඳවුරු වලට ගොස් යුද ආතතියෙන් පෙළුණු සොල්දාදුවන්ට ප්‍රතිකාර කලෙමු. එසේම යුද හමුදා නිලධාරීන් සඳහා දේශන පැවැත්වූයෙමු. අප දෙදෙනා උතුරු අර්ධද්වීපයේ නොගිය කඳවුරක් නොමැතිතරම් ය.

ශ්‍රී ලංකා  යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් 2002 – 2006 කාලයේදී අධ්‍යනය කරන ලද අතර අප වෙත යොමු කරන ලද සොල්දාදුවන් 824 අතරින් සොල්දාදුවන් 56 දෙනෙකු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ පූර්ණ ලක්‍ෂණ පෙන්වූ බව සොයා ගත්තෙමු. මෙම අධ්‍යනය සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Combat Related PTSD) පිළිබඳව ශ්‍රී ලංකාවේ කරන ලද ප්‍රථම අධ්‍යනයයි.  මෙම අධ්‍යනය ලංකාවේ මිලිටරි සහ දේශපාලන බල අධිකාරිය විසින් යටපත් කරන ලද අතර මෙම අධ්‍යනය ඇමරිකානු සහ ඊශ්‍රායල මනෝවිද්‍යාත්මක පරියේෂකයන් ගේ අවධානයට ලක් විය.

එකල සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව යුද හමුදාව තුල තහනම් වචනයක් විය. අප විසින් පෙන්වා දුන් කරුණු සහ  නිර්දේශ බල අධිකාරිය විසින් අවඥාවෙන් යුතුව ප්‍රතික්ශේප කරන ලදි. එහෙත් සෙබළුන් 50,000 ආසන්න සංඛ්‍යාවක් යුද හමුදාවෙන් පළා යද්දී සහ උතුරේ බංකර වල සොල්දාදුවන් වෙඩිතබාගෙන සිය දිවි නසා ගනිද්දී ඔවුන්ට අපට සවන් දීමට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වරට 2005 වසරේදී හිටපු යුද සිරකරුවෙකු වූ සංඥා බළකායේ කෝප්‍රල්වරයෙකු සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව නිසා ආබාධිතයෙකු ලෙස යුද හමුදාවෙන් දීමනා සහිතව ඉවත් කරන ලදි. මේ නයින් ඊලාම් යුද්ධයේදී කායික තුවාල පමණක් නොව මානසික තුවාල ඇති වන බවට පිළි ගැනීමට මිලිටරි සහ දේශපාලන බල අධිකාරියට සිදු විය. මෙය යුදට ගොස් ආබාධිත වූ දුප්පත් සොල්දාදුවන් ගේ පාර්ශවයෙන් ලද විශාල ජයග්‍රහණයකි. 

සුනාමි වියසනය වූ සමයේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා විසින් කරන ලද කාර්‍යභාරයට සමාන කාර්‍යභාරයක් ලංකාවේ කිසිදු මනෝ වෛද්‍යවරයෙකු විසින් සිදු නොකල බව මම සාධක සහිතව පෙන්වා දෙමින් පවසමි. සුනාමි වියසනයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බොහෝ කඳවුරු වලට ගොස් ආපදාවට පත් වූ ජනතාවට මනෝ සමාජීය සහන සේවා ලබා දුන්නේය. එසේම සුනාමි වියසනයෙන් වසර දෙක තුනක් යන තෙක් ඔහු දකුනේ අපදාවට ලක්වූ මිනිසුන් ගේ මානසික සෞඛ්‍යය නංවාලීමට ඔවුනට ප්‍රතිකාර කලේය. එකල සති අන්තයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු මා ඇතුළු ඔහුගේ අනෙකුත් වෛද්‍යවරු කැටුව මෙම ප්‍රදේශ වලට ගොස් මානසික සෞඛ්‍යය සායන පැවැත්වීය. එසේම එම ප්‍රදේශ වලින් ස්වේච්ඡා සේවකයන් එකතු කොට ඔවුනට ප්‍රාථමික මනෝ සමාජීය සහන සැපයීමේ පුහුණුව ලබා දුන්නේය. මේ කාලයේදී අප දෙදෙනා විසින් විශාදය මෙන්ම දිවි නසා ගැනීමේ චර්‍යාව නිශේදනය කිරීම සඳහා මනෝ උපදේශකයන් සඳහා පොත් කීපයක්ද ලියුවෙමු. සුනාමි වියසනය වූ සමයේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද කාර්‍යභාරය යම් දිනෙක ඇගයීමට ලක් කෙරෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. 

තමන් ගේ කනිෂ්ඨ වෛද්‍යවරුන්ට සවන් දීම ඔහු තුල පැවති නිහතමානී ගුණාංගයකි. වරක් ජාතික රෝහලේ මානසික සෞඛ්‍යය සායනයට අධිකරණය විසින් යොමු කරන ලද පාතාල නායකයෙකු වියාජ ලෙස මානසික රෝග ලක්‍ෂණ පෙන්වන ලදි. ඔහුගේ මෙම වියාජ රෝග ලක්‍ෂණ අධිකරණයට වාර්තා කිරීමට පෙර ඔහුව මවෙත යොමු කොට මෙම පාතාල නායකයා ගේ මානසික තත්වය පිලිබඳව මාගේ නිගමනය කුමක්ද කියා එතුමා මගෙන් විමසුවේය. 

කඩිමුඩියේ මානසික රෝග නිර්ණය නොකිරීම සහ මානසික රෝග සබැඳිව ඉතා ඉක්මන් තීරණ  නොගැනීම මා ඉගෙන ගත්තේ එතුමා ගෙනි. වරක් කොලඹ යුද හමුදා රෝහලේ එක් රෝගියෙකු අප දෙදෙනා මාස 3 පමණ කාලයක් නිරීක්‍ෂණ කලෙමු. ඔහු  පිලිබඳව මානසික තත්ව තක්සේරුවක් (Psychological Assessment) කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නේය. මෙසේ මාස 3 කාලයක් එම රෝගියා නිරීක්‍ෂණය කිරීමෙන් ඔහු භින්නෝන්මාදයෙන් පෙලෙන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දු රෝග නිර්නය කලේය.

වරක් විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට සනාත කොට එක් රෝගියෙකු යුද හමුදා රෝහල වෙත එවන ලදි. මෙම රෝගියාට මොනරු කෑගසන සහ හෙලිකොප්ටර් අවරපෙති ශබ්දයන් ඇසෙන බව කියන ලදි. එය ශ්‍රවණ භ්‍රාන්තියක් ලෙස මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතා විසින් සලකන ලදි. එහෙත් මෙම රෝගියා පිලිබඳ යම් කුකුසක් මට ආවෙන් මම ඒ පිලිබඳව නීල් ප්‍රනාන්දු  මහතාට කීවෙමි. ඔහු පිලිබඳව මානසික තත්ව තක්සේරුවක් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නේය. මාගේ වාර්තාවෙන් පසු මෙම රෝගියා භින්නෝන්මාදයෙන් නොව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් පෙලෙන බවට වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා සනාත කලේය. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් පෙලෙන රෝගීන් ගෙන් 16% සමහරක් අවස්ථා වලදී ඇතිව නැතිවන මනෝව්‍යාධික ලක්‍ෂණ පෙන්වති. මෙය හඳුන්වන්නේ කෙස්ලර් සංසිද්ධිය (Kessler Phenomena) ලෙසටය. මෙය විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතාට මඟ ඇරුනි.

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ අංගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේද සේවය කිරීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. එයද මාගේ අත්දැකීම් පුළුල් කරන ලද කාලයක් වූයේය. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කල කාලයේදී අපගේ වෛද්‍යවරු සහ හෙදියන්ට දේශනයක් කිරීම සඳහා 2007 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතාව මම මාදම් පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ ශ්‍රවාණාගාරයට ආරාධනා කලෙමි. මාගේ ආරාධනය පිලිගෙන පැමිණි එතුමා අප කාර්‍යමණ්ඩලයට හරවත් දේශනයක් පැවැත්වීය.

මට ලෝකයේ ප්‍රමුඛ පෙලේ මනෝ විද්වතුන් හමුවී තිබේ. ඔවුන් අතර මහාචාර්‍ය බැසිල් වැන්ඩකොල්ක් , මහාචාර්‍ය ජුඩිත් හර්මන් (හාවඩ් විශ්ව විද්‍යාලය​) , මහාචාර්‍ය මේරී සීමන් (ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය) මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් (යෝක්  විශ්ව විද්‍යාලය) නම් කල හැකිය​. එම පතාකයන් අතර විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුද මට සුවිසල් චරිතයක් බව ප්‍රකාශ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, October 26, 2019

සාෆි රතන සහ ජයසුමන



මම වෛද්‍ය සාෆිව දන්නේ නැත. ඔහු අයිසිස් ද බෝකෝ හරාම් ද තලෙබාන් කියාද නොදනිමි. නමුත් ඔහු සීසර් ශල්‍යකර්ම අතර තුරදී සිංහල කාන්තාවන් 4000 වඳ කලා යන්න මම නොපිලිගත්තෙමි. ඒ මන්ද යත් සීසර් ශල්‍යකර්ම කිරීමෙන් ලත් අත්දැකීම් නිසා හෙදියගේත් සහායක වෛද්‍යවරයාගෙත් ඇස් වසා පැලෝපීය නාලයට හානි කල නොහැකි බව මගේ තර්කානුකූල බුද්ධිය මට කීවේය.  

සාෆිගේ වඳ කතාව එලියට ආ කාලයේදීම මම ප්‍රසිද්ධියේ මා දන්නා සත්‍ය කතා කලෙමි. පුවත්පත් සහ බ්ලොග් කීපයක්  මගේ ලිපිය පළ කල අතර ඒ සඳහා මම බොහෝ දොස් / කුනුහරප ඇසුවෙමි.  නමුත් මා මා දන්නා සහ විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටියෙමි.  

වෛද්‍ය සාෆි සිංහල කාන්තාවන් 4000 වඳ කල බවට හිසේ අත තියා දිවුරමින් විශාල බොරුවක් සමාජගත කල රතන සහ ජයසුමන අද නිහඞය. ඔවුන් සමාජය නොමග යැව්වෝය. මෙවැනි දෙයක්  සීලාචාර රාජ්‍යක සිදු වූයේ නම් රතන සහ ජයසුමන මේ වන විට නීතිය ඉදිරියේය.

Friday, October 4, 2019

විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය නොහොත් | ලිංගික අඩම්තේට්ටම් (උපුටා ගැනීමකි)



මට නිතර කරන චෝදනාවක් තමයි මම ලංකාවේ විශ්ව විද්‍යාල කෙරෙහි අගතියෙන් බලනවා කියලා. මම ඉගන ගත්තේ සෝවියට් විශ්ව විද්‍යාලයක සහ ඇමරිකාවේ සහ කැනඩාවේ විශ්ව විද්‍යාල වල. මම හාවර්ඩ් විශ්ව විද්‍යාලයේත් දේශනයක් කරපු කෙනෙක්. ඒ නිසා මට දෙකයි පනහේ ඇරියස් නෑ. මගේ නෑදෑයෝ බොහෝ දෙනෙක් ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තා. මගේ පියාගේ සොහොයුරියගේ දුවත් කොලඹ වෛද්‍ය පීඨයේ ඉගන ගත්තේ.   මම ලංකාවේ විශ්ව විද්‍යාල වල තියන නවක වධය ඇතුළු හිංසනයට විරුද්දයි. ඒ නිසා තමයි මම ඒවා විවේචනය කරන්නේ. මට අවශ්‍ය ලංකාවේ විශ්ව විද්‍යාල එකිනෙකාට ගරු කරන , හිංසා අපහාස නොකරන , මානුෂික මට්ටමෙන් පිරිපුන් කැනඩාවේ විශ්ව විද්‍යාල වල මට්ටමට ගේන්න.   මගේ පුතා ගියේ කැනඩාවේ විශ්ව විද්‍යාලයකට. ඔහුට රැග් , තෙල බෙදීම්, බලහත්කාරයෙන් උද්ඝෝෂණ වලට ගෙන යාම් , වගේ කේස් තිබ්බේ නෑ. එක හාල්පාරුවෙක්වත් සෙරෙප්පු දාගෙන වරෙන් , අර විදිහට ඇඳගෙන වරෙන් , ඩිපස් ගහපං කියන්න ආවේ නෑ. අවුරුදු 23 වෙනකොට ඔහු උපාධිය ගන්නවා. ඒ ගැන මට සතුටුයි. ඒත් සතුට 100 % නෑ මොකද මගේ පුතා වගේ කොල්ලෝ ලංකාවේ විශ්ව විද්‍යාල වල රැග් වෙමින් පාරවල් වල උද්ඝෝෂණය කරමින් සිටින නිසා. උන්ටත් මගේ පුතා වගේ කරදරයක් නැතිව හිංසනයක් නැතිව උපාධිය ලබා ගන්න පුලුවන් වන දිනයක මගේ සතුට 100 % වෙයි.   එවැනි දිනයක් උදාවෙයිද ?

පහත ලිපිය මම උපුටා ගත්තේ මුහුණු පොතින්. මේ හිංසන වලට එදිරි වෙන්න කවුරුත් නැද්ද ? 


පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට පිරිසක් ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූහ. එම සංචාරයේදී ඔවුන් නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු ඔවුන්ට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් එම පිරිස සමග පවසා ඇත

නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නියක වුවාය. ඇයගේ ආරක්ෂාව පතා නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.

නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය.
“මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ.

එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ”

සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය.
“නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරීල තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා.
කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක සංසර්ගෙට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා.

එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”

නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති. පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය. දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය.

තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය.
“විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් විශ්ව විද්‍යාලයේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි.

තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා.

මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා.

ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ”

පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය.
” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා.

නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.

නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ.

මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ? ”
නවක සිසුවියන් පවසන පරිදි විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති. එහෙයින් මේවා රහස්‍ ය.

මේ අතර මට මතකයට ආ තවත් පුවතක් මතක් කරන්නට අවසර,
ඒ තමයි
පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුරක් උන රූපා රත්නසීලි මෙනෙවිය පිළිබදව. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා.

අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.

රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා.

මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා.

රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී
😡😡😡😡😡😡😡

අනික තමයි බලන්න
අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
සෑම තැනකම ඔහොම්මමයි,

එහෙයින් ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි.
සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. එහෙයින් මෙයට කෙසෙ හෝ තිත තැබිය..
අවසාන වශයෙන් මා කුරිරු ලිංගික හිංසනයකට ලක් වෙච්ච නංගි කෙනෙක් වෙනුවෙන් අයිය කෙනෙක් තැබු ආවෙග ශීලි සටහනකින් මෙය අවසන් කරන්නම්.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

“ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා.

ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද?
තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින්ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ.

ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයිට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් එකට එවලා උන්ට උගන්වන්න. අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි. මං ගැවිච්ච හැම එකාගෙන්ම පළි ගන්නවා. මං නවත්තෙන්නෙ නැ.
මේ ඒ නංගි වෙනුවෙන් ආවෙග වුණු අයිය කෙනෙක් ගෙ වචන. බලන්න මෙවා කොහෙන් කෙළවර වෙයි ද. ඒක හින්දා මං කියන්නෙ අර ආචර්‍ය විජෙදාස රාජපක්ශ කිව්ව දෙ වැරදි නැහැ. උප ස්ංකෘතිය කියාගෙන ඔය දේශපාලන රූකඩ විදිහට අල්ලෙ නැටවෙන මිනිස්සු රැග් එකට ආවොත් නවක සිසු සිසුවියන්ට කියන්නෙ දෙපාරක් නොසිතා
කනට දෙකක් ගහන්න. පව් නැහැ.

කියෙව්ව නම් වඩාත් වැදගත් වේවී...සරසවියේ හින්සනය පිළිබඳ ව

ස්තූතියි ඔබට
-උපුටා ගැනීමක්-

Friday, September 20, 2019

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර පිළිබඳව සටහනක්


 වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර  මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය​. 

මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය​.  ඒ 1998 විය යුතුය​. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය​. සීමාවාසික සමයේ සිට රෝගීන් කෙරෙහි ඔහු තුල තිබූ කැපවීම මා නිරීක්‍ෂණය කලෙමි. 

වරක් භ්‍රෑණයා මිය ගොස් යැයි සැක කොට ඝර්භාෂය සේදීමට යොමු කොට සිටි මුස්ලිම් කාන්තාවකගේ  භ්‍රෑණයා මිය ගොස් නොමැති බව මා සොයා ගත්තෙමි. ඉන් පසුව ඉතා ඉක්මනින් සීසර් ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය විය​. මෙම කාන්තාවට අවශ්‍ය ලේ සූදානම් කොට ශල්‍යාගාරය දැණුවත් කොට චන්දන එම සීසර් ශල්‍යකර්මය කිරීමට මට සහාය විය​. එදා ඔහුගේ සහාය නිසා මට ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය​. 

2007 වසරේදී මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විට ඔහු මා සමග මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේ මා සමග සේවය කලේය​. අප දෙදෙනාගේ මේස තිබුනේ එක ලඟය​. එදා ඔහු මගේ ඉන්ටර්න්වරයා වූවද මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේදී අප මිතුරන් වූයෙමු. සැබවින්ම ඔහු යහපත් මිත්‍රයෙකු විය​. 

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සමග  අප දෙදෙනා  මුළු දිස්තික්කය පුරා ගියෙමු. කෙතරම් වැඩ කලත් චන්දන විඩාබර නොවීය​. ඔහු සමග වැඩ කිරීම විනෝදයක් විය​. 

පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලංකාවේ වෛද්‍ය සේවයට දායාද කල වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර යහපත් වෛද්‍යවරයෙකු විය​. ඔහු ගිණි කන්නෙකු මෙන් පුද්ගලික සේවාවේ ඇලී ගැලී රෝගීන් මරාගෙන කෑවේ නැත​. ඔහු රෝගීන්ට කරුණාවෙන් සැලකුවේය​. ඔහු සෑමදෙනාගේම මිතුරෙකු විය. සැබවින්ම වෛද්‍ය චන්දන චන්ද්‍රසේකරට සතුරන් සිටියේ නැත​. 

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර තුල සාහිත්‍යකාමියෙකු මෙන්ම සංගීතවේදියෙකුද සිටියේය​. ඔහු ටෙලි නාට්‍ය කලාවද හොඳින් දැන සිටියේය​. බොහෝ දක්‍ෂතා තිබූ වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර අප හැර ගියේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතකය​. 
චන්දනලා වැනි නිර්ව්‍යාජ වෛද්‍යවරු ලංකාවට අවශ්‍ය යුගයක ඔහු අප හැර ගියේය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Posttraumatic Embitterment Disorder and Meditation




Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003.  PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.

Embitterment is a persistent feeling of being let down or insulted, or feeling revengeful but helpless. The feeling of bitterness is always associated with a burning sense of unfairness or injustice, a protesting feeling of having been wronged without cause. It signifies an aggressive protest against a felt and perceived injustice, and is a goad to desperate, sometimes reckless, efforts to gain redress.

Dr.  Linden recognized embitterment as a unique human emotional experience. Feeling embittered is a prolonged emotional state of hate and anger caused by the belief that one has been treated unfairly. Dr.  Linden states that similar to anxiety or depression, embitterment must be understood as a dimensional phenomenon, which becomes pathological when reaching greater intensities, when it is associated with additional symptoms, and when daily role performance is impaired.

Dr. Linden states that PTSD is caused by a physical threat to one’s life; in PTED it is hypothesized to come from a threat to one’s basic belief system. PTED is thus, like PTSD, not characterized by a particular type of stressful events, but by a distinct psychological process (experiences of injustice and humiliation) and by a highly specific psychopathological profile (embitterment). Elevated rates of PTED may occur in times of major social changes that force people to reorganize their personal biographies.

The PTED patients are suffering from severe, multiform, and disabling symptoms. The trigger event in PTED is an exceptional, though normal negative life event that is experienced as a violation of basic beliefs and values. The predominant emotion in PTED is embitterment.

Core criteria of Post traumatic Embitterment Disorder are: (1) a single exceptional negative life event precipitates the onset of the illness; (2) the present negative state developed in the direct context of this event; (3) the emotional response is embitterment and feelings of injustice; (4) repeated intrusive memories of the event; (5) emotional modulation is unimpaired, patients can even smile when engaged in thoughts of revenge, and (6) no obvious other mental disorder that can explain the reaction. Additional symptoms are feelings of helplessness, self-blame, rejection of help, suicidal ideation, dysphoria, aggression, down-heartedness, seemingly melancholic depression, unspecific somatic complaints, loss of appetite, sleep disturbances, reduced drive pain, phobic symptoms in respect to the place or to persons related to the event.

Posttraumatic Embitterment Disorder may occur in times of major social changes that force people to reorganize their personal biographies. According to Professor Harald Ege Post-Traumatic Embitterment Disorder is the most appropriate psychological diagnosis for victims of workplace conflicts, particularly bullying.

Dr Linden proposes “wisdom therapy” as an approach to treat PTED. Wisdom therapy is a form of cognitive therapy based on recent developments in the field of wisdom psychology.

Does Meditation therapy help in Posttraumatic embitterment disorder? According to Prof. Dr. Michael Linden (Personal Communication, 2019) if meditation helps to distance oneself from what happened, or to induce thoughts of forgiveness and consolation with what happened, it will be helpful. 

Mood impairments, somatoform complaints, withdrawal from social contacts, aggressive violent thoughts are common in Posttraumatic embitterment disorder. In addition self blame self criticism, free floating anger, bitterness, wrath, malice, and unforgiveness affect their functionality.  These conditions impact mental and moral well-being.

Dunn & Sensky (2018) indicate that rumination which is linked with chronic embitterment impairs executive functions and problem-solving. Rumination is a maladaptive pattern of thought (Sluder, 2013). Mindfulness allows individuals to disengage from rumination by directing attention to the present moment (Segal et al. 2002 Deyo et al., 2009).

Mindfulness is associated with interpersonal forgiveness (Karremans et al., 2019). Mindfulness enhances forgiveness (Oman et al., 2008). Meditation helps to reduce violent thoughts. In addition meditations such as loving-kindness meditation increase social connectedness (Hutcherson et al., 2008). Furthermore     mindfulness-based therapies are effective in somatoform conditions (Lakhan & Schofield, 2013). Moreover Spiritual meditation which is based on mindful practice helps to reduce negative feelings in PTED and increase spiritual confidence. 

Ruwan M Jayatunge M.D. 

Find Us On Facebook