ඒ විනාශකාරී දිනයේදී
නිව් යෝක් හි ඩැකෝටා ගොඩනැගිල්ල අසල
මාර්ක් ඩේවිඩ් චැප්මන් පුරාවෘත්තයක් වෙඩි තබා බිම හෙළුවේය
රවුම් කාච සහිත හිටපු බීට්ල් ගායකයා
60 දශකයේ පරම්පරාව සඳහා මිල ගෙවීය
ඔහු බොරුකාරයෙකි, ව්‍යාජයකි
ඝාතකයාට කෑ ගැසුවේය
ඔහු තමයි කිව්වේ මුදල් සහ දේපළ අත හරින්න
ආගමකින් තොර ලෝකය දකින්න කිසිවක් නැතැයි සිතන්න
නමුත් ඔහු සතුව සියල්ල තිබුණි
මිල අධික කාර්, බෝට්ටු සහ නිවාස
මේ සියල්ලම ඔහු උරුම කර ගෙන සිටියේය
හවායි සිට පැමිණි චැප්මන්
යෝකෝ සමඟ ඔහුගේ ගොදුර එන තුරු
ඩකෝටා ගොඩනැගිල්ල අසල පැය ගණනාවක් බලා සිටියේය
ගොදුර ආසන්න වූ විගස
ඔහු තුවක්කුව පත්තු කලේය
ඔහු කොහේවත් නැති මිනිසෙකි
නමුත් ඔහු කෙනෙකු මරා දැමීමට සැලසුම් කළේය
චැප්මන් පැවසූ පරිදි
වැදගත් කෙනෙකු මරා දමන තෙක් මා අවැදගතෙක් වූයෙමි
මා විසින් ලියන ලද Killing of a Butterfly යන කවියේ සිංහල අනුවාදය
පරිවර්තනය කරන ලද්දේ වෛද්‍ය රංජිත් වෙල්ගම විසිනි
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments