Sabtu, 29 November 2025

ධනිය ගෝපාල සහ අපේ ගෝපාලා



 

බුද්ධ කාලයෙහි දඹදිව විසූ ධනිය ගෝපාල විශාල ගව රංචුවක හිමිකරුවෙකි. දඹදිව පංච මහා ගංගාවන්ගෙන් එකක් වන මහී ගංගාව අසබඩ ඔහු තම ගව රංචුව සමඟ ජීවත් විය.  එක් දිනක් සවස් යාමයේ සතර දිගින් අහස කළුවර කොට විශාල ධාරානිපාත වර්ෂාවක පෙර නිමිති පහළ විය. එවිට ධනිය ගෝපාල ඉක්මනින් තම කටයුතුවල නිරත විය. සේවකයින් යොදවා ප්‍රමාණවත් දර, ගොඩ ගසා ගත්තේ ය. දෙනුන්ගෙන් කල් තියාම කිරි දොවා ගත්තේ ය. වසු පැටවුන් කණුවල බැඳ ගවයින් කොටුව තුළට ගාල් කර ගත්තේ ය.  අවශ්‍ය ආහාර පාන සකසා ගත්තේ ය. හුළු එළි දල්වා අඳුර මකා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාව සලසා ගත්තේ ය. තමාගේ   බිරිඳත්, දරුවනුත් අසලම රඳවා ගත්තේ ය. සියලු ආරක්ෂාව ඇත. කිසිදු බියක් ධනිය ගෝපාලගේ සිතට නොදැනුනේ ය. ඒ නිසා ඇති තරම් වහින්නයි ඔහු වැස්සට ආරාධනා කළේ ය.

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook