1) 2007 වගේ කාලෙක මම පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී (Medical Officer- Focal Point Mental Health). මේ කාලේ නිතරම මීගමුව හරහා මම අපේ කැබ් එකේ කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට යනවා මීටිං වලට. උදේ යන ගමන් කන්නේ මීගමුවේ තියන හෝටලයකින්. මාත් එක්ක අපේ කැබ් එක එලවන ලියනගේත් යනවා. එක සැරයක් ලියනගේ මීගමුවේ කැප්ටන් හෝටලය ලඟ නැවැත්තුවා. අපි ඒකෙන් කාලා එන ගමන් මට මතක් උනා මීගමුවේ කැප්ටන් රංජි කියන පාතාලේ පොරව. මේ හෝටලේ කැප්ටන් රංජි ගේ. මම බිල ගෙවලා කැෂියර් කූඩුවේ හිටපු පොර ගෙන් නිකං ඇහුවා " කෝ මේ රංජි නැද්ද කියලා" කැෂියර් කූඩුවේ හිටපු පොර බයවෙලා " අනේ සර් මම දන්නේ නෑ අපි මේ කඩය බද්දට අරගෙන කරන්නේ කිව්වා. මේ වෙන කොට රංජි මඩර් එකක් කරලා රටින් පැනලා හිටියේ. ( ඒක මම දැනගත්තේ පස්සේ) මම හිටියේ ඔෆිස් කිට් එක ගහලා අත් කොට ෂර්ට් එකයි ටයි එකයි දාලා. ඒ කාලේ මම බොඩි බිල්ඩිං කරනවා. බයිසෙප්ස් එක හොඳට පේනවා. කැෂියර් හිතන්න ඇති මම සී.අයි.ඩී ඔෆිසර් කෙනෙක් කියලා. මම බිල ගෙවලා කැබ් එකට නැග්ගා. අපේ ඩ්‍රයිවර් ලියනගේ බය වෙලා වගේ. " අම්මෝ සර් මම හිතුවේ අපිට පාතාලේ එකෙක් ඇවිල්ලා තියයි කියලා. සර් එක්ක ගමන් යනවා කියන්නේ මරුවා කරේ එල්ලගෙන යනවා වගේ කිව්වා.
Rabu, 1 Oktober 2025
කැප්ටන් රංජි සහ පාතාලේ කතා
මම කෙලින්ම රංජිගෙ නම කියලා ඇහුවට ,මේ ඒරියා එකේ රංජිගෙ නම ඇහෙන්නවත් කියන්නේ නෑ. අපි ඕවා දන්නේ නෑනේ. දෙවියෝ අඩිය තියන්න බය තැන මෝඩයෝ පිලුම් ගහනවා කියන්නේ මේකට.
2) මම මීගමුව රෝහලේ වැඩ කරපු කාලේ (1997-2000) විතර ටයිටස් කියලා අයියා කෙනෙක් ඉන්නවා කියලා අහලා තිබ්බා. ඒ නිසා අපි ජොලියට ටයිටස් ගේ නම කියලා කාර්පාක් කර ගන්නවා. ඒ කාලේ මීගමුව නගර සභා පුස්තකාලේ සික්කෝ වාහන ඇතුලට දාන්න දෙන්නේ නෑ. ඒ කාලේ මම නිතරම පොත් ගන්න පුස්තකාලයට යනවා. මේන් ගේට් එකේ සිකුරිටිට මේ අපි ටයිටස් අයියගේ කට්ටිය කියලා කිව්වම සික්කා බයෙන් සහ රෙස්පෙක්ට් පිට ගේට් එක අරිනවා. ඒත් අපි මේ ටයිටස් කියන පොර කලුද සුදුද කියලවත් දන්නේ නෑ. එක දවසක් ටයිටස් ගේ නම කිව්වම සික්කා වාහනය දාන්න බෑ කියලා මාර ගෝසාව. ඒ නිසා පාරේ පාක් කරලා ලයිබ්‍රරියට ගියා. පස්සේ තමයි දන්නේ ටයිටස්ව මරලා කියලා. ටයිටස්ට වෙඩි තියලා තිබ්බේ අපි නිතරම යන බේක් හවුස් එකකට. ඒකේ වීදුරුවක් පැලිලා තිබුනා . බොහෝ කාලයක් යනකන් වීදුරුවට ප්ලාස්ටර් අලවලා තිබ්බේ.
Langgan:
Catat Ulasan (Atom)
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments