ටීවී. ඉන්ටනෙට් නොතිබි යුගයක ; 70 ගනන් වල හාල් පොලු ආහාර හිඟය , මන්දපෝෂණය පැතිරි ශාරීරිකව දුර්වල වූ මිනිසුන් සිටි යුගයක නිව්රෝ යනු ජනතාව ගේ ෆැන්ටසිය විය. මස් පිඞු වලින් යුත් ඇල්ෆා මේල් කෙනෙකු ගේ වීර ක්‍රියා පිලිබඳ මිනිසුන් සිහින දැක්කෝය. ඒ යුගයේ බලය වෙනුවෙන් සටන් වැදි රෝහණ විජේවීර කෙසඟ ශරීරිකව දුර්වළ අයෙකු විය. සිරිමා රජයේ බලය පැතිරවූ ඉයන් වික්‍රමනායකද කෙසඟ මිනිසෙකු විය. මෙවැනි කාලයක ශරීර ශක්තිය පිලිබඳ විශාල රික්තකයක් තිබුනේය. මේ අඩුව මනංකල්පිතව පුරවන්නේ නිව්රෝ ෆැන්ටසිය විසිනි. මනෝ විද්‍යාව / සමාජ විද්‍යාව / ජනමාධ්‍යකරණය පිලිබඳ විශ්ව විද්‍යාල වල උපාධි නිබන්ධන සඳහා නිව්රෝ සහ ඔහුගේ සමාජ බලපෑම අනගි මාතෘකාවකි
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments