උඹව වෘකයන් ගෙන් බේරා ගන්න බැරි වීම ගැන
උඹ අපෙන් වෙන් වී යනවා අද පාළු කනත්තට
පොලිසිය උසාවිය නීතිය උඹ ගැන කොල පුරවයි ඕසෙට
විශ්ව විද්‍යාල බලධාරීන් සුපුරුදු ලෙස සඟවයි උඹේ මරණයේ සාක්‍ෂි
තව සති දෙකකින් අමතක වෙයි උඹ ගැන මතකය සැමටම
ලෝකය යලිත් පටන් ගනියි කැරකෙන්නට
නැවතත් ඇරඹෙයි උප සංස්කෘති අනුගතවීම්
යලිත් වරක් වෘකයෝ ගොදුරු කර ගනියි උඹ වගේ තවත් හා පැටියෙක්
ඉන් පසු අපි යලිත් වරක් එක්වීලා ලියමු ශෝක ගීත
යලිත් වරක් වෘකයෝ ගොදුරු කර ගනියි උඹ වගේ තවත් හා පැටියෙක්
ඉන් පසු අපි යලිත් වරක් එක්වීලා ලියමු ශෝක ගීත

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments