මම හිතන්නේ සිංහල බුද්ධාගමට කෙල උනේ පීඩිතයෝ මහණ කිරීම නිසා. මේක මාධ්‍යවේදී නන්දන වීරරත්න ගේ වචන වලින් කියනවනම් හිඟන කොල්ලන්ට සිවුරු පෙරවීම සාසනයේ විනාසය උනා. බුදුන් කාලේ පීඩිතයෝ වූ සුනීත සෝපාකලාට වගේ ගයිඩ්න්ස් දීමට කෙනෙක් අද කාලේ නෑ.
මම පසුගිය කාලයේ ලංකාවට ආ විට යාපනයට ගියා , එහිදී ක්‍රිස්තියානි පූජකයෙක් එක්ක සංවාදයක් කලා , ඔහුගේ දැණුම මාව පුදුමයට පත් කලා . ඔහු සමග රූසෝ , නීට්‍ෂේ , ගතේ මෙන්ම උපනිෂද් ධර්මය, නාග අර්ජුන ගැන කතා කලා. ඔහු ක්‍රිස්තියානි ආගමට අමතරව බොහෝ විශයන් දන්නවා. ඔහු සමග කල සංවාදයෙන් පසු මට අපේ සංගෙලා ගැන දුකක් මෙන්ම ලැජ්ජාවක් ඇති උනා. අපේ සංගෙලා බහුතරය නූගත්. ඔහේ තමන්ට කටට එන විකාරයක් කියනවා. ඒවාට නූගතුන් සාදුකාර දෙනවා, උගතුන් හිනාවෙලා ආගමෙන් ඈත් වෙනවා.
ජපානේ අපචාර කේස් එකට අහු වෙච්ච හිටපු ග්‍රාමාරක්‍ෂක දෙස බලන්න. ඔවුන් සිවුරු පෙරවූ වහාම සමාජයේ ඉහල තල වලට යනවා. ආරක්‍ෂක අමාත්‍යවරයා සමග සාකච්චා පවත්වනවා. නමුත් සිවුර ඇතුලේ තවමත් ඉන්නේ අර නූගත් ග්‍රාමාරක්‍ෂක බව මිනිසුන් තේරුම් ගන්නේ නෑ. මොවුන් ළමා අපචාර , අලි ඇතුන් හිංසනය , ශබ්ද දූෂණය මෙන්ම සමාජයට හානිදායක පසුගාමී ජාතිවාදී ආගම්වාදී මත ගේනවා. ඒ වගේම බල ලෝභී දේශපාලකයන් මොවුන්ව ඉත්තන් සේ භාවිතා කරනවා. සිංහල බුද්ධාගම විනාස කරන්න බාහිර බලවේග අවශ්‍ය නෑ. මොවුන් ඒක හොඳට කරයි.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments