Selasa, 29 November 2022

සමාවෙයන් ෂාෆි

  



රතනගේ ජයසුමනගේ
ජාතිවාදී ආගම්වාදී බේගල් අසා
අපි උඹට ගල් ගැසුවෙමු
උඹව පිටු දැක්කෙමු 
උඹගේ විනාශය පැතුවෙමු 
වඳ කොත්තු වඳ බ්‍රෙසියර් වල පැටලී
අපි ඉක්බාල්ලාට ෆාතිමාලාට වයිර කලෙමු
අපව භේධ භින්න කරමින් උන් බලය ගත්තෝය
සත්‍ය වැටහෙන විට අප ප්‍රමාදය​
එහෙත් හෙටත් උන් අපව රවටනු ඇත 
හෙටටත් උන් අපට ජාතිවාදයේ ආගම්වාදයේ 
විශ එන්නත් කරනු නිසැකය 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook