ජාතික ජන බලවේගයයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගෙන් ඔබ විශ්ව විද්‍යාල තුල පවතින නවක වධය පිලිබඳ දරන්නේ කුමන අදහසක් ද ? ඔබ එයට විරුද්ධද ? ඔබ මීට පෙර නවක වධය හෙලා දැක තිබේද කියා අසමින් මා විසින් ඇයට ඊමේල් එකක් ද ඇයගේ ෆේස් බුක් එක හරහාද පණිවිඩයක් යැවුවෙමි. මේ පණිවිඩයේ පිටපත් මහාචාර්ය හරේන් ද්‍ර සිල්වා, මහාචාර්ය සුජීව අමරසේන, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හිරාන් අමරසේකර සහ පුරවැසි මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ වෙතද යොමු කලෙමි. මගේ ප්රශ්නය ඇයට යොමු කොට දින ගනනාව ගත වූවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නවක වධය ගැන ඇගේ මතය පිලිබඳව මේ දක්වා පිලිතුරක් එවා නැත. අජිත් පැරකුම් ජයසිංහ උපකල්පනය කරන පරිදි මෙම ප්‍රශ්නයට පිලිතුරක් දීමට ඇයට ජවිපෙ දේශපාලන මණ්ඩලය අවසර නොදී තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන උගතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ද නවක වධය පිලිබඳව එළි පිට අදහස් දැක්වීමට බිය වීම පෙන්වන්නේ පර පීඩකයන් මේ සමාජය කොතෙක් දුරට පාලනය කරන්නේද යන්නයි.

තමන්ගෙම පක්ෂෙ උන්ගෙ කෙරුවාවල් ගැන එලිපිට අදහස් දක්වන්නෙ කොහොමද?
BalasPadamno other words
BalasPadamonly "kalakanni heththa"
+++++
BalasPadamමමත් කාලයක් ජවිපෙට කැමැත්තක් තිබුනා. සාමාජිකයෙක් නොවී උදව්වක් කරන්න පුළුවන් කියලා මම කියද්දී මොළේ තියෙන නායකයෙක් කිව්වා, "උඹ මේ නාරාවලට නොවැටී කරන දෙයක් කරගෙන පලයං" කියලා.
BalasPadam