1980 දී අපි සිටියේ 8 ශ්‍රේනියේ. දවසක් පන්තියට මාජරීන් හෙවත් උපතිස්ස සර් ඇවිත් ඉගැන්නුවා. සර් ආසයි ගම්බද ජීවිතයට. සර් අපෙන් අැහුවා ගමක වැව තියනවා වැව වටේට ගෙවල් තියනවා ; ළමයි දන්නවද වැව වටේ ගෙවල් තියෙන්නේ ඇයි කියලා. අපේ පන්තියේ හිටියා කැළනියෙන් ආපු හසිත කරුණාරත්න කියලා කොල්ලෙක්. හසිත ගත් කටටම කිව්වා " මාරු කර කර ගහන්න" කියලා. ඒ කාලේ කොලු තාත්තලා වූ අපිටත් දවස් දෙක තුනක් යනකං හසිත කරුණාරත්න ගේ මාරුකරන කතාව තේරුනේ නෑ. මාජරීන්ටත් මේක මීටර් උනේ නෑ. මීටර් උනා නම් හසිත කරුණාරත්න මාජරීන් ගෙන් කනවා. මේ කොලඹ පිරිමි පාසලක අවුරුදු 14 කොල්ලෙක් කියපු කතාවක්. හසිත කරුණාරත්න දැන් ඉන්නේ යූකේ වල. පසුගිය සමර් එකේ මම කැනේඩියන් යාලුවෙක් එක්ක ලේක් ඊරි වලට ගියා. මගේ සුදු යාළුවා මගෙන් ඇහුවා විල වටේට කොටේජ් හදලා තියනවා ඒ ඇයි දන්නවද කියලා. මට 1980 දී හසිත කරුණාරත්න දුන්න උත්තරේ මතක් වෙලා බුග් ගාලා හිනා ගියා.
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments