ඔවුන් ගේ සපත්තු පොළවේ ගැටී ඒකාකාරී බොල් හඞක් නගයි
ඔවුන් ගේ සපත්තු වල රළු තෙරපුම මිහිකතට වේදනාවක් ගෙන දෙයි
නුඹලා මිහිකතගේ දරුවෝ - ඇය පරිපීඩිතව කියන්නීය
නුඹලා මරණයේ සහ විනාශයේ පණිවිඩය ගෙන යන්නෝය
යුද්ධයේ නාමයෙන් නුඹලා තමන්ගේම සොහොයුරන් මරා දමනු ඇත
යුද්ධය උදෙසා නුඹලා ගෙවල්, ගොඩනැගිලි, කෙත්වතු විනාශ කරනු ඇත
සවන් දෙනු :විනාශකාරී යුද්ධයක් අවසානයේදී ජයග්‍රාහකයන් නොමැත
සංග්‍රාමයෙන් පසු නුඹලා අත් විඳින්නේ සන්තුෂ්ඨියක් නොවන බව කියමි
යුද්ධය අවසානයේදී ඇත්තේ ශෝකය, සහ ප්ශ්චාත්තාපය පමණි

අවසානයේදී නුඹලාද මහ පොළව මත මිය ගොස් නිහඞව වැතිරෙනු ඇත
යුද්ධයෙන් පසු දිවි ගලවාගත්තවුන් මළවුන් මෙන් පසුකාලීනව ජීවත් වනු ඇත
මේ සදාකාලික සත්‍ය නුඹලාට යම් දිනෙක වැටහෙනු ඒකාන්තය
රුවන් එම් ජයතුංග
Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments