Isnin, 13 Disember 2021

දියසෙන් කුමරා එන තෙක්



ගෝටා බලයට එන විට ඔහු විසින් විශාල ධනාත්මක වෙනසක් ලංකාවට කරනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූහ​. එහෙත් කෝවිඩ් සහ අනෙකුත් අභියෝග හමුවේ ඔහු ෆේල් කියා බොහෝ දෙනෙකු  ප්‍රසිද්ධියේම පවසති. මේ අනුව මීලඟ අභියෝගය භාර ගත හැක්කේ සජිත්ටද​? එහෙත් සජිත් යනු ජෝකර් කෙනෙකු බව පසුගිය කාලය පුරාම ඔහුගේම පාක්‍ෂිකයෝ පවසති. 

මේ අර්බුධ අතර ජවිපෙ අනුර කුමාර දිසානායක ගේ ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතී. අනුර කුමාර දිසානායකට ලංකාව ගොඩ ගත හැකිද ? අනුර කුමාර දිසානායක දක්‍ෂ කථිකයෙකි. රෝහණ විජේවීරට වඩා ඔහු බුද්ධිත්මත් ය​. අනුර කුමාර දිසානායක මේ දක්වා රාජ්‍ය දේපළ හොරකම් කොට නැත​. එහෙත් පුද්ගලික සමාගම් වලින් ඔවුන් කප්පම් ගන්නවා යන කතාවක්ද පවතින බවද කිව යුතුය.  

අනුර කුමාර දිසානායක බලයට ආවහොත් හොරකම , දූෂණය තාවකාලිකව අඩු වනු ඇත​. එහෙත් විදෙස් ශ්‍රමිකයන් ගෙන් $ 500 ගනනේ ඉල්ලනවා හැර වෙනත් ප්‍රායෝගික විසඳුමක් ඔහු සඳහන් කරන්නේ නැත​. තවද දිය ලනුවත්  අනුන් ගෙන් ඉල්ලා ගෙන අඳින හඳුන්නෙත්ති වැනි නායකයන්ට අනාගත ලෝකයට ගැලපෙන ආර්ථික දර්ශනයක් තිබෙනවාද ?   මේ අනුව ලංකාව තව දුරටත් ප්‍රපාතයට යනවා මිස බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරුය​. මේ නිසා දියසෙන් කුමරා එන තෙක් සිටිය යුතුය. 

1 ulasan:

  1. ඔය එක එක කුමාරවරු එනකන් හිටියොත් රට ඉවරයි. ජනතාවගෙත් යුතුකමක් තියෙනවා රට ගොඩ ගන්න අවශ්‍ය පසුබිම සකසන්න..

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook