මෙතන 1970 ගනන් වල මැද වෙසක් එකට තොරණක් තිබ්බා. ඒ තොරනේ තිබ්බේ දහම්සොඞ රජ රාක්‍ෂයාගේ කටට පර්වතයක් උඩින් පනින කතාව. යකෙක් හදලා පර්වතය උඩ ඉඳන් රජතුමා පනින එක යන්ත්‍රානුසාරයෙන් පෙන්වනවා. මමයි මල්ලියි මේක බලන්න ගිහින් තිබූ කුතුහලය නිසා තොරණ කවර් කොට තිබූ ඉටි කොලයක් ඉස්සුවා, එතකොට අපි දැක්කා සරං කාරයෙක් දාඩිය දාගෙන බයිසිකල් චේන් වලින් හදපු යන්ත්‍රයක් කරකවනවා. අපි ඉටි කොලය උස්සලා පොරව එක්ස්පෝස් කරපු නිසා මෑන්ට කේන්ති ගොස් මට කිව්වා"දුප් කැ... කියලා , මම එතකොට 7 වසරේ විතර. බය වෙලා අපි මිලාගිරිය සෙන්ට් පෝල්ස් එක ලඟට වෙනකම් දිව්වා.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments