Khamis, 17 Disember 2020

බාස් ගේ පැණිය සහ දේශපාලනය





 

 මේ මිත්‍යා ප්‍රවර්ධන ක්‍රමය නියම මැකිලියාවේලියන් ස්ට්‍රැටිජි එකක්. තුන්වන ලෝකයේ බහුතරය මෝඩ ජනතාවක් වෙච්ච රටකට මේ ක්‍රමය නියමට ගැලපෙනවා. පුලුවන් තරම් එලොවින් ආ ජීවකයෝ , ඕන ලෙඩක් වරු තුනෙන් සුව කරන වෙද්දු ප්‍රමෝට් කරන්න ඕනේ. එතකොට සෞඛ්‍යය සඳහා සාමාන්‍ය ජනතාවට වියදම් කල යුතු මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මිනිස්සු බයිපාස් කර ගන්නේ නැතිව කුණ්ඩලනී ශක්ති පස්සේ යනවා. වියදම් සහිත ප්‍රතිකාර අවශ්‍ය පිලිකා රෝගීන් පිලිකා සුව කරන වෙද්දු පස්සේ ගිහින් කසාය බොනවා. විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරියි.   හුදී ජනතාවට මේසන් බාස් ගේ පැණිය දෙන ගමන් පාලකයන්ට එක්ස්පෙන්සිව් කෝවිඩ් එන්නත දීම සුදුසුයි  පත්තර වල පුලුවන් තරම් රාහු කාලය, ගෙවල් වාස්තු විද්‍යා දෝශ ප්‍රමෝට් කරන ලිපි මාධ්‍යවේදීන් ලවා පළ කරවන්න ඕනේ. එතකොට මිනිස්සු තමන් ගේ සමාජ ආර්ථික ගැටළු වලට හේතුව රජයේ ප්‍රතිපත්ති නොව තමන් ගේ ගෙදර උළුවස්ස කියා විශ්වාස කරනවා. වෘත්තීයවේදීන්, ජනමාධ්‍ය හසුරුවන්නන් , පූජකයන් මේ වගේ කොටස් යොදාගෙන විශාල වශයෙන් මිත්‍යාව සමාජ ගත කල යුතුයි. මෙය ඉතාමත්ම සාර්ථක පාලන ක්‍රමයක්. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook