Khamis, 10 Disember 2020

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා



නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.  නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.  

තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය​. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය​. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය​.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය​. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය​.  

විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය​. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය​. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය​.  විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටය​එඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය​.  මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය​. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය​. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය​, වසූරිය​, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය​.  

මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය​. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය​. 

මීට වසර කීපයකට ඉහතදී නලීන් ද සිල්වාට හෘධ රෝගයක් සෑමුනු අතර මුලදී සුදු ලූණු තම් බා බීම හිඳල කොල යුෂ බීම , මයියොක්කා කොල ඉස්ම බීම කලද හෘධ රෝගය සුව නොවී වඩාත් අසාධ්‍ය විය​. ඉන් පසු නලීන් ද සිල්වා රෝහල් ගතවී බටහිරයන් විසින් සොයා ගත් බයි පාස් එකකට පින් සිදු වන්නට පණ බේරා ගත්තේය 

මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය​. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ​.  නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය​. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය​. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග​ ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

14 ulasan:

  1. ඔය ඔක්කෝම මහා ප්‍රාඥයින් සුපිරි දේශපාලකයින්ද සමග එකතු වෙලා හදපු රට තමයි අද මේ තියෙන්නේ.

    BalasPadam
  2. තවත් කියන්න දෙයක් ඉතිරිව නැත.

    BalasPadam
  3. George Stephenson (9 June 1781 – 12 August 1848) was an English civil engineer and mechanical engineer. Renowned as the "Father of Railways"

    BalasPadam
  4. Only a correction but no dispute regarding contents

    BalasPadam
  5. රොටී වෙන්න දීල තියනව....😂

    BalasPadam
  6. රොටී වෙන්න දීල තියනව....😂

    BalasPadam
  7. නලින් සිල්ව ලා බටහිර වෙදකම ගෑන කියන දේ ගැන ඔච්චර කලබලවෙන්න ඕනෙ නෑ.... ඕවා හිතේ අමාරුවට කීයන දේවල්...

    "ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා"
    George Stephenson was born on 9th of June 1781 in Wylam, Northumberland, UK

    BalasPadam
  8. මිථ්‍යාව වපුරන්න එපා.මහාචාරියද මහාමාරියද ?

    BalasPadam
  9. කරුණු ඇත්ත හැබැයි ගොං අර්ථ දැක්වීමක්

    BalasPadam
  10. මා දන්නා තරමින් විද්‍යාවට දිශාවක් නැත.
    එය ප්‍රත්‍යක්ෂ සහ උපයෝගීතාවය මත රදා පවතී.
    ඔහු බටහිර බව කියන්නේ විද්‍ය දැනුම ඔහු අතට පත්වූ ආකාරය ගැන ඉතිහාසය දැනුම නැතිකමෙන් විය යුතුය.
    මාලිමාව, කඩදාසි, වෙඩිබෙහෙත් සහ බොහොමයක් ගණිත සිද්ධාන්ත ආසියාවේ වාසය කළ ජනතාව විසින් දියුණු කරන ලදී.
    නමුත් එකී පෙරදිග රටවල දැනුම පර්සියාව හරහා යුරෝපා රටවලට ව්‍යාප්ත වූ පසු යුරෝපීයන් ඒවා නවීකරණය කර විවිධාකාර නිෂ්පාදන වලට යොදවන ලදී.
    න්‍යායගත කිරීම, සංරක්ෂණය, ව්‍යපෘත කිරීම, වැඩිදියුණු කිරීම, පර්යේෂණ කිරීම සහ ව්‍යවහාරික අංශයට යෙදවීම සම්බන්ධයෙන් යුරෝපා රටවලට බුද්ධිමතුන් විශේෂ මැදිහත් වීමක් කර ඇත.
    මෙන්න මේ ආකාරයට පෙරදිග දැනුම වැඩිදියුණු කර භාවිතයට ගැනීම බටහිරයන් වෙතින් දැකගත් සිල්වා මහතා ඒ සියල්ලේම බුද්ධිමය අයිතිය බටහිරයන් ට පාවා දෙයි.
    ජාතිය නොමග යවන මෙවැනි අදහසක් විද්‍යා ගණිත විෂයන් උගත් අයට පහසුවෙන් ම කා වැද්දිය හැකි ය.

    BalasPadam
  11. මා දන්නා තරමින් විද්‍යාවට දිශාවක් නැත.
    එය ප්‍රත්‍යක්ෂ සහ උපයෝගීතාවය මත රදා පවතී.
    ඔහු බටහිර බව කියන්නේ විද්‍ය දැනුම ඔහු අතට පත්වූ ආකාරය ගැන ඉතිහාසය දැනුම නැතිකමෙන් විය යුතුය.
    මාලිමාව, කඩදාසි, වෙඩිබෙහෙත් සහ බොහොමයක් ගණිත සිද්ධාන්ත ආසියාවේ වාසය කළ ජනතාව විසින් දියුණු කරන ලදී.
    නමුත් එකී පෙරදිග රටවල දැනුම පර්සියාව හරහා යුරෝපා රටවලට ව්‍යාප්ත වූ පසු යුරෝපීයන් ඒවා නවීකරණය කර විවිධාකාර නිෂ්පාදන වලට යොදවන ලදී.
    න්‍යායගත කිරීම, සංරක්ෂණය, ව්‍යපෘත කිරීම, වැඩිදියුණු කිරීම, පර්යේෂණ කිරීම සහ ව්‍යවහාරික අංශයට යෙදවීම සම්බන්ධයෙන් යුරෝපා රටවලට බුද්ධිමතුන් විශේෂ මැදිහත් වීමක් කර ඇත.
    මෙන්න මේ ආකාරයට පෙරදිග දැනුම වැඩිදියුණු කර භාවිතයට ගැනීම බටහිරයන් වෙතින් දැකගත් සිල්වා මහතා ඒ සියල්ලේම බුද්ධිමය අයිතිය බටහිරයන් ට පාවා දෙයි.
    ජාතිය නොමග යවන මෙවැනි අදහසක් විද්‍යා ගණිත විෂයන් උගත් අයට පහසුවෙන් ම කා වැද්දිය හැකි ය.

    BalasPadam
  12. මහාචාර්ය තුමාගේ දේශපාලන දැක්මේ ප්‍රශ්නයක් තියෙන්වා නමුත් රචකයා එතුමාගේ ජීවිත කතාවද පාරිභෝජිත භාන්ඩ ලැයිස්තුව දක්වමින් පෙන්වා ඇත්තේ ගොබ්බ තර්කය්කි. රචකයාට අනුව කාල් මාක්ස්ට දාස් කැපිටල ලිවීමට අයිතියක් නැත ඔහු දන්වාදී අර්ථ ක්‍රමයේ ජීවත් උවෙකි.කොටින්ම අයින්ස්ටයින්ට අවකාශ කාල ව්ක්‍රතාවයවත් මේ ගොබ්බයා ගෙන ඒමට ඉඩ නොදෙන්නේ..ඔහුද ඉගෙනගත්තේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සිද්දාන්ත හැදෑරු පසුය.මතය හෝ තර්ක බිදිය යුත්තේ තර්කයකින් මිස ගොබ්බ චූන් වලින් නොවේ කරුනාකර චතුකෝටික තර්කය බිදහෙලන්න..නැත්නම් අනාගත ලෝකයට වින කරන බටහිර දැනුමෙ ගුන ගෙන හැර දක්වන්න..දේශපාලන මත රැදී පුද්ගල මඩ ගැසීම් නොකරන්න..ගොබ්බයෙක් නොවන්න පොත් කියවන්න

    BalasPadam
  13. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන්නේ ඔය දැනුම් පද්ධතිය මනසට වත් ගෝචර නොවන සංකල්ප ඔස්සේ ගොඩ නැඟපු වැඩ කරන හිතළු පද්ධතියක් වීම නිසා

    BalasPadam
  14. "විද්‍යාව" ට බටහිර නැගෙනහිර උතුර දකුණ ලෙස වෙන් කිරීම විහිළුවකි. ලොකුම වරද සිදුවන්නේ මෙසේ බෙදා ගැනීමට යාමෙනි. බෙදා ගැනීම් නිසා ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ විනාශයන් පමණි. එය දැනුදු එසේමය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook