Isnin, 22 April 2019

මොහොමඩ් සහරාන් හෂීම්




මොහොමඩ්  සහරාන් හෂීම් 
නුඹගේ දෙවියන් නොඅදහන 
 මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක්  
මරාගෙන මැරී යාමට නුඹ සිතුවාද ?

ස්වර්ගයට ගොස්  
කන්‍යාවන් දහසය දෙනෙකුගේ  
පහස ලබමින්  
කිරි සහ මීපැණි  බීමට 
නුඹ සිතා සිටියේද ?    

මධ්‍යකාලීන යුගයේ  
ආගමික අන්තවාදීන් විසින්  
ඔටු සම් වල ලියූ ප්‍රලාප 
ශුද්ධ වූ දේව වාක්‍ය  කියා නුඹ සිතුවාද ?  

මිනිස් බෝම්බයට බිළිවූ  
අහිංසක මිනිසුන් ගේ  ලෙයින් තෙත් වී ගිය  
රත් පැහැවූ පොළව නුඹ දුටුවේද ?  

ඔවුන් ගේ ඥාතීන්  
වියෝග දුකින්  
නඟනා විළාප  
නුඹට නොඇසුනේද ?

4 ulasan:

  1. මෝඩ කාලකන්නියෙක්..ඕකව අපායෙම පැහෙන්න ඕන.

    BalasPadam
  2. මේ පුද්ගලයා තාම ජීවතුන් අතර ඉන්නවාද ?

    BalasPadam
  3. පුතුගෙ මියැදුනු පපුව තුරුලට
    ගද්දි උබ ලග හිටියනම්..
    මැරුණු අම්මගෙ තනේ උරනා
    පොඩි එකා උබ දැක්කනම්..
    තාත්තෙක් ලග සුවට නිදනා
    මැරුණු පොඩි දුව දැක්කනම්..
    ශාපයක් එය ගැලවෙන්න බෑ
    සහරාන් උබ තිරිසනෙක්..
    සැතපෙනව ඇති කන්‍යාවියො ලග
    සැපට දැන් උබෙ යහනතේ..
    ඉපදෙන්න බෑ ආයෙ තොටනම්
    මේ උතුම් පින් භූමියේ..
    නිදිවැදී උබ ඔහෙම හිටපන්
    පය තියන්නට නොමහිතා..
    ආවොතින් යලි බේරන්න බෑ
    උබේ ඔය අල්ලාහ්‍ට වත් යකෝ..
    ඇවිත් බලපන් ආයෙ සැරයක්
    බුදුන් ලග ඇති තොගෙ මහ එකා
    දණ ගසා ජීවිතය යදිමින් ......


    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook