Isnin, 22 April 2019
මොහොමඩ් සහරාන් හෂීම්
මොහොමඩ් සහරාන් හෂීම්
නුඹගේ දෙවියන් නොඅදහන
මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක්
මරාගෙන මැරී යාමට නුඹ සිතුවාද ?
ස්වර්ගයට ගොස්
කන්‍යාවන් දහසය දෙනෙකුගේ
පහස ලබමින්
කිරි සහ මීපැණි බීමට
නුඹ සිතා සිටියේද ?
මධ්‍යකාලීන යුගයේ
ආගමික අන්තවාදීන් විසින්
ඔටු සම් වල ලියූ ප්‍රලාප
ශුද්ධ වූ දේව වාක්‍ය කියා නුඹ සිතුවාද ?
මිනිස් බෝම්බයට බිළිවූ
අහිංසක මිනිසුන් ගේ ලෙයින් තෙත් වී ගිය
රත් පැහැවූ පොළව නුඹ දුටුවේද ?
ඔවුන් ගේ ඥාතීන්
වියෝග දුකින්
නඟනා විළාප
නුඹට නොඇසුනේද ?
Langgan:
Catat Ulasan (Atom)

මෝඩ කාලකන්නියෙක්..ඕකව අපායෙම පැහෙන්න ඕන.
BalasPadam72 vigins, not 16
BalasPadamමේ පුද්ගලයා තාම ජීවතුන් අතර ඉන්නවාද ?
BalasPadamපුතුගෙ මියැදුනු පපුව තුරුලට
BalasPadamගද්දි උබ ලග හිටියනම්..
මැරුණු අම්මගෙ තනේ උරනා
පොඩි එකා උබ දැක්කනම්..
තාත්තෙක් ලග සුවට නිදනා
මැරුණු පොඩි දුව දැක්කනම්..
ශාපයක් එය ගැලවෙන්න බෑ
සහරාන් උබ තිරිසනෙක්..
සැතපෙනව ඇති කන්යාවියො ලග
සැපට දැන් උබෙ යහනතේ..
ඉපදෙන්න බෑ ආයෙ තොටනම්
මේ උතුම් පින් භූමියේ..
නිදිවැදී උබ ඔහෙම හිටපන්
පය තියන්නට නොමහිතා..
ආවොතින් යලි බේරන්න බෑ
උබේ ඔය අල්ලාහ්ට වත් යකෝ..
ඇවිත් බලපන් ආයෙ සැරයක්
බුදුන් ලග ඇති තොගෙ මහ එකා
දණ ගසා ජීවිතය යදිමින් ......