Sabtu, 27 April 2019

බිලි පූජාව


ඒබ්‍රහම් තුල මානසික අසමතුලිතභාවයක් තිබුනේය. ඔහුට කටහඞවල් ඇසුණි. ඔහු සිතුවේ දෙවියන් විසින් ඔහුට නියෝග දෙනවා කියාය. වරක් ඒබ්‍රහම්ට තම දරුවා වූ අයිසෙක් කඳු මුදුනට ගෙන ගොස් බිලිදෙන ලෙසට කට හඞ නියෝග කලේය. මෙම ශ්‍රවණ භ්‍රාන්තිය මත ඒබ්‍රහම් තම කුඩා දරුවා වූ අයිසෙක්ව රැගෙන කඳු මුදුනට ගියේය. කන්ද උඩදී ඒබ්‍රහම් තම දරුවාව බිම හෙලා ඔහුගේ උගුර තියුණු පිහියකින් කපා දැමීමට සූදානම් විය. තම දරුවා කෙරෙහි වූ ඇල්මත් ශ්‍රවණ භ්‍රාන්තිය කෙරෙහි වූ අප්‍රමාණ ගෞරවයත් නිසා ඒබ්‍රහම් ගේ මනසේ ප්‍රගල්භ ඝට්ටනයක් ඇති විය. ඔහු කිහිප වතාවක්ම දරුවා මරා දැමීම සඳහා පිහිය එසවූවද දරුවාගේ මුහුණ දකිත්ම එම බිහිසුණු  ප්‍රයාපනය දියාරු විය. එහෙත් ඔහුට නියෝග දෙන ඔහුව පාළනය කරන බලවේගයට පිටුපෑමට ඒබ්‍රහම්ට නොහැකි විය. මෙම මානසික සංඝට්ටනය නිසා ඔහු ව්‍යාකූල විය. ඒබ්‍රහම් තුල ඩිසෝෂියේටිව් හෙවත් විඝටන තත්වයක් ඇති විය. පියවි සිහියකින් තොරව ඔහු දරුවා අතහැර කන්දේ ඒමේ අත සැරිසරමින් සිටි ඔහුගේ බැටළු රංචුවේ සිටි කුඩා  බැටළු පැටවෙකු අල්ලාගෙන උගේ ගෙල සින්දේය. ඉන්පසු ඔහු අපස්මාරික ගැස්මකට ලක් විය. ඒබ්‍රහම්ට පියවි සිහිය එන විට ඔහුගේ කුඩා පුතු අයිසෙක් නිරුපද්‍රිතව දෑස් යොමා පියා දෙස බලා සිටියේය. ඔවුන් අසල මිය ගිය බැටළු පැටවෙකුගේ මළ සිරුරකි. උගේ ලේ වලින් පස තෙමී තිබුනේය. බැටළු පැටවෙකුගේ ජීවිතය ගෙන තමන් ගේ පුතාගේ ජීවිතය  ජීවිතය බේරා දීම ගැන ඒබ්‍රහම් තමන් වන්දනා කල බලවේගයට මුණින් වැටී ප්‍රණාමය පුද කලේය. 

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ පරිකල්පනික අතික්‍රමණය  කෘතිය ඇසුරෙනි)

4 ulasan:

  1. එක්තරා පිස්ස‌ෙ‌ක්! සහ මෝඩයෝ ගොඩක්

    BalasPadam
  2. ඔබ වැරදියි එතනදී දෙවි පෙන්වා දුන්නේ තමා මිනිසාව ජන්ම පාපයෙන් මුදවා ගැනීමට අනාගතයේ කරන දේ ගැන ඉඟියක් ලබා දීමයි. එනම් අනාගතයේ ජේසුස් වහන්සේ බිලිපූජාවක් කරන බවත් එය දෙවිට කෙතරම් අපහසු දෙයක්ද යන බවත් මිනිසාට තේරුම් කිරීමත් එසේම දේව සැලැස්ම ගැන මිනිසාට විශ්වාසය ඇතිකිරිමත් එහි අරමුනයි.

    BalasPadam
    Balasan
    1. ඔබ හරි . එමෙන්ම දෙවියන් වහන්සේට කීකරැවීමද බලනවා

      Padam
    2. ආ ඔව් හරි. ඒ කියන්නෙ බයිබලේ තියන සුරංගනා කතාවට අනුව, තමන් විසින් ම වරදට පොළඹවා ඉන් පසුව ඒ වරදේ පව් හෝදන්න තව මනුස්සයෙක් හදලා ඒ මනුස්සයාව මරලා දාන එක තමා දේව සැලැස්ම? හරි.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook