Isnin, 25 Mac 2019

ලංකාවේ රෝහල් වල තත්වය


ලංකාවේ රෝහල් වල සෙකුරිටිලා හිතාගෙන ඉන්නේ ඔවුන් ඇටෙන්ඩන්ලා කියාය. ඇටෙන්ඩන්ලා හිතන්නේ තමන් මේල් නර්ස්ලා කියාය. මේල් නර්ස්ලා තමන් එච්.ඕලා කියා සිතති. එච් ඕලා සිතන්නේ තමන් එස්.එච්.ඕ බවයි. එස්.එච්.ඕ තමන් රෙජිස්ට්‍රා කියා සිතයි.  රෙජිස්ට්‍රා තමන් ගැන හිතාගෙන ඉන්නේ තමන් සීනියර්  රෙජිස්ට්‍රා කියාය​. සීනියර්  රෙජිස්ට්‍රා තමන් කන්සල්ටන්ට් කියා සිතයි. . කන්සල්ටන්ට් සිතන්නේ තමන් සෞඛ්‍ය ලේකම් කියාය. සෞඛ්‍ය ලේකම් සිතන්නේ තමන් සෞඛ්‍ය ඇමති ලෙසටය. සෞඛ්‍ය ඇමති තමුන් ජනාධිපති බව සිතයි. ජනාධිපති සිතන්නේ තමන් ග්‍රාමසේවක කියාය.

4 ulasan:

  1. ජනාධිපතිට ගොඩක් වැඩ තියෙනවා. වැලන්ටයින් ඩේ පාලනය කරන්න, ත්‍රිපිටකය මෙව්ව කරන්න, සංගීත වල බ්‍රා ගළවනවද කියල බලන්න, බල්ලන්ට ඇප අරං දෙන්න... ග්‍රාම සේකරට සම කරන්න බෑ එව්වා. කොහොමත් අපේ පැතිවල ග්‍රාමසේකර නං හිතාන ඉන්නෙ තමන් ජනාධිපති කියල තමා.

    BalasPadam
  2. ඔය ඔක්කොම උන් හිතන්නේ උන් තමන්ගේ අම්මගේ අප්පගේ බූදලයෙන් අපිට නොමිලේ ප්‍රතිකාර කරනවා කියලා. ඒක හින්දා උන් රෝගීන්ට සළකන්නේ නිකං බලු ගානට දාලා.. නර්ස්ලා, ඇටෙන්ඩන්ට්ලා හිතන් ඉන්නේ රෝගීන් කියන්නේ උන්ව කන්න ආපු වෛරක්කාරයෝ කොටසක් කියලා.. අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉන්නවා ඔයිට වෙනස් අය.. ඒ බොහෝම කලාතුරකින්..

    ආත්ම ගරුත්වය බින්දුවටම නැති කරගන්න ඕනනම් ප්‍රයිවට් බස් එකකින් ගිහින් ලංකාවේ රජයේ රෝහලකින් ප්‍රතිකාර අරන් එන්න..

    තුච්චයි මුන්ගේ කෙරුවාව... (දොස්තරලා ගැන කතා නොකලේ උන් හොඳ හින්දා නෙමේ ඕන් දොස්තර මහත්තයෝ... :D )

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook