Rabu, 27 Jun 2018

අනගාරික ධර්මපාලතුමා සමරිසියෙක්වීද ?



මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් මෑතකදී අනගාරික ධර්මපාලතුමා සමරිසියෙකු බවට උපකල්පනය කිරීමේ සාධක තිබෙන බවට හෙලි කරමින් පවත්වන ලද කතාවක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි. 

නන්දන වීරරත්න මහතා පෙන්වා දෙන ආකාරයට අනගාරික ධර්මපාලතුමා ගේ ලිංගික ජීවිතය පිලිබඳ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සතුව ලියකියවිලි පවතින අතර තවමත් ඒවා ප්‍රකාශයට පත් කොට නැත​. තවද අනගාරික ධර්මපාලතුමා සහ විමලානන්ද නම් ගිහි සිසුවෙකු අතර ( මේ මහාචාර්‍ය තෙන්නකෝන් විමලානන්ද බව වීරරත්න මහතා ව්‍යංගයෙන් පෙන්වා දෙයි ) සමරිසි ඇසුරක් පැවති බව උපකල්පනය කල හැකි බවද ඔහු පවසයි. 

මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් පවසන මෙම අනුමානයන් සත්‍යද ? 

අනගාරික ධර්මපාලතුමා (ගිහි නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ ) උපත ලබන්නේ 1864 වසරේදීය​. උප්පත්තියේදීම ඩේවිඩ් හේවාවිතාරණ ගේ පාදයේ ආබාධයක් තිබීම නිසා ඔහු තමන් ශාරීරික වශයෙන් දුර්වලයෙකු බව සිතයි. මූලිකවම  තමන්ට දාව ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව සිතීම නිසා  ඔහු බ‍්‍රහ්මචාරී වෘතයට අනුගත වෙයි. මේ පිලිබඳව අනගාරික ධර්මපාලතුමා තම දිනපොතේ ද සඳහන් කොට ඇත​. 

ඉන්දියාවේ වාසය කල සමයේදී උඩකැන්දවල ශ්‍රී සරණංකර  හිමියන් මෙන්ම අනෙකුත් භික්‍ෂූන් විසින් අනගාරික ධර්මපාලතුමා ගේ  ඇතැම් හැසිරීම් රටාවන් විවේචනයට බඳුන් කරන ලදි. සමහරෙකු විසින් ධර්මපාලතුමා විමලානන්ද නම් සිසුවාට  අනවශ්‍ය ලෙසින් නිදහස ලබා දුන් බවට චෝදනාද තිබේ. විමලානන්ද නම් සිසුවා කරන වැරදි වලදී ධර්මපාලතුමා නිසොල්මන්ව සිටි අවස්ථාද ඔවුන් සඳහන් කරති. එහෙත් අනගාරික ධර්මපාලතුමා ගේ දිනපොතක විමලානන්ද නම් සිසුවා මුරණ්ඩු අයෙකු බවටද සඳහනක් තිබේ. 

අනගාරික ධර්මපාලතුමාට  හිනිඳුම වත්තේ කොන්දොස්තර වූ ලුවිස් සමග ඉතා කිට්ටු සබඳතාවක් තිබ්බේය​. ලුවිස් විවාහකයෙකු වූ අතර ඔහුට දරු පවුල විශාල නොකරගන්නා ලෙසට ධර්මපාලතුමා අවවාද දෙයි. එසේම හොනලූලූ නගරයේ ෆෝස්ටර් මහත්මිය සහ ධර්මපාලතුමා අතර ඉතා ලඟ මිත්‍රත්වයක් තිබුනේය​. ෆෝස්ටර් මහත්මිය ධර්මපාලතුමා ගේ බුද්ධගයා ව්‍යාපාරයට මුදලින් ද ආධාර දුන්නාය​. ෆෝස්ටර් මහත්මිය තමන්ට මවක් මෙන් වූ බවට ධර්මපාලතුමා සඳහන් කරයි. මේ සබඳතා හුදු උණුසුම් මානවීය සබඳතා බව පෙනී යයි. 

ඉංග්‍රීසි යටත් විජිත පාලකයෝ අනගාරික ධර්මපාලතුමාට  කැමැත්තක් දැක්වූයේ නැත​. ඔවුන් විසින් නිරන්තරයෙන්ම එතුමාගේ වියාපාරයන්ට බාධා එල්ල කරන ලදි. තවද අමධ්‍යප සංගමයේ ක්‍රියාකාරකම් මෙන්ම  1915 සිංහල මුස්ලිම් කෝලාහලය නිසාද ඉංග්‍රීසී පාලකයන් සිංහල බෞද්ධ ප්‍රභූන් කෙරෙහි බැළුවේ සැක සහිතවය​. එසේම හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට යටත් විජිත පාලකයෝ ක්‍රියා කළහ​. 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේදී අනගාරික ධර්මපාලතුමාට ලංකාවට ඒම පවා තහනම් කරන ලදි. යම් ලෙසකින් නන්දන වීරරත්න මහතා පවසන අන්දමට අනගාරික ධර්මපාලතුමා ගේ  සමරිසි සබඳතාවන් පිලිබඳව බ්‍රිතාන්‍ය ඔත්තු සේවය දැන සිටියා නම් ඔවුන් එය අනගාරික ධර්මපාලතුමාට එරෙහිව භාවිතා නොකලේ මන්ද  යන සැකය මෙහිදී මතුවේ. මේ සමයේදී එංගලන්තයේ සමරිසි නීති ඉතා තද කාලයක් විය​. ඔස්කා වයිල්ඩ් වැනි පුද්ගලයෝ පවා වික්ටෝ‍රියානු ප්‍රති සමරිසි නීති හමුවේ සිරගත වූහ​. මේ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ධර්මපාලතුමා සම්බන්ධයෙන් ඔප්පු කල හැකි සාධක තිබුනේ නම් ඔවුන් ධර්මපාලතුමාට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට දෙවරක් සිතන්නේ නැත​. එමගින් ඔවුන්ට ධර්මපාලතුමා සිරගත කිරීමට මෙන්ම ජනප්‍රිය නායකයෙකු ලෙස ඔහු සතුව තිබූ කීර්තියටද ඉන් පහර දීමටද හැකියාව තිබුණි. නමුත් අනගාරික ධර්මපාලතුමාට සමරිසි චෝදනා ගොනු වූයේ නැත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

13 ulasan:

  1. මම ඔය දේශනේ බැලුවා ඹම හිතන්නනේ සර්පයගෙ පොතක් එලි දැක්වීමේ උත්සවයකදී
    නියම කතාවක් ඒක

    BalasPadam
  2. 1. මා දැනට කල්පිතයක් ගොඩ නගා ගෙන තිබෙන බව කීප තැනක කියා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දූෂිත ම වෘත්තීන් තුන දේශපාලනඥ, මාධ්‍යකරුවන් සහ මහාචාර්ය යනුවෙන්. ඒ කල්පිතය තහවුරු කරන්න ඇවැසි තවත් සාක්ෂයයක් සැපසු නන්දන වීරරත්න නම් මාධ්‍යකරුට තුති.
    2. මහත්මා ගාන්ධිට විරුද්ධවත් මෙවන් ලිංගික කරුණු මුල් කර අමුතු චෝදනා තියෙනවා. ඒත් ගාන්ධිගේ සේවයෙන් .1%ක්වත් සමාජයට සේවය නො කළ අය මේ චෝදනා කරන නිසා ඒවා ගණන් ගත යුතු නෑ. ධර්මපාලගේ සේවයෙන් ද අංශුමාත්‍රයක්වත් සමාජයට නොකළ අය ගැන කුමන කතා ද?
    3. ඉන්දියාවේ දඹදිව සංචාරයේ යෙදෙන විට තේරෙනවා, අනගාරික ධර්මපාලතුමා කර තිබෙන සේවයේ මහිමය. ඒ සේවය කෙතරම් ද යත් ඉන්දීය උගතුන්-මහාචාර්යවරුන්ගෙන් (ලංකාවේ මෙන් දේශපාලනඥයන්ට කඩේ ගොස් පීචන් නො වූ මහාචාර්යවරුන්) ද එතුමාට ගෙෘරවය ලැබී තිබෙනවා. මහාචාර්යවරයකු ලියූ පොතක් ද එතුමාට පිළිගන්වලා තියෙනවා.

    BalasPadam
    Balasan
    1. 1000% එකගයි. රටට ලෝකෙට වැඩ කරපු මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය අල්ලාගෙන මඩ ගහන එව්වෝ කරන එකම සේවය උන් තාමත් ජීවත් වෙන්නේ වික්ටෝරියානු යුගයේ බව පිලිගැනීම විතරයි. දම්පල් තුමා සමරිසියෙක් යැයි හිතමු. ඉතින් මොකද? එය මානසික රෝගයක් හෝ අපරාදයක් හෝ වැරැද්දක් ද?

      Padam
    2. ++++++++++++++++++++++++

      Padam
    3. +++++++++++++++++++++++++++

      Padam
  3. මට ධර්මපාල තුමා ගැන පොඩි ගැටළුවක් තියෙනවා.
    පියදාස සිරිසේන මහත්තයාගේ පොතක (පොතේ නම "යන්තම් ගැලවුනා" විය යුතුයි)මෙහෙම තියෙනවා.
    එක තරුණයෙක්ගේ පෙම්වතිය ඔහු අතහැර වෙනත් ධනවත් තරුණයෙක් සමඟ එක්වෙනවා.
    එහිදී එම තරුණයා ඔහුගේ මවට මෙහෙම කියනවා.
    අම්මේ මට ගෑණු එපා වුනා මම දැන් බ්‍රහ්මචාරී අනගාරික ජීවිතයක් ගතකරන්න තීරනය කලා
    මව කියනවා
    පුතේ උඔට මහන වෙන්න ඕනෑ නම් උඔ සිල්වත් ගුරු හාමුදුරු කෙනෙක් ලඟ මහන වෙයන්.
    නැතුව ඔය බ්‍රහ්මචාරී අනගාරික වැනි අළුත් නාඩගම් කරන්න එපා.

    පියදාස සිරිසේන මේ කියන්නේ මොකක් ගැනද?
    පියදාස සිරිසේන සහ ධර්මපාල හෝ වලිසිංහ හරිස්චන්ද්‍ර අතර ගැටුමක් තිබුනද?

    BalasPadam
    Balasan
    1. පියදාස සිරිසේන කියන නම දුන්නෙත් ධර්මපාලතුමා

      Padam
  4. ඩොක්ටර්,

    තෙමෙන්ට වාසියක් තියනවානම් ඕනෑම පුද්ගලයකුට මඩ ගැසීමට ඔය උගතුන් පසුබට වෙන්නේ නෑ.

    //මූලිකවම තමන්ට දාව ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව සිතීම නිසා ඔහු බ‍්‍රහ්මචාරී වෘතයට අනුගත වෙයි. මේ පිලිබඳව අනගාරික ධර්මපාලතුමා තම දිනපොතේ ද සඳහන් කොට ඇත​//

    මෙහෙම අදහසක් නෙමෙයි එතුමාගේ දිනපොතේ තියෙන්නේ (එතුමාගේ දිනපොත, පොතක් ලෙස මුද්‍රණ වී තියනවා ) අනගාරික ධර්මපාල තුමාට තරුණ කාලයේ පැවිදි වීමට නොහැකි වෙන්නේ ඔහුගේ පාදයේ ආබාදයක් (නියම ලෙස උපසම්පදාව ලබාදීමට ශරීරයේ විකුර්ති නොතිබිය යුතු ලෙස විනය නීතියක් තියනවා )


    //යම් ලෙසකින් නන්දන වීරරත්න මහතා පවසන අන්දමට අනගාරික ධර්මපාලතුමා ගේ සමරිසි සබඳතාවන් පිලිබඳව බ්‍රිතාන්‍ය ඔත්තු සේවය දැන සිටියා නම් ඔවුන් එය අනගාරික ධර්මපාලතුමාට එරෙහිව භාවිතා නොකලේ මන්ද යන සැකය මෙහිදී මතුවේ.//

    ඔව් ඔහු මීට ගෑවිලාවත් තියනවනම් සුද්දෝ ඔහුට මඩ ගහන්න විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ බුද්ධාගම තුල සිදුවූ පුනරුදය විනාශ කිරීමට මිට වඩා හොද අවියක් නෑ .

    අනගාරික ධර්මපාලතුමා කියන්නේ මහා ධන කුවේර පවුලක වැඩිමල් පුත්‍රයා ඔහුගේ සියලු වත්කම් යෙදවුනේ බුද්ධාගම නගාසිටවිමටයි, ඉන්දියාවේ ගිය කෙනෙක් කියයි ඔහු කරලා තියන සේවය.

    BalasPadam
  5. ANAGARIKAYANGE siwura asse kollo innawa
    balapitiya patte cas eekak mathak una
    e yaka mantree kenek
    kola siwura aragena gihin waliyak da gena
    mekata adinna siwurak na

    BalasPadam
  6. මා නම් සිතන්නේ එතුමාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.සමාජයට කරපු සේවය පමණයි වැදගත්.

    BalasPadam
    Balasan
    1. එකඟයි. කරපු හොඳ දේට හොඳයි කියමු, නරක දෙයක් කළා නම් නරකයි කියමු. පුද්ගලික ජීවිතේ අපට අදාළ නැහැ.

      මේක දේශපාලනයෙන් තොර ලියමනක් වුනත්, දේශපාලකයින්ට මඩ ගැසීමට වුනත් පුද්ගලික දේ යොදාගැනීම වැරදියි.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook