Sabtu, 16 Jun 2018

ඉරිසියාව මත මරා දැමූ වෛද්‍ය සිසුවා


1993 වසරේදී කටුගස්තොට ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවේය​. එහෙත් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම සතුට විඳ ගැනීමට වරම් නොවීය​. මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූ නිසා ඉරිසියාවෙන් පෙළුණු අසල්වැසියන් මෙම සිසුවා ඝාතනය කොට මළ සිරුර ලිඳට දැමූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දිවි නසා ගැනීමක් කියා පෙන්වීමටය​. 

මෙම සිසුවාගේ පියා රියැදුරෙකු විය​. ඔහු අධ්‍යාපනය ලැබුවේ ඉතා අසීරුවෙනි. එහෙත් සියළු බාධක මැඞ ඔහු උසස් පෙළ සමත් විය​. පවුලේ සාමාජිකයෝ ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ​. එහෙත් ඔවුන් වෙත මහා විපත්තියක් එලැඹෙන බව කිසිවෙකු දැන සිටියේ නැත​. 
ඔහුව ඝාතනය කරන ලද පුද්ගලයන් පිටස්තරයන් නොවීය. ​ඔවුන් සහ මෙම සිසුවා අතර ඥාතී සබඳතාවන්ද තිබුනේය​. එහෙත් ග්‍රාමීය පළාත් වල තිබෙනෙ ඉරිසියාව සහ කුහක කම් ඉතා බලවත්‍ ය​. මෙකී සිසුවා සරසවියට ගොස් වෛද්‍යවරයෙකු වී පැමිනීම ඔවුනට දරා ගත නොහැකි වූහ​. මේ නිසා ඔවුන් කුමන්ත්‍රණය කොට ඔහුව මරා දමන ලදි.  මුලින්ම මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස තීන්දු වී දේහය භූමිදානය කරන ලදි. එහෙත් සැක මතු වීම නිසා අධිකරණ නියෝගයක් මගින් දේහය ගොඩ ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොලඹ ෆ්‍රැන්සිස් පාරේ වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලදි. 

මෙම ඝාතනය සිදු වූ කාලයේ මා සිටියේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳව පුහුණුවක් ලබමිනි. මෙම සිසුවාගේ දේහය ගෙන එන ලද්දේ මිනී පෙට්ටිය සමගය​. එය පොලිතීන් වලින් ඔතා තිබුනේය​. පොලිතීන් වලින් ඔතන ලද පස් තැවරී තිබූ මිනී පෙට්ටිය කම්කරුවන් විසින්  විවෘත කරන ලදි. එම අවස්ථාවේදී මමද එතැන සිටියෙමි. මුලින්ම වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා මෘත ශරීරය බාහිරින් නිරීක්‍ෂණය කරන ලදි.  සිසුවාට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කෝට් එකකි. ඔහුගේ සුදු කමිසය අත්වැසුම් සහ දෙපා වලට දමා තිබූ සුදු මේස් මාගේ අවධානයට යොමු විය​. මෘත ශරීරයේ දකුණු පස කම්මුලේ සුදු පැහැති දිලීර  විශේෂයක් බැඳී තිබුණි. දේහය පොළව යට තිබූ නිසා මෘත ශරීරයේ දිලීර  බැඳෙන්නට ඇත​. දේහය ගොඩ ගන්නා ලද්දේ මිහිදන් කොට සති හයක් හෝ අටක් ගතවූ පසුව වූවද මිනිය කුණුවී තිබුනේ නැත​. එම්බාම් කිරීමේදී යෙදූ ෆෝමලීන් නිසා දේහය ආරක්‍ෂා වන්නට ඇත​. 

වෛද්‍ය ලලන්ත ද අල්විස් මහතා පිටත රැඳී සිටි සිසුවාගේ ඥාතීන් දෙදෙනෙකුට එන්නට කියා පණිවිඩයක් යැවීය​. මුලින්ම ඥාතීන් විසින් වෛද්‍ය අධිකරණ අංශයට ගෙන එන ලද 
දේහය හඳුනා ගත යුතුය​. සිසුවාගේ මාමා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පැමිණ දේහය හඳුනා ගන්නා ලදි. මළ සිරුර දැක ඔවුන් හඞා වැළපේ කියා මා සිතුවද ඔවුන් කිසිදු චිත්තාවේගී ප්‍රතික්‍රියාවකින් තොරව මළ සිරුර දෙස මොහොතක් බලාගෙන සිට එය තම ඥාතියාගේ බව තහවුරු කළහ​. ඉන්පසු කම්කරුවෙකු විසින් ඔවුන් දෙදෙනාව මිනී කාමරයෙන් පිටතට ගෙන යන ලදි. ඔවුන් නික්ම යාමෙන් පසුව වෛද්‍ය අල්විස් දේහය මිනී පෙට්ටියෙන් ඉවතට ගෙන වෝභාර පරීක්‍ෂණය ආරම්භ කලේය. 

මෙම සිසුවා ගැන මතක් වන විට මට තවමත් සංවේගයක් දැනේ. මෙම විපත සිදු නොවූයේ නම් මේ වන විට වෛද්‍යවරයෙකු වී ඔහු රෝහලක සේවය කරනවා විය යුතුය​. එසේම ආර්ථික වශයෙන් තම පවුලට උපකාර කරනු නියතය​. එහෙත් සියළු සිහිනයන් බොඳ විය​. ඉරිසියාව පෙරදැරි කරගත් කුහකයින් විසින් ඔහුගේ තරුණ ජීවිතය සොරා ගන්නා ලදි. සිසුවා මරා දමා ඔහුගේ අනාගතය විනාශ කිරීමෙන් ඔවුන් තාවකාලික සතුටක් ලබන්නට ඇත​. නීතිය ඔවුනට එදිරිව ක්‍රියාත්මක වූවාද කියා මම නොදනිමි. එහෙත් අනිවාර්‍යෙන් ස්වභාව ධර්මයේ නීතිය ඔවුන් මත පතිත වන්නට ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

18 ulasan:

  1. ඔප්පු වුනාද ඒගොල්ලො තමා කෙරුවෙ කියලා ....??

    BalasPadam
    Balasan
    1. ඒ ගැන නොදනිමි

      Padam
    2. එහෙනම් කොහොමද මෙහෙම ස්තීරෙටම ලියන්නේ ඩොක්ටර්? ඔය කෙලින්ම චෝදනාව ඔවුන්ට දාලනෙ ලියලා තියෙන්නේ...

      Padam
    3. අති වැදගත් ප්‍රශ්නයක්!
      මෙය සිය දිවි හානිකර ගැනීමක් නොව මිනීමැරුමක් බව ඔප්පු වුනාද, මරණ පරීක්‍ෂණයෙන්?

      Padam
    4. අධිකරණ ක්‍රියාදාමයන් ගෙන් පසු දුන් දඞුවම් පිලිබඳ මතක නැත

      Padam
  2. marala thibbe monawa karala doctor

    BalasPadam
    Balasan
    1. මම හිතන්නේ බෙල්ල මිරිකලා

      Padam
  3. අනිවාර්යයෙන් සොබාදහමේ නීතිය ඔවුන් මත පතිතවනු ඇත.එසේම මෙවන් ගති ඇතිවුන් බොහෝ මෙසිරිලක ඇත !

    BalasPadam
    Balasan
    1. ස්වභාව ධර්මයේ නීතියටවත් අපේ එවුන් බය නෑ

      Padam
  4. මේ සිද්ධිය ඉතා හොඳින් මා හට මතක ඇත්තේ, මිය ගිය සිසුවාත්, මමත් එකම කණ්ඩායමේ සාමජිකයින් වූ බැවිනි. ඔහු විශ්ව විද්‍යාලයට පැමිණියේ, දින 3 හෝ 4 කි. එබැවින් ඔහු මුණ ගැසුනා දැයි නිශ්චිත මතකයක් නැත. නමුත් ඔහුගේ අවසන් කටයුතු වලටත්, ඉන් පසු වසරක් පාසා, දාණමය කටයුතු වලටත් අප කණ්ඩායමේ සිසුන් දිගටම සහභාගී උනා.
    මෙම මිනීමැරුම ඊර්ශ්‍යාව නිසා ඔවුන්ගේ ලඟම ඥාතීන් විසින් කරන ලද බවටයි දැන ගැනීමට ලැබුනේ.

    BalasPadam
    Balasan
    1. ඔහුගේ නම ඔබට මතකද ?

      Padam
    2. උදයජීව. වාසගම නම් මතක නෑ.

      Padam
  5. මෙලෙසම මොරටුව වි.වි. ඉංජිනේරු සිසුවෙක්ව 1992 දී කිරමේදී (හම්බන්තොට දිස්ත්‍රික්කය) ඝාතනය කරනු ලැබුවා. මෙම ඝාතනයටද හුදු ඉරිසියාව හැර වෙනත් හේතුවක් තිබී නැහැ. මේ සිසුවාගේ අයියා (රියදුරෙක්) මා සමග එකට ඇඹිලිපිටියේ වැඩ කලා. ඔහුගේ මවද මා මුන ගැසී තිබුණා. ලංකාවේ ජීවත් වෙන්න ගම් සුදුසු නැහැ. නාගරිකව නම් මේ තත්වය දකින්නට නැහැ.

    BalasPadam
  6. රුසියාවේ හෝ වෙනත් විදේශ රටක අධ්‍යාපනයට ගොස් සිට නිවාඩුවකට ආ සිසුවෙකුත් ඝාතනය වුනා නේද?

    BalasPadam
  7. මම අහලතියන විද්හට ප්‍රසිඩ්ඩ නඩුවක් , "තිස්මඩ මිනීමෑරුම" එකත් මෙවගෙ case ekkek.

    BalasPadam
  8. http://www.sundaytimes.lk/070902/KandyTimes/kandytimes_000002.html

    Undergrad’s killing: 3 sentenced to death

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook