Ahad, 25 Mac 2018

දෙහි ගෙඩි තුනයි, අමුමිරිස් කරල් තුනයි බෆර් එකේ ; ගුප්ත විද්‍යා මගින් පිහිට අයදීම


ලංකා උගත් වෘත්තිකයන් වූවද අලුත් වාහනයක් මිලදී ගත් විට දෙහි ගෙඩි තුනයි, අමුමිරිස් කරල් තුනයි බෆර් එකේ යට එල්ලගෙන සිටිති. මින් වාහනයට සහ තමන්ට ආරක්‍ෂාවක් ලැබේ කියා ඔවුන් සිතති. ඇමරිකාවේ , කැනඩාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකිකයන් මෙසේ තමන් ගේ වාහන වල දෙහි ගෙඩි සහ අමු මිරිස් බෆර් එකේ යට එල්ලගෙන සිටින්නේ නැත​. මේ සඳහා හේතුව කුමක්ද ?

ශ්‍රී ලංකාවේ පාරවල් වල වාහන එලවීම පිළිබඳව කිසිදු ආරක්‍ෂක සහතිකයක් නැත​. වංගුවකදී පුද්ගලික බසයක් එක වරම ඔබ ගේ රථය ඉදිරියට ආ හැකිය​. කොයි මොහොතේ ත්‍රී වීල් එකක් හෝ මෝටසයිකලයක් සයිඩ් පාරක සිට ඔබගේ වාහනය ඉදිරියේ ප්‍රාර්භූත විය හැක​. මෙවැනි විපරීතයන් සඳහා කිසිදු විද්‍යාවකින් පිහිටක් නොලැබේ. මේ නිසා ලාංකිකයා ගුප්ත විද්‍යා වලින් පිහිට අයදිති. මේ නිසා ලංකාවේ උගත් වෘත්තිකයෙකු වූවද  තමන් ගේ වාහන වල දෙහි ගෙඩි සහ අමුමිරිස් බෆර් එකේ යට එල්ලගෙන සිටීම පිලිබඳව පුදුම නොවන්න.

ලොව සුප්‍රකට වාහන නිර්මාපකයන් ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂිත එයා බෑග් ආදිය නිර්මාණය කොට තිබෙන්නේ ආර්ථිකමය සමාජමය සහ ආකල්පමය අතින් සංවර්ධනය වූ සංයමයකින් සහ විනයකින් යුතුව  වාහන ධාවනය කරන රටවල රථ ධාවනය සලකමිනි. එහෙත් මේ ආරක්‍ෂිත ක්‍රම අන්ධභූත රටක් වන ලංකාවේ වාහන ධාවනයේදී වලංගු නැත​. මේ නිසා ලාංකිකයාට ආවේනික ආරක්‍ෂිත ක්‍රම උත්පාදනය විය​.  දෙහි ගෙඩි සහ අමුමිරිස් ආරක්‍ෂාව ලංකාවේ රිය ධාවනය කරන්නන් සඳහා පම​ණි

26 ulasan:

  1. ශ්‍රී ලංකාවේ සෞඛ්ය ඇමති ගෙන් ඇහුවම "ඇයි ඔබතුමා ලංකාවෙන් ප්‍රතිකාර නොගෙන සිංගප්පුරුවට ගියේ කියල ?" ඔහුගේ පිළිතුර උනේ "ලංකාවේ විවිද තැන්වල කොඩිවින කරනවා එකෙන් බේරෙන්න සිංගප්පුරුවට ගියා " මෙහෙම කිව්වේ තවත් වෛද්යවරයෙක් වන රටේ සෞඛ්ය ඇමති!

    BalasPadam
  2. වෛද්‍ය රැවන් ජයතුංග මහතා, මා කුඩා කල සිට ඔබගේ ලිපි කියවනවා. විශේෂයෙන්ම විද්‍යාත්මක ලිපි. ඔබ කියන්නා වගේ ලංකාව ආර්ථිකමය, සමාජමය, හා ආකල්පමය අතින් අවසංවර්තධිත අන්ධභුත රටක්.ලංකාවේ වාහන කෙසේ වෙතත් පාර පනිනවා කියන එකත් අභියෝගයක්.අපි වගේ මේ මජර දේශපාලනය පිලිකුල් කරන බොහෝමයක් රට ගැන ඇත්තටම කම්පා වෙනවා. ඇත්තටම රටට රටේ මිනිස්සුන්ට ආදරය කරනවා. ඒත් අපට තියෙන ප්‍රශ්නෙ ඕනෑම ජන සමාජයකට පාර පෙන්විය යුතු පෙරගමන් කරැවන් විය යුතු බහුතරයක් ඔබලා වැනි වෘත්තිකයන් කවර හෝ හේතුවකට පිටරටවලට සංක්‍රමනය වෙලා මෙවැනි සමාජ මාධ්‍ය ජාලවලින් රට විවේචනය කරමින් සිටින්නනේ ඇයිද යන්නයි. ඔබලාගේ දැනුම, ශක්තිය, අවබෝධය හා අත්දැකීම් මේ රට වඩා යහපත් තැනක් බවට පත්කර ගැනීමට පොදු ජනයාට අවශ්‍ය දැනුම හා ශක්‍යතා ලබා දෙනුවස් භාවිතා කරන්න. ඔහොම නොකර මෙහෙම කරලා බලමු, එහෙම කරන්න, එහෙම කලොත් මෙහෙම වෙනවා, අහුවල් රට නැත්නම් ජන කන්ඩායම මෙන්න මේ දේ මෙහෙම කරලා වඩා යහපත් ප්‍රතිඵල ලබා ගත්තා වැනි ප්‍රවේශයකින් දැනුම හුවමාරු කර ගැනීමට මේ සමාජ ජාල භාවිතා කරන්න. එහෙම නොවුනොත් අපට සදා දේශපාලකයින්ට බැන බැන ඉන්න පුළුවන් වේවි. කවුරු මොන විවේචන කලත් මේ අපේ රට. අපේ මුල් තියෙන්නේ මෙහේ.

    BalasPadam
    Balasan
    1. වසර 16 පුරා උත්සහ ගත්තෙමි. එලක් නොවීය​. ඒ නිසා අපගේ අදහස් පිලි ගන්නා රටකට ආවෙමි

      Padam
  3. අදම එල්ලන්ට ඕන

    BalasPadam
  4. අන්නේකයි. ලංකාවෙ පාරවල්වල වාහන 'එ‍ලෝන' හැටි දන්නෙ දෙයියොම තමයි.

    BalasPadam
  5. ඕනෑම රටක හොඳ රියදුරන් මෙන්ම නරක රියදුරන්ද සිටිති. ලංකාව දෙසම බලාගෙන, රටවල්වල සිටින බොහෝ දෙනාට මේ වගේ ප්‍රශ්න ඇත. ඒවා සාධාරණ බවක් පෙනුනත් ඒවා සියල්ල සාපේක්ෂය. දියුණුයි කියාගෙන ඉන්න රටවල්වල පොෂ් මන්තරකාරියන් සිටිති. ඒවා එක එක මානසික අවශ්‍යතාවයන්ය. ලංකාවේ කියා අමුත්තක් මට නොපෙනේ. මාසෙකට දෙකකට ඉන්දියාවේ සිට ආවොත් ලෙඩේ ගොඩක් දුරට අඩුවනු ඇත.

    ස්තුතියි

    BalasPadam
  6. හැම දෙයටම කේන්දර බලති. හොඳ වෙලාවල් බලති. පත්තරේ මංගල දැන්වීම් වල "බොදු ගොවි", "කරාව" වැනි බහු බූත පළ කරමින් කුල මල වලට බෙදෙමින් උගත් නූගත් භේදයකින් තොරව තාමත් ගල් යුගයේ වෙසෙන ලංකාවේ සිංහල බෞද්ධයා...

    BalasPadam
  7. මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය බිඳුනම, මිත්‍යා විශ්වාස පස්සෙ දුවනවා... ඔය විතරක්යෑ, වාහනේ ඇතුල දේවාලයක්, පන්සලක්, පල්ලියක් වගේ තියන වාහනත් තියනවා. පත පිළිමයක්, සුරුවමක් තියලා ඒවට මල් තියලා, සල්ලි තියලා, හඳුන්කූරු පත්තු කරණ අයත් ඉන්නවා.. උන්ට නිකන්වත් හිතෙන්නෑ හඳුන් කූරට පත්තු කරණ ගින්දරෙන් වාහනේ පෙට්‍රල් වලට ගිණි ඇවිලීමේ හැකියාවක් තියෙන්න පුළුවන් කියලා..

    උඩ පින්තූරෙ බලපුවමනම් හිතෙන්නේ මේවා ලංකාවට විතරක් සීමා වුන ලෙඩ නෙමේ කියලා...

    BalasPadam
    Balasan
    1. මිනිස්සුන්ගෙ ආත්ම විශ්වාසය බිඳුනම, මිත්‍යා විශ්වාස පස්සෙ දුවනවා..+++++++

      Padam
  8. සහතික ඇත්ත

    BalasPadam
  9. එතකොට බෙන්ස් කොම්පැණියේ flagship model එක වුනු S600 මෝටර් රථයක් 'දරුණු' අනතුරකට ලක්වීමෙන් එංගලන්තයේ ඩයනා කුමරිය මිය ගියේ 'ආර්ථිකමය සමාජමය සහ ආකල්පමය අතින් සංවර්ධනය වූ සංයමයකින් සහ විනයකින් යුතුව වාහන ධාවනය කරන රටක් වන ප්‍රංශයේදී බව මතකද. ඒ ඇක්සිඩන්ට් එකේදී 'ආරක්‍ෂිත එයා බෑග් ආදිය' වැඩ කළාද. නැත. සමහරවිට දෙහි මිරිස් ටිකක් එල්ලලා තිබ්බ නං ඇක්සිඩන්ට් නොවෙන්නත් තිබ්බ වෙන්න ඇති. කවුද දන්නේ.

    //ශ්‍රී ලංකාවේ පාරවල් වල වාහන එලවීම පිළිබඳව කිසිදු ආරක්‍ෂක සහතිකයක් නැත//. එසේම ඔබ නොදන්නවා ලෙස පෙන්නුවාට ලෝකයේ වෙනත් කිසිම රටක (කැනඩාවේ හැර ?) වුනත් පාරවල් වල වාහන එලවීම පිළිබඳව කිසිදු ආරක්‍ෂක සහතිකයක් නැත. ඔබ සිටිනා කැනඩාව ගැන නං මම දන්නේ නැත.

    ඔබ කියනා ලෙස 'අන්ධභූත රටක් වන ලංකාවේ' දෙහි මිරිස් සීන් එකෙන් ආරක්ෂාවක් නොලැබෙනවා කියා කීමට ඔබට ඇති සාධක දැනගන්නටත් බොහොම කැමැතිය.

    ලාංකිකයා සමග ඔබටත් ඇරියස් තිබෙන බව පෙනේ

    BalasPadam
    Balasan
    1. ලාංකිකයා සමග ඔබටත් ඇරියස් තිබෙන බව පෙනේ////////// ලාංකිකයා සමග ඇරියස් නැත​. ඇරියස් තිබෙන්නේ ගොං ලාංකිකයා සමගය

      Padam
    2. සීගිරියේ කැනීම් වලදී තඹ කම්බි හමු නොවුනේ ඒ කාලයේත් ජංගම දුරකථන තිබුන නිසා. (වර්ගපුර්නිකාව)
      නියමයි කැලුම්.

      Padam
  10. ඇත්ත තමයි.මම හිතන්නේ අපේ මේ දේවල් වෙනසකට සමාජයට විනය උවමනායි.බණ කියලානම් හදන්න බෑ.වෙනස් දෙයක් කියනවානම්,මගේ බංගලාදේශ මිතුරෙක්,ඔහු හිංදු.තැන්පත් බව උපරිමයි.ටික කලකට පෙර මා ජීවත් වු ඉංග්‍රීසි කතා කරන රටට ආවේ ආචාර්ය උපාධියට.බංගලි රටේ ජීවන අරගලය,කාලගුණ ප්‍රශ්ණ ඒ ලෙසම අද අපි විඳිනවා.අපි සංවර්ධනය වෙනවා හැබැයි පසුපසට.ලංකාව කාපු ප්‍රධාන පුද්ගලයා දේශපාලකයා.බන්ගලාදේශයත් මෙලෙසමයිලු.අපි බලන්නේ අපි ගැන.මම,මගේ පවුල ආදිය....අපිට රට වැඩක් නෑ.මොකද සැමවිට ලැබෙන්නේ කටුක අත්දැකීම්.අහන්නේ බයිලා.ඉතිං නොපෙනෙන,කවදාවත් හමුනොවෙන කෙනෙක්ගෙන්වත් පිහිටක් පතමු.
    ප.ලි: ලංකාවේ නිශ්පාදිත නවතම වොක්ස්වාගන් කාරය ඒ බී එස්,බීඒ,ඇම් ඒ,ඇම් බී බී ඇස් සහ දෙහි අමු මිරිස් ආරක්ෂාවෙන් සමන්විතයි.නමට යටින් අකුරු වැලක් අපිට ඕනෑමයි.ගූගල් බැලුන් රොකට් ස්පීඩ් ඉන්ටර්නෙට් තුලින් වැඩි විස්තර බලන්න.

    BalasPadam
  11. ඒ අනුව ගත් කල තමන්ගේ ආරක්ෂාව සඳහා බෙල්ලේ ඕවා එල්ලා ගැනීම නුවණට හුරුයි නේද වෛද්‍යය තුමනි?

    BalasPadam
  12. ලන්කාවෙ පාවිච්චි කරන තාර මිශ්‍රණයේ ආම්ලිකතාවය අඩුයි. අනිත් එක මිරිස්වලින් පිටවෙන සැර විශ්ව සක්තිය හා මිශ්‍රව අවශ්යවෙලාවට ඝර්ශනය ඇති කරනවා. රාවණා කාලයේ දී තාක්ශනය තිබුනා තනිකරම මාලු මිරිස්වලින් ටයර් හදලා දෙහි ඝනකරලා පාර කාපට් කරන්න.

    හරියටම එල්ලනවනම් දෙහි මිරිස් ලූනු හා උම්බලකඩයක් එල්ලලා ජීවම් කරපු ලුණුකුඩු ටි කක් ඉහින්න ඕනෙ

    BalasPadam
  13. ලංකාවට පැමිණි මගේ විදේශික මිතුරෙක් ද වරෙක මේ ගැන මගෙන් විමසුවා .

    BalasPadam
  14. //ශ්‍රී ලංකාවේ පාරවල් වල වාහන එලවීම පිළිබඳව කිසිදු ආරක්‍ෂක සහතිකයක් නැත​// පිළිතුර ඔබම දී තිබෙනවා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook