සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මට රාජකාරිමය වශයෙන් කිහිප වතාවක් හමුවී තිබේ. ඉතා නිහතමානී පුද්ගලයෙකු වූ එතුමා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයාගේ සිට සාමාන්‍ය රෝහල් කම්කරුවා දක්වා තරාතිරමක පුද්ගලයෙකුගේ දුක් ගැනවිලි වලට සවන් දී ඔවුන්ට සහනය ලබා දුන්නේය. එසේම ඕනෑම අවස්ථාවක එතුමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම අපහසු නොවීය. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු බොහෝ ජේෂ්ඨ නිලධාරීන් තුල තිබූ බොරු රාජ ඌෂ්ණය එතුමා තුල නොවීය. නිතරම මුවේ සිනහවකින් සිටි එතුමා රෝහල් වල උද්ගත වන ගැටළු වලදී මැදිහත්ව එම ගැටළු ඉතා ප්‍රශස්ථ ලෙස විසඳීය. එසේම අවශ්‍ය ඕනෑම අවශ්‍යතාවයකදී ඈත රෝහල් වලට ගොස් විසඳුම් ලබා දුන්නේය.
මෙලෙස ලංකාවේ සෞඛ්‍ය අංශයට ඉමහත් සේවාවක් කල වෛද්‍ය වෛද්‍ය නිහාල් ජයතිලක මහතාව දේශපාලන පළිගැනීම් වලට ලක් කිරීම ඉතා පහත් ක්‍රියාවකි. You can't keep a good man down කියා ඉංග්‍රීසි කියමනක් තිබේ. රබර් බෝලයක් වතුර යට තබාගෙන සිටියද බලය ඉවත් වූ වහාම රබර් බෝලය වතුර උඩට එනු ඇත. එම නිසා මෙම යහපත් මනුෂ්‍යයාව සදාකාලිකව යටපත් කිරීමට කුරිරු දේශපාලන බලවේගයන්ට නොහැකි වනු ඇත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මොකක්ද වෙලා තියෙන්නේ
BalasPadamPolitical harassment
Padam"You can't keep a good man down".A good man is hard to find.My hat's off to you.
BalasPadamThanks Lalith
Padam